කතානායකගේ වැරදුණු කුරුමානම...

මේ සතිය පාර්ලිමේන්තු සතියක්. අඟහරුවාදා සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව පටන් ගත්තා... පහුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වැඩේ වැරදුනානේ. අතීතයේ යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච සංගිධියකට ඔන්න අවුරුදු එකහමාරකට අච්චු විදින්න සජබෙ මන්ත්‍රී චමින්ද විජේසිරි බන්ධනාගාර ගත වුණා.

Aug 7, 2026 - 10:22
 74
කතානායකගේ  වැරදුණු කුරුමානම...


කතානායකගේ

වැරදුණු කුරුමානම...


මේ සතිය පාර්ලිමේන්තු සතියක්. අඟහරුවාදා සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව පටන් ගත්තා...

පහුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වැඩේ වැරදුනානේ. අතීතයේ යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච සංගිධියකට ඔන්න අවුරුදු එකහමාරකට අච්චු විදින්න සජබෙ මන්ත්‍රී චමින්ද විජේසිරි බන්ධනාගාර ගත වුණා. 

මට උණු වැඩේ තමයි තොටත් උනේ. මමත් මල්ලියේ බදුල්ලේ ඉඳලා පාර්ලිමේන්තු ගියේ බස් එකේ. උඹත් ඉතින් ලබන සතියේ ඉඳලා එහෙමම කොළඹ වරෙන්...

ඔන්න ඔහොම කියලා චමින්ද විජේසිරිගෙන් බදුල්ලේ චාමර සම්පත් සමුගත්තේ...

ඔව් ඉතින්.... හිරේට නියම වුණාට පාර්ලිමේන්තු එන එක නැති එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකමක්. චාමර කිව්වත් නැතත් චමින්ද විජේසිරි හිටියේ ඊළඟ සතියෙ ඉඳලම පාර්ලිමේන්තු යන්න. 

ඒ ගැන කතා කරල නීති උපදෙස් ගත්තු චමින්ද තමන්ගේ නීතිඥ කණ්ඩායමට ඊළඟට කරන්න ඕන මොනවද කියලා කල් තියා උපදෙස් දීලා...

ඔන්න ඒ අනුව චමින්ද විජේසිරිට ලබා දීපු දඬුවම ගැන අභියාචනාධිකරණයේ පැමිණිලි කරන්න සියල්ල සූදානම්. සමහර නීතිවේදීන් කිව්වේ මහාධිකරණයෙන්ම “බේල් පෙන්ඩින් ඇපීල්” එකක් ගමු කියලා. ගිය සතියේම ඊට අදාල ලියකියවිලි ටික අදාල තැන්වලට භාර දුන්නා කියලා තමයි චමින්ද විජේසි රිගේ නීතිඥයො අපිට කිව්වේ...

හැබැයි සජබය පැත්තෙන් චමින්ද වෙනුවෙන් ඒ සියල්ල අකුරටම කෙරිලා. ඇප ඉල්ලන ලියුම් කියුම් හරි. සඳුදා වෙනකොට කතානායකතුමාටයි පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයටයි අදාළ ලිය කියවිලි ටික ඔක්කොම පක්ෂය විසින් භාරත් දීලා. ඔන්න දැන් චමින්ද පාර්ලිමේන්තු ගෙන්වන්න සජබෙ නිලධාරීන් කතානායක එක්ක සංවාදය...

“මට මේ ගැන කෙලින් තීරණයක් ගන්න බෑ. නීතිපතිතුමාගේ උපදෙස් ගන්ඩ වෙනවා...”

ඔන්න ඔහොමලු මේ ගැන අහනකොට කතා නායක විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකට කිව්වේ. කථානායකතුමා ඒ ගැන කිසි උනන්දුවක් නෑ ලු. අඟහරුවාද දවසේ පාර්ලිමේන්තුව ඇතුලේ ගිනි  විජ්ජුම්බරයයිලු.

අඟහරුවාද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ උදවිය ඒකතුවෙලා ඔන්න ඔය ගැනත් කතාව. 

සජඹය ඇතුලේ ලෝයර්ස්ලම කී දෙනෙක් ඉන්නවද බලන්නකෝ.  බර ගාණක් ලොයර්ස්ලා. අජිත් පී පෙරේරලා දයාසිරිලා සුජීවලා කාවින්ද ජයවර්ධනලා සුජිත් සඤ්ජයලා ප්‍රසාද් සිරිවර්ධනලා රෝහිනි කවිරත්නලා පාර්ලිමේන්තුවේ ලොබියේ උදේ ඔය ගැන කතාව...

කථානායකතුමා මේකට මොකද කරන්නේ කියලා ලේකම් කාරයාලයෙන් අහලා. මහාධිකරණය ඇප ඉල්ලීම බාර අරන් තියෙනවා කියලා ලේඛන තියෙනවා නම්, අන්න ඒවා බාර දුන්නම කතානායක අදාළ සිරකරුව පාර්ලිමේන්තු කැඳවන්න ඕන. මොකද අභියාචනයක් දැම්මට පස්සේ ඒ ඒ අදාල සිරකරු වරදකරුවෙක් නෙවෙයි. ඒක තමයි නීතිය. එයාට බන්ධනාගාරෙ ජම්පරේ අන්දන්නත් බෑ. 

“එහෙමනම් ඉතින් චමින්ද විජේසිරියට එන්න බාධාවක් නෑනේ. ඇයි කතා නායක මේකට ඉඩ දෙන්නේ නැත්තේ.”

“දෙන්නෙ නැත්තේ එක්කෝ එයාගේ නොදැනුවත්කම. එහෙම නැත්නම් පැලවත්තෙන් එන බලපෑම. එහෙම නැත්නම් උද්දච්ච හිතුවක්කාරකම... හැබැයි දැන් ඔන්න කතානායක මේ ගැන නීතිපතිගෙන් විමසීම කරලා. එහෙම තමයි ලේකම් කාර්යාලය පැත්තෙන් ආරංචි වෙන්නේ....” 

ඔන්න දැන් මන්ත්‍රීවරු ඔය ගැන ඒක එක මත පළ කරනවා...

මීට කලින් ඕන තරම් පූර්වාදර්ශ තියෙනවනේ... මන්ත්‍රීවරියක් අහලා...

“ඔව්... ඕක ගැන නාමලුත් මරු කතාවක් කිව්වා. අර චොකා මල්ලි ඉන්නවා නේද රත්නපුරයේ. මනුස්සයා මිනීමැරුමකට අහුවෙලා අච්චු උනානේ. මොකක්ද ප්‍රේමරාල් ගුණසේකර ද මොකක්ද නේ නම. මට මතකත් නෑ අප්පා...”

ඔන්න මනුස්සයා ඇපිල් එකක් දාලා පාර්ලිමේන්තු එන්න ඉල්ලීමක් කරනකොට එදා හිටපු කතා නායකත් මේ විදිහටම එන්න ඉඩ දුන්නේ නෑ...

ඕගොල්ලෝ දන්නවද මිනිහා ගියා කෝට්ටොෆ් ඇෆීල්. ඒකෙන් තීන්දුවක් අරගෙන තමයි චොකා මල්ලි එදා පාර්ලිමේන්තු ආවේ...

විපක්ෂයේ ඉන්න පරිණතම කළු කෝට් කාර මන්ත්‍රීතුමෙක් ඔය කතාව කියනකොට අනික් කට්ටිය අහගෙන හිටියේ කට ඇරගෙන...

එහෙනම් ඉතින් චමින්ද විජේසිරිට එන්න මොන බාධාවක්ද. 

නීතිපතිගෙන් අහලා ලුනේ... ඉතින් නීතිපති නීතිය දන්නවනේ. නීතිපති කියයි එන්න දෙන්න කියලා. ඔහොම කියලා තියෙන්නේ  දයාසිරිලු....

කොහොමින් කොහොම හරි ඔන්න බදාදා වෙනකොට චමින්ද විජේසිරි ගැන නීතිපතිගෙන් අහලා යවපු ලියමනට උත්තරෙත් ලැබිලාලු. ඔය තියෙන්නේ සද්දෙත් එක්ක.  අන්තිමේ නීතිපති එවලා තියෙන්නේ චමින්ද විජේසිරියට පාර්ලිමේන්තුඑන්න කිසිම නෛතික ගැටලුවක්වත් බාධාවක්වත් නෑ කියන කාරණාවලු...

“එහෙනම් ඉතින් චමින්ද මල්ලි හෙට ඉදලවත් පාර්ලිමේන්තු එයි...” මේ කතාව යන්නේ පාර්ලිමේන්තුවේ බදාදා...

ඔව්...  බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයිති බස් එකෙන් දවසකට ලක්ෂයක් විතර වියදම් කරගෙන ආණ්ඩුව චමින්දව අරගෙන ඒවි. එහෙනම් හෙට ඉදලා බලමු...

ඔන්න ඔහොමලු චමින්ද විජේසිරිගෙත් පාර්ලිමේන්තු ප්‍රශ්නෙ එදා දවස වනවිට විසඳුනා කියන්නේ..

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0