රාජකීය රහස හෙළි කළ රජීව්ට වෙච්චි දෙයක්...
ඔන්න ඒ අස්සෙ තව ගිනි ගෙඩියක්. අහන්නකෝ මේක. දැන් අපේ ත්‍රෛනිකායක මහනායක හාමුදුරුවන් වහන්සේලා ඉන්නවනේ. කාදිනල් තුමා මේ රටේ හැමදේටම මෙච්චර උනන්දුවෙන් මැදිහත් වෙද්දි, කතා කරද්දි, ආණ්ඩුවට උදව් කරද්දී, ඒ උදව් ඇපේට තියලා තමන්ගේ වැඩ ටික ශෝක් එකට කර ගනිද්දි අපේ මහ සංඝරත්නය දම්බත් කකා බුදි කියලනේ සමහරු කියන්නේ... බෞද්ධයො නෙවෙයි. ඔය ඉන්නේ... එයාලා එහෙමනේ කියන්නේ.
රාජකීය රහස හෙළි කළ
රජීව්ට වෙච්චි දෙයක්...
මේ අල්ලපනල්ලේ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි කඩිමුඩියේ ලංකාවට ආවේ මොකද දන්නේ නෑ කියලා ඔන්න කවුරුත් කතාව.
මොන ගිනි ගෙඩියක් අරගෙනද දන්නෑලු. ඇවිල්ලා ඊයෙ ජනාධිපතිත් හම්බවෙලා. තනියමත් කතා කරලා. කණ්ඩායමක් එක්කත් කතා කරලා. කොහොමටත් මේ වෙලාවේ ඉන්දියාව ඉන්නේ බලාගෙන. ආණ්ඩුවට කොහොමද උදව් කරන්නේ? කොතනින්ද උදව් කරන්නේ. මොනවද ඕන. ඒ ඕන දේකට ඔට්ටුයි කියාගෙන ඉන්දියාව දැන් ඉන්නේ ඇම අතේ තියන්ලු...
කමක් නෑ කියමුකෝ. ඇත්ත කතාව හෙට අනිද්ද ආරංචි වෙන්නේ නැතෑ...
ඔන්න ඒ අස්සෙ තව ගිනි ගෙඩියක්. අහන්නකෝ මේක. දැන් අපේ ත්‍රෛනිකායක මහනායක හාමුදුරුවන් වහන්සේලා ඉන්නවනේ. කාදිනල් තුමා මේ රටේ හැමදේටම මෙච්චර උනන්දුවෙන් මැදිහත් වෙද්දි, කතා කරද්දි, ආණ්ඩුවට උදව් කරද්දී, ඒ උදව් ඇපේට තියලා තමන්ගේ වැඩ ටික ශෝක් එකට කර ගනිද්දි අපේ මහ සංඝරත්නය දම්බත් කකා බුදි කියලනේ සමහරු කියන්නේ... බෞද්ධයො නෙවෙයි. ඔය ඉන්නේ... එයාලා එහෙමනේ කියන්නේ.
ඇත්තටම ඒක එහෙමද.... ආහ්... එහෙමම නෑ හරිය. ඔන්න අහන්නකො පහුගිය දවස්වල වෙච්චි දෙයක්...
පහුගිය දවස්වල කොළඹ තිබිච්ච මහා සංඝ සමේලනයෙන් පස්සේ අධිකරණ ක්ෂේත්‍රයේ මේ වෙන්න යන සන්තෑසිය ගැන මහනායක හිමිවරුන්ටත් එක එක පැති වලින් කරුණු වාර්තා වෙලා තිබුණානේ ආණ්ඩුව මේ තදියමේ ව්‍යවස්ථාවත් සංශෝධනය කරන්න දත කමින් මොකටද මේ දඟලන්නේ...
උන්වහන්සේලත් මේ ගැක ටිකක් හොයලා බලලා එකතුවෙලා සාකච්ඡා කරන්න ගත්තා...
හාමුදුරුවරු විතරක් නෙවෙයිනේ. පහුගිය කාලේ ගිහියොත් ගිහිල්ලා දේශපාලඥයෝත් ගිහිල්ලා ඒක එක එක කතා උන්වහන්සේලාට කිව්වා. දැන් ඉතින් උන්නාන්සේලාව අන්දන්න සක්කරයටවත් බැරි ගානයි. කාරණාව සක්සුදක් සේ උන්වහන්සේලා දන්නවා....
ඔන්න පහුගිය දවස්වල තෛනිකායික මහානායක හාමුදුරුවරු මෙන්න මේ ගැන ලොකුකථිකාවතක් එහෙම කරලා සාකච්ඡා කරලා හොයලා බලලා ආණ්ඩුවට යම් අවවාදයක් කරන්න තීරණයක් ගත්තා.
ඔන්න ඕක අනුවනේ මීට දින ගණනාවකට කලින් තෛනිකායි මහනායක හිමිවරුන්ගේ අත්සනින් කෙලින්ම ජනාධිපතිටම ලියුමක් එවන්නේ....
මේ කරන්න යන වැඩේ හොඳ මදි. මේක කලොත් ලාංකීය සමාජයේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය මානව නිදහස අනතුරට ලක් වෙන්න පුළුවන්. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගන්න නම් මේ වැඩේ කරන්න එපා කියලා ඔන්න මෙය ලියුම මගින් මහනායක හිමිවරු ජනාධිපතිට අවවාදරලා. කමටහන් දීලා කියලා කියමුකෝ. ඒකනේ බෞද්ධ වචනේ...
හැබැයි ඉතිං ඕක ජනාධිපතිටට ඇහිලා නෑ. දැකලත් නෑ. ඒ හින්දා ඔන්න මහ නායක හාමුදුරුවන්ට ඒ ගැන ප්‍රතිචාරයක් ලැබිලා නෑලු...
ඔන්න ඕක ගැන ටිකක් විස්සෝප වුනු මහ නායක හාමුදුරුවරු ඊට පස්සේ ලියල තියෙන්න නම් ටිකක් සැරලිපියක්ලු. ඕක ගැනනේ අර මැදගම ධම්මානන්ද හාමුදුරුවෝ චුට්ටක් චුට්ටක් මාධ්‍යවලටත් කියලා තිබුනේ.
එහෙම ලියුමක් නං ලියවුනා. හැබැයි ඒක ජනාධිපතිතුමාට යැව්වද දන්නෑ කියලා... උන්වහන්සේත් ටිකක් ඇඟ බේරගෙන තමයි ඒ උත්තරේ කිව්වේ...
හැබැයි ඉතින් මහනායක හාමුදුරුවරු ඔය ලියුම ජනාධිපතිට යවලා. එක විදියකට නෙවෙයි. තුන් හතර ක්‍රමයකටමයවලා. ඉක්මනින්ම මේ ලියුම ගිහින් තියෙන්නේ වට්සැප් වලින් යවපු එක...
මොනව උනත් අනිත් අය වගේ නෙවෙයිනේ. ජනාධිපතිතුමා අනුරාධපුර තඹුත්තේගම ගොවි පුතා. අම්ම තාත්තා සිංහල බෞද්ධ මිනිස්සු. “කමින් කලර් ඊස් නෝර්ගුඩ්” කියල හිතපු ජනාධිපති ඔන්න මහනායක හිමිවරු හතර දෙනාටම දුරකථන වලින් කතා කරලා.
“අනේ අපේ හාමුදුරුවනේ කලබල වෙන්න එපා. මං එනවා ඔබ වහන්සේලා මුණගැහෙන්න. එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න. කලබල වෙලා ඔය ලියුම් මාධ්‍ය වලට එහෙම දෙන්න එපා...”
ඔහොම තමයිලු ජනාධිපතිතුමා මහනායක හාමුදුරුවරුන්ට කතා කළා කියලා කියන්නේ. ඔන්න ඒ පාර ඔයගොල්ලෝ අපෙන් අහන්න එපා, ඔයා කොහොමද ඒක දන්නේ කියලා. දැනගත්ත හැටිත් පස්සේ කියනවා...
මහ නායක හිමිවරුත් ඉතින් ජනාධිපතිගේ ඉල්ලීම් අහක දාන්නේ නැතුව සද්ද වහලා ඉඳලා. හැබැයි ඉතින් ජනාධිපති පොරොන්දු වුනානේ හම්බෙන්න එනවා කියලා. විශේෂයෙන්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරු ඔන්න එනකම් බලා ඉඳලා. රටේ ජනාධිපති මේ විදිහට එනවා කියන්නේ වෙනම කලර් එකක් නේ. හරි නේ... බලන් ඉන්න ඕන නේ....
හැබැයි ඉතින් ජනාධිපතිගේ පණිවිඩයේ අරගෙන පලතුරු වට්ටියකුත් කරේ තියාගෙන කවුද දන්නවද ගිහින් තියෙන්නේ. අධිකරණ ඇමැති හර්ශන නානායක්කාර. ඒ විතරක් නම් බැරියැ. අර කිසිම ප්‍රශ්නයක් දනිස්සෙන් උඩට ගන්නේ නැති මනුස්සයත් ගිහින්. ඔව් ඔව්. නලින්ද ජයතිස්ස තමයි.
ඒ දෙන්නා ගිහිල්ලා ජනාධිපතිතුමාගේ පණිවිඩයේ අරගෙන මහනායක හිමිවරු දැනුවත් කරාට ඉතින් වැඩේ අවුල්...
දැන් ඕගොල්ලන්ට ඉතින් මේක අපි දැනගත්තේ කොහොමද කියලා දැනගන්ඩ ඕනනේ. ඒකත් කියන්නම්...
ඔන්න ඔය නල්ල මලේ ඇමතිවරු දෙන්න ගිහිල්ලා මහනායක හිමිවරු දෙනම මහනුවරදි හමුවෙලා ආවට පස්සේ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු නිලධාරීන් කීපදෙනෙක් ඔතෙන්ට ගිහින් තියෙන්නේ.
මහා නායක හිමිවරු තමන්ගේ තියන කලකිරීම ඔතන කියල නෙවෙයි කියවිලා. කියවිලා කියල ලියාගන්න. කියවිලා... කියවිලා...
රජීව්ට කිව්වා කියන්නේ ඕක ඉතින් පත්තරේ දැම්මට හපන්නේ. ඊට හපන් එයත් එක්ක ගිය අනිත් අය.
ඔන්න දැන් මේ ආරංචිය එකසිය ගානට වටේටම යනවා. අන්තිමේ ජනාධිපති සද්ද නැතුව කරන්න ගියපු වැඩේ වකූර්ලු.
අධිකරණ අල කලංචියට විරෝධය පාලා මහනායක හිමිවරු නිකුත් කරපු ලියුම්වලට ජනාධිපති සද්දයක් නෑ කියන ආරංචිය ඔන්න තටු ලැබිලා වගේ ගියේ නැද්ද රට වටේම. දැන් ඉතින් හරිනේ...
මහනායක හිමිවරු මොනවා වුණත් රහසිගතව තියාගෙන හිටපු ආරංචිය ඊට පස්සේ රට පුරාම ප්‍රචාරය වුණේ රජීව් ගියාට පස්සෙනේ. රජීව් ඔය කතාව රහසක් විදිහට රකින්න ගියේ නෑ. එන එන අතට බෝලෙට ගහනවා වගේ එන ප්‍රශ්නෙට ඔන්න ඕකත් එක්ක උත්තර දීලා ඇරියේ නැද්ද...
දැන් බලන්නකෝ ඊට පස්සේ රජීව්ට වෙච්චි දේ... දැක්කෙ නැද්ද කට්ටිය එකතු වෙලා ශෝෂල් මීඩියා එක ඇතුලේ රජෙව්ව නැති කරලා දානවා. එහෙම තමයි අපේ කට්ටිය. අපිට වැරැද්දක් කළොත් අපි නිකන් ඉන්නෙත් නෑ. අරින්නෙත් නෑ.
ඔහෙත් දකුණේ? අපිත් දකුණේ හරිය. ඔන්න ඔහොමයි මේ දවස්වල social media එකේ රජීව්ට මේ ආණ්ඩුවට පක්ෂපාත පොරවල් පාරේ ගහගන්න කතා කරනවා කියන්නේ...
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

