තාත්තා ගැන පරීක්ෂණ ‍ඕන... උවිදුගෙන් ජනපතිට සැර ලිපියක්...

රෝහණ විජේවීරගේ පුතා උවිදු විජේවීර දේශපාලනය කරන්නෙ කාත් එක්කද කියලා බොහෝ දෙනා හොයනවා. සමහරු කියන්නේ නාමල්ට බරයිලු. උවිදු නම් ඒක බැහැර කරනවා. සමහරු නම් කියන්නේ ජනතා විමුක්තිය පෙරමුණේ අනුර කුමාර දිසානායකලත් එක්ක එකතුවුනා නං මිනිහටත් මාර ගමනක් තියෙයි කියලා. අපට මතකයි ඒ ප්‍රශ්නය එකපාරක් මාධ්‍යවේදියෙක් උවිඳුගෙන් ඇහුවා....

Aug 16, 2026 - 17:02
 60
තාත්තා ගැන පරීක්ෂණ ‍ඕන...  උවිදුගෙන් ජනපතිට සැර ලිපියක්...


තාත්තා ගැන පරීක්ෂණ ‍ඕන...

උවිදුගෙන් ජනපතිට සැර ලිපියක්...


විජේවීරගේ පුතා උවිදු

තාත්තා වෙනුවෙන් ගියපු ගමනක්...

රෝහණ විජේවීරගේ පුතා උවිදු විජේවීර දේශපාලනය කරන්නෙ කාත් එක්කද කියලා බොහෝ දෙනා හොයනවා. සමහරු කියන්නේ නාමල්ට බරයිලු. උවිදු නම් ඒක බැහැර කරනවා. සමහරු නම් කියන්නේ ජනතා විමුක්තිය පෙරමුණේ අනුර කුමාර දිසානායකලත් එක්ක එකතුවුනා නං මිනිහටත් මාර ගමනක් තියෙයි කියලා. අපට මතකයි ඒ ප්‍රශ්නය එකපාරක් මාධ්‍යවේදියෙක් උවිඳුගෙන් ඇහුවා....

උවිදු හයියෙන් හිනාවෙලා ඒ කතාව ප්‍රතික්ෂේප කළා... ඒකට හේතුව මොකක්ද කියල නං එදා උවිදු කිව්වේ නෑ. හැබැයි අර හිනාව ඇතුලෙ නං යම් යම් උත්තර තිබුණු බව පෙනුනා. පිස්සුද ඒ වැඩේ හරියන්නෙ නෑ වගේ එකක්...

 
ඔන්න අහන්නකෝ ඊයේ පෙරේදා වෙච්ච තව කතාවක්... පහුදිය දවසක උවිදු විජේවීර ජනාධිපති හම්බවෙන්න ජනාධිපති කාර්යාලයට ගිහින්. හමුවෙලා නං නෑලු.  හමුවෙන්න තදබල වුවමනාවක් තිබිලත් නෑ. එයාට උවමනා වෙලා තියෙන්නේ ජනාධිපති කාර්යාලයට, ජනාධිපති ලේකම්ට විශේෂ සංදේශයක් බාර දෙන්න....

 
සිය පියාද ඇතුළුව 88-89 කාලයේදී මරා දැමුණු සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිට සංදේශයක් බාර දෙන්න. උවිදු ඔන්න ඔය සංදේශය නම් භාරදීලා...

 
බලාගෙන යනකොට උවිදුගේ තර්කය වැරදියි ද කියන්නකෝ. පාස්කු වින්දිතයෝ ගැන සාධාරණයක් ඉටු කරන්න කියල කාදිනල් තුමා ඇතුළු රටේ කතෝලික ජනතාව ඉල්ලනවා. පෙහොට්ටුව ඇරුනාම අනිත් හැමෝම ඒකෙන් දොශපාලන වාසිත් ගත්තේ. ගැන පරීක්ෂණයක් කෙරෙමින්, යම් යම් අය දඬුවමුත් විඳිනවා. මහ නඩුව තවම ඇහෙනවා. ඒ නඩුව හින්දම ඔන්න ශ්‍රේෂ්ඨාධිකරණයේයි අභියාචනාධිකරණයේයි පුරප්පාඩු පුරවන්න විදියක් නෑ කියලාත් ජනාධිපතිත් කියනවා .

 
අනිත් පැත්තෙන්  චෙන්මිනි මිනීවල හාරනවා. ඒ වින්දිතයින්ගේ අයිතිවාසිකම් ගැන හොයනවා. තාජුඩින් වෙනුවෙන් පරීක්ෂණයක් කරනවා. බටලන්දේ වින්දිතයෝ ගැනත් හැමෝම කතා කරනවා. පරීක්ෂණ කෙරෙනවා. එතකොට එක්නැලිගොඩ.... හා... උතුරු නැගෙනහිර යුද්ධයෙන් අතුරුදහන් වූවන් ගැනත් හොයනවා.  පරීක්ෂණ සිද්ධ වෙනවා. මානව හිමිකම් ගැන කතාවෙනවා.

 
එතකොට දෙවියනේ එහෙව් පරීක්ෂණත් කරන රටේ, අද ආණ්ඩු බලය හොබවන නායකයාගේ හා කණ්ඩායමේ  පක්ෂය වන  ජනතා විමුක්ති පෙරමුණ කියන බලවේගයේ නිර්මාතෘවරයා වන රෝහණ විජේවීර ඇතුළු හැටදාහක් මේ රටේ තරුණ තරුණියෝ මරා දාපු එක ගැන පරීක්ෂණයක් නැද්ද.... ඒක කෙරෙන්න ඕනෙ නැද්ද....

 
අනිත් ඒවා ඔක්කොම ගැන කතා කරන රට ඇයි මේ ගැන විතරක් නිහඩ... නෑ මේ ගැන විතරක් නෙවෙයි. අර ජනාධිපති කෙනෙක් යටත් වෙන්න කියලා “ලේ අරගෙන රොඩු වගේ මරලා දාපු” පොලිස් නිලධාරීන් 500කගේ අයිතිවාසිකම් ගැනත් කතා නෑ.  අරන්තලාවේ මියගිය හාමුදුරුවරුන්ගේ වින්දිතයින්ටත් අයිතිවාසිකම් නෑ.  දළදා මාලිගාවේ ප්‍රහාරයෙන් මියගිය අය ගැනත් මීක් නෑ. සිරි මහා බෝධිය වටේ මරාදාපු සිය ගානක් බෞද්ධයෝ ගැනත් වගේ වගක් නෑ. එතකොට කොළඹ ඩී එස් එකේ බේස්බෝල් කණ්ඩායම කොටුව ඉස්ටේෂමේ බෝම්බෙන් මැරුණේ. ඒ අය ජාතියේ දරු පරපුර‍ට අයිති නැද්ද. ‍ප්‍රශ්නය ඒ අය බෞද්ධ වීමද. ඒ අම්මලා තාත්තලා ඒ දරුවො වෙනුවෙන් මානව හිමිකම් නොඉල්ලන්න හේතුව මොකක්ද? පාස්කු සිද්දියෙන් මියගිය දරුවො විතරද දරුවො. ඒ වගේ අමතකව ගිය සමුහ ඝාතන රටේ තව කොච්චරද...  ඒ සම්බන්ධයෙනුත් මානව හිමිකම් ප්‍රශ්න තියෙනවා තමයි.

 
දැන් බලමු මේක...

 
විජේවීර අත්අඩංගුවට ගත්තෙ කවුද කියලා රටම දන්නවා. ඒ කොහොමද කියල රට බලාගෙන ඉඳල තියෙනවා.  කොහේවත් උසාවියක ඒ ගැන නඩු ඇහුවෙ නෑ කියලා පැහැදිලියි. හැබැයි  ඒ පුද්ගලයවත් අමු අමුවේ බොරැල්ලේ කනත්තට ගෙනිහින් වෙඩි තියලා පණපිටින් පෝරනුවට දාපු එක ගැන සාක්ෂිත් තියෙනවා. ඒක කලේ කවුද කියල සාක්ෂිකරුවොත් කියනවා. අර ඉන්ද්‍රා නන්ද සිල්වලා වගේ ඇහින් දැකපු අය ඉන්නේ... එතකොට එහෙම සිද්ධියක් ගැන පරීක්ෂණ උවමනා නැද්ද...  පරීක්ෂණ ඕන පාස්කු වින්ඳතයන්ට විතරද. ඒ දරු පවුල්වලට පරීක්ෂණ අවශ්‍ය නැද්ද...

 
ඔන්න ඉතින් කතා කරනවානම් ප්‍රශ්න... ඒ ගැන පරීක්ෂණ කිසිවක් නැති වුනාට රෝහණ විජේවීරගෙ පවුල වෙනුවෙන් එදා ඉදල මේ දක්වා ආණ්ඩුව ජනතා බදු මුදලින් වියදම් කරපු මුදල මෙච්චරයි කියලා පහුගිය දවසක පාර්ලිමේන්තුවේදිත් ප්‍රශ්න කරනවා කවුරුත් දැක්කා. ඇයි ජනතා බදු මුදලින් ත්‍රස්තවාදී නායකයෙකුගේ පවුලක් නඩත්තු කරන්න මෙච්චර වියදම් කරන්නේ කියලා... 

 

ඒක අහනකොට උවිඳුටත් මෙහෙම හිතෙන්න ඇති... හරි... එහෙනම් අපි මේ ඔක්කොම නීතියටම කරමු. පාස්කු වින්දිතයින්ට, චෙම්බිණි මිලිවලේ වින්දිතයින්ට, තාජුඩීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන අයට, එක්නැලිගොඩගේ අයිතිය ගැන හිතන සන්ධ්‍යාට, ඒ වෙනුවෙන් පෙනී හිටින අයට තියෙන අයිතියම මේ රටේ මානව හිමිකම් වෙනුවෙන් අපිටත් ඇත්තෙ නැතුව නෙවෙයිනේ... එහෙමනම් ඔන්න වැඩක්...

 
88/89 සමයෙහි මරා දැමුණු රෝහණ විජේවීර ඇතුළු හැටදහසක් මේ රටේ තරුණ තරුණියෝ ගැනත් පරීක්ෂණයක් කරමු... ඔවුන්ගේ වින්දිතයින්ටත් සාධාරණය ඉටු කරමු... ඔන්න ඕක තමයිලු උවිදු විජේවීර සංදේශයක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලන්න ගිහින් තියෙන්නේ..

 
මොනවා වෙයිද දන්නෙ නෑ? ඉස්සරහට බලමු නේ... 


කතාව ඇත්තනේ. මේ රටේ ජීවත් වෙච්ච පුරවැසියෝ දෙපිරිසකට කොහොමටවත් නීතියෙන් දෙවිදියකට සලකන්න බෑ... කාටත් ඉහලින් නීතිය. නීතිය කිසි කෙනෙකුට වෙනසත් නෑ කියන එකනේ අපේ අලුත් මාලිමා පුනරුද ආණ්ඩුවේ තේමාව.  ඔන්න එහෙනම් වැඩේ නීතියටම කරන්න අවස්ථාව...


බලමුකෝ... කයිය ගැහුවට මෙයාලයි වැඩත් එහෙමද කියලා..

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0