හරිනිටත් ඉන්න කාර්යාලය දුන්නේ රත්ගම පොරවල්...
අඟහරුවාදා. ඒ කියන්නේ පහුගිය 15 වෙනිදා හැන්දෑවේ මහාචාර්ය ජී. එල්. පීරිස්ලාගේ ගෙදර තිබුණනේ අර “පීට්සා” කන පාටිය... පාටිය කීවට ඕක ඉතින් විපක්ෂයේ පක්ෂවල නායකයෝ හා නියෝජිතයෝ පිරිසක් එකතු කරන සාකච්ඡාවක්. හරියටම 5 00ට පටන් ගන්නවා. පැයක් එක්කෝ දෙකක් ගිහින් ඉවර වෙනවා. ඊට පස්සේ මහාචාර්ය ජී එල් පීරිස් ගණනේ එන හැමෝටම පිට්සා සංග්රහයකුයි කෝපි එකකුයි දෙන හින්දා අපි කියන්නේ මේකට “පීට්සා පාටිය”.
හරිනිටත් ඉන්න
කාර්යාලය දුන්නේ
රත්ගම පොරවල්...

ගාලුපුර පුරාවත වජිරගේ මුවින්...
22 ට එරෙහි 24 විරෝධය ගැන
ජී එල් කියන කතා...
අඟහරුවාදා. ඒ කියන්නේ පහුගිය 15 වෙනිදා හැන්දෑවේ මහාචාර්ය ජී. එල්. පීරිස්ලාගේ ගෙදර තිබුණනේ අර “පීට්සා” කන පාටිය...
පාටිය කීවට ඕක ඉතින් විපක්ෂයේ පක්ෂවල නායකයෝ හා නියෝජිතයෝ පිරිසක් එකතු කරන සාකච්ඡාවක්. හරියටම 5 00ට පටන් ගන්නවා. පැයක් එක්කෝ දෙකක් ගිහින් ඉවර වෙනවා. ඊට පස්සේ මහාචාර්ය ජී එල් පීරිස් ගණනේ එන හැමෝටම පිට්සා සංග්රහයකුයි කෝපි එකකුයි දෙන හින්දා අපි කියන්නේ මේකට “පීට්සා පාටිය”.
මහාචාර්ය ජී. එල්. එක්ක වෙනදා මේකට එකතු වෙන ඔක්කොම වගේ හිටියා කියන්නකෝ... වජිර අබේවර්ධන, නිමල් සිරිපාල, රාජිත සේනාරත්න ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, අජිත් මාන්නපෙරුම, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක අසංග නවරත්න වගේ තව ගොඩක් අය හිටියා...
එදා නම් කතා කරන්න මාතෘකා ගොඩයි. හැබැයි ඉතින් මෙතන ප්රධාන මාතෘකාව විසිදෙක...
විසි දෙවැනි සංශෝධනය 22 වෙනිදා පාර්ලිමේන්තුවට ගේන බව දැන් රහසක් නෙවෙයි. ආණ්ඩුව මේක ගැන එක එක කතා කියනවා. ඔය වැඩේ 22 දා ගේනවා කිව්වා, ඊළඟට 23 ගේනවා කිව්වා. ඒ වගේම 24 ගේනවා කියලත් කියනවා...
දැන් ඔන්න පහුගිය දවසක විපක්ෂය වෙනුවෙන් සජිත් ප්රේමදාස මාධ්ය සාකච්ඡාවක් තියලා කිව්වනේ 22ට විරුද්ධව ලක්ෂයක් කොළඹට ගෙනල්ලා 22 වැනිදා පොල්දුව මංසන්ධියේදී මහා උද්ඝෝෂණයක් සංවිධානය කරනවා කියලා...
ඒක සජබය මුල් වෙලා අනිත් පක්ෂත් ඒකරාශී කරගෙන කරනවා කියලයි සජිත් එදා නිවේදනය කරපු අදහස...
හැබැයි ඉතින් ඕක ගැන ලොකු කතා බහක් ජී. එල්ගේ ගෙදර සාකච්ඡාවේදීත් ගියා.. බලාගෙන යනකොට ඔය වැඩේ මුලින්ම සංවිධානය කරලා තියෙන්නේ අර මෛත්රී ගුණරත්නලගෙ "ප්රී ලෝයර්ස්" සංවිධානය කියලයි ඔතන කතා වුනේ.
ඔතන පොඩි පටලැවිල්ලක් වෙලා. අන්න ඒ පටලැවිල්ල ගැන ගොඩක් මෙතන කතා වුණා...
ශ්රී ලෝයර්ස්ලා මේ වැඩේ සංවිධානය කළා. එතෙන්දි ඒගොල්ලෝ මේ වැඩේට සහභාගී වෙන්න හැම පක්ෂෙකටම ආරාධනා කළා.
පහුගියදා තිබිච්ච සාකච්ඡාවකදී සජිත් ඕක ඉස්සෙල්ලම මාධ්යවලට නිවේදනය කළා...
ඇයිද දන්නවද.. සජිත් විසිදෙකට විරුද්ධව කතා කර කර ඉන්නවා ඇරෙන්න මොනවත් කරන්නෑ, කියලා කතාවක් යනවනේ. ඉතින් මේ වෙලාවේ මේ වැඩේට නායකත්වය දෙන්නේ අපි කියලා පෙන්නන්න සජිත් මේක නිවේදනය කිරීම තනියම කළා කියන එකයි ඔතන කට්ටිය කතා බහ වුනේ...
හැබැයි ඉතින් ඕකෙදි හරි අපූරු අදහසක් ඉදිරිපත් වුණා. ඒක මෙන්න මෙහෙමයි...
“මේ වෙලාවේ ඕක කවුරු පටන් ගත්තද කවුරු සංවිධානය කරනවද කියන එක. ඒ නායකත්වය සජබෙට ඕන නම් අපි ඒක එයාලට දෙමු. හැබැයි මේක විපක්ෂයේ පොදු වැඩක් කියන එක අපි මතක තියාගමු...
අර මොකද මේ වෙලාවේ ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ විපක්ෂයේ සජිත්ව වෙන් කරලා තියාගන්න. ඒ වගේම අපිව වෙන පැත්තක තියාගන්න. විපක්ෂය කෑලි කෑලි වලට බෙදුනම ආණ්ඩුවේ වැඩේ ලේසියෙන් කරගෙන යාමේ පහසුව ගැන තමයි එයාලා බලන්නේ...
මේ හින්දා සජිත්ගේ යම් යම් අඩුපාඩු වැරදි තිබුණත් මේ වෙලාවේ අපි ඒවා ඉස්මතු කරන් ප්රශ්න ඇති කරගන්න හොඳ නැහැ. හැමෝම තමන්ට එන්න තියෙන නඩු හබ ආරක්ෂා කරගන්න කටයුතු කරන බව ඇත්ත. හැබැයි බෙදුනොත් වෙන්නේ විපක්ෂයට ශක්තිය නැති වෙන එක. ඒකට ඉඩ තියන්න හොඳ නෑ...”
ඔන්න ඔය කතාවට කවුරුත් එකඟ වුණා. 22ට විරුද්ධ කොළඹ උද්ඝෝෂණය කරන්නේ 22 දා නෙවෙයි, 24 වෙනිදා කියලයි ඔතන කතා වුනේ...
හැබැයි ඉතින් ඊට කලින් ඒ වැඩේ ගැන හරියට සහසුද්දෙන් සංවිධානය කිරීම ගැන කතාබහ කර කරගන්න ඔන්න 17 වෙනිදා හවස කොළඹ රේණුකා හෝටලේ වෙනම විශේෂ සාකච්ඡාවක් තියෙනවා කියන එක සාකච්ඡා වුණා...
ශ්රී ලොයර්ස් සංවිධානයෙන් එවපු නියෝජිතයා කිව්වේ මේකට නාමලුත් සහභාගි වන බව. පිස්සුද... නාමල් ඇතුලේ. නාමල් කොහේ එන්නද. ඕන්නම් නියෝජිතයෙක් එයි, රංජිත් මද්දුම බණ්ඩාර, අනෙකුත් දෙමළ මුස්ලිම් පක්ෂ වගේම ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි ඔක්කොමත් එතන ඉන්නවා කියන එක ඔන්න හැමෝම තහවුරු කළා...
අන්න ඒ සාකච්ඡාවේදී තමන් කරන වැඩ කොටස මොනවද, වගකීම් කොටස මොනවද කියන එක හරියට සාකච්ඡා කරලා බෙදා ගමු කියලා තමයි දයාසිරි යෝජනාකළේ.
රාජිත වගේම ඩිලානුත් එම අදහස අනුමත කළා... ඒ වැඩේ කතා බහ කරගෙන ඉවර වුණානේ. ඊට පස්සේ ඉතින් වෙන වෙන කතා...
ඔහොම ඉන්නකොට තමයි මෛත්රී ගුණරත්න වර්තමානයේ මුහුණ පාලා තියෙන නෛතික ගැටලු කීපයක් ගැන සාකච්ඡාවක් ඇතිවුණේ...
පහුගිය දවසක සුගීශ්වරගේ නඩු කටයුත්තකදී, “මේ උසාවිය ඇප දෙන්නෙ නෑ” කියා කියලා මෛත්රී දොස් කියලා. ඒකට මෛත්රී ගුණරත්න උසාවියට අපහාස කළා කියලා ඔන්න පරීක්ෂණයක් පැවැත්වෙනවාලු....
තව ගොඩක් දේවල් ඔතන කතා බහඋනා. ඒවා ඉතින් ඔක්කොම කියන්න බැහැනේ...
සාකච්ඡාව ඉවර කරලා කට්ටිය තේ බීලා විසිරිලා යන්න හදන වෙලාවෙ ඔන්න වජිරත් එක්ක කට්ටියක් කතාව. සමහරු මාධ්යවේදීන්...
මාධ්යවේදියෙක් වජිරගෙන් ඇහුවේ ආණ්ඩුව ඇතුලේ හරිනිලා කණ්ඩායමයි අනුරලාගේ කණ්ඩායමයි අතර ගැටුමක් තියෙනවා නේද කියලා...
ඔතන හිටපු සමහර අය නම් කිව්වේ ඔය ගැටුම ඇත්ත එකක් නෙවෙයි. ආණ්ඩුවම හදල එළියට දාපු කතාවක් පමණයිි කියලා..
ඕක හදලා එළියට දාලා තියෙන්නේ ආණ්ඩුව. හැබැයි ඉතින් ඕක කරේ තියාගෙන ඇත්ත වගේ අරගෙන යන්නේ විපක්ෂයේ සෝෂල් මීඩියා එක කියලත්, social media ගැන දන්නා තව කෙනෙක් කිව්වා...
“ඔබතුමාත් ඔහොම කතාවක් කියලානෙ ගාල්ලේදී ... අර “රාජ ග්රාම” කියන පොත නිකුත් කරපු උත්සවය වෙලාවේ... හික්කා trans හෝටලයේදී...
මම..? මං මොකක්ද කියලා තියෙන්නේ... ඔන්න වජිර අහනවා...
“හරිනි අමරසූරියයි රජීව් අමරසූරියයි රනිල් වික්රමසිංහයි එකතුවෙලා වෙනම දේශපාලන ගමනක් යන්න අවබෝධයක් ඇතිව සංවාදයක් ආරම්භ කරලා තියෙනවා කියලා. එතන ඔබතුමාගේ කතාවෙනුත් ඒ ගැන යම් යම් කරුණු හෙළිදරව් වුණා කියලා ශෝෂල් මීඩියාවල ගිහින් තිබුණා...”
“අපොයි පට්ට පල් බොරුවක්. හික්කා ට්රාන්ස් හෝටලයේ පහුගිය දවසක ඔය උත්සවය තිබුණා තමයි. ඕක අපේ පක්ෂයේ රත්ගම සංවිධායක චරිත් ජයරත්න සංවිධානය කරපු උත්සවයක්. ඔය පොත ලියලා තියෙන්නේත් අනුර යස්මිත් කියලා මාධ්යවේදියෙක්. ලියවලා තියෙන්නේ චරිත්. පුරාණ රජ පරපුරට නෑකම් කියන “රත්ගම පරපුර” ගැන තමයි ඔය පොත ලියවුනේ...
“පොත පිටවෙන වෙලාවේ මමත් කතාවක් කළා තමයි. ඔන්න ඔය රත්ගමින් බිහිවෙච්ච රජ පරම්පරාවට නෑකම් කියන කට්ටිය ගැන කතා වුණා මිසක මම දේශපාලනය ගැන වචනයක්වත් ඔතන කියලා නෑ...” කියමින් වජිර හයියෙන් හිනාවෙන්න ගත්තා...
“ඔබතුමා මොනවද එතකොට එතන කිව්වේ කතාවේදී...”
“රත්ගම ප්රදේශය මුල් කරගෙන බිහිවුණු තොටගමුවේ රාහුල හාමුදුරුවෝ, හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ වැනි සුප්රකට යතිවරයන් වහන්සේලා ඇරුනම තව විශාල ප්රමාණයක් ගිහිවරුත් මේ පලාතෙන් බිහිවුණා. ඔන්න ඔය බිහිවෙච්ච සමහර දානපතියන් අපේ මුතුන් මිත්තෝ. මම අන්න ඒ ගැන මතක් කළා...
“දේශපාලනයක් ගැන කතා නොකළාට එක වැදගත් කරුණක් මගේ අතින් කියවුනා. ඒ තමයි ඔය අද ඔය අගමැතිතුමියගේ කාර්යාලය පවත්වාගෙන යන මහා විශාල පෞරාණික මන්දිරය. අර ෆලවර් රෝඩ් එකේ. අන්න ඒක “රාජග්රාම පරපුරට” අයිති මහා දානපතියෙකුගේ පරිත්යාගයක්. එතුමා තමයි “මුද්දර රජා” කියලා විරුදාවලි ලබාපු ශ්රීමත් අර්නස්ට් සිල්වා දානපතිතුමා. මම මතු කරපු අනිත් කාරණාව තමයි සුමංගල හාමුදුරුවන්ගේ ගුරුදේවයන් වෙච්ච මා බොටුවන රේවත හිමියන් 1841 දී සුමංගල සාමණේරයෝ එක්ක එනවා වස් වසන්න ගාල්ලේ මාපලගමට. අන්න එතකොට අපේ සීයගෙ තාත්තා, ජෝන් කොරනේලිස් අභයවර්ධන මැතිතුමා තමයි උන්වහන්සේලාට වස් වසන්න කුටියක් හදලා දෙන්නේ.
ඒ විතරක් නෙවෙයි, සුමංගල හිමියන්ට ඉංග්රීසියි ගණිතයයි උගන්නලා තියෙන්නේත් අපේ මුත්තා කියලා පොත පතේ සඳහන්...
එතුමා පන්සල් වෙහෙර විහාරස්ථාන ගණනාවක් හැදුවා. ඔය බෙන්තර එකලඟ තියෙන රජමහා විහාර නමයක් පොළොව යටින් සම්බන්ධ කරලා උමගයකුත් තියෙනවා. අනිත් එක පන්සල් වගේම එතුමන්ලා කොච්චර පාසැල් හදලා දීලා තියෙනවාද. ඒවා ගැන පොත් එකක් නෙවෙයි දහයක් ලියන්න කරුණු තියෙනවා... අන්න ඒ අය අපේ මුතුන් මිත්තන්. ඕක ගැන කිව්ව ඇරෙන්න මම දේශපාලනය ගැන නම් ඔතන වචනයක්වත් කියලා නෑ...”
“ඔතන ඇවිත් හිටියනෙ අර හිටපු මැතිවරණ කොමසාරිස් සුනන්ද දේශප්රිය. එතුමා කතාවක් කරද්දි කිව්වා රත්ගම කිව්වම එයාගේ මතකයට එන්නේ "බය" කියලා...”
“මම මගේ කතාවෙදි කිව්වේ රත්ගම කිව්වම මතකයට එන්නේ “බය නැතිකම” කියලා. මොකද රජීව් ගාන්ධි වගේ මහා බලවතෙකුට බෙල්ල ඇද වෙන්න තුවක්කු බඳෙන් ගහපු කොල්ලා හිටියෙත් රත්ගම කියලා... මේවයි ඉන්නේ යකාටවත් බය නැති මිනිස්සු.”
“ඔබතුමා අරම කතාවක් කිව්ව කියල ශෝෂල් මීඩියා එකකනෙ ගිහින් තිබුන කියන්නේ?”
“දැන් බලාගෙන යනකොට අද තියෙන්නේ පෝෂල් මීඩියා නෙවෙයි. “සෝදන” මීඩියා.”
“ඔව් ඉතින්... දැන් බලනකොට මේ ෂෝෂල් මීඩියාවල පැතිරෙන දේවල් වලින් බාගෙට බාගෙකටත් වඩා තියෙන්නේ කවුරු හරි ක්රියේට් කරලා එළියට දාන බොරු ගොඩක් මිස ඇත්ත කතා නෙමෙයිනේ..."
ඔන්න ඔහොම කියලා සමාජ මාධ්ය භාවිතාව ගැනත් ඔතන චුට්ටක් විතර සැරට කතාබහ වෙලා....
හැබැයි ඔය රත්ගම රජ පරම්පරාව ගැනත් ලස්සන කතා ටිකක් ඔය පොත ඇතුලෙ තිබුණු බව තමයි වජිර කිව්වේ.
වෙලාවක හොයාගෙන බලන්නකෝ ඔය පොත. කතාව ගැන ආස හිතේයි.
අදට ඇති. අපි ඕක ගැනත් පස්සේ වෙලාවක කියන්නම්....
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

