දිල්ලි ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බයක්.!
ඉන්දීය අගනුවර වන දිල්ලියේ, ඓතිහාසික රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ පසුගිය සඳුදා (නොවැම්බර් 10) සන්ධ්‍යාවේ සිදුවූ ප්‍රබල පිපිරීම, “ජායිෂ්-ඊ-මොහොමඩ්” කල්ලියේ “ෆිදයින්” (මරාගෙන මැරෙන) ප්‍රහාරයක් විය හැකි බවට මූලික විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ඛේදජනක සිදුවීමෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
දිල්ලි බෝම්බය.
දිල්ලි ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බයක්...
ප්‍රහාරස පසුපස අන්තවාදී වෛද්‍ය කල්ලියක්..?
ප්‍රහාරයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට...
ඉන්දීය අගනුවර වන දිල්ලියේ, ඓතිහාසික රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ පසුගිය සඳුදා (නොවැම්බර් 10) සන්ධ්‍යාවේ සිදුවූ ප්‍රබල පිපිරීම, “ජායිෂ්-ඊ-මොහොමඩ්” කල්ලියේ “ෆිදයින්” (මරාගෙන මැරෙන) ප්‍රහාරයක් විය හැකි බවට මූලික විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ඛේදජනක සිදුවීමෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
මෙම පිපිරීම සිදුව ඇත්තේ, නේතාජි සුභාෂ් මාර්ගයේ රථවාහන සංඥා අසල සෙමින් ගමන් කරමින් තිබූ සුදු පැහැති “හයුන්ඩායි i 20” මෝටර් රථයක් තුළ බව වාර්තා වේ. එය එදින ප.ව. 6.52 ට පමණ සිදුව ඇති අතර, එම ස්ථානය රතු චතුරශ්‍රය සහ චාන්දනි චෞක් අතර පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයකි.
පිපිරීමේ ප්‍රබලත්වය කොතෙක්ද යත්, අවට තිබූ වාහන කිහිපයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ අතර, අසල ගොඩනැගිලිවලට ද හානි සිදු විය. සිද්ධියත් සමග මුළු ප්‍රදේශයම කළු දුමාරයකින් වැසී ගිය අතර, ජනතාව භීතියට පත් වූහ. සිද්ධිය වූ වහාම දිල්ලි පොලිසිය, ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සහ ජාතික ආරක්ෂක බලකාය (NSG) ඇතුළු විශේෂඥ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළහ.
දිල්ලි පොලිසිය හා විමර්ශන කණ්ඩායම් ඉන්දීය මාධ්‍යවලට තොරතුරු හෙළි කර ඇති අන්දමට මෙම සැකකාර හයුන්ඩායි i 20 රථය (HR 26 CE 7674) ජම්බු කාශ්මීර් ප්‍රදේශයේ උපත ලද උමර් මොහොමඩ් නමැති වෛද්‍යවරයෙකුට අයත් එකක් බව හෙළිදරව් වී තිබේ. සැකකාර උමර්, අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ සේවය කර ඇති බවද හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයේ යෙදුණු විමර්ශන කණ්ඩායම් CCTV පරීක්ෂාවන්හිදී මෙම සැකකාර රථය “බර්ඩාපූර් දේශසීමාවෙන්” දිල්ලිය වෙත පැමිණ අදාල දිනයේ “රතු චතුරස්‍රය” අසල රථ ගාලේ පැය තුනකට වඩා වැඩි කාලයක් නතර කර තබා ඇති බව හෙළිදරව් කරගෙන ඇත. රථ ගාලින් රථය පිටව ඇත්තේ හවස 6, 30ට පමණය.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී වෛද්‍ය උමර් මොහොමඩ් රථය පදවමින් සිටි බවට ලැබුණු තොරතුරු ඔස්සේ විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ පවත්වන බව වාර්තා විය.
මෙම ප්‍රහාරය සිදුවීමට පෙර දින කීපයක් ඇතුළත ඉන්දියාවේ ඉහළ පෙළේ රැකියාවන් කරන උගත් පුද්ගලයින්ගේ මෙහෙයවීමෙන් හා කැපවීමෙන් ක්‍රියාත්මකව වන ත්‍රස්ත කල්ලියක සාමාජිකයින් කිහිප දෙනෙකු “ෆරීදාබාද්හි කරන ලද පරීක්ෂණවලදී” අත්අඩංගුවට පත්විය. වෛද්‍ය අදීල් මොහොමඩ් රාදර් හා වෛද්‍ය මුජන්මිල් ෂකීල් නැමැති ත්‍රස්තවාදී සැකකරුවන් ගිනිඅවි හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ කල්ලියේ සාමාජිකයෙකු වන වෛද්‍ය උමර් මොහොමඩ් සැඟව පලාවිත් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇතැයි ආරක්ෂක අංශ සැකකරයි.
පළමු වාර්තාවලට අනුව මේ පිපිරීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වූ නමුත්, අද (නොවැම්බර් 11) වන විට තවත් තිදෙනෙකු තුවාල ලබා සිටියදී මියයෑම හේතුවෙන් මුළු මරණ සංඛ්‍යාව 12 දක්වාත්, අනෙකුත් වාර්තා අනුව 13 දක්වාත් ඉහළ ගොස් ඇත. පිපිරීමේ බලපෑමෙන් මෝටර් රථ කිහිපයක්, යතුරුපැදි හතරක් සහ ත්‍රිරෝද රථ තුනක් ගිනිගෙන විනාශ වී තිබෙන බව වාර්තා වේ.
සැකකරුවන්ගේ ඉලක්කය වූයේ උපරිම හානි සිදු කිරීම හා අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීම බවට විමර්ශකයන් විශ්වාස කරයි. මෙම පිපිරීම, සිද්ධිය වූ දිනට පෙර ෆරීඩාබාද්හිදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරක කණ්ඩායමකට අයත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධ බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් ගුර්ගාම්හිදී මෝටර් රථයේ මුල් හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර, තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.
මෙම ප්‍රහාරයෙන් පසුව නව දිල්ලිය පුරා ඉහළ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගුවන් තොටුපළවල්, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්පොළවල් ඇතුළු ප්‍රධාන ස්ථානවල දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙම කුමන්ත්‍රණයේ ආරම්භය හා පටන්ගැන්ම දක්වා ගොස් වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන බවයි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

