ජනාධිපති කාර්යාලය පුටු අර්බුදයක..!
සේවා කාලය දිගු කර කර අවුරුදු ගානක් ඔය තනතුරේ කීර්තිමත් සේවාවක් කරමින් හිටපු මහින්ද සමරසිංහත් දැන් ඔන්න තුන්වෙනිදා වෙනකොට ලංකාවටත් ඇවිත්ලු. එතකොට කවුද අනේ ඔය තනතුරට ඊලඟට යවන්නේ...
ජනාධිපති කාර්යාලය
පුටු අර්බුදයක..!
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති තනතුර හිස්....
මහින්ද සමරසිංහත් ලංකාවට ඇවිත්....
තානාපති කවුද - ජනාධිපති ලේකම් කවුද
කියා ඉහල පරිපාලන කරළියේ මත ගැටුම්...
දන්නවද වැඩක්...
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති හිටපු මහින්ද සමරසිංහගේ සේවා කාලය ඉවරයි.
එයා ඒ තනතුරේ සේවය කරපු අන්තිම දවස 2026 ජූලි මාසේ 31 වැනිදාලු. ඒ කියන්නේ අගෝස්තු පළවෙනිදා ඉඳලම දැන් ඒ තනතුරේ පුටුව හිස්.
සේවා කාලය දිගු කර කර අවුරුදු ගානක් ඔය තනතුරේ කීර්තිමත් සේවාවක් කරමින් හිටපු මහින්ද සමරසිංහත් දැන් ඔන්න තුන්වෙනිදා වෙනකොට ලංකාවටත් ඇවිත්ලු. එතකොට කවුද අනේ ඔය තනතුරට ඊලඟට යවන්නේ...
කවුරුත් දන්නවනේ? තානාපති සේවයේ තියෙන හොඳම තනතුර. බලගතුම තනතුර ඒක කිව්වට වරදක් නෑ.
සැලසුම තිබුනෙ කොහොමද දන්නවද. ඇමරිකාවේ හිස්වන තානාපති තනතුරට දැනට ජනාධිපති ලේකම් තනතුර හොබවන නන්දික සනත් කුමානායක යවන්න. මුලදී ඕකට එතුමත් හරි කැමැත්තෙන් ඉඳලා...
එතකොට කවුද ජනාධිපති ලේකම් තනතුරට දාන්නේ... ඒකට ඉතින් හොඳම සුදුස්සා එතනම ඉඳලානේ. ප්‍රවීණ පරිපාලන නිලධාරී ප්‍රභාත් චන්ද්‍රකීර්ති. දැනට ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩළ ප්‍රධානියා හැටියට ජනාධිපති ලේකම් “දෙක” පුටුවේ ඉන්නේත් ඔහුම තමා...
නන්දික සනත් කුමානායක පරිපාලන ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයිනේ. පරිපාලන ක්ෂේත්‍රයට ඔහුගේ තිබුන නිපුණතාව මදිකම ඇතුලේ ජනාධිපති ලේකම් කාර්යාලගේ කටයුතුවලටත් යම් යම් අපහසුතා වෙලා. ඒ වෙලාවට ජනාධිපති ඒවට පිළියම් යොදන්න බය නැතුව replace කරේ ප්‍රභාත්.
ඔන්න ඉතින් ඕකට කල් තියා සූදානමක් තිබිලා. මහින්ද සමරසිංහ එනකොට නන්දික සනත් කුමානායක ඇමරිකාවේ යවන්න. මහින්ද සමරසිංහව ඊලගට ජිනීවා යවන්න. ප්‍රභාත්ව ජනාධිපති ලේකම් කරන්න...
ඇරත් ඉතින් දීර්ඝ කාලයක් පරිපාලන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරලා පුරුද්දක් තියෙන ප්‍රභාත්ට ජනාධිපති ලේකම්කම කජු කනවා වගේ කියලයි කියන්නේ. දැනටත් අමාත්‍යාංශවල ඉහල පරිපාලන ක්ෂේත්‍රයේ ගැටලු ආවම ඒ ඔක්කොටම විසඳුම් දෙන්නේ කුමානායක වෙනුවට ප්‍රභාත්ලු.
අමාත්‍යංශ ලේකම්වරු වුණත් මොකක් හරි ගැටළුවක් ආවම අහන්නේ ඔහුගෙන්ලුනේ.
ඒ මොකද ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක කියන්නේ ජනාධිපති අනුර කුමාරගේ විශ්වාසවන්තයෙක් වුණාට පරිපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත අත්දැකීම් තියෙන පලපුරුදුකාරයෙක් නෙවෙයි. රේගු දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂවරයෙක්.
කොහොමින් කොහොම හරි දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය මොකක්ද දන්නවද. ජනාධිපති ලේකම් තනතුරෙන් සමුඅරන් ඇමරිකාවේ තානාපති තනතුර බාරගන්න යන්න නන්දික සනත් කුමානායක තාමත් හිත හදාගෙන නැහැලු...
ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රයේ තියෙන ඉහළම පුටුවයි ශ්‍රී ලංකාවේ විදේශ සේවයේ තියෙන ඉහළම තානාපති තනතුරයි අතරේ තියෙන මේ අර්බුදය ලිහාගන්න ජනාධිපතිතුමත් මේ දවස්වල කාගෙවත් හිත රිදෙන්නෙ නැති විසඳුමක් හොයන්න කල්පනා කරනවා කියල තමයිලු රජ වාසල අලුත්ම ආරංචිමාර්ග කියන්නේ....
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

