සිවරාසා මරණය පරදා ජීවිතය දිනයි...
සමාජ මාධ්ය ඔස්සේ පළ කරන ලද ආන්දෝලනාත්මක ආගම් වාදී ප්රකාශයක් නිසා සවුදි අරාබියේ නීතියට අනුව මරණ දඬුවම හිමි වී සිටි අනෝජන් සිවරාසා නම් වූ ශ්රී ලාංකික තරුණයාට ශ්රී ලාංකික රජයේ සහ සකල ශ්රී ලංකාවාසී ජනතාවගේ බලවත් ඉල්ලීම මත, යළි ජීවත් වීමේ අයිතිය ලබා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරූන් හේමචන්ද්ර පවසයි...
සිවරාසා
මරණය පරදා
ජීවිතය දිනයි...

ජනාධිපතිතුමා හා රජය මෙන්ම විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතාගේ අධීක්ෂණය මත ශ්රී ලංකික දූත පිරිසක් සහ නීතිඥ කණ්ඩායමක් සවුදි අරාබියේදී කරන ලද රාජ්ය තාන්ත්රික සාකච්ඡා කීපයක් හා සෞදියේ නීතිඥවරුන් පිරිසකගේ ද මැදිහත්වීම ඇතුව ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද විශේෂ ඇපෑලක් හේතුවෙන් ඊයේ 13 වනදා මෙම තීන්දුව ලබාදීමට ශ්රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇති බව අමාත්යවරයා වැඩිදුරටත් පවසයි.
සමාජ මාධ්යය මගින් එක්තරා ආගමකට අපහාසාත්මකව පළ කරන ලදැයි කියන පෝස්ටුවක් හේතුවෙන් සිවරාසයට මුලින් හිමිවී තිබුණේ වසර පහක හිර දඬුවමකි. එයින් නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු බලධාරීන් සිවරාසාගේ දෙමව්පියන්ගෙන් ද සැලකිය යුතු මුදලක් ලබාගෙන මීට පෙර අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑලක් හේතුවෙන් අභියාචනාධිකරණය මරණ දඬුවම ලබාදී තිබිණි...
කෙසේ වෙතක් නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේ දෙමව්පියන්ගෙන් ලබාගත් එම මුදල ප්රතිපූරණය කරන්නට රජය කටයුතු කරන බවයි. එමෙන්ම සීරාසාගේ ජීවිතය දිනා ගැනීම වෙනුවෙන් සෞදියේ නඩු කටයුතුවලට වියපැහැදැම් වූ සියලුම මුදල් රජය විසින් දරන බවද අමාත්යවරයා කීවේය.
සිවරාසාට ජීවිතය දිනා දීම වෙනුවෙන් කටයුතු කළ ජනාධිපතිවරයාට අමාත්යවරයාට මෙන්ම අමාත්යාංශ ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ටත් සෞදි රජයටත් මෙරට සෞදි තනාපති කාර්යාලයටත් එරට තානාපති කාර්යාල ඇතුළු රජයටත් මේ ජයග්රහණය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය...
What's Your Reaction?
Like
3
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0