විමල් වීරවංශ සිරසට දුන්නු අවවාදය මෙන්න...
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා සිය පක්ෂ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවේ වර්තමාන ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක් කරමින් පුළුල් දේශපාලන විග්‍රහයක් ඉදිරිපත් කළේය... දූෂණය නැති කිරීමේ ආඛ්‍යානය අත්හැර “අපරාධ රාජ්‍යය” නැතිකිරීම අභියෝගය හමුවේ වත්මන් රාජ්‍යයේ නොහැකියාව, වත්මන් රජය රාජ්‍ය පාලනය යටතේ රාජ්‍ය නිලධාරියාගේ කොදුනාරටිය බිඳීම, පොලිසිය දේශපාලනීකරණය කිරීම සහ හිටපු පොලිස්පති වරුන්ගේ ඇදහිය නොහැකි වර්තමාන ඉරණම, අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කරමින් ඉහළ උසාවිවල නඩුකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යටතේ චෙම්මිනි මිනීවල හාරමින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් කිරීම, ආදී මාතෘකා ඔස්සේ කතා කරමින් විමල් වීරවංශ මහතා මෙම සාකච්ඡාවේදී වත්මන් රජය සහ එහි ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක් කරමින් සිටියේය... කලකට පසු විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා හමුවීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඔහුගේ මෙම විවේචනයන් වත්මන් සමාජ දේශපාලන පසුබිම ඇසුරින් විග්‍රහ කරමින් ප්‍රශ්න අසන්නට පටන් ගත්හ. එහිදී විමල් වීරවංශගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ඔහු ලබාදුන් පිළිතුරු මෙන්ම ප්‍රතිචාර මෙම සංවාදයට ඇතුළත්ය...
විවල් වීරවංශ
සිරසට දුන්නු අවවාදය
මෙන්න...
කලකට පසු
විමල් ආයෙත් කට හරි...
විනිසුරුවන්ගේ විශ්‍රාම සීමාව දීර්ඝ කිරීම
හෙවත් "සූරසේන රීලෝඩ්" කිරීම...
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා සිය පක්ෂ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවේ වර්තමාන ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක් කරමින් පුළුල් දේශපාලනයට විග්‍රහයක් ඉදිරිපත් කළේය...
දූෂණය නැති කිරීමේ ආඛ්‍යානය අත්හැර “අපරාධ රාජ්‍යය” නැතිකිරීම අභියෝගය හමුවේ වත්මන් රාජ්‍යයේ නොහැකියාව, වත්මන් රජය රාජ්‍ය පාලනය යටතේ රාජ්‍ය නිලධාරියාගේ කොදුනාරටිය බිඳීම, පොලිසිය දේශපාලනීකරණය කිරීම සහ හිටපු පොලිස්පති වරුන්ගේ ඇදහිය නොහැකි වර්තමාන ඉරණම, අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කරමින් ඉහළ උසාවිවල නඩුකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම, අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යටතේ චෙම්මිනි මිනීවල හාරමින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් කිරීම, ආදී මාතෘකා ඔස්සේ කතා කරමින් විමල් වීරවංශ මහතා මෙම සාකච්ඡාවේදී වත්මන් රජය සහ එහි ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක් කරමින් සිටියේය...
කලකට පසු විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා හමුවීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඔහුගේ මෙම විවේචනයන් වත්මන් සමාජ දේශපාලන පසුබිම ඇසුරින් විග්‍රහ කරමින් ප්‍රශ්න අසන්නට පටන් ගත්හ. එහිදී විමල් වීරවංශගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ඔහු ලබාදුන් පිළිතුරු මෙන්ම ප්‍රතිචාර මෙම සංවාදයට ඇතුළත්ය...
මාධ්‍යවේදීන්:
දැන් ඔබතුමා කිව්වේ... මේ පූජිත ජයසුන්දර පොලිස්පතිතුමා ගැන තීන්දුවනේ... එක ඉතින් අධිකරණ තීදුවක්නේ... නේද..?
විමල් වීරවංශ මහතා:
“ඔව් අධිකරණ තීන්දුවක් ගැන අපිට ප්‍රශ්න කරන්න බැරි කමක් නැහැ. දැන් පහල උසාවියක දීපු තීන්දුව පිළිගන්නේ නැත්නම් ඉහළ උසාවියට යන්න පුළුවන් කියන්නේ අර තීන්දුව අපි පිළිගන්නේ නෑහැ කියන එකනේ. එහෙමයි කියා මම මෙතන... මම කියන්නේ නැහැ ඔවුන් වරදක් කරලා නැහැ කියලා. නමුත් වරදේ ප්‍රමාණයට ඕන දඬුවම. දැන් මම ඒකයි අහන්නේ. වගකීම ඉටු නොකර සිටීමට දෙන දඩුවම මරණ දනුවම නම්, වරද කිරීමට, කරපු කෙනාට මොකක්ද දෙන දඬුවම. ඊට වඩා උඩ එකක් තියෙනවද?”
මාධ්‍යවේදීන් :
“දැන් මේකෙ “වරද කිරීමට” කියන කොටසට අයිති පුද්ගලයෝ කවුරුවත් නෑහැ නේද...?
විමල් වීරවංශ මහතා:
“ඇයි ඇයි මම අර කියපු නම්.... ඒ ගොල්ලා බබාලනේ. කවුද ඉල්හාම් අහමඩ් ඊබ්රහීම්. එයාගේ.... යූසුප් ඊබ්රහීම් තාත්තා. ඉල්හාම් අහමට් ඊබ්රහීම් පුතා. ඉන්ශාෆ් අහමඩ් ඊබ්රහීම් ඊළඟ පුතා. තාත්තලා පුතාලා දැනුවත්ව මේ ක්‍රියාවේ යෙදුනේ. තාත්තා දැනුවත්ව තමයි පුත්තු දෙන්නා ගෙදරින් එළියට ගියේ මරාගෙන මැරන ඇඳුම් කට්ටල ඇඳ පැළඳගෙන. පොලිසිය පස්සේ ගෙදරට යනකොට ලේලිත් මරාගෙන මැරුණා. මේ තාත්තා බබාද? ලේලිත් බඩේ බෝම්බයක් බැඳගෙන ඉන්නවා කියලා දන්නේ නැද්ද? එතකොට එහෙම තාත්තා ඉන්නවා ඇප හම්බවෙලා ගෙදර. නොකිරීමේ වරදට හිටපු පොලිස්පතිලා මරණ දඬුවම් විදිනවා. මෙතන අපබ්බ්‍රංශ ගතියක් නැද්ද?
මාධ්‍යවේදින්:
දැන් ඊට ඔබ කියන අයුරින් තව පෝලිමක් නඩු ඇහෙනවා නේද? තැන් තැන්වලට වෙන වෙන අධිකරණ හයක් හතක් තියෙනවානේද?"
විමල් වීරවංශ මහතා:
“මොන නඩුද”
මාධ්‍යවේදින්:
“ඔය ත්‍රස්ත ප්රහාරයට සම්බන්ධ නඩු”
විමල් වීරවංශ මහතා:
“ඔව්ද... ඒවා ඉතින් ඉබිගමනින්... මේවා ශීඝ්රඝාමී. මේවා හාවාගේ වේගයෙන් අරවා ඉබ්බාගේ වේගයෙන්."
මාධ්‍යවේදියා:
“දැන් ඔබතුමාල පහුගිය කාලේ මේ මේ දේශපාල පක්ෂ....”
විමල් වීරවංශ මහතා:
“ඉතින් නීතිපතිනේ දැන් ඔය ඔය පැමිණිලි නැවත කරන්නේ... ඇයි ශානිගේ නම දැම්මේ නැත්තේ? ඇයි රවීගේ නම දැම්මේ නැත්තේ? මේ අගවිනිසුරුවරයා ආවට පස්සේ නීතිපති තමයි නැවත ඔය නඩුව පැමිණිලි ඉදිරිපත් කරන්නේ. ඒකට අර දෙන්නගේ විතරක් නම් දෙක දැම්මේ ඇයි. එතකොට ශානි නොකර සිටීමට අයිති නැද්ද? රවී ලියුම බලන්නෙත් නැතුව රටින් ගිය මිනිහා අයිති නැද්ද? ලියුම කඩන්න එපා කියලා රටගිය මිනිහා අයිති නැද්ද? ඒවට මොකද වෙන්නේ? එතකොට මේ නීතිය කාටත් එකහා සමානද? මේවා මේවා ප්‍රශ්න කරන්න ඕන දේවල් නෙමෙයිද? ඒවා ප්‍රශ්න නොකර හිටියොත් තමන් ගාවට අවනඩුව එනකන් බලන් ඉන්න තමයි ඕන කෙනෙකුට සිද්ධ වෙන්නේ.”
මාධ්‍යවේදියා:
“ඒ අයට චෝදනා ගොනුවෙලා නැහැනේ....?”
විමල් වීරවංශ මහතා:
“නැ..... කාටද..?”
මාධ්‍යවේදියා:
“රවීලට ශානිලට...”
විමල් වීරවංශ මහතා:
“ඔව් ඒගොල්ලෝ..... ඒගොල්ලෝ ඉන්නවා සැපට සැපේ. ඒගොල්ලෝ වාසනාවන්තයි. මාලිමාවේ වේදිකාවට නැගලා ඒ ඡන්ද ව්යාපාරයට දායක වුණා. ඒ නිසා ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ට “ෆුල් ඔප්ෂන් රක්ෂණාවරණයක්” තියෙනවා. මාලිමාවේ මැතිවරණ වේදිකාවට නැගලා දේශපාලනය කරපු හින්දා රවීට සහ ශානීට ෆුල් ඔප්ෂන් රක්ෂණයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ගේ නම් අර චෝදනා දාන නඩු පැවරීම් වලට යන්නේ නැහැ. ඒක තමයි නීතිය කාටත් එක හා සමානව ක්‍රියාවට නම්වනවා කියලා ජනාධිපතිවරයා පාරම් බාන්නේ...
මාධ්‍යවේදියා:
තව එකක්, පූජිත ජයසුන්දර මහත්තයාව පොලිස්පති කරගත්තේ අනුර කුමාරලා කියලා චෝදනාවක් තියෙනවා...
විමල් වීරවංශ මහතා:
ඔව්... රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙලාවේ ඇයි මේගොල්ලෝ හිටියානේ අන්න අර දූෂණ මර්ධන කමිටුවේ... උඩම කමිටුවේ හිටියානේ. ඒ “දූෂණ මර්ධනය කරන්න අපිට මේ පොලිස්පති ඕනා" කියලා දාගත්තේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය මග තොටදී හම්බවුනොත් අහන්න, පූජිත ජයසුන්දරව පොලිස්පති කළේ අනුර කුමාරගේ ඉල්ලීම පරිදි නේද කියලා.
මට පූජිත ජයසුන්දර එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මාව මාස තුනක් කිසිම හේතුවක් නැතුව අර බොරු පාස්පෝට් පටලැවිල්ලකට දාලා අපවාදයට ලක් කළේ ඔය පොලිස්පති පූජිත ජයසුන්දර ඉන්න කාලේ. මම නිදොස් කොට නිදහස් වුණා ඒ නඩුවෙන්. හරිද? ඒවා නෙමෙයි, අපි මේ පුද්ගලික ප්‍රශ්න නෙවෙයි කියන්නේ. මොකක් වුණත් තියෙන්න ඕන සාධාරණයක්.
එතකොට තමන්ම.... දැන් ඔය ඔබට මතක ඇති, එකපාරක් මැයි දින රැලියට පූජිත ජයසුන්දර මහත්තයා පොලිස්පති වෙච්ච ගමන් ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය තියෙන තැනට ගිහිල්ලා ආරක්ෂක කටයුතු හොයා බැලුවා. පොලිස්පති කෙනෙක් සාමාන්‍යයෙන් ජනාධිපති යන මැයි දින රැලියට නම් ගිහිල්ලා බලපු අවස්ථා ඇති, මේ වෙන පක්ෂයක රැලියකට යන්නේ නැහැ. ඒ තරම් බැඳීමක් තිබ්බා මේ ගොල්ලොත් එක්ක. හැබැයි එයාට එකක් වැරදුනා.
මාධ්‍යවේදියා:
මොකක්ද?
විමල් වීරවංශ මහතා:
අර මාලිමාවේ මැතිවරණ වේදිකාවට ගිහිල්ලා නැගලා අර “ෆුල් ඔප්ෂන්” රක්ෂණ ආවරණය ගන්න බැරි වුණා. නැත්නම් එයාගේ නමත් ගැලවෙනවා.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ ගියා නම් එහෙම වෙන්නේ නැහැ කියලද?
විමල් වීරවංශ මහතා:
ඔව්.. නිසැකයෙන්ම, ගියා නම් අර රක්ෂණ ආවරණය ලැබෙනවා. ඒ කියන්නේ රවීලටට තියෙන, කවුද මේ ශානි අබේසේකරට තියෙන රක්ෂණ ආවරණය මේ පූජිත ජයසුන්දරට ලැබුණේ නැහැ. ලබාගන්න ඔහුට බැරි වුණා.
මාධ්‍යවේදියා:
දැන් අර ඔබතුමන්ලා පහුගිය දවස්වල සාකච්ඡාවක් පැවැත්තුවනේ සියලු දේශපාලන පක්ෂ නායකයෝ එකතු වෙලා. විපක්ෂයේ ඉන්න. හැබැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඕකට සහභාගී වෙන්න ටිකක් පස්ස ගහනවා වගේ ගතියක් පේන්නේ නැද්ද. "නෑ, මට යන්න බැරි වුණා, මම හාමුදුරුවන්ගේ උත්සවයකට ගියා" වගේ කතා කියනවා එක අවස්ථාවක මාධ්‍යයෙන් දැක්කා. ඔබතුමන්ලා එකට එකතු වෙනවා, හැබැයි මෛත්‍රීපාල මහත්තයා ඔබතුමන්ලාගේ පැත්තට එන්න බයයි වගේ පේනවා.
දේ විමල් වීරවංශ මහතා:
එතුමා දැන් සක්‍රිය දේශපාලනයේ නැහැ නේද? ඉතින් එහෙම නැති කෙනෙක් ආවත් එකයි, නාවත් එකයි වගේ තත්ත්වයක් තියෙන්නේ.
මාධ්‍යවේදියා:
දැන් එතුමා නොඑන්නේ වෙනත් මොකක් හරි හේතුවක් නිසාද?
විමල් වීරවංශ මහතා:
නෑ, මට නම් ඒක අදාල නැහැ. එතුමා ආවත් මට අදාල නැහැ, නාවත් අදාල නැහැ. එතුමා ආවයි කියලා අමුතුවෙන් දෙයක් වැඩි වෙන්නෙත් නැහැ, නාවයි කියලා අමුතුවෙන් දෙයක් අඩු වෙන්නෙත් නැහැ.
මාධ්‍යවේදියා:
දැන් ඔබතුමා කියන විදිහට ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් ඉදිරියේදී පත් වුණොත්, ඔබතුමන්ලාගේ ජනාධිපති කෙනෙක් පත් වුණොත් මේ පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිතුමාට ජනාධිපති සමාව දෙනවද?
විමල් වීරවංශ මහතා:
අනේ මන්දා, ඕවා ගැන හිතන්න තියා අපි තව ගොඩක් දේවල් ගැන හිතමින් ඉන්නේ. ඕවා ගැන හිතන්නවත් අපි තවම හිතලා නැහැ. එහෙම ජනාධිපති සමාවල් දෙන ඒවා දැන් හිතන්න ඕන දේවල් නෙමෙයි. ජනාධිපති සමාවල් දෙන්න ඕනේ ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සේ. ඒ ජනාධිපති හිතන්න ඕන ඒවා. අපි ඕවා ගැන දැන් හිතලා වැඩක් නැහැ. ඔය “සිරසට” ඕවා හිතුනට අපිට හිතෙන්නේ නැහැ. “සිරසට” ත් තියෙන ප්‍රශ්න!
මාධ්‍යවේදියා:
රවීට සහ ශානිට, ඒ දෙන්නට විරුද්ධව යම්කිසි පියවරක් ගන්න ඒගොල්ලෝ වෙනුවෙන් පැමිණිලි දාන්න ඕනේ නේද? ඒක කරලා නැහැනේ.
විමල් වීරවංශ මහතා:
ඒ දෙන්නට විරුද්ධව පැමිණිලි ඕන තරම් තියෙනවා.
මාධ්‍යවේදියා:
පැමිණිලි කිව්වේ, දැන් සාමාන්‍යයෙන් නිල වශයෙන් මේ සිද්ධියට චෝදනා තියෙනවා කියලා කෙලින්ම කියපු පැමිණිලි?
විමල් වීරවංශ මහතා:
පැමිණිලි තියෙනවා, මම දැනුවත්ව තියෙනවා. ඒවා එහෙම නිසි පරිදි විභාගයට ලක්වෙන්නේ නැහැ. මොකද මේගොල්ලොන්ට තිබුණු නඩුවලිනුත් මේගොල්ලෝ අයින් කළානේ.
මාධ්‍යවේදියා:
ඔව්, ඒ ගල්කිස්සේ රථවාහන නඩුවනේ. නමුත්...
විමල් වීරවංශ මහතා:
මේ පාස්කු නඩුවලිනුත් මේගොල්ලන්ගේ තිබ්බ චෝදනා අඩු කරලා සංශෝධනය කළා, නීතිපති දෙපාර්තමේන්තුව, මේ ආණ්ඩුව ආවට පස්සේ.
මාධ්‍යවේදියා:
දැන් මහර බන්ධනාගාර සිද්ධිය සහ විශ්වාසභංගය කියන එක අතර ඔබ...?
විමල් වීරවංශ මහතා:
මොන විශ්වාසභංගයද? අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය නේද? අධිකරණ ඇමතිට මම නම් ඉල්ලා අස්වෙන්න කියන්නෙත් නැහැ. කිව්වට වැඩකුත් නැහැ. ලැජ්ජාවක් කියලා නාමයක් ගෑවිලවත් නැහැ. ඒ නිසා ඉල්ලා අස්වෙන්න කියන එක අපිට අවමානයක්. නිකන් ගල් පිළිමයකට ගිහිල්ලා මොනවා හරි කිව්වා කියලා ඇති වැඩක් නැහැනේ.
අධිකරණ ඇමති, ඇත්තට ඇත්ත කතාව ගත්තොත්, අලි සබ්රිලා විජේදාස රාජපක්ෂ ලා වගේ නෙමෙයි, යසපාලිත නානායක්කාරගේ නළු පුතා! හොඳ නළුවෙක්. දැන් මම හිතන්නේ මේ වෙලාවේ ඔක්කොම වැඩ නවත්තලා ෆේස්බුක් බලනවා ඇති කීයක් මැරිලද, කීයක් තුවාලද කියලා හොයාගන්න. ඒ වගේ කෙනෙකුට ඉල්ලා අස්වෙන්න කියන්න ඕනේ නැහැ. මොකද හේතුව, ලැජ්ජාව කියලා ගෑවිලවත් තියෙන මිනිහෙක් නම් ඇමතියා, ඔන්න ඉල්ලා අස්වෙන්න කිව්වට කමක් නැහැ. එහෙම ගෑවිලවත් නැති කෙනෙක්ට ඉල්ලා අස්වෙන්න කිව්වම අපි නිකන් ලැජ්ජ වෙන්නේ.
මාධ්‍යවේදියා:
ඊයේ දිනයේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරනවා, දැන් ඔබතුමාලා චෝදනා කරනවා මේ වර්තමාන ආණ්ඩුව විසින් රවීට සහ ශානිට නඩු පවරන්නේ නැහැ කියලා. නමුත් ඒ කාලේ ඔබතුමාලාගේ ආණ්ඩුව තියෙන කාලේ ඇයි එහෙනම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකර බලන් හිටියේ කියලා. මේ සම්බන්ධයෙන් ඔබතුමා මොකද කියන්නේ?
විමල් වීරවංශ මහතා:
නෑ, ඒ කාලේ තමයි ඒගොල්ලොන්ට අදාල නඩු තිබුණේ. ඒ කාලේ තමයි මේගොල්ලෝ උසාවියට ගිහිල්ලා අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමේ නියෝග ගත්තේ. ඒ කාලේ තමයි මේගොල්ලන්ගේ නම් දාලා ඔය චෝදනාවලට නඩු පැවරුවේ. ඒ නඩුවලින් තමයි පස්සේ මේ ආණ්ඩුව ආවට පස්සේ මේ දෙන්නගේ නම් නීතිපති දෙපාර්තමේන්තුව හරහා සංශෝධනය කරගත්තේ.
මොකද නඩු අහන්නේ ආණ්ඩුව නෙවෙයිනේ. නඩු පැවරලා තිබ්බා, නඩු විභාග වෙමින් තිබ්බා. විභාග වෙමින් තියෙන අතරේ මේ ආණ්ඩුව ආවා. මේ ආණ්ඩුව ආවට පස්සේ කළේ, අලුතෙන් නඩුවක් දාලා තමයි ඔය පූජිත සහ හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධ වෙනස්කම් කළේ.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ නීතිපතිවරයාට බලපෑම් කරනවද? දැන් ඔබතුමාලත් නීතිපතිවරයා හරහා ඔවුන්ට නඩු පැවරුවා, මොවුනුත් දැන් නීතිපතිවරයා හරහා ඔවුන්ට අවශ්‍ය කට්ටිය නිදහස් කරගන්නවා?
විමල් වීරවංශ මහතා: නෑ නෑ, නීතිපතිවරයා හරහා නඩු පැවරීම කළේ චෝදනාවට ලක්වෙච්ච සියලුම දෙනාට. හරිද? ඒක වරදක් නෙවේ, ඒක කොහොමත් නීතිපතිවරයාගේ වගකීම. ඒකට තමයි නීතිපතිවරයා ඉන්නේ. නමුත් එසේ පවරුණු ලැබූ නඩුවලින් පසුව සංශෝධන කරලා ශානිව සහ රවීව ඒ චෝදනාවලින් දියාරු කරලා එළියට ගත්තේ වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුව හරහා මේ ආණ්ඩුව. එතනයි වරද තියෙන්නේ.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ ආණ්ඩුවේ උවමනාවන් මතද?
විමල් වීරවංශ මහතා: ඉතින් මේ නීතිපතිවරයා ඉවත් කර නොගැනීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන අභිලාෂයක් කියන එක පැහැදිලියි. ඒ වගේම බියගන්වමින්, නීතිපති දෙපාර්තමේන්තුව යටත් කරගෙන වැඩ කරගන්නවා කියන එකත් පැහැදිලියි. ඒක රහසක් නෙවෙයි.
මාධ්‍යවේදින්:
එතකොට දැන් මේ විශ්‍රාම වයස දිගු කරන්න හදන්නේ වර්තමාන ආණ්ඩුව...
විමල් වීරවංශ මහතා:
ඔව්, ඒක ඉතින් “තනි පුද්ගලයෙක්ව තියා ගැනීමේ අරමුණෙන්” කරන විශ්‍රාම වයස දීර්ඝ කිරීමක්නේ. ඕකට කියන්නේ "සූරසේන රීලෝඩ් කිරීම" කියලා.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ සූරසේනේව දිගටම තියාගන්න එක හරහා..?
විමල් වීරවංශ මහතා:
ඔව්, ඒ කියන්නේ ලංකාවේ දැන් එක කාලයක් මෙහෙම ලෙඩක් තිබ්බා. අර අපේ තිබුණු ආණ්ඩුවලට පී.බී. ජයසුන්දර නැත්නම් ආර්ථිකයක් නැහැ කියලා හිතාගෙන හිටියා. අන්තිමට පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් වෙලා ඉඳලා තමයි ආර්ථිකය නට්ටං වුණේ. එන එන හැමෝම හිතන් හිටියා මෙයා තමයි ශක්‍ර දෙවේන්ද්‍රයා, මේ වැඩේට මව්කුසෙන් ආපු එක්කෙනා කියලා.
දැන් මේ ජනාධිපති හිතන් ඉන්නවා නීතිය පවත්වාගෙන යන්න බැහැ සූරසේන නැත්නම් කියලා. ඒ තමයි ශක්‍ර දෙවේන්ද්‍රයා ජනාධිපතිතුමාට ඒ පුටුවේ වාඩි කරවන්න ලබා දීලා තියෙන එකම සහ අවසාන කෙනා කියලා හිතනවා. ඒ නිසා 'රීලෝඩ්' දමාගෙන තබා ගැනීම තමයි ඔය සංශෝධනයේ කැත අරමුණ. මොන මොන රෙදි කඩමාළුවලින් වහන්න ගියත් ඔය හෙළුව එළියට පේන එක වළක්වන්න බැහැ.
ඕකට අර නඩු විභාග කරන එක ඉක්මන් කරගන්නලු, වයසට යනකොට පරිණත වෙනවලු, කාර්යක්ෂම වෙනවලු! ඊට කලින් කිව්වේ "නාකි මයිනන්ට ගෙදර යතුරවත් දෙන්න හොඳ නැහැ" කියලා. දැන් ගෙදර යතුර නෙවෙයි, ගේට්ටු යතුරත් දෙන්න කතා කරනවා කට්ටිය එකතු වෙලා. මේවා ප්‍රතිපත්තියක් අනුව සිදුවෙන දේවල්ද? යහපත් ශිෂ්ඨසම්පන්න මූලධර්ම අනුව සිදුවෙන දේවල්ද? ශිෂ්ඨසම්පන්න දේශපාලන සංස්කෘතියකට අනුව සිදුවෙන දේවල්ද? නැත්නම් කැත දේවල්ද?
මාධ්‍යවේදියා:
දැන් අර මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහත්මයා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා, මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහට මේක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි කියලා. ඔබතුමාලා ඒ ප්‍රකාශය අනුමත කරනවද? නැත්නම් ඒක වෙනත් මතයක්ද?
විමල් වීරවංශ මහතා:
මම ඒ ප්‍රකාශය දැක්කේ නැහැ. දැක්කේ නැති ප්‍රකාශයක් ගැන අහන්නේ.... වෙනත් ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නකෝ... දැන් මේක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි කියලා එතුමා කිව්වා නම්, මම ඒ ප්‍රකාශය අනුමත කළත් නොකළත් ඔබට තියෙන වැඩේ මොකක්ද? 'සිරසට' තියෙන වැඩේ මොකක්ද?
මාධ්‍යවේදියා:
නෑ, මම අැහුවේ...
විමල් වීරවංශ මහතා:
“සිරසට” වෙන වැඩක් නැද්ද එක එක පුද්ගලයන්ගේ ප්‍රකාශ අනුමත කරනවද නැද්ද කියලා මගෙන් අහන්න? මට කරන්න වෙන ඕන තරම් වැඩ තියෙනවනේ...
මාධ්‍යවේදියා:
මාධ්‍යවේදියෙක් විදිහට මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්නේ...
විමල් වීරවංශ මහතා:
ඔව්, ප්‍රශ්නය ඇහුවානේ. ඉතින් ඔය විදිහට හැමදාම අහන්න, මාත් මේ විදිහටම හැමදාම උත්තර දෙන්නම්.
මාධ්‍යවේදියා:
නෑ, ඔබතුමාලා එන්න කියන නිසානේ අපි එන්නේ.
විමල් වීරවංශ මහතා:
ඔව්, අපි එන්න කියනවා. මම මෙහෙම කිව්වට හෙටත් එන්න කියනවා.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නයක් ඇහුවාම ඔබතුමාට පුළුවන් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න. එත්කෝ නොදී ඉන්න...
විමල් වීරවංශ මහතා: ඔව්, මම ඒක තමයි මේ කරන්නේ. හැබැයි ඔබට ඕන උත්තරය නෙමෙයි මම දෙන්නේ, මට ඕන උත්තරයයි මම දෙන්නේ. ඒක අහගෙන ඉන්න. එහෙන් ඔබේ දුරකථනයට එනවා මෙන්න මේ ප්‍රශ්න අහන්න කියලා, ඔබ මගෙන් ඒ ප්‍රශ්න අහනවා.
මාධ්‍යවේදියා:
නෑ, මගේ දුරකථනයට..?
විමල් වීරවංශ මහතා:
හරි, කමක් නැහැ. ඉතින් මම මොකටද ඒ හැම එකටම උත්තර දෙන්නේ? නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එහෙම කිව්වද කියලා මම දැක්කේ නැහැ. ඔබ කියනවා එහෙම කිව්වයි කියලා. මම දැක්කේ නැති දෙයකට ඒ විදිහට පිළිතුරු දෙන්න මම බැඳිලා නැහැ. බොහොම ස්තූතියි!
මාධ්‍ය සාකච්ඡාව අවසානයේ විමල් එළියට බසිද්දී, සිරස ආයතනයෙන් පැමිණ ප්‍රශ්න ඇහූ මාධ්‍යවේදියා මුහුණට සම්මුඛ විය.
ඔයාට නෙවෙයි මං උත්තර දුන්නෙ... ඕගොල්ලන්ගේ ආයතනයට, සිරසට. කියමින් විමල් විහිළුවක්ද කළේය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

