මැරඩෝනා මළේ නෝනත් එක්ක මැච් බලලා...
බිරිඳ: ඔයා කොහේද මේ යන්න හදන්නේ? ස්වාමිපුරුෂයා: පබ් (Pub) එකට ගිහින් මැච් එක බලන්න.
මැරඩෝනා මළේ
නෝනත් එක්ක මැච් බලලා...
බිරිඳ: ඔයා කොහේද මේ යන්න හදන්නේ?
ස්වාමිපුරුෂයා: පබ් (Pub) එකට ගිහින් මැච් එක බලන්න.
බිරිඳ: ඇයි ඉතින් මාත් එක්ක ගෙදර ඉඳන් බලන්න බැරි?
ස්වාමිපුරුෂයා: මට යාළුවොත් එක්ක බලන්න ඕනේ.
බිරිඳ: ඒ කියන්නේ මගෙන් ඔයාට වැඩක්ම නැහැ?
ස්වාමිපුරුෂයා: හරි හරි, මම නොගිහින් ඉන්නම්.
(ටික වෙලාවකට පසු මැච් එක බලන අතරතුර...)
බිරිඳ: ඇයි අර ගෝල්කිපර් (ගෝල් රකින්නා) කළු පාටින් ඇඳලා ඉන්නේ?
ස්වාමිපුරුෂයා: එයාගේ අම්මා නැතිවෙලා ඒකට ශෝක වෙනවා.
බිරිඳ: අර කථcommentator (විස්තර විචාරකයා) හැමෝගෙම නම් දන්නේ කොහොමද?
ස්වාමිපුරුෂයා: ඒක එයාගේ රස්සාවනේ.
බිරිඳ: ආන්න ගෝල් එකක් දැම්මා!
ස්වාමිපුරුෂයා: නැහැ, ඒක ඕෆ්සයිඩ් (Offside).
බිරිඳ: මොකක්ද ඒ ඕෆ්සයිඩ් කියන්නේ?
ස්වාමිපුරුෂයා: (කලකිරිලා) නෑ නෑ ඒක ගෝල් එකක් තමයි. මම විහිළුවක් කළේ.
බිරිඳ: හරි, ඒ වුණාට මොකක්ද ඒ ඕෆ්සයිඩ් කියන්නේ?
ස්වාමිපුරුෂයා: ඕෆ්සයිඩ් කියන්නේ කෝච්ගේ (පුහුණුකරුගේ) නම.
බිරිඳ: කෝ ඉතින් කෝච්?
ස්වාමිපුරුෂයා: එයා පිට්ටනියෙන් පිට ඉන්නේ.
බිරිඳ: ඇයි එයා සෙල්ලම් කරන්නේ නැත්තේ?
ස්වාමිපුරුෂයා: නෑ, එයා සෙල්ලම් කරන්නේ නැහැ. එයා කරන්නේ ක්‍රීඩකයෝ මාරු කරන එකයි සෙල්ලම් කරන උපක්‍රම වෙනස් කරන එකයි.
බිරිඳ: මට කියන්නකෝ, අර මැරඩෝනා ඉන්නවද ඔය සෙල්ලම් කරන අය අතරේ?
ස්වාමිපුරුෂයා: නැහැ, එයා මැරුණා.
බිරිඳ: අනේ දෙයියනේ, ඒ කොහොමද?
ස්වාමිපුරුෂයා: එයා එයාගේ නෝනා එක්ක මැච් එකක් බලන්න ගිහින්!
---
පිරිමි අය ගෙදර ඉඳන් මැච් බලන්න අකමැති ඇයි කියලා දැන් පැහැදිලියි නේද?
(අන්තර්ජාලය ඇසුරිනි)
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
2
Angry
0
Sad
1
Wow
0

