ඖෂධ නඩුවේ විනිසුරු බෙදීමක්...
ප්රමිතියෙන් තොර ඖෂධ නඩුවේ අදාළ ඖෂධ දෙකෙහි සංයුතිය පිළිබඳ තීරණාත්මක හා ප්රබලම සාක්ෂියක් වන “ජර්මාණු රසායනාගාර වාර්තාව” දෙකට එකක් වශයෙන් වූ විනිසුරු මඩුල්ලේ බහුතර කැමැත්ත මත භාර ගැනීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (23) තීන්දු කරනු ලැබීය... නඩුකරය සඳහා අදාළ කරගෙන තිබූ ඖෂධ සැබෑම ඖෂධ ද නැතහොත් ඖෂධීය වටිනාකමක් නැති වෙනත් ද්රාවණයක්ද කියා සැක හැර දැනගැනීමට ඉහත කී ජර්මාණු රසායනාගාර වාර්තාව ප්රබල සාක්ෂියක්ව තිබූ පසුබිමක සුපුරුදු සාමාන්ය ක්රමය වන අදාළ රසායනාගාර පරීක්ෂකයා හා වාර්තාව සාක්ෂිය සේ ඉදිරිපත් නොකර, ඔහු විසින් එවන ලද වාර්තාව දිවුරුම් ප්රකාශයක් සේ ඉදිරිපත් කිරීමේදී පැමිණිල්ලට විත්තියෙන් බරපතළ විරෝධයක් මතුවිය.
ඖෂධ නඩුවේ විනිසුරු බෙදීමක්...
බෙහෙත් නඩුවේ වැදගත්ම සාක්ෂිය පස්ස ගහලා...
එන්නේ නැතුව දිවුරුම් පෙත්සමක් එවලා...
අපරාධ නඩුවලට
මේක වැරදි පූර්වාදර්ශයක්...
විත්තියේ නීතීශයන්ගෙන් චෝදනා...
අපරාධ නඩුවක පළමු වතාවට
සාක්කි කූඩුවේ “ඇපිඩවිට්” එකක්
(අධිකරණ වාර්තාකරු)
ප්රමිතියෙන් තොර ඖෂධ නඩුවේ අදාළ ඖෂධ දෙකෙහි සංයුතිය පිළිබඳ තීරණාත්මක හා ප්රබලම සාක්ෂියක් වන “ජර්මාණු රසායනාගාර වාර්තාව” දෙකට එකක් වශයෙන් වූ විනිසුරු මඩුල්ලේ බහුතර කැමැත්ත මත භාර ගැනීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (23) තීන්දු කරනු ලැබීය...
නඩුකරය සඳහා අදාළ කරගෙන තිබූ ඖෂධ සැබෑම ඖෂධ ද නැතහොත් ඖෂධීය වටිනාකමක් නැති වෙනත් ද්රාවණයක්ද කියා සැක හැර දැනගැනීමට ඉහත කී ජර්මාණු රසායනාගාර වාර්තාව ප්රබල සාක්ෂියක්ව තිබූ පසුබිමක සුපුරුදු සාමාන්ය ක්රමය වන අදාළ රසායනාගාර පරීක්ෂකයා හා වාර්තාව සාක්ෂිය සේ ඉදිරිපත් නොකර, ඔහු විසින් එවන ලද වාර්තාව දිවුරුම් ප්රකාශයක් සේ ඉදිරිපත් කිරීමේදී පැමිණිල්ලට විත්තියෙන් බරපතළ විරෝධයක් මතුවිය.
විනිසුරු මඩුල්ල විසින් එම දිවුරුම් ප්රකාශය සාක්ෂියක් ගෙස භාර ගන්නවාද නැද්ද යන කාරණාව මෙහිදී ඉතා වැදගත් තීන්දුවක් විය. විනිසුරු මඩුල්ල බෙදුණු තීන්දුවක් ලබා දුන්නේ ඒ අනුවය.
ජර්මාණු රසායනාගාර පරීක්ෂකවරයෙක් ලංකාවට නඩුවක් සඳහා ගෙන්වා ගැනීමේදී ප්රායෝගිකව මතුවන ගැටලු, ඒ සඳහා වැයවන වියදම, ඒ රටේ පවතින නීති රෙගුලාසි ප්රකාරව අදාළ පරීක්ෂකවරයා මාර්ගගත ක්රමයට නඩුකරය සඳහා සම්බන්ධ කර ගැනීමට ඇති නොහැකියාව, ආදී විශේෂ කරුණු රැසක් සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර යන දෙදෙනා යම් යම් සීමාවන් මත එම දිවුරුම් ප්රකාශය සාක්ෂියක් ලෙස පිළිගන්නට කැමැත්ත පළ කළේය. එහෙත් ඊට ඉඳුරාම වෙනස් මතයක් දැරූ විනිසුරු විරාජ් වීරසූරිය මෙවන් තීරණාත්මක නඩුවක තීරණාත්මක සාක්ෂියක් ලෙස එවන් දුර්වල, විශ්වාසයකට ගත නොහැකි, ලේඛන මත පමණක් සීමාවූ සාක්ෂියක් බාරගත නොහැකි බව ප්රකාශ කරමින් විරෝධය සලකුණු කළේය.
එහෙත් අවසාන වශයෙන් අදාළ පර්යේෂණ වාර්තාවේ පවතින ජර්මාණු භාෂාවෙන් ලියවුණු කොටස හැර අනිත් කොටස සාක්ෂියක් ලෙස පිළිගන්නටත්, මෙය ප්රබලම සාක්ෂියක් ලෙස නඩුකරයේ අවසාන තීන්දුවට පිළිගැනීම හෝ පිළිනොගැනීම පසුව තීන්දු කරන්නටත් එකඟතාව මත ප්රියන්ත ලියනගේ හා තිලකරත්න බණ්ඩාර විනිසුරු දෙදෙන සාක්ෂිය භාර ගැනීම අනුමත කළහ...
ප්රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන්” හා “රිටොක්සිමැබ්” ඖෂධ සම්බන්ධ ඖෂධ නඩුවේදී මෙම ඖෂධ දෙක “ඖෂධමද නැතහොත් වෙනත් ද්රාවනයක්ද කියා සැක හැර දැනගැනීම, නඩුකරයේ “ප්රබලම සාක්ෂිය” වූයේ පළමු චෝදනාව එම කරුණ මත පදනම්ව “කුමන්ත්රණය” යන වරද සිදු කිරීම යන කාරණාව දක්වා විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව අභි චෝදනා 13ක් ගොනු කර තිබූ නිසාය...
එහෙත් නඩුකරයේ විමර්ශන නිලධාරීන්ට ප්රශ්නයක් වූයේ එවන් කටයුත්තක් සඳහා වූ පර්යේෂණයක් කිරීමට ප්රමිතිගත රසායනාගාර පහසුකම් ලංකාවේ කිසිදු රසායනාගාරයක නොමැති වීමයි.
ඒ අනුව එම කාරණාව සඳහා ගැලපෙන රසායනාගාරයක් ලෙස සැලකුණු ජර්මනියේ අදාළ රසාරාගාරය වෙත පර්යේෂණය සඳහා සාම්පල ගෙන ගොස් භාරදෙන්නට විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියෙක් කටයුතු කරන්නේ මාලිගාකන්ද මහේස්ත්රාත් විසින් ලබාදෙන නියෝගයකට අනුවය...
එහෙත් මෙම නඩු විභාගයේදී ජර්මාණු රසායනාගාර වාර්තාව ප්රබල සාක්ෂියක් ලෙස සලකුණු විය. ඒ සදහා රසායනාගාරයේ පරීක්ෂකවරයෙක් ලංකාවට ගෙන්වා ගැනීම දුෂ්කර කාරියක් විය. ඒ සඳහා ගමන් වියදම් හා ලබාදිය යුතු ගාස්තු අධික වූ බව කියති.
ඉන් අනතුරුව පැමිණිල්ල උත්සාහ කළේ අදාළ රසායනාගාර පරීක්ෂකවරයා බර්ලිනයේ පවතින ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙත ගෙන්වා මාර්ගගත ක්රමය ඔස්සේ ත්රි පුද්ගල මහාධිකරණය වෙත සාක්ෂි ලබා ගැනීමට හා හරස් ප්රශ්නවලට යොමු කිරීමටය.
එහෙත් එම රටේ රාජ්ය නීති රීති විධිවිධානවලට අනුව පිටස්තර තානාපති කාර්යාලයකට ගොස් එසේ වෙනත් රටක උසාවියක් සමග සම්බන්ධ වී නඩු විභාගයකට සාක්ෂි දීම එම රජය අනුමත නොකරන කාරණාවක් විය.
කෙසේ හෝ මේ ප්රබලම සාක්ෂිය අදාළ රසායනාගාර පරීක්ෂකවරයා ඉදිරිපත් කරන “දිව්රුම් ප්රකාශ වාර්තාවක්” ලෙස ලබා දෙන්නට පැමිණිල්ල කටයුතු කරන්නේ ඒ අනුවය...
අද දින (23) නඩු විභාගය ආරම්භයේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරාගම් මැතිණිය මෙම දිවුරුම් ප්රකාශය ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ මොහොතේ මුලින්ම ඒ පිළිබඳ විරෝධය පාමින් ඉදරිපත් වූයේ නඩුකරයේ පළමු චූදිත අයිසොලොස් බයෝ ටෙක් පාමා අධිපති සුදත් ජානක ප්රනාන්දුගේ නීතිඥ හරේන්ද්ර භාණගල මහතාය...
“මේක ලංකාවේ අපරාධ නඩුවකදී අපි දැකපු පළවෙනි දිවුරුම් ප්රකාශ සාක්ෂිය. මේක ඉතාම වැරදි ප්රවණතාවක්. නරක පූර්වාදර්ශයක්. ලියවිල්ලක් ඇවිල්ලා තියෙනවා. අපි කොහොමද මේක විශ්වාස කරන්නේ. මොකක්ද අපිට විශ්වාස කරන්න තියෙන සහතිකය. අපි කොහොමද මේ පුද්ගලයාගෙන් හරස් ප්රශ්න අහන්නේ. මොහුට මේ වගේ භාරදූර කාර්යයක් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්න තියන සුදුසුකම් මොනවද කියලා අපි කොහොමද ප්රශ්න කරන්නේ?...”
හරෙන්ද්ර බානගල ඉදිරිපත් කළ විරෝධයට සාපේක්ෂව දෙවෙනි විත්තිකරුගේ නීතිඥ අසේල සේරසිංහ ද සිය විරෝධතාවය ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය...
“අපේ නීතියේ ප්රතිපාදන අනුව 414 (3) වගන්තිය ප්රකාරව විශේෂඥ වෛද්යවරයෙකුට පමණක් පුළුවන් පුද්ගලයා හැටියට තමන් ඉදිරිපත් නොවී ලේඛනයක් මගින් සාක්ෂි ලබාදීමට. හැබැයි මේ කියන කෙනා රසායනාගාරයේ විශේෂඥයෙක් නෙවෙයි. මෙයා ෆාමසිස්ට් කෙනෙක්. ඖෂධවේදියෙක්. එහෙම කෙනෙක් සාක්ෂියට මේ විදියට ගන්න එක නීති විරෝධීයි...”
මේක මහා පුදුම සාක්ෂි විභාගයක්. මෙහෙම සාක්ෂි විභාගයක් අපි මේ දැක්කමයි. අපි කොහොමද සාක්ෂියක් කියලා කොළ කෑල්ලක් විශ්වාස කරන්නේ. මේ සාක්ෂිය ඉදිරිපත් කරන පුද්ගලයා කවුද කොහොමද මොනාද සුදුසුකම් කියලා උපකල්පන මත අපට මේ සාක්ෂිය පිළිගන්න බෑ..
නයන්ත විජේසුන්දර, අමිත ආරියරත්න, ප්රියන්ත නවාන, රහුල් ජයතිලක, චමින්ද අතුකෝරාල, අශෝක සේරසිංහ ඇතුළු විත්තියේ නීතිඥවරු සියලුම දෙනා පාහේ මෙම සාක්ෂියට විරෝධය පාන්නට වූහ.
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වාදුන්නේ අදාළ රසායනාගාර පරීක්ෂකවරයා ප්රායෝගිකව සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතාව මත මෙවන් පියවරක් අනුගමනය කරන්නට තීරණය කළ බවත්, අපරාධ නීතියේ ප්රතිපාදන අනුව 414 (3) වගන්තිය ප්රකාරව එවන් සාක්ෂි ඕනෑ තරම් මේ දියුණු තාක්ෂණික පසුබිම මත පිළිගැනෙන බවත්ය.
එය අවස්ථාවේදී ඉතාමත්ම තීරණාත්මක හා ඉතාමත්ම වැදගත් වූයේ මෙම සාක්ෂිය සාමාන්ය සාක්ෂියක් ලෙස නඩුකරය සම්බන්ධයෙන් පිළිගත හැකිද එසේත් නැත්නම් බැහැර කළ යුතුද කියා ත්රි පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුවයි.
ඒ අනුව දහවල් 12 30ට දිවා ආහාරය සඳහා අධිකරණයේ කටයුතු අත්හිටවන ලද අතර විනිසුරු මඩුල්ලේ සාකච්ඡාවකින් අනතුරුව යළි උසාවියේ වැඩ කටයුතු ආරම්භ වූයේ 2 30ට පමණය...
එහිදී විනිසුරු මඩුල්ල මෙම සාක්ෂිය විධිමත් සාක්ෂියක් ලෙස ගරු අධිකරණය විසින් පිළිගන්නවාද නැද්ද යන තීන්දුව වෙන වෙනම බෙදුණු සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරනු ලැබූවේය...
එහිදී සභාපති විනිසුන් ප්රියන්ත ලියනගේ මහතා පෙන්වා දුන්නේ සාමාන්ය ක්රමය නම් අදාළ රසායනාගාර පර්යේෂකවරයා තම රසායනාගාර වාර්තාව සමඟ උසාවියට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන බවයි.
එහෙත් ජර්මනිය වැනි රටක සිටින එම රසායනාගාර පරීක්ෂකවරයා ගෙන්වා ගැනීමට රජය විසින් දැරිය යුතු අධික වියදම මෙන්ම ඒ සහ ගහ ගතවන කාලය සලකා ඊට වඩා විකල්ප ක්රම භාවිතා කළ යුතු බව පෙන්වා දුන්නේය.
මාර්ගගත ක්රමය ඔස්සේ එවන් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම ඊළඟට හොඳම විකල්පය වශයෙන් ඇතත් එරට පවතින නීති රීති හා සීමාවන් මත ඒ සඳහා පසුගිය මාර්තු මාසයේ උසාවිය සිතාසි නිකුත් කර තිබුණත් ඒ සදහා දුෂ්කරතා මතුව ඇති බව පෙන්වා දුන්නේය.
එහෙත් මෙම නඩුකරය සඳහා යුක්තිය බලාපොරොත්තුවෙන් මුුළු රටම බලා සිටින බව අමතක කළ නොහැකි බව පෙන්වා දුන් විනිසුරුතුමා මෙම ඖෂධ දෙක සම්බන්ධයෙන් තිබෙන රසායනාගාර සාක්ෂියේ වැදගත්කම හා ප්රබලතාව සලකා ඊළඟ විකල්පය තෝරාගන්නට කල්පනා කළ බව නිවේදනය කළේය...
එහෙත් මෙම පර්යේෂණ වාර්තාවේ යම්කිසි කොටසක් ජර්මාණු භාෂාවෙන් ඇති බැවිනුත්, එම කොටස පිළිබඳ ඉංග්රීසි භාෂාවෙන් පරිවර්තනයක් නොමැති බැවිනුත් එම කොටස හැර, සෙසු විස්තර සාක්ෂියක් ලෙස භාර ගන්නට සභාපති විනිසුරු ප්රියන්ත ලියනගේ වන තමාත්, තිලකරත්න බණ්ඩාර නම් වන සාමාජික විනිසුරුත් තීරණය කළ බව අධිකරණය හමුවේ නිවේදනය කළේය...
එසේ වෙතත් යම් යම් දුර්වලතා පවතින මෙම සාක්ෂිය අවසාන තීන්දුව සම්බන්ධයෙන් දක්වන ප්රබලතාව කොතරම්ද යන කාරණාව සම්බන්ධයෙන් පසුව අදහස් පළ කරන බව පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව තම තීන්දුව ප්රකාශ කළ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා කීවේ මෙවන් අතිශය තීරණාත්මක නඩුකරයක විත්තිකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් ප්රබල සාක්ෂියක් ගොඩනැගීමට මේ රසායනාගාර දිවුරුම් ප්රකාශය පිළිගත නොහැකි බවයි. මේ පිළිබඳ විශ්වාසනීයත්වය පළුදු වෙන කරුණු කාරණා රැසක් වාර්තාව අභ්යන්තරයේත් පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා කීවේ වාර්තාව ඉදිරිපත් කර ඇති ආකාරයෙන් කිසිදු විශ්වාසයක් පැමිණිල්ල විසින් තහවුරු කරදී නොමැතිි බවයි.
එම සාක්ෂිකරු ශ්රී ලංකාවට ගෙන්වා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී විශාල මුදලක් වැය විය හැකි බවට පැමිණිල්ල වචනයෙන් විස්තර කර තිබුණත් එය කොපමණද, කවර කාරණාවලටද ක්රියා කිසිදු විස්තරයක් වග විභාගයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බවද විරාජ් වීරරත්න විනිසුරුතුමා පෙන්වා දුන්නේය.
ඒ අනුව තම විනිශ්චය වනුයේ කිසිසේත්ම මෙම සාක්ෂිය මෙම නඩුකරයට බලපාන සාක්ෂියක් ලෙස භාරගත යුතු නැති බවය...
මෙවන් ආකාරයේ බෙදීමක් මත වුව අවසානයේ බෙදුණු තීන්දුවකින් එම සාක්ෂිය අධිකරණය වෙත භාරගන්නා බව සටහන් කරන්නට සභාපති විනිසුරුවරයා උපදෙස් දුන්නේය...
ඒ අනුව නඩුකරයේ කටයුතු අවසන් වූ අතර ලබන සතියේ යළි මෙම සාක්ෂිය මත අධිකරණයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යන්නට තීරණය කරමින් එදිනට නියමිත වැඩ කටයුතු සියල්ල අවසන් විය...
මෙම නඩුවෙන් විමර්ශනයට ලක්වන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ වෙනුවට වෙනත් ද්රව්ය අඩංගු කුප්පි 6,195ක් සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශයට සැපයීම සම්බන්ධයෙන් රජයේ මුදල් වංක ලෙස පරිහරණය කිරීම සහ ඊට අදාළ කුමන්ත්රණය හා ආධාර අනුබල දීම යන චෝදනාය. නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 13ක් ගොනු කර ඇති අතර, චෝදනාවලට අදාළ මුදල රුපියල් ලක්ෂ 1,444ක් ලෙස සඳහන් වේ.
විත්තිකරුවන් අතර හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු ජානක ප්රනාන්දු, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක, සහකාර අධ්යක්ෂ පී.එස්. ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත සහ තවත් අමාත්යාංශ නිලධාරීන්, ප්රසම්පාදන කමිටු සාමාජිකයන් හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරීවරයාද ඇතුළත් වෙති.
නඩුවට අදාළව සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්යාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

