මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS සම්මාන උළෙල මහත් ඉහළින් සමරයි.

ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ වාහන, අමතර කොටස් සහ අලෙවියන් පසු සේවා සපයන අයිඩියල් මෝටර්ස් සමාගමේ අලෙවි නියෝජිතයන් සහ අනිකුත් පාර්ශවකරුවන් ඇගයීමේ උත්සවයක් මහත් උත්කර්ශවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී.

Mar 23, 2026 - 14:50
 9
මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS  සම්මාන උළෙල මහත් ඉහළින් සමරයි.

මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස්


EXCELLENCE AWARDS 


සම්මාන උළෙල මහත් ඉහළින් සමරයි.

ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ වාහන, අමතර කොටස් සහ අලෙවියන් පසු සේවා සපයන අයිඩියල් මෝටර්ස් සමාගමේ අලෙවි නියෝජිතයන් සහ අනිකුත් පාර්ශවකරුවන් ඇගයීමේ උත්සවයක් මහත් උත්කර්ශවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී.

වැලිසර පිහිටි Wave n' Lake Banquet Hall & Restaurant  හිදී  මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS සම්මාන උළෙල පැවති අතර ඒ සඳහා “අයිඩියල් මෝටර්ස් සමාගමේ නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම”,  කළමනාකාර අධ්‍යක්‍ෂිකා සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඩිලානි යටවක, නීති සහ ආයතනික කටයුතු අධ්‍යක්‍ෂිකා නිමිෂා වෙල්ගම, ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම්, ඔටෝ අංශයේ ප්‍රධානී සචින් අරොල්කා, ජාත්‍යන්තර මෙහෙයුම් සහ පාරිභෝගික සේවා ප්‍රධානී මෝටර් රථ අංශය, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සෙන්තිල් සෙල්වරාජු ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ දේශීය ප්‍රධානි  සුජීත් ජයන්ත්, ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ දේශීය සේවා ප්‍රධානී ශිතම් කුන්දු යන විශේෂ ආරාධිත අමුත්තන් සහ අයිඩියල් මෝටර්ස් සමාගමේ වාණිජ වාහන අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී කසුන් ප්‍රනාන්දු, අමතර කොටස් හා සැපයුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමීර බමුණුආරච්චි, අලෙවියෙන් පසු තාක්ෂණික මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රසන්න මනම්පේරි ඇතුලු නිලදාරින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

EXCELLENCE AWARDS සම්මාන උළෙලේදී පළාත් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් හොඳම අලෙවි නියෝජිතයන් ඇගයීමට ලක්කළ අතර සම්මාන, කුසලතා සහතික මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමුණි. විවිධ අංශ යටතේ ජාතික මට්ටමින් හොඳම අලෙවි නියෝජිතයන් වශයෙන් තේරුණු තිදෙනාට තායිලන්තයේ බැංකොක් නගරයේ සංචාරයක නිරතවීමටද අවස්ථාව හිමිවිණි. ඊට අමතරව අමතරව අයිඩියල් මෝටර්ස් සමග ගනුදෙනු කරන බැංකු සහ මූල්‍ය ආයතන විශේෂ ඇගයීමට ලක්කිරීමද කැපී පෙනිණි.

එහිදී අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් සමාගමේ නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම මහතා
“2009 වසරේදී මහින්ද්‍ර සමාගම සමග ගමන ආරම්භ කරන විට ඊට පෙර සිටි සමාගම මෙරට තුළ අලෙවි කොට තිබුණේ වාහන 300ක ප්‍රමාණයක්. එයින් 150ක් පමණම විවිධ දෝෂවලට ලක්ව තිබුණා. ඒ අවස්ථාවේ ඉන්දියාවේ මව් සමාගම සමග කතාකොට එම වාහන නොමිලේ අලුත්වැඩියා කර දීමෙන් ඇරඹූ ගමන අද සිටින තත්ත්වය කරා එළඹ තිබෙනවා. වෙනත් සමාගම් පාරිභෝගිකයන්ට වාහනය අලෙවිකොට, අතට අත දීමෙන් ගනුදෙනුව අවසන් කළත් අපේ ගමන අපි පටන් ගන්නෙ  වාහනය අලෙවි කළාට පසුවයි. අපි යන්නෙ පාරිභෝගිකයත් ශක්තිමත් කරමින් අපිත් ශක්තිමත් වෙන ගමනක්.......එහෙමයි අපි අලෙවියෙන් පසු සේවාව උඩු යටිකුරු කළේ.
ඒ වගේම තමයි අපේ ප්‍රධානම ජවය මහින්ද්‍ර බොලෙරෝ රථය. එය වසර දෙකක් වැනි කාලයක් තුළ වාහන 10000කට වැඩි ප්‍රමාණයක් අලෙවි කොට තිබෙනවා. ඉතා කෙටි කාලයක් තුළ අපි බින්දුවෙන් පටන් අරගෙන වාහන ලක්‍ෂයකට වඩා අලෙවි කොට තිබෙනවා. මේක මගේ ජයග්‍රහණයක් නෙවෙයි ඊට දායකත්වය දුන් ඔබ සැමගේ ජයග්‍රහණයක්. පසුගිය සමයේ අප රට තුළ ඇතිවූ කොවිඩ් වසංගතය සහ ඉන්පසු මුහුණදීමට සිදුවූ ආර්ථික අර්බුය හමුවේ අප ආයතනය මත  විශ්වාස තබමින් අපත්  සමග රැඳී සිටි ඔබ සැමට කෘතගුණ සැලකීමට තමයි මේ සම්මාන උළෙල සංවිධානය කළේ. අපේ ජයග්‍රාහී ගමන අපි සියලුදෙනා එකතුවී, ඉදිරියටම යමු.”

මෙහිදී අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඩිලානි  යටවක මහත්මිය.
“මට අද ඉතාමත් සතුටුදායක දවසක්. මොකද මේ ආයතනයේ   වාහන, අමතර කොටස්, සේවාවන් සහ මූල්‍ය ආයතන නියෝජිතයන් එකට හමුවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. පසුගිය පස් වසර තුළ පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය වැනි සියල්ල මේ වනවිට අපි සාර්ථකව ජයගෙන තිබෙනවා.”

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම්, ඔටෝ අංශයේ ප්‍රධානී  සචින් අරොල්කා මහතා, ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් සමාගම, ආසියාවේ මහින්ද්‍ර වාහන අලෙවිය අතින් ඉහලම ස්ථානයක පසුවෙනවා. මෙවැනි උත්කර්ෂවත් සම්මාන උළෙලක් සඳහා සහභාගී වීමට ලැබීමම මගේ ජීවිතයේ ලැබූ විශාල භාග්‍යයක් ලෙස මා සලකනවා යැයි කියා සිටියේය.

මහින්ද්‍ර අයිඩියල් මෝටර්ස් EXCELLENCE AWARDS  සම්මාන උළෙල ඉදිරි වසරවලදීත්, අයිඩියල් පවුලේ උන්නතිය වෙනුවෙන් කැපවෙන සියලු දෙනාම අගයමින්, මීටත් වඩා උසස් අන්දමින් පවත්වාගෙන යෑමට දැනටමත් කටයුතු සංවිධානය කොට ඇත.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0