ශ්‍රී ලංකා අවුල ඒකාබද්ධ විපක්ෂය දෙකට කඩයි..!
කැඩිල බිඳිලා එහාට මෙහාට විසිරිලා ගියපු සුන්බුන් විපක්ෂය එකතු කරගන්න විපක්ෂයෙන් කණ්ඩායම් ගණනාවක්ම ට්‍රයි එක දුන්නනේ. අන්තිමේ සජිත් මැච් එකක් ගහලා පහුගිය දවස්වල කප් එකත් ගත්තා. හැබැයි ඉතින් ඒක ඇත්තටම එහෙමද....
ශ්‍රී ලංකා අවුල
ඒකාබද්ධ විපක්ෂය
දෙකට කඩයි..!
කැඩිල බිඳිලා එහාට මෙහාට විසිරිලා ගියපු සුන්බුන් විපක්ෂය එකතු කරගන්න විපක්ෂයෙන් කණ්ඩායම් ගණනාවක්ම ට්‍රයි එක දුන්නනේ. අන්තිමේ සජිත් මැච් එකක් ගහලා පහුගිය දවස්වල කප් එකත් ගත්තා. හැබැයි ඉතින් ඒක ඇත්තටම එහෙමද....
ඔන්න අහන්නකෝ පහුගිය දවසක වෙච්ච හරියක්. සුගීෂ්වර බණ්ඩාර නැතිවුනාට පස්සේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩ කටයුතුවලට ලොකු බාධාවක් වුණානේ. මෙයා ඔය කවුරුවත් නැති හිස් ගෙවල් ගානෙ ගිහිල්ලා ගේට්ටු ඉස්සරහ සද්ද දාලා මට්ටු වෙලා පටිරෝල් කරගත්තට ඒකාබද්ද විපක්ෂය ඇතුලේ රනිල්ටයි ජී. එල්. ටයි මැදි වෙච්ච රෝල්එක නම් ටොප් එකටම කළා. කෝඩිනේෂන් පාට් එක. ඒක මිනිහා මරුවට කරලා.
හැබැයි ඉතින් මිනිහා හිරේ ගියාට පස්සේ ඕක කරන්න කවුරුවත් නෑ කියලා කියන්නේ. අර අසරණ ජී. එල්. එහාට මෙහාට කෝල් කරලා කට්ටිය අල්ලගෙන ප්‍රෙස් කම්පරන්ස් ටික නම් යාන්තමට ගොඩ දාගන්නවා තමයි. හැබැයි ඉතින් අර තරම් ලකයක් නෑලු...
ඔන්න අහන්නකෝ පහුගිය සඳුදා වෙච්චි දෙයක්. සඳුදා තිබ්බනේ හවස නාරාහේන්පිට ජී. එල්ලයි ගෙදර පීට්සා කන පාටිය. හැමදාම සඳුදාට ඔය වගේ රැස්වෙනවා කිව්වට දැන් දැන් ඕකට එන පිරිසත් පොඩ්ඩක් අඩුයිලු...
හැබැයි ඉතින් පහුගිය සදුදත් ඔන්න යම් පිරිසක් ඇවිත්. මහාචාර්ය ජී. එල්, නිමල් සිරිපාල, රෝහිත, චම්පික, ලසන්ත, දොලේවත්ත, අසංක නවරත්න ඇතුළු වෙනදා එන තව කීප දෙනෙක් ඇවිත් ඉදලා...
මුලින්ම කතාව ඉතින් සුගීශ්වරගේ නඩුව ගැන තමයි. කොටුව මහේස්ත්‍රාත් ගෙන් ඇප ගැනීම සැක සහිතයි කියලයි ජී එල් කියලා තිබුණේ.
“මම මුල ඉඳලම කිව්වේ ඇප ගන්න මහාධිකරණයට යමු කියලා.”
“මහාධිකරණයේ මාස තුනක් යනවා. මෙතනින්ම ඇපගමු කියලා දයාසිරි එදා කිව්වේ ඒකයි...” ඔන්න දැන් ඕක ගැන තර්ක...
“හැබැයි ඉතින් මෙතන ඇප දෙන පාටක් නෑ. කලින් දවසෙ තියෙන චෝදනාවලට ඊළඟ නඩු දවසේ කරුණු ගොනු කරනකොට එදාට අලුතෙන් වෙන චෝදනාවක් දාලා ඇප දෙන්න බෑ කියනවා. ඒක තමයි මේ වෙලාවෙ ඒගොල්ලන්ගේ උපක්‍රමය...”
ඔන්න ඔහොම ඕක ගැන කතා කරලා ඉවර වෙන වෙලාවේ අඟහරුවාදට “ෆ්ලවරෝඩ් එකේ” තියන ප්‍රෙස් එකේ වාඩි කරන්නේ කවුද කියන එක සාකච්ඡා වෙලා...
මට අර ගල් අඟුරු කේස් එකට යන්න තියෙනවානේ. හෙට එන්න වෙන්නේ නෑ. කලින්ම චම්පික එහෙම කිව්වා.
යූ එන් පී එකෙන් තලතා එවනවා කියලා වජිර කිව්වා. පණිවිඩය කිව්වේ වෙන කෙනෙක්.
චම්පිතට බැරිනම් අපි දයාසිරිට එන්න කියමු. එහෙම කිව්වේ ජී එල්... ඔය වෙලාවෙ නිමල් සිරිපාල කිව්වේ අමුතුම කතාවක්...
නැහැ.... දයාසිරි ඕන නෑ... අපි දුමින්දව එවන්නම්....
ඒක ඉතින් කවුරුවත් අපේක්ෂා නොකළ උත්තරයක්. හැබැයි නිමල් එහෙම කිව්වා... ඒ තමයි දයාසිරිලා නැති තැන නිමල්ගේ හැටි....
තලතයි දුමින්දයි කීර්ති තෙන්නකෝනුයි ඇති.... හැබැයි එහෙම කිව්වට ජී එල් ගේ නම් ඒකට වැඩි මනාපයක් තිබිලා නෑ.... අර මොකද මේ වගේ තැන්වලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලෙ තියෙන අභ්‍යන්තර කෝන්තර එළියට එන බව ජී එල් ටිකක් දන්නවා... හැබැයි වැඩේ ෂේප්.
ඔන්න ඔහොම වැඩි ආතල් එකක් නැතුව පීට්සා කාලා කට්ටිය විසිරිලා ගියා කියන්නකෝ.
පහුවදා උදේ නමයට විතර ජී.එල් පීරිස් ලොක්කා කලකිරීමෙන් යුතුව flower road ආවා... “මට නම් මේවා එපාම වෙනවා අප්පා. මේ මිනිස්සු ෆෝන් ආන්ස කරන්නේ නෑනේ...” ජී එල් ඇතුළට ආවෙම ඔන්න ඔහොම කියාගෙන...
බැලින්නම් දුමින්ද ප්‍රෙස් එකට එන්න බෑ කියලා. දැන් පණිවිඩේ දයාසාරිට කියලත් නෑ.... දුමින්දත් නෑ... චම්පිකත් නෑ. සොකඩයෝ වාඩි කරවලා ප්‍රෙස් එක නෝන්ඩි කරවන්නත් ජී එල්ට බෑ...
දුමින්ද වෙනුවට සුරේන් රාගවන් එවන්නම් කියලා නිමල් සිරිපල පස්සේ උත්තර දීලා....
ඒ කවුද අනේ... දයාසිරි වෙනුවට replace කරන්න පුළුවන් මිනිහෙක්ද ඒ.... එතකොට තලතා කෝ... එයත් නැද්ද... ඔන්න ෆලවර් රෝඩ් එකේ අයට තියෙන ප්‍රශ්න...
එයත් එන්නේ නෑලු. වජිරට ගන්නවා ගන්නවා එයා ෆෝන් ආන්සර් කරන්නේ නෑ... ජී. එල්. තමන් වැටිච්ච අමාරුව ගැන ඔන්න ඉතින් විස්තර කළා...
ඒ අස්සෙ flower එකේ ටීම් එක වටේටම කතා කරන්න ගත්තා... දයාසිරිට දැන්වත් පණිවිඩය කිව්වා නම් හරි. මිනිහා එනවා...
මං දයාසිරිටත් ගත්තා. ෆෝන් ආන්සර් කරන්නේ නෑ... උසාවියේ කියලා මැසේජ් එකක් එවලා...
අපි කවුරුත් ට්‍රයි කරමු. එහෙම කියපු ෆ්ලවරෝඩ් කට්ටිය ඔන්න දැන් වටේටම කතා කරනවා.
බැලින්නං වජිර ඉඳලා තියෙන්නේ උපාලි ධර්මදාසලාගේ මළ ගෙදර. තලතා නැති ආරංචිය දැනගත්ත වජිර, එයා එන්න පොරොන්දු උනා....
බිනොයි කොහොම හරි දයාසිරිවත් කන්ටැක්ට් කරලා. දුරකථනය ජී එල්ට දුන්නා. දයාසිරිත් වෙලාවට එන බව පොරොන්දු වුනා...
මෙතන වෙච්ච කිසි දෙයක් දයාසිරියට කියන්න එපා කියලා ජීඑල් කිව්වත්... ඒ වෙනකොටත් ඒ ඔක්කොම දයාසිරි දැනගෙන ඉඳලා. ඔය සන්තෑසිය ජාඇල රැස්වීමෙදිත් උනා කියලා දයාසිරි කියලා....
ඔන්න කොහොම හරි වෙලාව වෙනකොට වැඩේ හරි. එහෙන් දයාසිරි ආවා. අනිත් පැත්තෙන් සුරේන් රාගවන්. ඔය වජිරත් වෙලාවට ආවේ. කීර්ති තෙන්නකෝනුත් කොහේද ඉඳලා හරි වෙලාවට ඇවිත්...
ඒ මදිවට සෙනල් වෙල්ගමගේ පක්ෂයෙන් ශිරාස් යුනූෆ් එහෙමත් ඇවිත්. ඔන්න දැන් තුන්දෙනාගෙන් කරන්න ගිය වැඩේට අන්තිමේ කතිකයෝ පස් දෙනෙක් ඉදලා...
වෙලාවට දහයයි හතළිස් පහට ප්‍රෙස් එක පටන් අරන්... වෙනද වගේම මීඩියා වල හිගයක් නෑලු. ඔන්න ඉතින් ඔතන වැඩෙත් වෙලාවට තිතට කෙරිලා....
ඒ වැඩේ ශේප් එකේ ඉවර වුණා කියමුකෝ. අන්තිමට ඔන්න සමාලෝචනය. ඔය වෙලාවෙ ජී. එල්. මෙන්න මෙහෙමත් කියලා..
“කට්ටිය වැඩ කරන්නේ මේ විදිහට නම් මට මෙතන වැඩ කරන්න බැරිවෙයි....”
ඔය ඔක්කොම සුගීෂ්වර නැති එකේ පාඩුව සර්. එයා හිටියනම් සර්ට ඔය වගේ බර වැටෙන්නේ නෑ...
ඒකනම් හරියටම හරි... ජී එලුත් ඒ කතාව අනුමත කලේ එහෙමලු...
“අපට ඕන ආණ්ඩුවට ගේමක් අදින්න පුළුවන් ශක්තිමත් ඒකාබද්ධ විපක්ෂයක් හදාගන්න. හැබැයි ඉතින් මේ විදියට ශ්‍රී ලංකා එක පරණ කෝන්තර මෙතන ක්‍රියාත්මක කරන්න ගියොත් නං ඒ වැඩේ කරගන්න අපට බැරිවෙයි...”
මේ විදියට දිගටම වුණොත් ඒකාබද්ධ විපක්ෂය එකට එකතු වෙලා ගමනක් යනවා වෙනුවට දෙකට කැඩෙන්න බැරි නෑ කියලා තමයිලූ ෆ්ලවරෝඩ් එකේ හිටපු මීඩියා සෙට් එක ඔතන අන්තිමට කතා වෙලා තියෙනවා කියන්නේ....
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

