විපක්ෂයේ social media මොනාක් එකේ කරපු දේ...

මේ දවස්වල රටේ දේශපාලන කරලියේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම කාර්යභාරයක් කරන්නේ ශෝෂල් මීඩියා කිව්වට වරදක් නෑ. ආණ්ඩුව පැත්තෙන් ගත්තත් විපක්ෂය පැත්තෙන් ගත්තත් ඔය කාරණාව බොරුවක් නෙවෙයි. දැං ඔය දෙපැත්තටම මදි නොකියන්න සෝෂල් මීඩියා බලවේග ඉන්නවනේ. දේශපාලනඥයෝ පුද්ගලිකවත් ඕව නඩත්තු කරන බව අපි දන්නවා.

Aug 16, 2026 - 17:21
 64
විපක්ෂයේ social media  මොනාක් එකේ කරපු දේ...


විපක්ෂයේ social media 

මොනාක් එකේ කරපු දේ...

22 සංශෝධනයට විපක්ෂයේ

උත්තරයත් කතාවෙලා...


මේ දවස්වල රටේ දේශපාලන කරලියේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම කාර්යභාරයක් කරන්නේ ශෝෂල් මීඩියා කිව්වට වරදක් නෑ. ආණ්ඩුව පැත්තෙන් ගත්තත් විපක්ෂය පැත්තෙන් ගත්තත් ඔය කාරණාව බොරුවක් නෙවෙයි.  දැං ඔය දෙපැත්තටම මදි නොකියන්න සෝෂල් මීඩියා බලවේග ඉන්නවනේ.  දේශපාලනඥයෝ පුද්ගලිකවත් ඕව නඩත්තු කරන බව අපි දන්නවා.


ඔන්න ඔය විදියට රටේ ලොකු මෙහෙවරක් කරන සෝෂල් මීඩියා ටික එකතු කරලා 11 වෙනිදා රාත්‍රියේ තලවතුගොඩ මොනැක් ඉම්පීරියල් හෝටලයේ 30 වන ශාලාවේ පුංචි පාටියක්. කවුරු මේක ලෑස්ති කළාද දන්නෙ නෑ. හැබැයි ඉතින් මේ පාටිය ඇතුලෙ ඔක්කොම වගේ හිටියේ ආණ්ඩුව පැත්තට විරුද්ධ පැත්තෙ අය කිව්වොත් වරදක් නෑ...


සේපාල් අමරසිංහලා චරිත අබේසිංහලා අබීත එදිරිසිංහලා ඉරාජ්ලා වගේ නම්වලින් විතරක් නෙවෙයි,  මහසෝනලා රීරි යකාලා වගේ ඔය ගොඩක් එක එක බහුබූත නම් දාගෙනත් කට්ටිය සෝෂල් මීඩියා චැනල් කරනවනේ. අන්න ඒ ඔක්කොම අපි දන්න කොල්ලෝ ටික ඕක ඇතුලෙ පැක් වෙලා හිටියා.


මේක ඉතින් ආරම්භ වුණේ පොඩි දේශපාලන සාකච්ඡාවක මුහුණුවරකින්. මෙතන මුලසුන කවුද කියල පැහැදිලි නැතත් ඉස්සෙල්ලම කතාව කලේ නම් සාගර කාරියවසම්. ඊළඟට හර්ෂණ රාජකරුණා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ සෙට් එකකුත් ඔතන බැහැලා හිටියා. ඒ අස්සේ රනිල්ගේ මාධ්‍ය ලේකම්වරු වන දිනිිත් චින්තක, ශානුක කරුණාරත්න, වගේම එතන දුවලා පැනලා වැඩ කරන අපේ මිත්‍රයා බිනෝයි හෙට්ටියආරච්චිත් ඇවිත්...


සාගරගේ පටන් ගැම්මෙන් පස්සෙ ඔතන ප්‍රකට නීතිවේදියෙක් සාරවත් දේශනයක් කරා. බොහොම ෂෝට් ඇන්ඩ් ස්විච්. සංජීව නේද නම. ඉතුරු කෑල්ල මතක නෑ. අධිකරණ ක්ෂේත්‍රය අද මුහුණ දීලා තියෙන තත්ත්වයේ සැබෑ මුහුණුවර ඔහු ඔන්න මාධ්‍යවලට වටහලා දුන්නා....


අරලු බුලු නෙල්ලි අඩුපාඩු කිර කිර දුන්නේ උදය ගම්මන්පිල. පොඩි පොඩි අදහස් දැක්වීම් හැරුණු විට විමල් වුනත් දේශන පවත්වන්න ගියේ නෑ. . අන්තිමට චුට්ටක් වෙලා මේ කට්ටිය එකතු වෙලා කතා බහ කරලා ඔන්න මේසෙ විවෘත කරේ කට්ටියට කන්න සහ බොන්න. ෂෝෂල් මීඩියා කියන්නේ ඉතින් කන්න බොන්න බැරි පුතයලා නෙවෙයිනේ. ඇති පදන් බඩු තිබුණයි කියන්නේ.  ඉතින් කට්ටිය ගානට  චුට්ට චුට්ට දාගනිමින් උණුසුම් වෙමින් කතාව...


සාගර විස්තර කළේ එයාගේ පහුගිය මෑත කාලීන අත්දැකීම් ටික... අනේ අපිටත් වෙච්චි දෙයක් කියලා ඔහු ඔන්න ඔය ටික මාධ්‍යවේදීන්ට ලස්සනට පැහැදිලි කරනකොට අපි දැක්කේ අනිත් පැත්තෙන් ම පට්ට දුකක් විඳපු කොල්ලා අපේ නළුවා චරිත් අබේසිංහ....  චරිත්ගේ ළඟට ගිහිල්ලා මාධ්‍යකාරයෝ විහිළුවට වගේ... මචං උඹත් එහෙනං කෝටිපතියෙක් වුණා නේදැයි, විස්තර අහන්න ගත්තා...


සාක්කුවේ සල්ලි නැති උනාට මං කවදත් හදවතින් එහෙම තමයි මචං කියල ඔන්න කොල්ලත් කතාවට කෑමට බීමට ඔක්කොටම එන්ටර්....


 හැබැයි චරිත්ට පොඩි හිතේ අමාරුවකුත් තිබිලා. ඒක මතු කරලා ගත්තෙ නම් ඔතන හිටපු මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙක්.


“දැන් බලපන් මචන් හෙටත් සුගීශ්වරගෙ නඩුවක්. සුවිශ්වර වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයම ඔය නඩුවට මහන්සි වෙනවා. වියදනුත් කරනවා. හැබැයි මචං උඹලගෙ පක්ෂයේ ලොක්කෝ උඹ ගැන බැලුවෙම නෑ. , උඹ ගැන මුල්ම ආරංචිය එනකොට ඒගොල්ල එකපාරටම කළේ හෙන ගගහා වහින දවසකට ගෙවල්වල තියෙන යකඩ කෑලි එළියට දානවා වගේ කැත නැතුව උඹව එළියට දාපු එක. ඒ වැඩේ නම් අන්තිම කැතයි...”


චරිත් ඕකට අහක බලාගෙන හිනා වුනා ඇරුනම උත්තර දෙන්න ගියේ නැහැ... මොනව උණත් ඒ අතින් සුගීශ්වරයා  වාසනාවන්තයි කියලා ඔහු නිහඬ වුණා....


“සුගීශ්වරයට හෙටවත් ඇප දෙයිද බං....”


“මං නං හිතන්නෑ...  හෙට වෙනකොට අරගොල්ලො අලුත් චෝදනාවක් ගෙනල්ලා උසාවිය ඇතුලේ කියයි... ඒගොල්ලන්ගේ විදිය . මොකක් හරි කේස් එකක් හැමදාම එළියට දදා කියනවා ඇප දෙන්න බෑ කියලා.  ඇයි ඉතින් ඇප දීලා සුගියා එළියට ආවොත් ඊට පහුවදා ඉදලා ඒකාබද්ධ විපක්ෂයේ ෆෝම් කරගෙන තල්ලු කරගෙන වැඩ කරනවනේ...  මේ වෙලාවෙ සුගියා නැති එක ඔය අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රශ්නෙට ලොකු පාඩුවක්.... ඉන්නයි තිබුණේ...” ඔන්න ඔහොමලු ඔතන කතා වුනේ...


 ඒ අතරේ දිනිති චින්තක ඉන්න තැනට ආපු විමල් වීරවංශ එයාගේ කරට අත තියාගෙන පොඩි ප්‍රශ්නයක් මතු කරලා...


“මෙතන එනවා කියල තිබුණේ social media  ජර්නලිස්ට්ලනේ... පත්තර කාරයෝ මොනවද මෙතන කරන්නේ?...”


“social media වලට දැන් සීමාවක් නෑනේ. පත්තර කාරයොත් දැන් ශෝෂල් මීඩියා වලට බැහැලා.  ඔයත් සෝෂල් මීඩියා ක්‍රියාකාරිකයෙක් තමයි...” හීනියට ඇඟට පතට නොදැනී දිනිිත් ඔන්න ඔය ටික කියනකොට එතන හිටපු අය කිව්වේ... “ඒ කතාවත් ඇත්ත නේන්නං... ඒකනේ ඒවට සෝෂල් මීඩියා කියලා කියන්නේ...” කියලායි....

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0