ඔබ දිව්රුම් දීලාත් බොරු සාක්ෂි දෙනවා...

අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහාත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ වර්තමාන නඩු විභාගය දැන් මෙරට නීති ක්ෂේත්‍රයේ බොහෝ සෙයින් උණුසුම් මාතෘකාවක් බව රහසක් නොවේ... පසුගිය සතියේ අවසාන දිනය වූ ඉකුත් 15 වැනි සිකුරාදාව එම නඩුවේ සාක්ෂි විභාගයේ තවත් උණුසුම් සිදුවීම් ගණනාවක් දකින්නට ලැබුණු දිනයක් සේ ඉතිහාසගතය. එදින තවදුරටත් සාක්ෂි ලබාදීමට, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පැමිණ සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කළ උපේක්ෂා ෂම්මි දෙනාවත්ත මහත්මියයි...

May 18, 2026 - 10:13
 74
ඔබ දිව්රුම් දීලාත් බොරු සාක්ෂි දෙනවා...

 2026 මැයි මස 15 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය...

ඔබ දිව්රුම් දීලාත්

බොරු සාක්ෂි දෙනවා...

පැමිණිල්ලේ සාක්ෂිකාරියට විත්තියේ

නීතීඥයින්ගෙන් බරපතළ චෝදනාවක්...

අධිකරණ වාර්තාකරු

අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහාත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ වර්තමාන නඩු විභාගය දැන් මෙරට නීති ක්ෂේත්‍රයේ බොහෝ සෙයින් උණුසුම් මාතෘකාවක් බව රහසක් නොවේ...

පසුගිය සතියේ අවසාන දිනය වූ ඉකුත් 15 වැනි සිකුරාදාව එම නඩුවේ සාක්ෂි විභාගයේ තවත් උණුසුම් සිදුවීම් ගණනාවක් දකින්නට ලැබුණු දිනයක් සේ ඉතිහාසගතය. එදින තවදුරටත් සාක්ෂි ලබාදීමට, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පැමිණ සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කළ උපේක්ෂා ෂම්මි දෙනාවත්ත මහත්මියයි...

කෙසේ වෙතත් ඒ මුළු දිනයම ගතව ගියේ දෙනාවත්ත මහත්මියත් නඩුකරයේ 10 වන විත්තිකරුගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහත්මාත් අතර සාක්ෂි විභාගයේ ඇතිවූ ඉතා උණුසුම් සංවාදයටය...

මෙම උණුසුම්ම අවස්ථාවේ නීතිඥවරයා විසින් සාක්ෂිකාරියට බරපතල චෝදනාවක්ද කරනු ලැබුවේය. “බොරු නොකියන බවට උසාවියේ දිවුරුම් ලබා දී සිටියත් සාක්ෂිකාරිය බොරු කියන බවට” හෙතෙම චෝදනා කළේය.

ඒ අතර 3 පුද්ගල මහාධිකරණය සාක්ෂිකාරියට අවවාද කරන අන්දමක්ද මෙසේ දැක ගත හැකිවිය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සමග කතා නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උපේක්ෂා ෂම්මි දෙනාවත්ත මහත්මියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය

අදාළ නඩුවේ සාක්ෂි විභාගය ඊයේ දිනට අවසන් කළ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහතුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අවවාද කරමින් මෙම නියෝගය ද නිකුත් කරන ලදී. එහිදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකාරියගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

ජනාධිපති නීතිඥවරයා 2022 සැප්තැම්බර් මාසයේදී එවකට සෞඛ්‍ය ඇමතිවරයා සමඟ පැවති රැස්වීමකට අදාළ සටහන් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කරමින් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

ජනාධිපති නීතිඥවරයා : "එම සටහන් අනුව, ඇගයීම් කමිටුවේ සාමාජිකයන් වූ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක සුදර්ශන සහ සහකාර අධ්‍යක්ෂකවරිය සහභාගි වූ බව සටහන්ව තිබෙනවා නේද?"

සාක්ෂිකාරිය: "එසේය ස්වාමීනී."

ජනාධිපති නීතිඥවරයා: "එම රැස්වීම සඳහා ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා වූ එවකට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ ඖෂධ සංස්ථාවේ එවකට සභාපතිව සිටි සරත් ලියනගේ සහභාගි වූ බවට සටහනක් වෙනවාද?"

සාක්ෂිකාරිය: "එවැනි සටහනක් තිබෙනවා."

මෙම ප්‍රසම්පාදනයට අදාළව ලැබුණු ලංසු ඇගයීම අදාළ කමිටුවේදී සිදු කෙරුණු අතර, එහිදී මිල සහ කාලය පිළිබඳව වෛද්‍ය සමන් රත්නායක මහතා ලබා දුන් උපදෙස් අනිවාර්යයෙන්ම සලකා බැලුණු කරුණු අතර තිබූ බව සාක්ෂිකාරිය පිළිගත්තාය. ඊට අමතරව WOR (Waiver of Registration) සහතිකය නිකුත් කිරීම වෙනම සලකා බලන බවට අලුත් උපදෙසක් ලැබුණු බවද ඇය පැවසුවාය.

ජනාධිපති නීතිඥවරයා: WOR සහතිකය නිකුත් කරන්නේ NMRA එකෙන් බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.

ජනාධිපති නීතිඥවරයා: ඒ සඳහා අදාළ සැපයුම්කරු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කළ යුතු බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය: ඒ පිළිබඳව පැහැදිලි වැටහීමක් නෑ.

ජනාධිපති නීතිඥවරයා: WOR එකක් දෙන්නේ නිශ්චිත ඖෂධ ප්‍රමාණයක් සීමිත කාලයකට ආනයනය කිරීමට බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය: ඒ ගැන ලොකු අවබෝධයක් නෑ ස්වාමීනී.

ජනාධිපති නීතිඥවරයා: තිබුණ අවබෝධය ඇතුලේ ඒ බව දන්නවාද?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි.

ජනාධිපති නීතිඥවරයා: ඒ සඳහා ගැනුම් ඇනවුමක් නිකුත් කළ යුතු බවට අවබෝධයක් ලබා ගත්තාද?

සාක්ෂිකාරිය: මෙම ඇගයීම් කරන අවස්ථාවේදී ඒ ගැන දැනගත්තේ නෑ. පසු අවස්ථාවකදී සාකච්ඡා සටහන් දැක්කම තමයි දැන ගත්තේ.

ජනාධිපති නීතිඥවරයා: එහිදී ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිම කියල තිබුණා ගැනුම් ඇනවුමක් අවශ්‍ය බව නේද?

සාක්ෂිකාරිය: ඒ බවට සටහනක් තිබෙනවා.

ඔබ දිව්රුම් දීලාත්

බොරු සාක්ෂි දෙනවා...

පැමිණිල්ලේ සාක්ෂිකාරියට විත්තියේ නීතීඥයින්ගෙන් බරපතළ චෝදනාවක්...

අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහාත් ආන්දෝලනයක් ඇති කළ  ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ වර්තමාන නඩු විභාගය දැන් බොහෝ සෙයින් උණුසුම් බව රහසක් නොවේ...

පසුගිය සතියේ අවසාන දිනය වූ ඉකුත් 15 වැනි සිකුරාදාව එම නඩුවේ සාක්ෂි විභාගයේ තවත් උණුසුම් සිදුවීම් දකින්නට ලැබුණු දිනයක් සේ ඉතිහාසගතය. එදින සාක්ෂි ලබාදීමට, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පැමිණ සිටියේ තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කළ උපේක්ෂා ෂම්මි දෙනාවත්ත මහත්මියයි...

කෙසේ වෙතත් එම දිනයම ගතව ගියේ දෙනාවත්ත මහත්මියත් නඩුකරයේ 10 වන විත්තිකරුගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහත්මාත් අතර සාක්ෂි විභාගයේ ඇතිවූ ඉතා උණුසුම් සංවාදයටයි...

මෙම සංවාදයේ උණුසුම්ම අවස්ථාවේ නීතිඥවරයා විසින් සාක්ෂිකාරියට බරපතල චෝදනාවක්ද කරනු ලැබුවේ “බොරු නොකියන බවට උසාවියේ දිවුරුම් ලබා දී සිටියත් සාක්ෂිකාරිය බොරු කියන බවට” හෙතෙම චෝදනා කළේය.

ඒ අතර 3 පුද්ගල මහාධිකරණය සාක්ෂිකාරියට අවවාද කරන අන්දමක්ද මෙසේ දැක ගත හැකිවිය.

අදාළ නඩුවේ සාක්ෂි විභාගය ඊයේ දිනට අවසන් කළ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහතුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අවවාද කරමින් මෙම නියෝගය ද නිකුත් කරන ලදී. එහිදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකාරියගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

ජනාධිපති නීතිඥවරයා 2022 සැප්තැම්බර් මාසයේදී එවකට සෞඛ්‍ය ඇමතිවරයා සමඟ පැවති රැස්වීමකට අදාළ සටහන් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කරමින් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

ජනාධිපති නීතිඥවරයා : "එම සටහන් අනුව, ඇගයීම් කමිටුවේ සාමාජිකයන් වූ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක සුදර්ශන සහ සහකාර අධ්‍යක්ෂකවරිය සහභාගි වූ බව සටහන්ව තිබෙනවා නේද?"

සාක්ෂිකාරිය: "එසේය ස්වාමීනී."

ජනාධිපති නීතිඥවරයා: "එම රැස්වීම සඳහා ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා වූ එවකට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ ඖෂධ සංස්ථාවේ එවකට සභාපතිව සිටි සරත් ලියනගේ සහභාගි වූ බවට සටහනක් වෙනවාද?"

සාක්ෂිකාරිය: "එවැනි සටහනක් තිබෙනවා."

මෙම ප්‍රසම්පාද

නයට අදාළව ලැබුණු ලංසු ඇගයීම අදාළ කමිටුවේදී සිදු කෙරුණු අතර, එහිදී මිල සහ කාලය පිළිබඳව වෛද්‍ය සමන් රත්නායක මහතා ලබා දුන් උපදෙස් අනිවාර්යයෙන්ම සලකා බැලුණු කරුණු අතර තිබූ බව සාක්ෂිකාරිය පිළිගත්තාය. ඊට අමතරව WOR (Waiver of Registration) සහතිකය නිකුත් කිරීම වෙනම සලකා බලන බවට අලුත් උපදෙසක් ලැබුණු බවද ඇය පැවසුවාය.

ජනාධිපති නීතිඥවරයා: WOR සහතිකය නිකුත් කරන්නේ NMRA එකෙන් බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.

ජනාධිපති නීතිඥවරයා: ඒ සඳහා අදාළ සැපයුම්කරු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කළ යුතු බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය: ඒ පිළිබඳව පැහැදිලි වැටහීමක් නෑ.

ජනාධිපති නීතිඥවරයා: WOR එකක් දෙන්නේ නිශ්චිත ඖෂධ ප්‍රමාණයක් සීමිත කාලයකට ආනයනය කිරීමට බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය: ඒ ගැන ලොකු අවබෝධයක් නෑ ස්වාමීනී.

ජනාධිපති නීතිඥවරයා: තිබුණ අවබෝධය ඇතුලේ ඒ බව දන්නවාද?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි.

ජනාධිපති නීතිඥවරයා: ඒ සඳහා ගැනුම් ඇනවුමක් නිකුත් කළ යුතු බවට අවබෝධයක් ලබා ගත්තාද?

සාක්ෂිකාරිය: මෙම ඇගයීම් කරන අවස්ථාවේදී ඒ ගැන දැනගත්තේ නෑ. පසු අවස්ථාවකදී සාකච්ඡා සටහන් දැක්කම තමයි දැන ගත්තේ.

ජනාධිපති නීතිඥවරයා: එහිදී ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිම කියල තිබුණා ගැනුම් ඇනවුමක් අවශ්‍ය බව නේද?

සාක්ෂිකාරිය: ඒ බවට සටහනක් තිබෙනවා.

"WOR ලබා ගැනීම වෙනම ආයතනයකින් සිදුකිරීම නිසා ඒ පිළිබඳව අවධානය යොමු නොකර ඇගැයීම් කාර්ය දිගටම සිදු කළාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට විරෝධය පළ කළාය. "WOR නිකුත් කිරීම ගැන ඇය දන්නේ නෑ කියලා කිව්වා. ඇගෙන් ඒ පිළිබඳව අහන්න බෑ" යි ඇය පැවසුවාය.

එහෙත් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ, "ඇය ඒ ගැන නොදන්නා බව කිව්වේ නෑ. ඇය යමක් දන්න බව කීවා" යනුවෙනි. ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාද සඳහන් කළේ WOR නිකුත් කිරීම සඳහා වෙනම ඇගයීම් කරන බවත් ඇගයීම් කටයුතු කරගෙන ගිය බවත් ඇය පැවසූ නිසා එම ප්‍රශ්නය යොමු කළ බවයි.

එහිදී සාක්ෂිකාරිය ප්‍රකාශ කළේ, "ඇගයීම් කටයුතු, ගුණාත්මක කරුණු සම්බන්ධයෙන් වෙනම බලන බව කිව්වා. ලැබුණු උපදෙස් මත කටයුතු කළා" යනුවෙනි. එම උපදෙස්වලට අදාළ සටහන් ඇය දැක ඇත්තේ 2024 වසරේදී බවත්, ඒවා අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡා සටහන් බවත් සභාපති විනිසුරුයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවාය.

ජනාධිපති නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙවෙනි කටඋත්තරය දෙද්දී ඒ සටහන බාර දුන්නා නේද?

සාක්ෂිකාරිය: "එසේය ස්වාමීනී."

ජනාධිපති නීතිඥවරයා: ඔබ ස්වේච්ඡාවෙන් නේ ඒ සටහන ලබා දුන්නේ, ඔබෙන් ප්‍රශ්න කිරීමටත් කලින්. ඒ අවස්ථාවේදී ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වද මේ සටහන් දැක්කේ 2024 දී කියලා?

සාක්ෂිකාරිය: "මට ඒ ගැන මතකයක් නෑ. සමන් රත්නායක මහතා කිව්වා රැස්වීමෙන් පසු උපදෙසක් දෙන බව. එසේ ඔහු කියූ බව සනාථ කිරීම සඳහා තමයි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ලියවිල්ල දුන්නේ."

ජනාධිපති නීතිඥවරයා: ඒක ලැබුණේ කවදද?

සාක්ෂිකාරිය: මට ප්‍රශ්නය පැහැදිලි නෑ.

ජනාධිපති නීතිඥවරයා: පැහැදිලි නැතිවෙනවා බොරු කියනකොට. ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙනකොට ඔය කියන විදියට මේ සටහන දැකල දින හැත්තෑවක් පමණක්නෙ ගතවෙලා තිබුණේ. 2024 දී මිනිට් සටහන් දැක්කා නම් ඒක අලුත් කරුණක්. අලුත් කරුණක් නම් ඔබට ඒ ගැන ප්‍රකාශ කිරීමට මතක් විය යුතුයි නේද?

සාක්ෂිකාරිය: සමන් රත්නායක මහතා දුන් උපදෙස සනාථ කිරීම සඳහා තමයි මම ඒ සටහන් දුන්නේ.

ජනාධිපති නීතිඥවරයා: මම යෝජනා කරනවා ඔබ දිවුරුම් පිට අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන බව, වැදගත් කරුණු ගැන වැරදි නිරූපණයක් කිරීමට.

සාක්ෂිකාරිය: නැත ස්වාමීනී.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ සාක්ෂිකාරිය මෙම මිනිට් සටහන 2024 දී ප්‍රථම වරට දුටු බවට කළ ප්‍රකාශය CID එකට ප්‍රකාශ ලබාදෙමින් ලේඛනය දුන් අවස්ථාවේ සඳහන් නොකිරීම විශාල ඌනතාවයක් බවයි.

අනතුරුව ඖෂධ ඇගයීමේ ලේඛනවල කොළම් 18ක් තිබූ බවත්, කමිටුවේ නිර්දේශය 19 වන කොළමේ සටහන් කළ යුතු බවත් සාක්ෂිකාරිය පිළිගත්තාය. එහිදී "හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්" ඖෂධය සම්බන්ධයෙන් නිර්දේශය ගැන ප්‍රශ්න කළ විට ඇය කියා සිටියේ අදාළ වෛද්‍යවරුන් සහ සහකාර අධ්‍යක්ෂකවරිය තොරතුරු ලබාදීමේදී සද්භාවයෙන් කටයුතු කර ඇති බවට වන විශ්වාසය මත ඊට අත්සන් තැබූ බවයි.

ජනාධිපති නීතිඥවරයා: ඔබ රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරිණියක්නේ පරිපාලන නිලධාරිනියක් විදිහට පහළ නිලධාරින් විසින් ලිපිගොනු යොමු කරද්දී ඔවුන් නිවැරදිව කටයුතු කරන බවට විශ්වාසයෙන් නේද වැඩ කරන්නේ?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී, මගේ යටතේ වැඩ කරන නිලධාරීන් ගැන මට විශ්වාසයි ඒ අයගේ ලේඛන පරීක්ෂා කර බලලා මම අත්සන් කරනවා.

ජනාධිපති නීතිඥවරයා: ඔබ වෛද්‍යවරියක් නෙමෙයිනේ.

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.

ජනාධිපති නීතිඥවරයා: එම කමිටුවේ සිටි ජේෂ්ඨ සහ එකම පරිපාලන නිලධාරිනිය ඔබ?.

සාක්ෂිකාරිය: ඔවුන් සද්භාවයෙන් කටයුතු කරන නිසා මම ඊට එකඟ වුණා.

ජනාධිපති නීතිඥවරයා: ඇයි ඔබ සද්භාවයෙන් සද්භාවයෙන් යැයි හැම වෙලාවෙම කියන්නේ. එය වැඩි වශයෙන් කීවාම ගැටළුවක් වෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: මා ඊට විරුද්ධයි. එලෙස ප්‍රකාශ කරන්න බෑ.

සභාපති විනිසුරුවරයා: ඒ ගැන කියන්න පුළුවන්.

ජනාධිපති නීතිඥවරයා: ඔබ සද්භාවයෙන් කියන එක හැම වෙලාවෙම කියන්නේ කුමන හෝ අවස්ථාවක අසද්භාවයක් පෙනුනාද?

සාක්ෂිකාරිය: නෑ ඒ අවස්ථාවේදී සද්භාවයෙන් කටයුතු කළ බව සිතුවා.

ජනාධිපති නීතිඥවරයා: දින පහක්ම ඔබ සත්භාවයක් දැක්කේ නෑ?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනි.

ජනාධිපති නීතිඥවරයා: සද්භාවයෙන් කියන එක කියන්න කියලා කවුරුහරි කිව්වද?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනී.

ජනාධිපති නීතිඥවරයා: කන්සල්ටේෂන් වලදී එහෙම කියන්න කියලා කිව්වද?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනි.

ඇගයීම් කමිටුවේ නිර්දේශය වූයේ NMRA ලියාපදිංචිය ඇති ලංසුකරුවන් නැති බැවින් ටෙන්ඩරය "අයිසොලෙස් බයෝ ටෙක් පාමා" ආයතනයට ලබාදීමට බව සාක්ෂිකාරිය පැවසුවාය. නිවැරදි තොරතුරු ලැබුණු බවට සෑහීමකට පත්වෙමින් කමිටු තීරණයට පැමිණි බව ඇය තහවුරු කළාය.

විත්තියේ නීතිඥ "රිටොක්සිමැප්" ඖෂධය සම්බන්ධයෙන්ද කරුණු විමසූ අතර, එහිදී පිළිකා රෝගීන්ට ඇති දැඩි අවශ්‍යතාවය සලකා දෙවැනි අඩුම ලංසුකරු වූ "අයිසොලෙස් බයෝ ටෙක් පාමා" ආයතනයට WOR සහතිකය සහිතව ටෙන්ඩරය ලබාදීමට නිර්දේශ කළ බව ඇය දීර්ඝ විස්තරයක් කරමින් කියා සිටියාය. NMRA ලියාපදිංචිය තිබූ සැපයුම්කරුවන් ලබාදුන් කාලසීමාව සමඟ එකඟ විය නොහැකි වූ බවද ඇය සඳහන් කළාය. ලකුණු කර ඇති ගොනුවල සඳහන් වෙනත් අනු අංක යටතේ ඇති ඖෂධ සම්බන්ධයෙන්ද මෙවැනිම සමාන නිර්දේශ සිදුකර තිබූ බව ඇය පිළිගත්තාය.

මෙහිදී 8 වන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්න විජේසුන්දර මහතා, මෙම රැස්වීම් සටහන තමන්ට අලුත් ලේඛනයක් බැවින් අවශ්‍ය වුවහොත් ඒ මත සාක්ෂිකාරියගෙන් සීමිත වෙලාවකදී හරස් ප්‍රශ්න විමසීමට අවසර ඉල්ලා සිටි අතර, අනෙකුත් පාර්ශවයන්ගේ විරෝධතාවයට යටත්ව අධිකරණය ඊට අවසර දුන්නේය.

ඉන්පසු දහවැනි විත්තිකරුගේ ජනාධිපති නීතිඥවරයා නැවතත් ප්‍රශ්න කිරීම් සිදු කළේය.

ජනාධිපති නීතිඥවරයා: "සිටොක්සි මැප් ඖෂධයේදී නිර්දේශ කර තිබෙන්නේ දෙවැනි අඩු මිල ලංසු කරූට අවස්ථාව ලබාදීමට නේද?"

සාක්ෂිකාරිය: "එහෙම කළ අවස්ථා තිබුණා. නිලධාරින් දුන් තොරතුරු මත එම නිර්දේශය කළා."

ජනාධිපති නීතිඥවරයා: ඒ නිලධාරීන් දුන් තොරතුරු සම්බන්ධයෙන් සැකයක් ඇතිවුණාද?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනී.

ජනාධිපති නීතිඥවරයා: තොරතුරු අසත්‍ය බවට හැඟී ගියාද?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනී.

ජනාධිපති නීතිඥවරයා: එහිදී අසත්භාවයක් දැනුනාද?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනී, ඒ අවස්ථාවේදී මම ඔවුන් සද්භාවයෙන් කටයුතු කරන බවට විශ්වාස කරමින් අත්සන් තැබුවා.

ජනාධිපති නීතිඥවරයා: ඒ අවස්ථාව ගැන තමයි අහන්නේ? ඇගේ කළ අවස්ථාව හැර වෙන වෙන අවස්ථා ගැන නෙමෙයි.

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.

වටිනාකමින් තුන්වන සහ හතරවන ස්ථානවල සිටි ලංසුකරුවන්ට ටෙන්ඩර් පිරිනැමූ අවස්ථා පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, සාක්ෂිකාරිය පැවසුවේ වෛද්‍යවරුන් කාල සීමාවන් සලකා බලා එම කරුණු දැක්වූ බවයි. ඖෂධ 188කට අදාළ කටයුතු කමිටුවක් ලෙස සිදුකළ බවත්, තමන් එහි සභාපතිනිය වුවද විශේෂ වගකීමක් දක්වා නොතිබූ බවත් ඇය පැවසුවාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය කිසිදු ආයතනයකට ස්වේච්ඡාවෙන් පැමිණිල්ලක් හෝ ප්‍රකාශයක් කර නොමැති අතර, වැඩි මිල ඇති ලංසුකරුවන් නිර්දේශ කළේ එකම සැපයුම්කරු වූ අවස්ථාවකදී හැර පමණක් බවද අවධාරණය කළාය.

පසුව, රාජ්‍ය අමාත්‍යාංශ අහෝසි කිරීමෙන් පසු අතිරේක ලේකම් තනතුරුවලට පත් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් පිළිබඳව තමන් දැන සිටි බවද ඇය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.

අනතුරුව එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරුණු අතර, ඊළඟ නඩු දිනයේදී පෙනී සිටින ලෙස අවවාද කරමින් සාක්ෂිකාරිය මුදා හරින ලදී. නඩුව හරස් ප්‍රශ්න විභාගයට භාජනය වෙමින් පවතින බැවින් කිසිදු පාර්ශවයක් සමඟ මේ පිළිබඳව සාකච්ඡා නොකරන ලෙස විනිසුරු මඩුල්ල ඇයට දැඩිව දැනුම් දුන්නේය.

මීළඟ සාක්ෂිකරුවන් ලෙස පැමිණිල්ලේ ලැයිස්තුවේ 201 සහ 216 වන සාක්ෂිකරුවන් කැඳවීමට අපේක්ෂා කරන බව සාක්ෂිකාරිය අධිකරණයට දැනුම් දුන්නාය. ඒ අනුව වැඩිදුර විභාග කටයුතු 18 වැනි සඳුදාට නියම කෙරිණි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0