ජනාධිපති හමුවේදී රජීව් පසුබැස්සාද..?
social media එකේ හුඟක් අය මේ සාකච්ඡාව අර්ථ දක්වලා තිබුණේ ජනාධිපතිවරයාට ඉතාමත් වාසිදායක ලෙස මේ 24 දෙනාගේ සාකච්ඡාව අවසන් වුණා කියලා. පට්ට ලෝයර්ස්ලා විසි හතරම පරාදයි. ජනාධිපති වැඩ්ඩා. තනියම දිනුම්... ඔබ එහෙනම් පරාජිතයාද.... ඔන්න ඕක තමයි නාමිනී මේහිදී මුලින්ම අහපු ප්‍රශ්නේ...
ජනාධිපති හමුවේදී
රජීව් පසුබැස්සාද..?
ජනාධිපති කාර්යාලයේ තිබුණු නීතිඥ සංගමයත් ජනාධිපතිත් අතර සාකච්ඡාවෙන් පස්සේ රජීව් අමරසූරියටත් නිවනක් නෑ. එයාටත් ඉතින් ඉවරයක් නැති සාකච්ඡාවලට ඇරයුම්ම තමයි.
හැබැයි නිහතමානීකම කියන්නේ ඉඩක් තියෙන හැම වෙලාවකම රජීව් ඒ වගේ ලොකු පුංචි කියලත් බලන්නැතුව කාට කාටත් සාකච්ඡාවලට අවස්ථා දීලා තිබුණා... ඇරත් ඉතින් මේ වෙලාවේ තමන්ගේ මතය එළියට යන එක මාරයිනේ...
ඒ අනුව රජීව් නියෝන් එකේ “ලිබරල් විත් නාමිණි” කියන යූ ටියුබ් සාකච්ඡාවටත් ඇවිල්ලා. ඒක හරි ලස්සන සාකච්ඡාවක් කියන්නේ එක පැත්තකින් නාමිනී ප්‍රස්න අහන ප්‍රසන්න විලාසය. අනිත් පැත්තෙන් ඉතාමත්ම ප්‍රියමනාපව තැන්පත්ව තර්කාන්විතව රජීව් ඒ ප්‍රශ්නවලට උත්තර දෙන විලාසය...
social media එකේ හුඟක් අය මේ සාකච්ඡාව අර්ථ දක්වලා තිබුණේ ජනාධිපතිවරයාට ඉතාමත් වාසිදායක ලෙස මේ 24 දෙනාගේ සාකච්ඡාව අවසන් වුණා කියලා. පට්ට ලෝයර්ස්ලා විසි හතරම පරාදයි. ජනාධිපති වැඩ්ඩා. තනියම දිනුම්... ඔබ එහෙනම් පරාජිතයාද.... ඔන්න ඕක තමයි නාමිනී මේහිදී මුලින්ම අහපු ප්‍රශ්නේ...
කිසිසේත්ම නෑ කියා රජීව් නම් ඒ අදහස ප්‍රතික්ෂේප කළා. ජනාධිපති කාලයක් ඉඳලම අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණයේ නිදහස යුක්තිය සාධාරණත්වය ගැන කතාබහ කරපු, තර්ක විතර්ක කරපු කෙනෙක් හැටියට මේ වෙලාවේ වරදක් නොකරයි කියල බලාපොරොත්තු වෙන බව කියමින් රජීව් ඔන්න ඕකෙදි කතා බහ පටන් ගත්තා...
පද්ධතිය වැඩිදියුණු කරන්න ජනාධිපතිවරයාට තිබෙන “අවශ්‍යතාවය” නීතිඥ සංගමයේත් දැඩි “උවමනාව” බව පෙන්නලා දුන්නත් රජීව් කිව්වේ විනිශ්චයකාර තුමාලාගේ ධූර කාලය දීර්ඝ කිරීම අද තියෙන ප්‍රශ්නයට නිසි විසඳුම නොවන බව.
මොකද රජීව් කියන්නේ “එතන ප්‍රශ්නය තියෙන්නේ එක තැනක. හැබැයි උත්තරය තියෙන්නේ තව තැනක” කියලා...
ඔන්න ඒ අස්සෙ නාමිනී වෘත්තීමය ප්‍රශ්නයක් අහනවා. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා එකොලොස් ලක්ෂයක් තිබෙන මේ මහා නඩු සංඛ්‍යාව විසඳෙන එකට නීතිඥ සංගමය අකමැති ආදායම් අහිමිවීමක් නිසාද කියලත් නාමිනී අහලා. නඩු තියනකොට නේ ලොයර්ස්ලගේ ආදායම සරු. ඉතින් නඩු නැතිවීම ලෝයර්ස්ලට ප්‍රශ්නයක්...
ඔය ප්‍රශ්නය එහෙම් පිටින්ම ප්‍රතික්ෂේප කළ රජීව් ලෝයර්ස්ලට එහෙම ලංකාවේ නඩුවල හිඟයක් ප්‍රශ්නයක් නැති බව වෙන පැත්තකින් පෙන්නලා දුන්නා.
ඒ අස්සේ ඔන්න රජීව් අහනවා නාමිනිගෙන් විශාම වයස දීර්ග කළ පලියට කොහොමද ඉක්මනට නඩු අහලා ඉවර වෙන්නේ කියලත්... නාමිනී නම් ඒකට කොර...
අනිත් පැත්තෙන් රජීව් කිව්වේ මේ විසඳුම තුළින් නඩුකාරයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුළ කිසිලෙසකත් නඩු ඉක්මනින් ඉවර වෙන්නේ නැති බව...
බලමු අපි ඔහු එහෙම කියන්නේ ඇයි කියලා. නාමිණිගෙ ප්‍රශ්නෙට උත්තර දෙමින් ඔන්න ඔහු ගත්තා අපූරු උදාහරණයක්...
“ඔය තියෙන නඩුවලින් නඩු ලක්ෂ හතක් අටක්, ඒ කිව්වේ ප්‍රතිශතයක් විදියට නඩු 72%ක් තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ. නඩුවලින් 22%ක් තියෙන්නේ දිස්ත්‍රික් උසාවි වල. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය තියෙන්නේ නඩු බින්දුවයි දශම හතරයි අටයි. 0.48%.”
ඉතින් කොහොමද නඩු විසඳෙන්නේ කියන එක රජීව් මෙන්න මෙහෙමත් ප්‍රශ්න කරනවා...
“ඔන්න දැන් පිටිසර බද උසාවියක් ගන්න. අපි හිතමු වැලිමඩ මහේස්ත්‍රාත් උසාවිය කියලා. පැත්තටම තියෙන්නේ ඒක උසාවියයි. නඩු තියනවා බර ගානක්. ඔය උසාවියේ නඩුකාරවරයා හැටියට ඉන්න තරුණ මහේස්ත්‍රාත්තුමාගේ දූර කාලය අවුරුදු දෙකකින් දීර්ඝ උනා කියලා එයා අහන නඩුවට තියෙන බලපෑම මොකක්ද. නඩුව ඉක්මන් කිරීමට තියෙන උත්තේජනය මොකක්ද.”
“පද්ධතිය දියුණු වෙන්නේ නැතුව නඩුකාරයාගේ විශ්‍රාම යන වයස විතරක් දීර්ඝ උනාට උසාවියේ නඩුවලට ඒකෙන් තියෙන බලපෑම මට නම් තේරෙන්නෙ නෑ...”
ඒකනං ඉතින් උත්තර දෙන්න අසීරු ප්‍රශ්නයක් තමයි. ඔහු අර විදියටම සුපුරුදු වේගයෙන් නඩු අහයි කියන එක තමයි රජීව්ගේ තර්කය..
නඩු ඇසීම වේගවත් කිරීමට නම් නඩුකාරයින්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට වඩා ප්‍රමුඛත්වය දී කළ යුතු බොහෝ දේවල් රජීව් හෙලිකළා...
නඩු වලින් සියයට පනහකටත් වඩා හේතුව රස පරීක්ෂක වාර්තා හිඟකම නම් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තදබදය අඩු කිරීමට සේවක සංඛ්‍යාව වැඩි කිරීම, ඉහළ තාක්ෂණය භාවිත කිරීම, කාරයක්ෂමතාව නැංවීම, වැනි පද්ධතිය ඉහළ නැංවීම් වලට අමතරව අවශ්‍ය නම් එම ආයතනයේ විශ්‍රාම යන අයගේ වයස් සීමාව අවුරුදු 60 සිට 65 දක්වා වැඩි කිරීමත් ප්‍රමුඛත්වය දිය යුතු කාරණාවක් විදියට රජීව් දැක්කා...
“පොලිස් නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා නම් බදවා ගන්නවාට අමතරව පොලිස් නිලධාරීන් විශ්‍රාම යන වයස වැඩි කරන්න. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක් තියෙනවා නම් එතන අයගේත් විශ්‍රාම යන වයස වැඩි කරන්න. අල්ලස් කොමිසමෙත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලන්ගෙත් විශ්‍රාමව යන වයස වැඩි කරන්න. සේවක සංඛ්‍යාව වැඩි කරන්න. එහෙම නොකර උත්තරේ කෙලින්ම විනිශ්චකාරවරුන්ට දීම තුළ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නෑ...” කියලා තමයි අමරසූරිය කැට තියලා කිව්වේ... කැට තියලා...
ඔන්න ඒ පාර නාමිනී ඉන්දියාව ගැනත් අහනවා. ඉන්දියාවෙ අග විනිසුරුවරු පත් කිරීම ගැනත් ඔන්න ප්‍රශ්නයක්...
රජීවිට ඉන්දියාවෙ අග විනිසුරුවරු සම්බන්ධයෙන් ඉහළ ඇසුරක්, අත්දැකීම් රැසක් නැතුව නෙවෙයිනේ. ඔන්න ඔහු ඉන්දියාවේ තත්ත්වය කියනවා...
“ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාජිකයින් පත් කිරීම ඔවුන්ගේ උසස් වීම් අගවිනිසුරු පත් කිරීම වගේ කාරණා සම්බන්ධයෙන් අපේ රටේ තියෙන නීති රීති කලින් කලට වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඉන්දියාවේ එහෙම නෑ. අගවිනිසුරු පත් කිරීමට ඉන්දියාවේ දේශපාලන අතපෙවීම කොහොමවත් නෑ. අගවිනිසුරු පත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වෙනකොට ඉන්න ඉහළම ජේෂ්ඨයා.
ඊළඟට පත්වෙන්න ඉන්න අග විනිසුරුවරු කවුද කියලා අපට මෙහේ ඉඳලා උනත් කියන්න පුළුවන් ක්‍රමවේදයක් එතන තියෙනවා..
දැන් මට කියන්න පුළුවන් ඉන්දියාවේ ඊළඟ අගවිනිසුරු. ඒ වගේ ඉන්දියාවේ ක්‍රමවේදයක් තියනවා. ඒක අපිට වඩා බොහොම දියුණුයි. විනිවිද පෙනෙනවා වගේම ඉහළයි....
ඔන්න ඔය වගේ වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් වුණ මේ හෙළිදරව්වත් 12 වෙනිදා කෙරුණු, බොහෝ දෙනකුගේ කතාබහට ලක් වුණු ඉහළ පෙලේ සිද්ධියක් විදියට තමයි අපි දැක්කේ...
අන්තිමේ බලනකොට මොකද දන්නවද වෙලා තියෙන්නේ. ගේම් එක ගහලා තියෙන්නෙ ජනාධිපති මාධ්‍යය ඒකකයලු... මේ සාකච්ඡාවේ සංවාදයට නීතිඥවරු විසිහතර දෙනා එකතු කරපු ඉතා වැදගත් කරුණු කාරණා කිසිවක් ඔවුන් ප්‍රසිද්ධ කරන්න කටයුතු කරලත් නෑ... මාධ්‍යවලට යවලත් නෑ...
ජනාධිපති වීරයෙක් කරලා එළියට පේන්න ජනාධිපතිගේ සාකච්ඡාව හරිම ලස්සනට හදල කපල කොටලා ඔක්කොම කරලා එළියට දාල ප්‍රසිද්ධත් කළා... කෝ එතකොට අනිත් එක. අනිත් කට්ටිය බණ අහනව වගේ ජනාධිපතිගේ කතාව විතරක් අහලාද ඇවිත් තියෙන්නේ... එයාලා කතා කරලාම නැද්ද...
“ජනාධිපති වීරයා වගේ කතා කළාට ජනාධිපතිට කලින් පද්ධතිය දියුණු කරන හැටි ඔතන කිව්වේ මමනේ” කියලා තමයි සාකච්ඡාවේදී රජීව් අමරසූරිය පෙන්නල දුන්නේ..
හැබැයි ඉතින් ඒ ටික කවුරුවත් දැකලා නැහැනේ. නීතීඥයෝ ඇවිල්ල එළියෙ කියපු කාරණා වලට අමතරව එතන වෙච්ච දේ ඔන්න ජනාධිපති මාධ්‍ය ඒකකය හංගල කියල තමයි සමහර මාධ්‍ය චෝදනා කරන්නේ....
එහෙම බලනකොට ඉතින් ඇත්තටම කවුද දිනල තියෙන්නෙ... ජනාධිපති මාධ්‍ය ඒකකයේ විසින් පුම්බල උඩ ඇරපු සරුංගලේ ද. එහෙම නැත්තං නූල කඩල පාවෙලා අයාලේ යන්න ඇරපු සරුංගලේ ද....
ප්‍රශ්නයට උත්තරේ විවෘතයි...
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

