අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් 2025 ජනතා විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි
2025 ජනතා විශිෂ්ඨතා සම්මානයෙන් (People's Awards) ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන “අවියානා සිලෝන්” හි නිර්මාතෘ එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා පිදුම් ලැබුවේය. පසුගියදා කොළඹ පැවති 2025 ජනතා විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ඒ මහතාට සම්මානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි, ට්‍රින් ති ටම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ අයිකොනික් සම්මාන අධ්‍යක්ෂ අසංක අතපත්තු යන මහත්ම මහත්මීන් විසිනි.
අවියානා සිලෝන් සභාපති
ආචාර්ය තිසර හේවාවසම්
2025 ජනතා විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලබයි
2025 ජනතා විශිෂ්ඨතා සම්මානයෙන් (People's Awards) ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන “අවියානා සිලෝන්” හි නිර්මාතෘ එහි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා පිදුම් ලැබුවේය. පසුගියදා කොළඹ පැවති 2025 ජනතා විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ඒ මහතාට සම්මානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි, ට්‍රින් ති ටම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ අයිකොනික් සම්මාන අධ්‍යක්ෂ අසංක අතපත්තු යන මහත්ම මහත්මීන් විසිනි.
ජීවිත කාලය සඳහා වන සම්මානය ( VIP කාණ්ඩය යටතේ) ආචාර්ය තිසර හේවාවසම් මහතාට හිමි වූයේ ව්‍යාපාර නායකත්වය වෙනුවෙනි. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට ශ්‍රී ලංකාවේ අභිමානය සංචාරක ව්‍යාපාරය හරහා ලෝකයට ගෙනයාමට ආචාර්ය තිසර හේවාවසම් මහතා ලබාදුන් ව්‍යාපාර නායකත්වය ඇගයීම සඳහා මෙම ජනතා සම්මානය ලබාදීම විශේෂත්වයකි.
“දේශිය ව්‍යවසායකයෙකු ලෙස සිය දැනුම හා හැකියාවන් වඩාත් සංවර්ධිත නූතන ව්‍යාපාරික වපසරියක් දක්වා ගෙනයාමටත්, ශ්‍රී ලාංකීය සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ සුවිසල් සිහිනයක් ළඟා කරගනිමින් ප්‍රමිතිගතකරණය සහ උත්සාහය දැඩි කැපවීම වෙහෙස මත අරමුණු ළඟා කරගත් දේශිය ව්‍යවසායකයන්ටත් පූර්වාදර්ශයක් ලබා දීම වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මානය” යනුවෙන් අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාට ලබාදුන් සම්මානයට හේතුපාඨ සඳහන් කර තිබුණි.
ආචාර්ය තිසර හේවාවසම්ට කලම්බු රිපෝටර් වෙබ් අඩවිය උණුසුම් සුභපැතුම් පිරිනැමෙයි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0