ශිරන්ති රාජපක්ෂට හදිසි හෘදය සැත්කමක්...

සිරිලිය සවිය ගිණුම මගින් සිදු වූ බව කියන මුදල් අක්‍රමිකතාවයකට එරෙහිව අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පවරා ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවනු ලැබුවේය... ශිරාන්ති රාජපක්ෂ මහත්මිය එම අවස්ථාවේ බන්ධනාගාරය වෙත ඉදිරිපත් කර නොතිබිණි. ඒ පිළිබඳව ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ නීතිඥ අනිල් සිල්වා අධිකරණයට පවසා සිටියේ ඊයේ 12 බන්ධනාගාරයේදී හදිසි හෘදයාබාධයකට ලක්වී ඇති බැවින් ශිරන්ති මහත්මිය හදිසියේම ජාතික රෝහලේ හෘදයා ශල්‍ය සැත්කම් ඒකකයට ඇතුළත් ඇතුලත් කර ඇති බවයි. එම හදිසි තත්ත්වය මත අද මේ වනවිට ශිරත්ති මැතිනිය වෙත විවෘත හෘදය සැත්කමක් සිදු කෙරෙමින් තිබෙන බව අනිල් සිල්වා නීතීඥවරයා අධිකරණය වෙත දන්වා සිටියේය...

Oct 13, 2026 - 13:07
 105
ශිරන්ති රාජපක්ෂට  හදිසි හෘදය සැත්කමක්...

ශිරන්ති රාජපක්ෂට 

හදිසි හෘදය සැත්කමක්...

 

ඒක සැකයි.. වහා හොයා බලන්නැයි

දිලීප පීරිස්ගෙන් නියෝගයක්...

 

 

සිරිලිය සවිය ගිණුම මගින් සිදු වූ බව කියන මුදල් අක්‍රමිකතාවයකට එරෙහිව අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පවරා ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවනු ලැබුවේය...

 

ශිරාන්ති රාජපක්ෂ මහත්මිය එම අවස්ථාවේ බන්ධනාගාරය වෙත ඉදිරිපත් කර නොතිබිණි. ඒ පිළිබඳව ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ නීතිඥ අනිල් සිල්වා අධිකරණයට පවසා සිටියේ ඊයේ 12 බන්ධනාගාරයේදී හදිසි හෘදයාබාධයකට ලක්වී ඇති බැවින් ශිරන්ති මහත්මිය හදිසියේම ජාතික රෝහලේ හෘදයා ශල්‍ය සැත්කම් ඒකකයට ඇතුළත් ඇතුලත් කර ඇති බවයි. එම හදිසි තත්ත්වය මත අද මේ වනවිට ශිරත්ති මැතිනිය වෙත විවෘත හෘදය සැත්කමක් සිදු කෙරෙමින් තිබෙන බව අනිල් සිල්වා නීතීඥවරයා අධිකරණය වෙත දන්වා සිටියේය...

 

මෙහිදී පැමිණිලි පාර්ශවයේ නියෝජනයරමින් ඉදිරිපත් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ ඊයේ හවස් වන විට හදිසි හෘදය ආබාධයක් සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් ජාතික රෝහලේ හෘදය සැත්කම් ඒකකය වෙත ශිරන්ති මහත්මිය ඉදිරිපත් කර ඇති බව තමන් දන්නා නමුත්, අද මේ කියන අන්දමින් ශල්‍යකර්මයකට බඳුන් කර ඇති බවට කිසිදු තොරතුරක් තමන් වෙත වාර්තා වී නොමැති බවයි.

 

එබැවින් එම ආරංචිය සැක සහිත බව පෙන්වා දුන් දිලීප පීරිස් මහතා විවෘත අධිකරණයේදීම බන්ධනාගාර නිලධාරීන් වෙත දන්වනු ලැබුවේ වහාම රෝහල් ආරංචි මාර්ග ඔස්සේ එවන් සැත්කමක් සිදුවන්නේ ද කියා සොයා බලා හැකි ඉක්මනින් උසාවිය වෙත කරුණු වාර්තා වූ කරන ලෙසයි.

 

එතෙක් අද දිනයේ එම නඩුකරය හවස දෙක දක්වා කල් තබන බව යනුව අධිකරණය තීන්දු කළේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0