චමින්ද බේරගන්න සජිත් ගිහිල්ලා වෙච්චි දෙයක්...
පහුගිය අඟහරුවාදා උදේ සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් දෙදෙනෙකුට ලංකාවේ උසාවි දෙකක ප්‍රසිද්ධ නඩු දෙකක්. මෙහෙම කිව්වම ටිකක් මඤ්ඤං වගේ නේද. ඔන්න පැහැදිලි කරන්නම්කො. එක නඩුවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ. අනිත් එක බදුල්ල මහාධිකරණයේ.
චමින්ද බේරගන්න
සජිත් ගිහිල්ලා
වෙච්චි දෙයක්...
පහුගිය අඟහරුවාදා උදේ සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් දෙදෙනෙකුට ලංකාවේ උසාවි දෙකක ප්‍රසිද්ධ නඩු දෙකක්. මෙහෙම කිව්වම ටිකක් මඤ්ඤං වගේ නේද. ඔන්න පැහැදිලි කරන්නම්කො. එක නඩුවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ. අනිත් එක බදුල්ල මහාධිකරණයේ.
මතකනේ හරක් කතා වෙනුවෙන් dubai රාජ්‍යයේදී අල්ලස් ගත්තයි කියන සිද්ධිය. ඔන්න ඕකට සැකපිට රකිත රාජපක්ෂයි චරිත අබේසිංහයි අරුණ වරුසහැන්නදියි අත්අඩංගුවට අරගෙන කොටුව මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවල දැන් මාසෙකටත් වැඩේනේ. ඉතින් පහුගිය කාලෙ කවුරුත් ඇප ගන්න තමයි ෆුල් ට්‍රයි එක. අන්තිමේ ඉතින් ඇප ලැබුණේ පහුගිය 28 වෙනි අඟහරුවාදා...
රකිතට වර්ණට ඇප දෙන්න ඒගොල්ලන්ගේ තාත්තල ඉදිරිපත් උනාට කවුද අනේ චරිත අබේසිංහට ඇප දෙන්න හිටියේ. චෝදනාව ආපු ගමන් කලබල වෙච්ච පක්ෂය චරිතව පක්ෂයේ සියලු වගකීම් වලින් තනතුරුවලින් පවා ඉවත්කර දැම්මනේ. හැබැයි කවුරු කිව්වත් චරිතට සමගි ජන බලවේගය දේශපාලන පක්ෂයක් හැටියට කරපු වැඩේ නම් කැතයි කියලා තමා ඔය වරුණ රාජපක්ෂ පවා නොකියා කියන්නේ....
දුන්නට ඇප ඊට ඇප වෙලා චරිතව එලියට ගන්න තරම් කෙනෙක් පක්ෂයෙන්වත් පවුලෙන්වත් ඉදිරිපත් නොවුන නිසා ඔන්න චරිත ආයෙත් ඇතුලට ගිහින්. හැබැයි ඉතින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මුලු පක්ෂයේම ප්‍රබලයෝ ටික එදා ඉඳලා තියෙන්නෙ බඳුල්ලේ. ඒකට හේතුව චමින්ද විජේසිරිගෙ නඩුව...
චමින්ද විජේසිරි යහපාලයට ආණ්ඩුව කාලේ පාරෙ තිබිච්ච මහජන විරෝධතාවයකට සහභාගී වෙන්න ගිහිල්ල පොලිසියත් එක්ක ඇතිවුනයි කියන පටලැවිල්ලකට ඔය නඩුව දැන් කාලෙක ඉඳන් ඇහෙනවා.
කවුරුත් කියන විදියට මේක ඉතිං එදා නියපොත්තෙන්ම කඩල දාන්න තිබිච්ච නඩුවක්. ලේසියෙන්ම සමථයකට පත්වෙන්න තිබිලා. ඉතින් කෝ ඒ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් දෙපැත්තටම නැහැනෙ. අහංකාරකම හින්ද දෙපැත්තටම ඒ ගැන උවමනාවක් තිබිලත් නෑ. එදා පටන් ඔය නඩුව ඇහිලා ඇහිලා ඇහිලා... අන්තිමේ කේස් එක බරපතල වෙලා මහාධිකරණයටත් ඇවිත් ඔන්න දැන් අඟහරුවාදා නඩුවේ තීන්දුව දෙන්නත් ලෑස්ති කරලා.
ඔන්න ඔය තීන්දුව දෙන වෙලාවට සහභාගී වෙන්න තමයි සමග ජන බලවේගයේ නායකතුමයි අනිත් කට්ටියයි ඔක්කොම එක්ක වන්දනා ගමනක් යනවා වගේ බදුලු ගිහිල්ල තියෙන්නේ... අහන්නකෝ විස්තරේ...
චමින්ද විජේසිරි කියන්නේ විපක්ෂයේ පැත්තෙන් සමඟි ජන බලවේගයට ඉන්න ඇසර්ට් එකක් කිව්වොත් වරදක් නෑ. කලබලකාරයා තමයි. ඉතින් දක්ෂ කථිකයා. පාර්ලිමේන්තුව ඇතුලේ පට්ට සටන්කාමියා... පටන් ගත්ත දවසෙ ඉඳලාම විපක්ෂයේ මේ "වල්පැලේ" මාලිමා ආණ්ඩුවේ මල් පැළ, බෝ පැළ, හඳුන් පැල ඔක්කොටම මහ කොඩිවිනයක් වගේ වෙලා තමයි තිබුණේ. ඒක හින්දනේ ආණ්ඩුවෙ උදවිය චමින්ද විජේසිරිට මේ පාර නම් ජම්පරේ අන්දන එක අන්දනවාම තමයි කියලා පුරසාරම් කිව්වේ. ඒවා ඉතින් කට තිබුණු පලියට කිව්ව කතාම වෙන්නත් බෑ කියලා තමයි සමහරු නම් කිව්වෙේ.
මීට මාසෙකට කලිනුත් නඩුව දවසේ තමන්ගේ යාලුවට උසාවියේදී පොඩිපහේ ධෛර්යයක් දෙන්න මන්ත්‍රීවරු සෙට් එකක් කොලඹින් බදුල ගිහින් තිබුණනේ. එදා නඩුවෙ අන්තිම දවස උනාටත් තීන්දුව දෙන දවස විදියට නම් කරලා තිබුණේ 28. ඔන්න එදාටත් කට්ටිය චමින්දව පුදුම කරන්න බදුලු යන්න සෙට් වෙලා...
නඩේගුරා ජේසි. සුජිත් සංජය, හෙක්ටර අප්පුහාමි, හර්ෂණ රාජකරුණා. දිලිප් වෙදආරච්චි, හර්ෂණ රාජකරුණා, නලින් බණ්ඩාර ඇතුළු කට්ටිය highway එකෙන් මුලින්ම ගේ වැල්ලවායට. වැල්ලවායෙන් ධර්මසේන මන්ත්‍රීතුමත් එක්ක ඔන්න ඊට පස්සේ හවස් වෙනකොට ඇල්ලේ. ඇල්ලේ ඉතිං හොඳම නවාතැන චාමරගේ හෝටලේනේ... එදා රාත්‍රිය ඉතින් ෆුල් ආතල් කියලයි ආරංචි. රෑ වෙනකොට චාමරත් ඔතනට ආපු නිසා කට්ටිය එදා රාත්‍රියේ නිදාගන්න එකත් බොහොම පරක්කු වුනා කියලයි කියන්නේ...
රාත්‍රියේ සෙට් වෙලා මොන මොන සින්දු කිව්වත් හාන්දරම බදුලු උසාවි යන්නත් එපැයි. සජිතුත් එන්නට නියමිතයි. චාමරලා ගේ සීලස් සුජිත් සංජයලත් කට්ටිය එක්ක බදුල්ලට යනකොට ඔන්න සජිත්ලත් බදුල්ලට ඇවිත්. එතනත් ඉතින් බර සෙට් එකක්. සජිත්, කබීර්, රංජිත් මද්දුම බණ්ඩාර, චතුර ගලප්පත්ති, ඇතුළු කට්ටියක්ම ඇවිත්නේ..
බදුල්ලේ උසාවියේ චමින්ද වෙනුවෙන් කතා කරන්න අනුජ ප්‍රේමරත්න කොළඹ ඉඳලා වෙනමම ගිහින්.... හැබැයි ඉතින් වයිම ඇවිල්ල කතා කලත් වැඩක් නෑ. . මොකද චමින්දට එරෙහිව නඩුව සෙට් වෙලා තියෙන විදියට අනුව අච්චුව ස්ථිරයි... ඔන්න ඉතින් අවුරුදු එකහමාරකට බන්ධනාගාරගත කරන්නට චමින් චමින්ද චමින්ද විජේසිල්ටත් තීන්දුව දීල. හැබැයි ඉතින් තීන්දුව මෙහෙම වෙයි කියල ගොඩක් දෙනා හිතලා නෑ. හිතල තියෙන්නෙම ලිහිල් දඬුවමක් ලැබෙයි කියලාලු...
නඩුව ඉවර වෙලා කට්ටියට තටා කියලත් චමින්ද විජේසිරි බන්ධනාගාර බස් එකේ නැගලා බදුල්ල බන්ධනාගාරයට කියාට ආපු අමුත්ත වෙනුවෙන් ඔහු වෙනවාවම වැඩපිළිවෙලක් සූදානම් කරලා. සජිත් ඇතුළු අමුතු කට්ටියටම බදුල්ලෙ ලොකු හෝටලෙක වෙනමම කෑම..
කෑම පැත්තක තියෙද්දි ඔන්න ඔතන සජිත් එක්ක කට්ටියම බර සාකච්ඡාවක.
නීතිඥවරුත්ගේ අදහස ඇපිල් එකකට යන්න. සජිතුත් ඒකට කර ඇරියෙ නෑ. . ඔව් අපි ඇපිල් කරමු කියල තමයිලු සජිත් කිව්වෙත්.
හරි අපි දැන් කොහාටද ඇපිල් කරන්නෙ කියල ඔන්න ඊලඟට ප්‍රශ්නයක්.. නීතිඥයෝ කියන්නේ නම් අභියාචනාධිකරණයට යනවට වඩා මෙතනම හොඳයි කියලා... ඔව්.... අපි නොපමාව මෙතනම ඇපීල් කරමු කියලා ඔන්න සජිතුත් තීන්දුව දීලා...
''නඩුකාරතුමාගේ දේශනයේත් කියවුනු අදහසක් තමයි, අපරාදේ මේක මෙච්චර දුර දිගේ කියන එක. මේක ගොඩින් විසඳගන්න තිබුණා... "සජිත්ට එතන ඇතුලෙේ සිටුවේෂන් එකත් හොඳට තේරිලා...
දැන් ඉතින් චාමරට වගේ තමයි. ටික දවසක් චමින්දටත් බදුල්ල ඉඳලා පාර්ලිමේන්තු එන්න බස් එකේ කොළඹ එන්න වෙයි.
උදේට පාර්ලිමේන්තු එක්ක එනවා. හවසට පාර්ලිමේන්තුවෙන් අරන් යනවා. මොනව උනත් බන්ධනාගාරයට නම් වැඩ තියෙයි. . ඔන්න ඕක ගැන තමයිලු කට්ටිය අන්තිමට ටික වෙලාවක් කතා කරමින් ඉඳලා විසිරිලා ගිහින් තියෙන්නේ....
"බලන්නකෝ ඉතින්.... සජිත් ආවත් අපේ චමින්දට වෙච්චි දෙයක්, කියලා තමයිලු ඔන්න ඔය වෙලාවේ චාමින්ද ගේ යාළුවො ටික හිනාවෙවී කතාබහ කරලා තියෙන්නේ....
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

