මූල්‍ය වංචාවට එහා ගිය ආයතනික නිලධාරී නොසැලකිල්ල....
ප්‍රමිතියෙන් තොර, ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය 4 වනදාත් විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැවැති මෙම සාක්ෂි විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙහෙයවන ලද සාක්ෂි හමුවේ වැදගත් කරුණු රැසක් අනාවරණය විය.
2026 අගෝස්තු මස 04 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.
මූල්‍ය වංචාවට එහා ගිය
ආයතනික නිලධාරී
නොසැලකිල්ල...
ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සාම්පලවල
බැක්ටීරියා වර්ධනය වී තිබිලා...
නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ බරපතල
වගකීම් පැහැරහැරීම් හෙළි වෙයි!
අධිකරණ වාර්තාකරු
ප්‍රමිතියෙන් තොර, ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය 4 වනදාත් විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැවැති මෙම සාක්ෂි විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙහෙයවන ලද සාක්ෂි හමුවේ වැදගත් කරුණු රැසක් අනාවරණය විය.
ආරම්භයේදී මෙය හුදෙක් රාජ්‍ය මුදල් අයථා ලෙස භාවිත කළ මූල්‍ය අපරාධයක් ලෙස සැලකුණද, අධිකරණය හමුවේ හෙළිවන සාක්ෂි අනුව පෙනී යන්නේ මෙය මූල්‍ය වංචාවකට එහා ගිය, අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ අතිශය බරපතල වෘත්තීය නොසැලකිල්ල, වගකීම් පැහැරහැරීම සහ අකාර්යක්ෂමතාව මත සිදුවූ ඛේදනීය වැරදි සම්භාරයක් බවයි.
උෂ්ණත්ව පාලනය සහ ගබඩා කිරීමේ බරපතල අතපසුවීම්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ජාතික ඖෂධ තත්වාරක්ෂක විද්‍යාගාරයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂිකා ද්‍රෝන දීපිකා බුලත්සිංහල මහත්මිය සාක්ෂි දෙමින් කියා සිටියේ, අදාළ ඖෂධ සාම්පල ලැබුණු පසු ඒවායේ උෂ්ණත්වය මැන බැලීමක් සිදු නොකරන බවයි. සාම්පලය විවෘත කළ සැනින් එය කාමර උෂ්ණත්වයට පැමිණෙන බැවින් උෂ්ණත්වය මැන බැලීමෙන් ඵලක් නැති බව ඇය ප්‍රකාශ කළාය.
මනුෂ්‍ය ජීවිත කෙරෙහි සෘජුවම බලපාන, නියමිත උෂ්ණත්වයන් යටතේම ගබඩා කළ යුතු මෙවැනි ජීවිතාරක්ෂක ඖෂධ, විද්‍යාගාරය වෙත පැමිණීමට පෙර නිසි උෂ්ණත්වයේ තිබුණාද යන්න පිළිබඳව කිසිදු භෞතික හෝ විද්‍යාත්මක සහතිකයක් ලබාගැනීමෙන් තොරව, ලේබලය මත සටහන් කර ඇති තොරතුරු (storage specifications) පිළිබඳව පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම බරපතල නොසැලකිල්ලක් බව මෙහිදී මතු විය.
ලේබල මත පමණක් යැපීමේ ආදීනව සහ ව්‍යාජ ඖෂධ හඳුනා ගැනීම
ඖෂධ සංරක්ෂණයේදී සහ තත්ත්ව පරීක්ෂාවේදී, පැකට්ටුවේ හෝ කුප්පියේ අඩංගු ලේබලයේ ඇති තොරතුරු මත පමණක් යැපීම ප්‍රමාණවත් නොවන බව විද්‍යාගාර පරික්ෂාවලින් තහවුරු වී ඇත. මාතර දිස්ත්‍රික් රෝහලෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණවලදී, අදාළ ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ (Human Immunoglobulin) ඖෂධ සාම්පලවල බැක්ටීරියා වර්ධනය වන බවත්, එය රෝගීන්ට දැඩි අසාත්මිකතා මෙන්ම ජීවිත අවදානමක් පවා ඇතිකරන ව්‍යාජ ඖෂධයක් බවත් හෙළි විය. ලේබලයේ සඳහන් තොරතුරු පහසුවෙන් ව්‍යාජ ලෙස සැකසිය හැකි පසුබිමක, බලධාරීන් ඊට එහා ගිය විද්‍යාත්මක හෝ තාක්ෂණික සොයාබැලීමක් සිදු නොකිරීම බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයකි.
සැපයුම්කරුවන්ගේ නාමයන්හි පටලැවිල්ල: නොසැලකිල්ලද? අයථා ගනුදෙනුවක්ද?
සාක්ෂි විභාගයේදී හෙළිවූ තවත් ආන්දෝලනාත්මක කරුණක් වූයේ, තහනම් කළ යුතු ඖෂධ සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් බලධාරීන් දක්වා ඇති අසංවිධානාත්මක භාවයයි.
‘ලයිව් හෙල්ත් බයෝ ෆාමා’ (Live Health Bio Pharma) නමැති සමාගම විසින් නිෂ්පාදිත, ලියාපදිංචි නොකළ ව්‍යාජ ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ සුරක්ෂිතතා කමිටුව තීරණය කර තිබියදී, වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් නිකුත් කරන ලද 2V 31 චක්‍රලේඛය මගින් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට නිර්දේශ කර තිබුණේ ‘අධිසොලෙස් බයෝ ටෙක් ෆාමා’ (Adisoles Biotech Pharma) නමැති වෙනත් ආයතනයක නිෂ්පාදනයකි.
තවද, ඉතා හදිසි (Very Urgent) ලෙස ලේබල් කළ ලිපි ලැබී දින 12 ත් 14 ත් අතර කාලයක් ගතවන තුරු අදාළ දැනුම්දීම් නිකුත් නොකිරීම සහ තීරණ ක්‍රියාත්මක නොකිරීම මගින් පෙනී යන්නේ නිලධාරීන්ගේ අතිශය නින්දිත ප්‍රමාදයයි. ‘ලයිව් හෙල්ත්’ වෙනුවට ‘අධිසොලෙස්’ නම සඳහන් කරමින් සිදුකර ඇති මෙම පරස්පර විරෝධී ක්‍රියාමාර්ගය, හුදෙක් නොසැලකිල්ල සහ ලිපිකරු දෝෂයන් මත සිදුවූවක්ද? නැතහොත් ව්‍යාජ ඖෂධ ජාවාරම්කරුවන් සහ චූදිතයන් ආරක්ෂා කිරීම සඳහා කරන ලද සූක්ෂ්ම අයථා ගනුදෙනුවක ප්‍රතිඵලයක්ද යන බරපතල සැකය මෙහිදී මතුවේ.
ඉන්දියානු ඖෂධ අධිකාරිය වෙත දුරකථන ඇමතුමකින් හෝ ඊමේල් පණිවිඩයකින් ඉතා පහසුවෙන් තහවුරු කරගත හැකිව තිබූ ඖෂධයක ව්‍යාජ-අව්‍යාජභාවය පරීක්ෂා කිරීමට මාසයකට වැඩි කාලයක් ගත කිරීමෙන් පැහැදිලි වන්නේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම මාරාන්තික අනතුරක හෙළමින් නිලධාරීන් කටයුතු කර ඇති ආකාරයයි.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඉදිරියටත් පැවැත්වේ
නඩු වාර්තාව....
ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීම සහ රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය 04 වනදා යළි විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.
එහිදී සාක්ෂි සදහා කැඳවා තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජාතික ඖෂධ තත්වාරක්ෂක විද්‍යාගාරයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂිකා ද්‍රෝන දීපිකා බුලත්සිංහල මහත්මියයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය යටතේ සාක්ෂි මෙහෙයවනු ලැබීය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම
ඔබට සාම්පල් ලැබුනම ඒවා ලියාපදිංචි කරන්නේ නැද්ද?
සාක්ෂිකාරිය: එදිනට හෝ පසුව ලියාපදිංචි කරනවා. ශීතකරණයේ තබා වැඩ බලන අධ්‍යක්ෂක වන මා භාරයේ තබාගෙන ලියාපදිංචි කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ලියාපදිංචි කරන්න ඔබෙන් අවසර ගන්නවද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ලියාපදිංචි අංකයක් දෙන්නේ ඇයි?
සාක්ෂිකාරිය:රසායානාගාරය තුළ සෑම විටම හඳුනා ගැනීමටත් සහ නිකුත් වාර්තා නිකුත් වන්නෙත් ඒ අංක නිසා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: අයිස් පැක් කියන්නේ කුමක්ද?
සාක්ෂිකාරිය: සෘජු ෆෝම් පෙට්ටියක දමා අයිස් වලින් වට කරලයි සාම්පල් තබන්නේ එය අයිස් පැක් ලෙස හඳුන්වනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබ උෂ්ණත්වය මැන බලන්නේ නැහැ.ඇයි ඒ
සාක්ෂිකාරිය: සාම්පලයක් ඇරියට කාමර උෂ්ණත්වයට එනවා. එවිට මැන බලා පලක් නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඖෂධාගාරයට පැමිණීමට පෙර නියමිත උෂ්ණත්වයක් තබා තිබෙන්නට ඇතැයි සහතිකයක් තිබෙනවාද?
සාක්ෂිකාරිය: ඒ හේතු අය storage සඳහන් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒකද විද්‍යාගාරයේ මගින් බාරගන්නා ක්‍රමවේදය
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි.
සාක්ෂිකාරිය: ඔව්
( සාම්පල ලියාපදිංචි කිරීමේ පොත සාක්ෂිකාරියට පෙන්වයි)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මෙහි එම සාම්පල 20,39252 අංකය යටතේ ලියාපදිංචි කරලා තියෙනවද?
සාක්ෂිකාරිය: ඔව් මේ සාම්පලය, බෙදූ අංශ ආදිය තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: එය ක්ෂුද්‍ර ජීව සහ රසායනාගාර අංශවලිනුත් පරීක්ෂා කළ හැකිද?
සාක්ෂිකාරිය: ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මේ සාම්පලය ගැන විශේෂ ප්‍රමුඛතා ඉල්ලීමක් තිබුණාද?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මේ ලිපිය නිකුත් කළේ කවුද?
සාක්ෂිකාරිය: වෛද්‍ය විජිත් ගුණසේකර
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: කාටද යැව්වේ.
සාක්ෂිකාරිය: වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයාට
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මේ මගින් යම් අයිතමක් නවත්තලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: එම අයිතමයේ නිෂ්පාදකයා ලෙස හඳුනාගෙන ඇත්තේ කවුද?
සාක්ෂිකාරිය: ,ලයිව් හෙල්න් බගේ ෆාමා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: අයිතමය කුමක්ද?
සාක්ෂිකාරිය: හියුමන් ඉමියුනොග්ලොබියුලින් 5-6 mg 2023/8/23 වෙද්දි සංකූලතා සහිත රෝගීන් කීප දෙනෙකුගේ විස්තර සහිතව සාම්පල් විසක් එවා තිබුණා. එයින් රෝගීන් දෙදෙනෙකුට දැඩි අසාත්මිකතා තිබුණ බව සඳහන් වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒ ගැන යමක් කිව හැකිද?
සාක්ෂිකාරිය: ජීවිත අවදානම පවා ඇතිවිය හැකියි. ඒ ගැන විස්තර වෛද්‍යවරයෙකුගෙන් දැනගත යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මේ පැමිණිල්ල MSD හා NMRA එකටත් යවා තිබුණාද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:ඖෂධ සුරක්ෂිතතා කමිටුව ගත් තීරණය එසේ දැනුම් දුන්නේ ඇයි?
සාක්ෂිකාරිය: MSD අධ්‍යක්ෂකතුමා තමයි එය දැනුම් දෙන්නේ දෙන්නේ. ඒ ඉක්මනින් රෝහල්වලට දැනුම් දීම සඳහායි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මේ එන්නට නැවැත්විය යුතුයි. දැනුම් දුන්නාද?
සාක්ෂිකාරිය: රෝගියාට ලොකු බලපෑමක් විය හැකි නිසාත් ලියාපදිංචි නොවූ එකක් බව මෙහි සඳහන් නිසාත් කාගේ එකක්දැයි දන්නේ නැති නිසාත් රෝගී සුරක්ෂිතතාවය වෙනුවෙන් එසේ දැනුම් දී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: අයිතමයේ ඇසුරුම හා ලැබුණා මෙහි බාහිර ඇසුරුමෙන් බලා ගත හැකි තොරතුරුු කුමක්ද?
සාක්ෂිකරු: නම සහ අයිතම
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: පැ.406, 12 වන චුදිත විසින් කියා ඇත්තේ ලයිව් හෙල්න් බයෝ ෆාමසුටකල් පෞද්ගලික සමාගමින් ඒවා බවයි.
සාක්ෂිකරු: එසේ ඒ්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: එහි ගනු ලබන තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ කවුරු හරහාද?
සාක්ෂිකාරිය: NMRA ප්‍රධාන විධායක නිලධාරි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 2023/9/20 දින ඖෂධ සුරක්ෂිතතා කමිටුව ගත් තීරණය අනුව MSD , අධිකාරිය වෙත දැනුම් දී තිබෙනවා කවුද ඒ වෙද්දි MSD අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ.
සාක්ෂිකාරිය: වෛද්‍ය කපිල වික්‍රම නායක
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔවුන් කියන්නේ මේ නිෂ්පාදනය ලියාපදිංචි නොවූ නිෂ්පාදනයක් බව. දෙවන චූදිතට දැනුම් දෙනවා පාවිච්චි කළොත් ඔහු වගකිව යුතු බව.
සාක්ෂිකාරිය: එසේ ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: සොයා බැලිය හැක්කේ කාටද?
සාක්ෂිකාරිය: NMRA ප්‍රධාන විධායක නිලධාරිට.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඉන්දියානු නිෂ්පාදකයක් නම් නිෂ්පාදන සොයාගත හැකි ද?
සාක්ෂිකරු: ඔව්, ඉන්දියානු ඖෂධ අධිකාරියෙන් විමසිය හැකි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබ මාස දෙකක් NMRA ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩ කළාද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබ දැන සිටි ආදී ඉන්දියානු ඖෂධ අධිකාරියට කතාකර මේ ගැන විමසිය හැකි බව
සාක්ෂිකාරිය :දුරකථන ඊමේල් මගින් පුළුවන්
මේක සොයන්න බැරි කමක් තියෙනවද?
සාක්ෂිකාරිය: පුළුවන් සෙවිය හැකි බාධාවක් නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: පැ.406 යවල තියෙන්නෙ ඉක්මනින් දැනුවත් කරන ලෙසයි.
සාක්ෂිකාරිය: ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබට 1V28 ලියුමේ කීවෙනි පිටපතක් ද ලැබුණේ.
සාක්ෂිකාරිය: හත්වෙනි පිටපත
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒ අනුව මේ කවුද නිකුත් කර ඇත්තේ.
සාක්ෂිකාරිය ,වෛද්‍ය කපිල වික්‍රමනායක
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: පැ.406 ගැන ඉක්මනින් දැනුම් දෙන ලෙස 1V28 ලියුමේ තියෙනවද?
සාක්ෂිකාරිය: 1.7 යටතේ තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: හැකි ඉක්මනින් දැනුම් දිය යුතු පණිවිඩය දැනුම් දී ඇත්තේ කවදාද?
සාක්ෂිකාරිය: දින දොළහකට පසුව
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:1v 28 මගින් භාවිතයෙන් ඉවත් කරන්න කියා ඇත්තේ මොන නිෂ්පාදකයාගේ ඖෂධද?
සාක්ෂිකාරිය: ලයිව් හෙලන් බයෝ ෆාමා ඖෂධය
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මේ වනවිට එම ගත්ත ඖෂධය සාම්පලයට ප්‍රමුඛතා ඉල්ලා තිබුණාද?
සාක්ෂිකරු: සෘජුව ලැබී නැති ස්වාමීනී.පැ. 1V28 හි කියල තියනවා අපට දැනුම් දෙන්නන කියා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබට මේ දැනුම් දෙන්න කියා තිබෙන්නේ කාගේ නිෂ්පාදන ගැනද?
සාක්ෂිකාරිය:ලයිව් හෙල්ත් බයෝ ෆාමා පුද්ගලික සමාගමේ
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මේ ලිපිය මෙතෙක් ලැබී තිබුනද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මෙම ලියුම නිකුත් කර ඇත්තේ 2023 සැප්.23 දා. ඒ කියන්නේ දවස් 14කට පස්සේ.
සාක්ෂිකාරිය : ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: අයිතිමය ඉවත් කරන්න නේද කියලා තියෙන්නේ.
සාක්ෂිකාරිය ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒ තීරණය කමිටුවේ ද නැත්නම් NMRA එකේද
සාක්ෂිකාරිය : NMRA එකේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබ සඳහන් කළා ලියාපදිංචි නොකළ සැපයුම්කරුවෙකු සොයාගන්න ප්‍රධාන විධායක නිලධාරීන්ට පුළුවන් කියා.පැ. 406 ලේඛනය නිකුත් කරද්දී ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු යන්න ටැග් යටින් තිබුණා.
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ව්‍යාජ ඖෂධයක් කියන එක හඳුනාගන්නේ කෙසේද?
සාක්ෂිකාරිය : මූලිකවම දේ ලේබලයයි. වැරදි නිෂ්පාදකයෙක් සඳහන්වීම නිවැරදි නිෂ්පාතිකයෙකුගේ ඖෂධ ව්‍යාජ ලෙස සැකසීම ලේබලයේ ඇති තොරතුරු කියවීමට නොහැකි වීම ආදිය වේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබ කිව්වා ඉන්දියානු නිෂ්පාදකයෙක් නම් දුරකතනයෙන් වුණත් සොයා ගත හැකි බව. මේ ලියාපදිංචි නොවු නිෂ්පාදනය ගැන සොයන්න දින කීයක් ගියාද
සාක්ෂිකාරිය : දින 14 ක්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: දෙන ලද ඕනම අවස්ථාවකදී මේ වගේ ව්‍යාජ ඖෂධ සොයාගත හැකිද?
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි මම අධිකරණ නියෝගයක් අනුව ආපා ඉන්දියාවේන් මේ ගැන දැනුවත් කළා. ඒ අනුව ඉන්දියාවේ ඖෂධ නියාමන ආයතනයකට දැන්වා ඔවුන් ඉක්මනින් සොයා බලා දැනුම් දුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:ඒ අනුව ඖෂධයක ව්‍යාජ අව්‍යාජ භාවය සෙවීම ඉතාම පහසුයි.
සාක්ෂිකාරිය : ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මේ ඖෂධ ඉවත් කරන්න කියා CEO ට යැව්වේ ඇයි?
සාක්ෂිකාරිය :
මේ බෙහෙත ඉක්මනින් ඉවත් කර යුතු නිසා Very urgent සීල් එක තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: රෝගීන්ගේ පැත්තට මේ පණිවිඩය වැදගත්ද?
සාක්ෂිකාරිය : ඔව් ඔවුන්ගේ සුරක්ෂිතභාවයට
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:නිෂ්පාදක නම නිවැරදිව දැනුම් දීම වැදගත්ද?
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි ලේබලය වැදගත්
සාක්ෂිකාරිය : බැහැබැහැ. එහි නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය ගැන දන්නෙත් නැති නිසා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 2023/9/21 දින නිකුත් කළ පැ.406 ලියුමට ප්‍රතිචාර ලෙස 1v 23 නිකුත් කර තිබුණා. එහි වගකීම කාගෙද?
සාක්ෂිකාරිය: NMRA
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: පැ. 407 දරන very urgent ලියුම දෙවන චෝදිට යවා තිබීම ගැන ඔබ සාක්ෂි දුන්නා. ඔහුට යැවීමේ හේතුව කුමක්ද?
සාක්ෂිකාරිය : හියුමන් ඉමියුනොග්ලොබියුලින් 1V වයල් එක
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:පැ.408 බලන්න. සාම්පල කොපමණ ප්‍රමාණයක් මාතර රෝහලට ලැබිලාද කියලා.
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: පැ.409 සමග පැ.405 /2 ආකෘතියේ පැමිණිල්ලක් ලැබී තිබුනද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:කාගෙන්ද?
සාක්ෂිකාරිය: මාතර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒ කුමන නිෂ්පාදනයක් ගැනද?
සාක්ෂිකාරිය: ලයිව් හෙල්ත් බයො ෆාමා හි හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔවුන් සඳහන් කර ඇත්තේ කුමක්ද?
සාක්ෂිකාරිය : සංකූලතා සහිත රෝගීන් සීතල උණ පෙන්නන ලක්ෂණ පෙන්නන බව.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: පැමිණිල්ල සමග වයල් කීයක් ලැබුණද?
සාක්ෂිකාරිය : වයල් 30
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:එය භාරගත්තේ කවුද?
සාක්ෂිකාරිය : ශානිකා මහත්මිය
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: එම සාම්පල් 30 බාරගත්තේ පෙර පරිදිම ද
සාක්ෂිකාරිය : ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්:පැ.410 ලේඛනයේ නිකුත් කරඇත්තේ පැ. 407 ට දින කීයකට පසුවද
සාක්ෂිකාරිය : දින 5 කට පසුව
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මොනවාද එහි සදහන් කරන්නේ.
සාක්ෂිකාරිය: ලයිව් හෙල්ත් බංගා ෆාමා නිසා දමන ලද සියලුම ඖෂධ නවත්වන ලෙස.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 2023 දී ලයිව් හෙල්ත් බයො ෆාමා පුද්ගලික සමාගම පිළිබඳව සියළුම නිෂ්පාදන නවත්වන්න කියන්න සඳහන් කරමින් ආයතන වලට දන්වන්න හේතු මොනවාද?
සාක්ෂිකාරිය : හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත ව්‍යාජ ඖෂධයක් ලෙස හඳුනාගෙන ඇති නිසා. රිපුප්සියැබ් 5mg NMRA අනුමැතිය නැතිව ගෙන්න ඇති නිසා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: මෙම ලයිව් හෙල්ත් බයො ෆාමා සමාගමේ වෙනත් නිෂ්පාදන මොනවාද?
සාක්ෂිකාරිය: රිථුප්සිසැබ් 5ටmL 5-69
සාක්ෂිකාරිය: මාසයයි දවස් විස්සකින්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒ අනව ලයිව් හෙල්ත් බයො ෆාමා පෞද්ගලික සමාගම නිපදවූ රිථුප්සිසැබ් ගැන නිවැරදි දැන්වීම කුමන ලිපියද?
සාක්ෂිකාරිය : පැ.410 ලිපිය
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: very urgent යනුවෙන් ලැබී තිබෙන ලිපිය ඔබට ලැබී තිබේද?
සාක්ෂිකාරිය : ඔව් හත්වන පිටපත මට ආවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 2023 අගෝස්තු 23 සිට ඔක්තෝබර් 10 මේ ලේඛනයේ නිකුත් කරන දිනය දක්වා මේ නිෂ්පාදනය ගැන චක්‍ර ලේඛනයක්ලැබී තිබුනේද?
සාක්ෂිකාරිය : නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ලිපේ දිනය හා සෙසු අංක තිබේද?
සාක්ෂිකාරිය: යොමු අංක ඇත දිනය නැත.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබට රිථුප්සි සාම්පල් අදාල ආයතන වලින් එකතු කොට පරීක්ෂාවට ලබා දුන්නාද?
සාක්ෂිකාරිය : 2013/10/10 වනතුරු ලැබී තිබුණේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබ ඖෂධ සුරක්ෂිතතා කමිටුවට සහභාගි වුණාද?
සාක්ෂිකාරිය: ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: NMRA ප්‍රධාන විධායක නිලධාරී නිලබලයෙන් සාමාජිකයෙක් නේද?
සාක්ෂිකාරිය: ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔහු කමිටුවට ආවාද?
සාක්ෂිකාරිය: නැත.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 2 වන චූදිත ආවාද?
සාක්ෂිකාරිය: online සම්බන්ධ වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒ රැස්වීම තිබුණේ කවද්ද?
සාක්ෂිකාරිය: 2023/10/11
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: කමිටු වාර්තා හඳුනාගත හැකිද?
සාක්ෂිකාරිය: පුළුවන් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; එම වාර්තා ඔබට ලැබුණාද?
සාක්ෂිකාරිය: ඔව් ඊමේල් ඔස්සේ ලැබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: කමිටුව 1.1 යටතේ ගන්නා ලද තීරණ ඇතුළත්ද?
සාක්ෂිකාරිය : ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: හේතු ලෙස කියා ඇත්තේ කුමක්ද?
සාක්ෂිකාරිය: අසාත්මිකතා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: එය හැඳින්වීමට සටහන් යොදා ඇතිහට බලන්න
සාක්ෂිකාරිය : clusters of ADR
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: Cluster කියන්නේ මොකක්ද?
සාක්ෂිකාරිය: බොහෝ ප්‍රමාණයක් කියන එක.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: රෝගීන් කොහෙන්ද?
සාක්ෂිකාරිය: රාජ්‍ය රෝහල්වල
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: අදාළ කමිටුව කුමක්ද කළේ
සාක්ෂිකාරිය : වහා zoom meeting එකක් පැවැත්තුවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 2023 සැප් 20 ඖෂධ සුරක්ෂිතතා කමිටුව රැසුවාට පසු යළි ඔක්තෝබර් 11 රැස්වුණා. එහිදී අයිතමයට අදාළ නිෂ්පාදකයත් අනෙක් නිෂ්පාදනයත් 2 V 30 චක්‍ර ලේඛනයේ ප්‍රකාරව ප්‍රථම වතාවට ආයතනයට දැනුම් දුන්නා.
සාක්ෂිකාරිය: එසේ ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 5 ඡේදය අනුව ඖෂධ නියාමන අධිකාරිය අධිසොලොස් බයෝ ටෙක් ෆාමා වෙත පරීක්ෂාවටම ගිය විට අධිකරණ නියෝගයක් නැතිව පරීක්ෂාවට ඉඩ දිය නොහැකි බව දන්වලා තියෙනවා.
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒ අනුව ගතයුතු ක්‍රියාමාර්ග මෙහි සඳහන්ද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි, නිෂ්පාදන ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 401 අංක 1 යටතේ ඖෂධ සුරක්ෂිතතා කමිටුව කර ඇත්තේ අත්හිටුවීමද ඉවත් කිරීමද?
සාක්ෂිකාරිය: ඉවත් කිරීම.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: සියල්ල ඉවත් කරන්න කියා තිබෙන්නේ කාගේ ඖෂධයද?
සාක්ෂිකාරිය: අධිසොලෙස් බගෙමෙන් ෆාමා AQ ගේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබට එපැයි නමක් ලැයිස්තු ගත වී තිබෙන්නට පේනවද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: 2V 31 හි මොන සැපයුම්කරුවෙකුගේ නිෂ්පාදනයේද නවත්තන්න කියාඇත්තේ?
සාක්ෂිකාරිය: අධිසොලෙස් බයොමෙන් ෆාමා AQ ගේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: පැ.410 ලේඛනයෙන් කොතැනක හෝ අධිසොලෙස් බයොමෙක් ෆාමා AQකියා නමක් තිබේද ?
සාක්ෂිකාරිය : නැත
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: භාවිතයෙන් ඉවත් කළ යුතු බවට දැනුම් දී තිබියදී 2V 31න් කර ඇත්තේ කුමක්ද?
සාක්ෂිකාරිය : ඊට පටහැනිව එහි කර ඇත්තේ නැවැත්වීම.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: කවුද 2v 31 චක්‍රලේඛනය නිකුත් කර ඇත්තේ?
සාක්ෂිකාරිය: වෛද්‍ය කපිල වික්‍රමනායක.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබට ලැබුණු හියුමන්ඉමියුගොලොබියුලින් සාම්පල 140ට මොනාද කලේ?
සාක්ෂිකාරිය : CEO සමග සාකච්ඡා කර WHO උපදෙස් ගන්න කියා නිර්දෙිශ ලැබුණා. ඒ අනුව ඔවුන්ට ලියුමක යැව්වා උදව් කරන්න කියා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: CEO අනුමැතිය නැතිව ඔබට පුලුවන් ද WHO කතා කරන්න.
සාක්ෂිකාරිය : බැහැ. ස්වාමීනි . CEO හරහා ලංකාවේ ඔෆිස් එකට ලියලා WHI ආසියානු ශාඛාව හා සම්බන්ධ වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඒ අනුව ලැබුණු නිර්දේශය කුමක්ද ?
සාක්ෂිකාරිය : එම ඖෂධවල බැක්ටීරියා හෝ ශුද්‍ර ජීවීන් ඇද්දැයි බලන ලෙස.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: එන්න තක් තුළ ක්ෂුද්‍ර ජීවීන් බලන්න ඔබලාට පුළුවන්ද?
සාක්ෂිකාරිය : පුළුවන්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: එම පරීක්‍ෂණ ඔබආයතනය කලා. ඊට ඔබ දායක වුණාද?
සාක්ෂිකාරිය: ඔව් මම කෙටි කාලයක් වැඩ බලන CEO වෙලා හිටියා. මයික්‍රෝබයො ලොජිම්ට්වල හිටියේ නැති නිසා මම අධීක්ෂණය කළා.
සාක්ෂිකාරිය : ඉෂානි නැමති ඖෂධ වේදියා.
සාක්ෂිකාරිය : විශේෂ ස්ථානයක පරීක්ෂණයේ ප්‍රතිඵල මම පුද්ගලිකවම නිරීක්ෂණය කළා. සෘජුවම පරීක්ෂා කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: සාම්පලවල බැක්ටීරියා ඇද්දැයි බැලුවේ කෙසේද?
සාක්ෂිකාරිය : තෝරාගත් සාම්පල අදාළ උෂ්ණත්වයේ තබාගත්තා.ජීවාහුකරණය කළ කාමරයක ඖෂධයට පිටින් කිසිම බැක්ටීරියාවක් හෝ දිලීරයක් ඇතුල් වෙන්න නොදී තබා ගත්තා. අප එහි ගියෙත් ජීවානුකරණය කළ ඇඳුම් පැළඳුම්වලින්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: පරීක්ෂණය ආරම්භ වනතුරු සාම්පල සීල් කුප්පි වලද තිබුනේ?
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි
සාක්ෂිකාරිය : ෆිල්ටර් කරන විශේෂ උපකරණයකින් ෆිල්ටර් කර ෆිල්ටර් පේපරය දෙකම කපා එකක් බැක්ටීරියා සඳහන් අනෙක දිලීර සඳහන් කල්චර් කරනවා. බැක්ටීරියා සඳහා අංශක තිස් හතක් සහ දිලීර සඳහා අංශක 25ක් වලයි කල්චර් කරන්නේ. ඒවා ඉන්කියුබේටර් තුළ දින 14ක් තබනවා.
බැක්ටීරියා කල්චර් කළ පසු දින දෙකකදී අපරණ ද්‍රාවණය අව පැහැ ගැන්වුණා ගැන්වුණා. එහි තේරුම ද්‍රාවණය තුළ බැක්ටීරියා වැඩෙන බවයි බවයි. එම පරීක්ෂණය නැවත නැවත සිදු කර තහවුරු කරගත්තා.
දිලීර පරීක්ෂාවේදී පරීක්ෂාවේදී පරීක්ෂාවේදී ද කල්චර් කළ පේපර් එක මත සුදු පැහැ බෝල වැනි යමක් නිරීක්ෂණය ඌවහොත් එය දිලීරයයි නමුත් ඒ ටියුබ් තුළද සිදු වුණේ අව පැහැගැන්වීමක් නැවත නැවත එම පරීක්ෂණය සිදු කරමින් මෙම සාම්පලවල දිලීර නැති බවත් බැක්ටීරියා ඇති බවත් තහවුරු කර කරගත්තා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; බැක්ටීරියා හා දිලීර වෙන වෙනම හඳුනාගත හැකිද?
සාක්ෂිකාරිය : පුළුවන් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ඔබ මේ නිරීක්ෂණ ඇසුරෙන් රසායනාගාර වාර්තාව හැදුවාද?
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි
නඩුකරය 05 වන දින තෙක් කල් තබනු ලැබීය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

