වැවක් බලන්න දඹුලු ගිය ජනාධිපති...
පහුගිය 18 වැනිදා, සිකුරාදා දවසේත් ඉතිං ජනාධිපතිට හොඳටමම වැඩ. ඉවරයක් නැති පරිපාලන කටයුතු අස්සේ ඕනම කෙනෙකුට එක පාරටම නෙතට හිතට ප්රිය උපදවන දසුනක් දකින්න ඉඩ ලැබුණොත් ඒක පට්ට නැද්ද... මාරයිනේ... ඔන්න ඔය මාරම මාර චාන්ස් එක එදා හැන්දෑවේ ජනාධිපති අනුර කුමාර දිසානායකටත් ලැබුණා. ඒ මොකද එතුමා ගියානේ වැවක් බලන්න දඹුල්ලේ. වැව තමයි දඹුල්ලේ සුප්රකට ඉබ්බංකටුව ජලාශය.
වැවක් බලන්න
දඹුලු ගිය ජනාධිපති...
ඉබ්බන්කටුව පාවෙන බලාගාරයේ
විදුලිය නිපදවීම වැඩ ඇරඹෙයි...
පහුගිය 18 වැනිදා, සිකුරාදා දවසේත් ඉතිං ජනාධිපතිට හොඳටමම වැඩ. ඉවරයක් නැති පරිපාලන කටයුතු අස්සේ ඕනම කෙනෙකුට එක පාරටම නෙතට හිතට ප්රිය උපදවන දසුනක් දකින්න ඉඩ ලැබුණොත් ඒක පට්ට නැද්ද...
මාරයිනේ... ඔන්න ඔය මාරම මාර චාන්ස් එක එදා හැන්දෑවේ ජනාධිපති අනුර කුමාර දිසානායකටත් ලැබුණා. ඒ මොකද එතුමා ගියානේ වැවක් බලන්න දඹුල්ලේ. වැව තමයි දඹුල්ලේ සුප්රකට ඉබ්බංකටුව ජලාශය.
සමහරු ඕකට ඉබ්බන් කටුව වැව කියනවා. සමහරු ජලාශය කියනවා. ඔය කොහොම කිව්වත් එකම තමයි...
ජනාධිපතිතුමාට නම් වැවක ඇලක දොළක බැහැලා නාපු කාලයක් මතක නැතුවත් ඇති. හැබැයි දැක්ක ගමන් හිතෙන්නේ පනින්න. මොකද ඔය පළාතේ වැවක් බලන්න ගියහම හිතෙන්නේ ඔන්න ඕක...
ඇත්තම කියනවනම් 18 වෙනිදා හවස් වරුවේ ජනාධිපතිවරයා දඹුලු ගියේ වැව බලන්නම නෙවෙයි. වැව මත ඉදිකරලා ජල තලයේ පාවි පාවී තියෙන "දිය ජනනී" සූරිය විදුලි බලාගාරය බලන්න...
ඔන්න බලන්නකෝ මෙන්න මේක පින්තූරවලින්. කොච්චර ලස්සන දර්ශනයක්ද. ලස්සන විතරක් නෙමෙයි. ඒකෙ තියෙන වටිනාකම ගැන හිතන්නකෝ...
පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහනන යටතේ මෙගා වොට් පහක ධාරිතාවයත් ඇති “දිය ජනනී පාවෙන සූර්ය විදුලි බලාගාරය” පුද්ගලික අංශයේ ඉදිකිරීමක්.
හැබැයි ඉතින් නිෂ්පාදනය වන විදුලිබලය එකතු වෙන්නේ ජාතික පද්ධතියටනේ. වැව් දිය තලය මත අක්කර දහයයි දශම පහක පමණ වපසරියක පාවෙන බලාගාරයක් ලෙස ඉදි කරලා තියෙන දිය ජනනී බලාගාරයෙන් ජාතික පද්ධතියට එකතු කරන විදුලි බල ධාරිතාවය මෙගාවොට් පහයි.
ඔය මහා පරිමාණ ජලාශත් එක්ක බලනකොට මේ ප්රමාණය පුංචි කියලා හිතුනත් වියදමත් එක්ක බලනකොට මේක කොච්චර ලොකුද දන්නවද. ඇත්තෙන්ම මාරම මාරයි. එතකොට පාරිසරික වැදගත්කම...
මේ විදුලි බලයෙන් වාර්ෂිකව නිවාස හත්දාස් පන්සීයකට විදුලිය දෙන්න පුලුවන්. මේ විදුලි බලය හදන්න ඩීසල් හරි ගල් අඟුරු හරි යෙදෙව්වා නම් වාර්ෂිකව නිකුත්වන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙට්රික් ටොන් 6440ක් කියලා ගණන් හදලා තියෙනවා. මේ ප්රමාණය හදන්න ඩීසල් යෙදෙව්වනං කොච්චරද බලන්නකෝ?. ලීටර් මිලියන දෙකයි දශම පහක් වැයවෙනවා. ඒකට වාර්ෂිකව විදේශ මුදල් ඩොලර් මිලියන තුනක් රටට ඉතිරි වෙන එකම මදි ද අනේ...
ඕවා ගැන හිතන්න ඕන අන්න එහෙම . දේශපාලන පක්ෂ පාට කණ්ණාඩි දමාගෙන එහෙම නෙවෙයි..
ඇත්තම කියනවා නම් ජයාධිපතිතුමාට ආරාධනා කරලා තියෙන්නේ මෙන්න මේ ව්යාපෘතිය වැඩ ආරම්භ කරලා විවෘත කරලා මේ විදුලි නිෂ්පාදනය ජාතික පද්ධතියට එකතු කරන එක එතුමාගේ අතින් සුභ නැකතින් සිද්ධ කරන්න.
ඔන්න ජනාධිපතිතුමා මෙතනට ගිහින් මේක ගැන වග විස්තර විමසනවා. මේක “වින්ඩ් ෆෝස් සීමිත පුද්ගලික” සමාගමේ වැඩක්නේ. ඔය ඉන්නෙ කළමනාකර අධ්යක්ෂ මංජුල පෙරේරා. එයා වැඩේ ගැන විස්තර කරනවා... ඒ වගේම සමරු පළකය නිරාවරණය කරාට පස්සේ පාලක මැදිරියටත් එක්කන් යනවා...
බැලින්නන් දියජනනී සම්පූර්ණයෙන්ම ව්යාපෘතිය දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ සහයෙන් කරපු වැඩක්. ජනාධිපතිගේ ඊළඟ ප්රශ්නය වුණේ පළාතේ තරුණ තරුණියන් කී දෙනෙකුට මේකෙන් රස්සා ලැබිල තියෙනවදද කියන එක. ඒකට උත්තරය ප්රදේශයේ පුද්ගලයින් එකසිය පනස් දෙනෙකුට රැකියා ලැබිලා. මේ පළාතට ඒකම මදිද අනේ... එතනම පවුල් කීයක්ද කියන්නකෝ...
ඒ විතරක් නෙවෙයි... මේගොල්ලෝ ඒ පළාතේ තියෙන සම්පත් වලින් ප්රයෝජන ගන්න අතරම, පළාතට කරපු වැඩ ගැණත් ඔන්න ජනාධිපතිතුමා සංවේදී යී. හැබැයි ඉතින් ප්රජා සත්කාරක සේවාත් උපරිමයෙන්. පළාතේ බෞද්ධ සිද්ධස්ථානයක් වන ශ්රී විවේකාරාම විහාරස්ථානය සඳහා කලක් තිස්සේ අවශ්යව තිබුණු ජෙනරේටරයකුත් ධර්ම ශාලාවේ ඉදිකිරීම් වලට රුපියල් ලක්ෂ අටක මුදලකුත් ඔන්න ඒ වෙලාවෙම පරිත්යාග කරලා...
වැවේ අයිතිය ධීවරයින්ටත් තියෙනවනේ. එතකොට මේ අක්කර දහයෙන් ධීවරයන්ට අහිමි වන කොටස පුංචි නෑ. ඒක හින්දා ධීවරයෝ වෙනුවෙනුත් යම් ප්රතිලාභයක් ලබා දෙන්න එපැයි. ධීවර ආම්පන්න ලබා ගන්න ධීවරයින් වෙනුවෙන් සමාගම වෙන් කරපු මුදල ලක්ෂ විස්සක්. ඒකත් ඔය වෙලාවේම ධීවරයන්ට බෙදා දුන්නේ...
ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ හරිත උද්යානයකුත් ඔන්න ලක්ෂ දහයක පරිත්යාගයෙන් සමාගම නිර්මාණයකරලා. පාසැල්වලටත් එක එක ජාතියේ උදව් කරලා තියෙන්නේ... මේවා එකින් එක කියන්න බෑ අප්පා. මහන්සියි... විස්තර හොයාගෙන කියවන්නකෝ. ආස හිතේයි...
ඔය වැඩේට ජනාධිපතිත් එක්ක සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක, බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්ය අමාත්ය ගම ගෙදර දිසානායක, මේ වැඩේ පටන් ගන්න ඇමතිවෙලා ඉන්න කාලේ ලොකු ලොකු උදව් ගොඩක් කරපු අපේ කුමාර ජයකොඩි, වගේම ඔය පළාතේ මහජන නියෝජිතයෝත් ගොඩක් හිටියේ. බලශක්තිය අමාත්යාංශයේ ලේකම් ජනාධිපති දියේෂ්ඨ අතිරේක ලේකම් රසල් ප්රනාන්දුත් වැඩේට ඇවිත්... තව තව හිටියා. කියන්න ගියොත් වැඩේ දිගයි. ඒ හින්දා ඔතනින් ඔය ඇතිනේ...
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

