තමන් විසින්ම නිකුත් කරන තමන් විසින්ම පොලිය තීරණය කරන මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් නන්දලාල් මිලදී අරගෙන...?
රජයේ මුදල් අවශ්‍යතා සඳහා විටින් විට නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්, එම නිකුත්කිරීමේ බල අධිකාරිය හිමි ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් අධිපති නන්දලාල් වීරසිංහ මහතාම, සිය පවුලේ උදවියට ලබා ගැනීමට ඉඩ හැරීමෙන් බරපතළ මූල්‍ය වංචාවක් සිදු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා චෝදනා කරයි. කොළඹ බත්තරමුල්ලේ සිය කාර්යාලයේ පසුගිය 29 වැනිදා පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී මෙම අදහස ප්‍රකාශ කරමින් විමල් වීරවංශ මහ බැංකු අධිපතිවරයාට බරපතල චෝදනා රැසක් එල්ල කළේය.
විමල් බට කැලයට ගිනි තබයි...
රජයේ මුදල් අවශ්‍යතා සඳහා විටින් විට නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්, එම නිකුත්කිරීමේ බල අධිකාරිය හිමි ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් අධිපති නන්දලාල් වීරසිංහ මහතාම, සිය පවුලේ උදවියට ලබා ගැනීමට ඉඩ හැරීමෙන් බරපතළ මූල්‍ය වංචාවක් සිදු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා චෝදනා කරයි.
කොළඹ බත්තරමුල්ලේ සිය කාර්යාලයේ පසුගිය 29 වැනිදා පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී මෙම අදහස ප්‍රකාශ කරමින් විමල් වීරවංශ මහ බැංකු අධිපතිවරයාට බරපතල චෝදනා රැසක් එල්ල කළේය.
තමන්ම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරමින්, තමන්ම ඒවාට අදාළ ''ආකර්ෂණීය වැඩි පොලියක්'' තීරණය කරමින්, තමන්ම ඒවා මිලදී ගැනීමට ක්‍රියා කිරීම තුළ මෙහි ඇති වැරැද්දේ බරපතලකම පෙනීයන බව විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඒ ආකාරයටම මහ බැංකු අධිපතිවරයා එම වරදින් ''කම්ප්ලික්ට් ඔෆ් ඉන්ට්රස්ට්'' නම් වූ ''සබැඳියාවන් අතර ගැටුමක්'' නම් වූ නෛතික මූලධර්මය උල්ලංඝනය වී ඇති බවද පෙන්වා දුන්නේය.
2022 වසරේ සිටම මේ වනතුරුත් වත්මන් මහ බැංකු අධිපතිවරයා මෙම මූල්‍ය අපරාධය කර ඇති ආකාරය විස්තර කරමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය.
''ලැජ්ජාවක් තියෙනවා නම් ඔය පුටුවේ එක දවසක් ඉන්න පුළුවන්ද? එයාම නිකුත් කරනවා භාණ්ඩාගාර බැඳුම්කර, එයාම පොලී අනුපාතය තීරණය කරනවා, එයාම එයාගේ පවුලේ අය දාලා ඒවා මිලදී ගන්නවා. මරු ජාවාරමනේ! ශාන්ත, දාන්ත, තීන්ත කුඩුව වගේ ඉඳගෙන කොහොමද ගහන ගැහිල්ල? කෝටි ප්‍රකෝටි ගණන් ධනය එක්රැස් කරගත්තේ මෙහෙමද? මේක බැඳියාවන් අතර ගැටුමක් නැද්ද?
නිකන් මේ අහිංසක රාජ්‍ය සේවකයෝ පොඩි පොඩි හේතු අල්ලගෙන හිරේ දාන ආණ්ඩුව මේවා ගැන මොකක්ද කරන්නේ? අද මහ බැංකුව රටට වග කියන්නේ නෑ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, පිටස්තර බලවේගවලට විතරයි වග කියන්නේ. ලැජ්ජයි නන්දලාල් මහත්තයෝ! තමුන් මේ ඊනියා ස්වාධීනත්වයක් ඇති කරගෙන, රිසි පරිදි පඩි වැඩි කරගෙන, එහෙමත් තර වෙලා, ඒත් මදිවෙලා ඔහුම නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පොලී අනුපාතය තීරණය කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පවුලේ අය දාලා මිලදී ගන්නවා.
මෙන්න බලන්න ඔහු මිලදී අරගෙන තියෙනවා ඔහුගේ පවුලේ අය Treasury bond, 2022/05/04, ඊළඟට 2024/06/06, ඊළඟට 2025, ඊළඟට 2025/03/18. මේ ඔක්කොම මේ අර්බුදයෙන් පස්සේ, කඩා වැටීමෙන් පස්සේ. ආර්ථික අවපාතයෙන් පස්සේ. රටේ ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තියන වෙලාවේ මේගොල්ලන්ට රජ මඟුල්. මේගොල්ලෝ බලනවනේ අර්බුදයෙනුත් තමන්ගේ ගොඩ තර කරගන්න. මොකක්ද මේකේ සදාචාරය? මේක අපරාධයක් නෙවෙයිද?
වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකුට වගකීමක් තියෙනවද මේ විදිහට කටයුතු කරන්න? දැන් අපි හිතමු දිසාපති කෙනෙක් හරි, ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හරි රජයෙන් ලැබිච්ච මුදල් පාවිච්චි කරලා කොන්ත්‍රාත්තුවක් පිළිබඳ ටෙන්ඩරයක් දානවා, එයාගේ පවුලේ කවුරු හරි ටෙන්ඩරයට ඉදිරිපත් වෙනවා, එයාට දෙනවා. එතකොට හරිද ඒක? බැඳියාවන් අතර ගැටුමක් නෙවෙයිද? ඒක වැරදි නැද්ද? ඒක නීතියට අනුකූලද? ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා නේද? එහෙමනම් නන්දලාල් කරලා තියෙන්නේ ඊට වඩා සිය දහස් ගුණයක බරපතල වැරැද්දක් නෙවෙයිද?''
මෙසේ බරපතල හෙළිදරව්වක් කරමින් විමල් වීරවංශ මහතා චෝදනා කළේ රාජ්‍ය නිලධාරීන්ට පවා සුළු සුළු වැරදි වලට දඬුවම් දෙන මේ ආණ්ඩුව දූෂණයට භීෂණයට වැට බඳින මේ ආණ්ඩුව මහබැංකුවේ අධිපතිවරයා කරනු ලබන මෙම වැරදි වලට ලබා දෙන දඬුවම් වහාම රටට හෙළි කළ යුතු බවයි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

