නව හමුදාපති වැඩ ආරම්භ කරයි..!
මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද (07) දින හම්බන්තොට 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරන්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
නව හමුදාපති
වැඩ ආරම්භ කරයි..!

සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ, කෘත්‍රිම පාද නඩත්තු සේවා, චර්ම රෝග සහ දන්ත සායන, අක්ෂි සායනයක් මෙන්ම පෝෂණ උපදේශන සායනයක් ඇතුළු තවත් සත්කාරක සේවා රැසකින් වෛද්‍ය සායනය සමන්විත විය.
මෙම වැඩසටහන අතරතුර, ආබාධිත රණවිරුවන්ගේ ගමනාගමන පහසුව සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රෝද පුටු, කිහිලිකරු සහ වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දෙන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින් මෙන්ම වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය, පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය, නීති සේවා, මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්ෂ මණ්ඩලය, සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය, රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගිවන මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් සහභාගී වී සිටියහ.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0