ආණ්ඩුවට එරෙහිව රනිල්ගේ ගේම...
මොකද මතක නැත්තෙ... අර රනිල්ගේ යහපාලන ආණ්ඩුව කාලේ සිල් රෙදි කේස් එකට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එක්ක හිරේ ගියේ... එහෙමත් අමතක වෙනවද නේ...ද ඔය කාලෙ නම් ඒකට කට්ටිය පට්ට පලු පතුරු යනකම් බැන්නෙ රනිල්ට. ඔන්න බලන්නකෝ අද කට්ටියට ඕවා අමතක හැටි...
ආණ්ඩුවට එරෙහිව
රනිල්ගේ ගේම...
පහුගිය ඉරිදා දවල් සිනමන් ලයිෆ් හෝටලේ ලොකු වෙඩින් එකක්. මතකයිද අනුෂ පැල්පිට.
මොකද මතක නැත්තෙ... අර රනිල්ගේ යහපාලන ආණ්ඩුව කාලේ සිල් රෙදි කේස් එකට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එක්ක හිරේ ගියේ... එහෙමත් අමතක වෙනවද නේ...ද ඔය කාලෙ නම් ඒකට කට්ටිය පට්ට පලු පතුරු යනකම් බැන්නෙ රනිල්ට. ඔන්න බලන්නකෝ අද කට්ටියට ඕවා අමතක හැටි...
සිනමන් life එකේ තිබුණු වෙඩින් එක අනුෂ පැල්පිටගේ පුතාගේ. පුතා බඳින්නෙ නැතුව ඉතින් ආයෙත් සැරයක් ඉතින් අනුෂ බඳින්නැයි. නැද්ද....
අනුෂ ඉතින් දීර්ඝකාලීන අත්දැකීම් තියෙන පරිපාලන නිලධාරියා හින්දා හිටපු ඇමතිවරු ගොඩක් අයට මේ වෙඩින් එකට ආරාධනා කරලා. ආනන්ද ඉස්කෝලෙ 82 කණ්ඩායමේ හිටපු පොරක්නේ. අන්න ඒක නිසා සිසිර පරණතන්ත්‍රීලා ධර්මන්ලා ඔයාදී ආනන්දෙ පරණ සෙට් එකකුත් බැහැලා හිටියේ. විශේෂ ආරාධිතයෝ ඔක්කොම ඉහල පරිපාලන නිලධාරීන් වගේම ඉහළ දේශපාලඥයෝ.
ඔය හිටියේ රනිලුත් විශේෂ ආරාධිතයෙක් වෙලා... රනිල් ගෝඨා නාමල් අනුරයාපා දිලිත් කට්ටියම කතාව. දන්නවද රනිල් තියරිය. 2015 කාලයේ රනිල්ගේ ආණ්ඩුව තිබුණට ඕක ඇතුළෙ සිද්ධ වෙච්ච ගොඩක් දේවල් එයාට කරන්න සිද්ධ වුනේ අනුර කුමාරලගේ බලපෑමට කියලයි එයා දැන් ඇඟ බේරගන්නෙ. ඒ කියන්නෙ එතකොට අනුෂ පැල්පිටලා ලලිත් වීරතුංගල හිරේ ගිහිල්ලා තියෙන්නෙත් මේ අනුරලාගේ වැඩ නිසා. රනිල් සියඹලා ගෙනල්ලම නෑ... එහෙමයි ආස.
ඔන්න බලන්නකෝ රනිල් හිටපු මේසේ මගුල් ගෙදර ඇවිත් හිටපු කට්ටිය. රනිල් ඇරුනම ගෝඨාභය නාමල් දිලිත් අනුරයාපා ඇතුළු කට්ටියක් ම ඔය මේසෙ වට වෙලා ඉන්නේ... අනුෂලගේ මගුල් ගෙදර වැඩි හචා බචා සද්ද එහෙමත් නැති හින්දා ඔක්කොටම ලංවෙලා දේශපාලනය ගැන හොඳ සංවාදයක් දාගන්න අවස්ථාව ලැබිලා.... ඔන්න දැන් කට්ටියම එකතුවෙලා කතා කරන්නෙ මේ ආණ්ඩුව නාන නෑම ගැන. ඕන් අපි නං නානව කියල කියන්නෑ. හැබැයි විපක්ෂයේ කට්ටිය ඔක්කොම කියන්නේ නානවා, හත් පොලේ ගා ගන්නවා වගේ කතානේ. කමක් නෑ... . ඕන මගුලක් තියාගත් දෙන්කෝ....
මේ අස්සෙ අහන්නකෝ රනිල් කියපු අමුතු විග්‍රහය....
"අපි ඕගොල්ලා විපක්ෂය හැටියට ඉඳගෙන මෙච්චර කාලයක් හැමදාම හැප්පිලා තියෙන්නේ බහුතර ආණ්ඩුත් එක්ක. හැබැයි මේ පාරනම් අපි ඔන්න හැප්පෙන්නේ සුළුතර ආණ්ඩුවක් එක්ක.... " රනිල් ලොක්කා එහෙම කියනකොට කවුරුත් එයා දිහා අමුතු විදිහකට බැලුවේ මෙයාට දැන් මංඤ්ඤංද කියලා....
මන්ත්‍රීවරු 159ක්, තුනෙන් දෙකක බහුතරයක් එක්ක ඉන්න ආණ්ඩුව කොහොමද සර් සුලතර වෙන්නේ.... ඔහොම ඇහුවෙ අනුරයාපා...
ඒ පස්සෙ පෙනුන හැටිනේ. මේ රටේ හැබෑ ජනමතය බලන්න එතනින් අරගෙන බෑ. ඕගොල්ලො යන්න ජනාධිපතිවරණයට. ජනාධිපතිවරණයට අනුර කුමාර්ට බහුතරය තිබුණද සියයට පනහේ. නැහැනේ. අන්න ඒක තමයි හැබෑ ජනමතය. ඊට පස්සේ මහා චන්දෙදි ඉතිං රැල්ලට ගහගෙන ගහගෙන ගියා අපේ මිනිස්සු ගෙවල්වල ඉන්නකොට. ඒක ජන මතය නෙවෙයි, ඒක රැල්ල...
හත්තිලව්වයි ඇත්ත නේන්නම්. දැන් බලාගෙන යනකොට සිංගප්පූරැවේ කරපු ඔපරේෂන් එකෙන් පස්සේ මේ මනුස්සයාගේ බ්‍රේන් එක මාර ටියුන්... ඔය කතාව දිලිත් කිව්වේ ළඟම හිටපු නාමල්ට...
ඕගොල්ලෝ ඇයි කලබල වෙන්නේ. මම කිව්වේ අද ගත්තත් මේ ආණ්ඩුව මේ සමාජය ඇතුළෙ සුළුතරයක් වෙලා ඉවරයි. බහුතරය අපි. බහුතරය විපක්ෂය. හැබැයි ආණ්ඩුවට තියෙන චාන්ස් එක තමයි අපි විපක්ෂය හැටියට ඉන්නෙ බෙදිලා වීම. ඒත් චාන්ස් එකේ වාසිය ආණ්ඩුව නියමෙටම පාවිච්චි කරනවා. ආණ්ඩුව පොලිසිය පාවිච්චි කරනවා ආණ්ඩුව දැන් අධිකරණය පාවිච්චි කරන්න අර අදිනවා. ආණ්ඩුව දේශපාලන බලය පාවිච්චි කරනවාා. හැබැයි ආණ්ඩුවට අපි මේක දන්නනවා. මේ ආණ්ඩුව නෙවෙයි බහුතරය. බහුතරය ඉන්නේ විපක්ෂයට කියන එක පෙන්නුවේ නැත්නම් අපි තවදුරටත් සාර්ථක නෑ...
සර්ගේ කතාව හරියටම හරි... අපිට සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.....
“මම ඒකයි කියන්නේ... අපි මේ රටේ සාර්ථක දේශපාලනයක් කරන්න නම් විපක්ෂය බෙදෙන්න ඇරලා බෑ.... අපි එකතු වෙන්න ඕන. එකතුවෙලා අපි අපේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන අනාගත සැලසුම් එකතුවෙලා හදන්න ඕන..... එක් වෙලා තීන්දු ගන්න ඕන....”
ඔහොම කියනකොට රනිල් ඉස්සර ආණ්ඩුව අරගෙන කියාපු “ලිච්ඡවී රජදරුවන්ගේ කතාව” මතක් වෙන්නේ නැද්ද... ඒක තමයි මේ රනිල් අදත් වෙන විදිහකට විපක්ෂය පැත්තටම ගලපල කියන්නේ...
“සර් ඕනම වෙලාවක මේ වැඩේ සංවිධානය කරන්න. විපක්ෂය සංවිධානය කරලා අපි සාකච්ඡා කරමු. සර්ත් එක්ක සාකච්ඡා කරන එක අපිට සතුටක්... රටට වැදගත්... දිලිත් එහෙම කිව්වම රනිලුත් ඕකට පොඩි පොඩි කතා ටිකක් කිව්වා. සතියකට සැරයක් හරි එකතු වෙලා මේ වගේ සාකච්ඡා කරලා ප්‍රෝග්‍රෙස් එකක් හදාගන්න එකේ වැදගත්කම කිව්වා....
“සර් ඕක ලෑස්ති කරන්න... අපි එනවා ඕනම තැනකට.... එහෙම නේද නාමල්...”
“අපි නම් දැනටමත් හමුවෙලා සාකච්ඡා කරනවා...” නාමල් හිනාවෙවී ඔන්න ඔහොම කියද්දී රනිලුත් ඔලුව වනලා ඒක අනුමත කරේ...
එහෙමනම් ඉතින් ඔන්න අලුත් ආරංචිය... විපක්ෂය ඇතුළේ දැන් දැන් මොන මොනවදෝ වෙනවා... කුච් කුච් හෝතාහේ.... හරිය....
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

