ඇමෙරිකාවේ මීළඟ බිල්ල ඉරානයද?..
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලතින් ඇමෙරිකාවේ වඩාත් නාගරීකරණය වූ රට වන “වෙනසිවුලාව” යුධමය හා දේශපාලනමය වශයෙන් යටත් කරගෙන දැන් වැඩි දවසක් නැත. වෙනිසියුලාවට එල්ල කරන ලද “මහා පරිමාණ ප්‍රහාරවලින්” අනතුරුව එක්සත් ජනපද හමුදා වෙනිසියුලානු නායක “නිකොලස් මදුරෝ” සහ ඔහුගේ බිරිඳ ජනාධිපති ආර්යා “ශීලියා ෆ්ලෝරස්” අල්ලා ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ මීළඟ බිල්ල
ඉරානයද?..
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලතින් ඇමෙරිකාවේ වඩාත් නාගරීකරණය වූ රට වන “වෙනසිවුලාව” යුධමය හා දේශපාලනමය වශයෙන් යටත් කරගෙන දැන් වැඩි දවසක් නැත. වෙනිසියුලාවට එල්ල කරන ලද “මහා පරිමාණ ප්‍රහාරවලින්” අනතුරුව එක්සත් ජනපද හමුදා වෙනිසියුලානු නායක “නිකොලස් මදුරෝ” සහ ඔහුගේ බිරිඳ ජනාධිපති ආර්යා “ශීලියා ෆ්ලෝරස්” අල්ලා ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව පසුගියදා එසේ කීවත් ජනාධිපති මධුරේ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තේ වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන බලවේගවල හා යම් යම් හමුදාමය ඒකකවල සහාය ඇතිව කරන ලද “කුමන්ත්‍රණයකින්” මිස, ට්‍රම්ප් කියන අයුරින් දැවැන්ත හමුදාමය මෙහෙයුමකින් නොවන බව ලෝකයේ බොහෝ යුධමය හා දේශපාලනමය විශ්ලේෂකයෝ දැන් දන්නා කාරණයකි.
වෙනිසියුලාවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒ තරමටම පාලන බලයේ රැඳි උන් ජනාධිපති මදුරෝ සමඟ විරසකව සිටියා පමණක් නොව, වෙනිසියුලාවේ ප්‍රධානම සතුරාවන “ඇමෙරිකාව” සමගද යම් යම් දේශපාලන රහස්‍ය ගනුදෙනුවල නිරතව සිටි බව සත්‍යයකි...
ඇමෙරිකාව විසින් වෙනිසියුලාව හා එහි නායකයා මට්ටු කළේ වෙනසියුලානු පොදු ජනතාව මදුරේගේ ඒකාධිපති පාලනයෙන් මුදාගන්නට බව කීවත්, එම දේශපාලනයට යටින් දිවෙන “ඇත්ත කතාව” කුමක්දැයි දැන් මේ මුළු මහත් ලෝකයම දනී. ලෝකයම දන්නා පරිදි ලොව විශාලතමයි “පොසිල ඉන්ධන නිධියට” හිමිකම් කියන රට වෙනිසියුලාවයි. එම නිසා මේ වන විට මුළු මහත් ලෝකයටම ඇමෙරිකාව විසින් වෙනසිවුලාව යටත් කරගත් කතාන්තරයේ දේශපාලන සමීකරණය කුමක්දැයි දනී.
එවන් තෙල් නිධි, එවන් ගෑස් නිධි, එවන් රත්‍රන් නිධි, එවන් ඛණිජ ද්‍රව්‍යවලට ලොව මොන රට උරුමකම් කීවත් අවසානයේ එම රටවල්වලට ඇමරිකාව ඉදිරියේ අත්වන ඉරණම කුමක්දැයි ලෝකවාසී ජනතාව පසුගිය මෑත කාලීන ඉතිහාසය හා පාඩම් අනුව නොදන්නවා නොවේ. එම නිසා ලොව පුරා බොහෝ රටවල්වල මාධ්‍යකරුවන් හා දේශපාලන නිරීක්‍ෂකයන් මේ දිනවල බලා සිටින්නේ වෙනිසියුලාව ගිය පාරේ මීළඟට යන, එම ඉරණමට උරුමකම් කියන ඊළග රට කුමක් වනු ඇතිද කියා දැනගන්නටය....
එය තවත් අයුරකින් කියන්නේ නම් අද වෙනිසියුලාවට අත් වූ ඉරණම ඊළඟට අත් වන්නේ කුමන රටකට ද කියා මේ දිනවල දේශපාලන විශ්ලේෂකයෝ හා මාධ්‍යවේදීන් දැඩි විමසිල්ලකින් පසුවන බවය.
එසේ තොරතුරු හොයන විට එම ඉරණමේ ඊළග උරුමක්කාරයා නිසැකවම “ඉරානය” වනු ඇති බව දේශපාලන විශ්ලේශකයන් බොහෝ දෙනෙකුගේ මතයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වන විට පවතින්නේ බල රහිත තත්ත්වයක බව පැහැදිලිය. ලෝක සාමය උදෙසා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මොනතරම් පොත්වල තිබුනත් මොනතරම් රටවල් සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවී තිබුණත් ඇමෙරිකාව මුල්වී කරන සකල විධ බලහත්කාරකම් හමුවේ එම ප්‍රඥප්තිවල අඩංගු කරුණ කාරණා කිසිදු අදාළත්වයක් නැත.
ඇමරිකාවේ නොහික්මුණු අකීකරු පොලිස් කාරයාගේ ග්‍රහණයට අනාගතයේ හසු විය හැකි රටවල් ලැයිස්තුවේ ලඟම ළඟම රටවල් කීපයක් තිබේ. “ග්‍රීන්ලාන්තය, කොලොම්බියාව, මෙක්සිකෝව හා කියුබාව ඒ අතරේ ඉදිරියෙන්ම තියෙන රටවල්ය. එහෙත් අද මේ අනතුර වඩාත්ම වැඩි රට ලෙස දේශපාලන විශ්ලේෂකයෝ සලකන්නේ ඉරානයයි.
ඉරානය යනු ඇමෙරිකානු බලය පෙන්වන්නට මඟ බලා සිටින, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ලොකුම ඉලක්කය වේ. ඊට හේතුව ඉරානයෙන් තරම් ඇමරිකාවට තර්ජන එල්ලවිය හැකි, අභියෝගයක් එල්ල විය හැකි තවත් බලසම්පන්න රටක් මැද පෙරදිග කලාපයේ නොමැති නිසාය.
එහෙයින් ඉලක්කය ඉරානය නම්, අප ඉරානයට එබඳු ඉරණමක් අත්වන්නට හේතුභූත වූ අතීත හා ඓතිහාසික කරුණු කවරේද කියා විමසා බැලීම වැදගත්ය. පහත සඳහන් වන්නේ පසුගිය දිනක ෆේස්බුක් පරිහරණය කරද්දී මට හමුවූ, ඉරානය සම්බන්ධයෙන් ලියැවී ඇති එවන් විස්තර රැසක් සහිත රසවත් ලිපියකි. අබ්දුල් සක්තාර් නමින් අන්තර්ජාලයට, මුහුණු පොතට නිරතුරුව ලිපි සපයන ලේඛකයාගේ විස්තරය මා මෙම ලිපියක් තුළ උපුටා දක්වන්නේ ඉරානයේ වටිනාකම හා ඉරානයේ අගය ගැන ඔහු මෙහි මැනවින් කරුණු කීපයක් සම්පිණ්ඩනය කර තිබෙන නිසාය.
මෙතැන් සිට ඇත්තේ සක්තාර් ලියූ එම ලිපියයි...
1979 දී ඉරාන ජනතාව ඇමරිකානු වහල් රජු වූ ෂා බලයෙන් පහ කළ දා සිට, ඉරානයට ආර්ථික සම්බාධක සහ අවහිර කිරීම් පනවා ඇත.
විවිධ ස්ථානවල ඩොලර් බිලියන සියයකට ආසන්න ඉරාන වත්කම් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් හිර කර ඇත. ඩොලර් ට්‍රිලියන ගණනක් ඇමරිකාව පුමුඛ බටහිර රටවල මේ ආර්ථික තහංචි නිසා ඉරානයට අහිමි වී ඇත.
මේ දක්වා ඇති දරුණුතම ආර්ථික අර්බුදයෙන් බේරීමට ඉරානය සමත් වී ඇති අතර, එය විශිෂ්ට ජයග්‍රහණයකි. එලියේ ලෝකයේ සිට ඉරානය දිහා බලනවා ට වඩා ඉරානයට සංචාරය කරලා තියෙන අයට ඉරානය ගැන හොඳ අවබෝයක් හා හොඳ පැහැදීමක් ඇති බව පැහැදිලිය. මා දන්නා තරමින් ලෝකයේ “ලස්සනම මිනිස්සු” ජීවත් වන්නේ ඉරානයේ ය.
වරක් මම මගේ ලඟම නීතිඥ මිත්‍රයෙක් සමග ඉරානයේ සංචාරයක යෙදී සිටියදී ඔහු මගෙන් ඒ ගැන විමසුවේ මෙසේය...
“සත්තාර්... මේ රටේ කැතට පේන කිසිම කෙනෙක් නෑනේ.... පිරිමින් පවා ලස්සනයි නේද..?” කියාය. ඉරානුවන් හරිම ලස්සනය. අපි කතාවට අහල තියෙනවා පර්සියානු පූසෝත් ලස්සනයි කියලා. ඒ වගේම ඉරානුවන් හරිම බුද්දිමත්. ඒ වගේම ඔවුන් හරිම කරුණාවන්තය. බටහිරට ලැදි මුස්ලිම්වරු සමහරක් අය “ෂීයා” යන මාතෘකාවක් යොදවමින්, වෙනස් විදිහට ආගම අදහන්නන් ලෙස, ඉරානුවන්ව භේද කරන්න හැදුවත් “ඉස්ලාමයේ නීතී රීති හරියාකාරව” පිළිපදින මිනිස්සු මම දැක්කේ ඉරානයේ ය.
පසුගිය ජුනි මාසයේ සිදු වූ “දින 12 ක යුද්ධය” ඉරානයේ උද්ධමනය තවදුරටත් උග්‍ර කර ඇත. ඉරාන රියාල්හි වටිනාකම සියයට හැත්තෑවකින් පහත වැටී ඇත.
භාණ්ඩවල මිල ද එම අනුපාතයටම ආසන්න වශයෙන් වැඩි වී ඇත. ජනතාවගේ වියදම් කිරීමේ බලය අඩු වී ඇති බැවින්, වෙළඳුන්ට ව්‍යාපාර අහිමි වී ඇත. වෙළඳුන් තම සාප්පු වසා දමා වීදි බසිති. ඔවුන්ගේ සටන් පාඨය එකකි
“ජීවන බර අඩු කළ යුතුය.”
බලපෑමට ලක් වූ ජනතාව ද වීදිවල වෙළෙන්දන් සමඟ එක්වෙමින් සිටිති. ජනගහනය වර්ධනය වෙමින් පවතී. විරෝධතා රටේ විවිධ පළාත්, දිස්ත්‍රික්ක සහ නගර වෙත ව්‍යාප්ත වේ. විශ්ව විද්‍යාල සිසුන් ද එක්වෙති, විරෝධතා වේගවත් වේ, රජය විරෝධතාකරුවන්ට සාකච්ඡා සඳහා ආරාධනා කරයි.
මේ දක්වා සියල්ල සාමාන්‍ය සොභාවයෙන් සිදුවෙමින් පවතී. බටහිර මාධ්‍ය ලොකු කරන තරමට ඉරානයට මේ අරගලය ලොකු නැත. ඉස්ලාමිය විප්ලවයෙන් පසු මේ වගේ අරගල සිය දහස් ගණනකට මුහුණ දුන් ඉරාන නායක “අයතොල්ලාහ් කාමේනි”ට හා බලවත් “ඉරාන හමුදාවන්ට” මේ සිදුවීම සුළු දෙයකි.
කුමන්ත්‍රණයක් අපේක්ෂා කළ ඊශ්‍රායලය, ඉරාන රජයේ පරිණත හැසිරවීම ගැන කලකිරීමට පත්ව ඇත. දින 12 ක යුද්ධයෙන් පසු පිරිසිදු කිරීමෙන් බේරුණු මොසාඩ් නියෝජිතයන් සමූහයා තුළට රිංගා ඇත.
තත්ත්වය වෙනස් විය. ඉරාන ආරක්ෂක නිලධාරියෙකු ද මරා දමනු ලැබුවේය. කැරලිකරැවන් රජයේ ගොඩනැගිලි පවා ගිනි බත් කරයි. කෙසේ වෙතත් ජනතාව කවරක් කළත් රජය කෝපයට පත් නොවේ.
රජය කළ යුතු දේ පමණක් කරයි. මොසාඩ් නියෝජිතයන් පමණක් හරියටම අල්ලා ගනී. කුමන්ත්‍රණයක් ගැන සිහින දකිමින් සිටි ඊශ්‍රායලයට පසුබට වීම හැර වෙනත් විකල්පයක් නැත.
ඊශ්‍රායලය විසින් බටහිර මාධ්‍ය පාලනය කරනු ලබයි. ඉරාන රජය දුසිමකට අධික පිරිසක් මරා දමා ඇති බවට කටකතා පතුරුවමින් සිටී. ඔවුන් ට්‍රම්ප් ද කුපිත කරති.
සුපුරුදු පරිදි ට්‍රම්ප් අනතුරු අඟවයි. එහෙත්"ඉරානය ලිබියාව නොවේ. එහි පාවා දෙන අය හොයාගන්න අමාරුය. ඉරානය කියන්නේ “පර්ෂියානු ජාතිකයන්ගේ” පාරදීසයයි.
ඉරාන ජනතාවගෙන් යම් කොටසක් වත්මන් පාලකයින් කෙරෙහි අතෘප්තිමත් බව සත්‍යයකි. සමස්ත ඉරාන ජනතාව කෝපයෙන් ප්‍රතිචාර දැක්වූහ. නමුත් මොසාඩ් නියෝජිතයන් සහ ෂා නියෝජිතයන් හැර ඉරානයේ කිසිදු පුරවැසියෙකු ඉරානය එක්සත් ජනපදයට යටත් වීමට හෝ ඊශ්‍රායලය සමඟ සබඳතා පැවැත්වීමට කැමති නොවනු ඇත.
අලි කොමේනිගේ වයස අවුරුදු 90 කට ආසන්නය. ඔහු බලයට ඇලී සිටීමට උනන්දු නොවනු ඇත. හේතුව ඔහු දැඩි මුස්ලිම් භක්තියෙකු වීමය.
එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට යටත් නොවන නව රජයක් පිහිටුවීමට ඔවුන් මාර්ගය සකස් කළත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එමබ බලය ඉදිරියේ දරුණු ලෙස අසාර්ථක වනු ඇත.
අලි කොමේනිගෙන් පසු වෙනත් කිසිදු ඉරාන නායකයෙකු, ඔහුට වඩා පරිණත නොවනු ඇත. ඉරානයේ ආර්ථික බිඳවැටීමට ප්‍රධාන හේතුව එක්සත් ජනපද ආර්ථික සම්බාධක බව නොදන්නා කිසිවෙකුත් නැත.
ඒ සඳහා ඔවුන් ඇමරිකාවේ වහලුන් නොවේ. මන්ද ඔවුන් පර්සියානුවන්ය. දවසක ඔවුන් බටහිර රටවලටත් එක්සත් ජනපදයටත් වඩා ලෝකයේ බලවත් පාලකයන් බවට පත්වීම පිළිබඳ කිසිම සැකයක් නැත...
-අබ්දුල් සත්තාර්-
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

