මට විතරක්ද පරිප්පු... මෙන්න ඔබලාටත්...
මේ පරීක්ෂණය පටන් අරන් තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව. එතුමන් මාස විස්සකට ආසන්න කාලයක් තුළ නිල වාහන දෙකකට අමතරව වැඩිපුර තවත් වාහනයක් පාවිච්චි කරමින් ඊට ඉන්ධන ලබා ගනිමින් අනීතිකව තම බලය පාවිච්චි කරමින් රුපියල් ලක්ෂ 300යට අධික මුදලක් අවභාවිතා කරලා කියලා තමයි හැම තැනම ආරංචිය ගියේ...
මට විතරක්ද
පරිප්පු...
මෙන්න ඔබලාටත්...
කතා නායක වාහන අවභාවිතාව
අතීතයටත් බලපාන සේ විගණනය අරඹයි...
පහුගිය දවස්වල අපේ “කතානායක ජගත් වික්‍රමරත්න” මහත්තයාගේ වාහන අවභාවිතාවක් ගැන මාධ්‍යවල හරි හරියට තොරතුරු පළවෙන්න පටන් ගත්තනේ... ඒකට හේතුව වාහන එතුමන්ගේ අයථා ගණුදෙනු කීපයක් ගැන ආරම්භ වෙච්චි පරීක්ෂණයක්...
මේ පරීක්ෂණය පටන් අරන් තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව. එතුමන් මාස විස්සකට ආසන්න කාලයක් තුළ නිල වාහන දෙකකට අමතරව වැඩිපුර තවත් වාහනයක් පාවිච්චි කරමින් ඊට ඉන්ධන ලබා ගනිමින් අනීතිකව තම බලය පාවිච්චි කරමින් රුපියල් ලක්ෂ 300යට අධික මුදලක් අවභාවිතා කරලා කියලා තමයි හැම තැනම ආරංචිය ගියේ...
අපි නං කියන්නේ කථානායක ඉන්නේ පොළොන්නරුවේ. ඇයි ඉතින් නිල නිවස ලබාගෙනත් නෑනේ. ඉතින් පොළොන්නරුවේ ඉඳලා හැමදාම පාර්ලිමේන්තුව තියෙන දවස්වලට මෙහෙ එන්නයි යන්නයි ඉන්ධන යනවනේ. වතුරෙන් දුවන වාහන තාම හදලා නෑනේ... ඒක හින්දා කතා නායකතුමාට ඉන්ධන ඔය වගේ දුන්නම මොකද වෙන්නේ කියලා සාමාන්‍ය ජනතාව හැටියට අපි නම් කල්පනා කරනවා....
ඒ වුනාට අර චමින්ද කුලරත්න කියන එක්කෙනා එහෙම කල්පනා කරලා නෑනේ. එතුමා, එතුමට වෙච්ච අසාධාරණයක් හින්දා දැන් කලකට ඉහතදී බ්‍රයිබරි කොමිසමේ නඩුවක් දාලා. මේ වාහන අවභාවිතාව ඉන්ධන අව භාවිතාව විතරක් නෙවෙයි. නිල නිවස ගන්නෙ නෑ කිව්වට අමතර නිවාස දෙකක් අරගෙනලු. ඒවත් අර චෝදනා පත්‍රයේ තිබිලා. චෝදනා දෙක තුනක් නෙවෙයි... අටක්... අටක්...
මුලදී අල්ලස් කොමිසම මේ ගැන මීක් නෑ... මේ ගැන හොයන්න කියලා ඉහළම තැනකින් නියෝගයක් ඇවිල්ලා අල්ලස් කොමිසම පට පට ගාලා වැඩේ පටන් ගත්තා කියලයි කියන්නේ...
ඔන්න දැන් කතානායකතුමා රත්වෙලා. දන්නවද එයා ඊළඟට කරලා තියෙන වැඩේ...
ඇයි මං විතරක් මුන්ගේ මේ බලු කතා අහන්නේ. තොපිලත් අහපල්ලකෝ කියලා හිතලද දන්නෑ... උන්නැහේ ඔන්න ඊට කලින් පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරුන්ගේ නියෝජ්‍ය කතානායකවරුන්ගේ, පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරුන්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරුන්ගේ, ඒ වගේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපතිලගෙ ඉන්ධන වියදම්, වාහන භාවිතාව පිළිබඳ පැටිකිරිය ඔක්කොම විගණනය කරන්න කියලා ඔන්න විගණනකාධිපතිට නියෝගයක් දීලා...
එතුමියත් ඉතින් පාර්ලිමේන්තුවෙන් කිව්වම කරන්න එපායැ. ඔන්න ඒක කරලා රිපෝට් එක බාරදීලා. කථානායකතුමාට භාර දුන්නයි කියන රිපෝට් එක ඔන්න ඊළඟට පත්තර වලත් ගියා...
දැන් ඔන්න බලාගෙන ගියාම මේ වැඩේ මම විතරක් තනියම කරලා නෑ. මම එන්න කලින් මට වඩා හොඳින් මට කලින් හිටපු අය කාලා කියලා රටට පේන්න වගේ ඔය කතාව දාලා තියෙන්නේ මාධ්‍යවල...
අටවෙනි පාර්ලිමේන්තුවේ කතා නායක කරු ජයසූරිය, නව වැනි පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන. එතකොට නවවෙනි පාර්ලිමේන්තුව නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ... මේගොල්ලොත් මේ වැඩේ දීලා තියෙන්නේ අපූරුවට. ඇයි මං විතරක් කියලා වත්මන් කතා නායකතුමාටත් හිතෙන්න ඇති...
ඒ විතරක්ද... පාර්ලිමේන්තුවේ ඉන්න මහ ලේකම්වරුන්ගේ ඉඳලා ඔක්කොම පල්ලෙහාට නිලධාරියෝ කතානයක තුමාට අඳින්නේම අංචිනේ. ඔන්න හැත්ත බුරුත්ත ඔක්කොම පිටින් එළිවෙලා යන්න ඒවයිත් විස්තර දාලා...
දැන් ඉතින් එක ඉලව්වක් මදිවට ඉලව් හතයි. හත් ඉලව්වයි කියන්නේ... ඔව් ඒක තමයි. ඉලව්ව කියන්නේ ගමේ භාෂාවෙන් මරණයට මළ ගෙදරට කියන නමක්....
හැබැයි ඉතින් කතානායකට ඔතෙන්දි එක පොයින්ට් එකක් අමතක වෙලා. එකක් නෙවෙයි පොයින්ට් දෙකක්...
ඒ මොනවද දන්නවද.. කියලා දෙන්නං අපිි ඒවා..
ඉස්සර හිටපු කතානායකවරුන්ට අන් ලිමිටඩ් පෙට්රල් ඩීසල් පාවිච්චි කරන්න පුළුවන් කියලා එදා ඒ අදාල චක්‍ර ලේඛවල තිබිලා. මොකද කතානායක කියන්නේ රටේ තුන්වෙනි පුරවැසියා. අගමැතිට ජනාධිපතිට තියෙන වරප්‍රසාද එතුමාටත් හිමිවෙලා...
අනිත් එක තමයි ධූර කාලය. ජගත් වික්‍රමරත්නගේ තාම අවුරුද්දයි මාස අටයි. හැබැයි අර දෙන්නට අවුරුදු දොළහයි.
අර දෙන්නගෙ වෙන වෙනම අරගෙන ඉන්ධන වියදම එකතු එකතු කරාම මේ ඉන්න කතානායකගේ අවුරුදු දෙකේ වියදමට වඩා කොහොමත් වැඩියි තමයි.
ඊටත් වඩා වැදගත්ම කාරණාව මොකක්ද දන්නවද...
එදා හිටපු කථානායකවරුන්ට නිලධාරීන්ට අන්ලිමිටඩ් පෙට්‍රල් පාවිච්චි කිරීමේ හැකියාව නීතියෙන්ම තිබුණත් දැන් ඉන්න කතා නායකට එහෙම නීතියෙන්අවසරයක් නෑ. ඒක රහසක් නෙවෙයි අනේ...
මේ ආණ්ඩුව ඇවිල්ලා ගොඩක් වෙනස්කම් කරා කරානේ මැති ඇමතිවරුන්ගේ වියදම් අඩුයි කියලා පෙන්නන්න. ඔන්න ඔය වෙලාවේ තමයි 2025 මැයි මාසේ කථානායකවරයාගේ ඉන්ධන වියදම අර තිබුණු ඉහළ ස්ථාවරයෙන් අයින් කරලා අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අස්සට ඔබා ගත්තේ...
එහෙම බලාගෙන යනකොට ඉතින් මේක ආණ්ඩුවෙන් ඉල්ලලා ගත්ත කේස් එකක්...
තව කේස් එකක් තියෙනවා. කරුලගේ මහින්ද යාපාලාගෙ කාලයේ කතානායකලගේ වාහන වලට තෙල් ගහලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් ලබා දීපු කූපනයක් අරගෙන ගිහින් ඉන්ධන පිරවුම් හලකින්. එතනදී ඒ කූපන් එකට තෙල් ඇරුනාම හාල් පොල් සීනි තේ කොළ ගන්ඩ බෑ...
ඒත් ඉතින් මේ ඉන්න කතානායක අරගෙන තියෙනවා කියන්නේ කූපන් එහෙම නෙවෙයි. කෙලින්ම අතට තෙල් ගහන්න සල්ලි... සල්ලි සල්ලි. සල්ලි දෙයියන්ගේ මල්ලි.
ඉස්සර පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් නිලධාරීන්ටත් එහෙම ඉන්දන වියදම් සීමාවක් තිබිලා නෑ... ඕවා ඔක්කොම පස්සේ ඇතිවෙච්ච දේවල්... මේ ආණ්ඩුව ආවට පස්සේ...
තව කේස් එකක් තියෙනවා කියන්න...
පාර්ලිමේන්තුවේ කට්ටියගේ සම්පූර්ණ විගණන වාර්තාවක් විදිහට මේක එළියට දාලා තිබුන කව්වට මේකේ තෝරාගත් සමහර අයගේ විගණන විස්තර නෑලු... ඔන්න අහන් ඉන්නකො ඒකත්. කවුද මේ විශේෂිත පුද්ගලයෝ කියලා බලමු...
ඉස්සරම හිටියේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක. සහකාර මහ ලේකම් තමයි දැන් ඔය මහලේකම් වෙලා ඉන්න කුෂානි රෝහණදීර. අනිත් නියෝජ්‍ය ලේකම් තුමාගේ නම් නම කියන්න අවසර නෑ. ඒ මොකද එතුමා දැන් එක්තරා අධිකරණයක විනිසුරුතුමෙක්. එතුමගේ පුරප්පාඩුවට තමයිලු පස්සේ චමින්ද කුලරත්න ආවයි තියන්නේ...
සහකාර මහලේකම් තනතුරේ ඔන්න එදා තවත් විශේෂ නීතිවේදියෙක් ඉඳලා. එතුමා දැන් ඉන්නේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් එකේ ඉහළම පුටුවකලු.. ඒ හින්ද එතුමා ගැන නමක් ගමක් සටහනක් සඳහනක් මේ විගණන වාර්තාවේ කොතනකවත් නෑ කියලා තමයිලු කියවෙනවා කියන්නේ...
එක්කෝ විගනකාධිපති හිතාමතාම ඒ නම අතනින් අයින් කරලා. එහෙම නැත්තං ඉතින් කවුරු හරි මේ නිවේදන මාධ්‍ය වලට යවපු කෙනා පරිස්සම් වෙලා මේ නම් මකලා.
ඔන්න දැන් කොහොම හරි ඔන්න ඔය අඩුපාඩු හින්දා මේ විගණන වාර්තාව වුණත් සම්පූර්ණ විගණන වාර්තාවක් විදිහට නිවැරදි නෑ කියලා තමයිලු පාර්ලිමේන්තුවේ ඉහළ තැන්වල කතාබහට ලක්වෙලා තියෙන්නේ...
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

