දන්නේ නෑ... මතක නෑ... අවබෝධයක් නෑ... සීමාවේ කොටු වූ තවත් සාක්ෂියක්...
මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු කරයේ පසුගිය දිනවල සාක්ෂි විභාගය අතිශයින් උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඒ පුරා දින හයක් තිස්සේ සාක්ෂි විභාගයට මුහුණ දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පැමිණිලි පාර්ශවයටත් විත්ති පාර්ශ්වයටත් දෙකටම ඉතාමත් තීරණාත්මක සාක්ෂි විභාගයක් වී තිබු නිසාය.
2026 මාර්තු 27 වනදා
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.
දන්නේ නෑ... මතක නෑ...
අවබෝධයක් නෑ...
සීමාවේ කොටු වූ තවත් සාක්ෂියක්...
අධිකරණ වාර්තාකරු.
මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු කරයේ පසුගිය දිනවල සාක්ෂි විභාගය අතිශයින් උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඒ පුරා දින හයක් තිස්සේ සාක්ෂි විභාගයට මුහුණ දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පැමිණිලි පාර්ශවයටත් විත්ති පාර්ශ්වයටත් දෙකටම ඉතාමත් තීරණාත්මක සාක්ෂි විභාගයක් වී තිබු නිසාය.
හයවෙනි දිනයටත් සාක්ෂි විමසමින් පසුගිය 24 වනදා සිදුවූ වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මියගේ සාක්ෂි විභාගයෙන් පසුව ඊයේ (26) සාක්ෂි විභාග කරන්නට කැඳවා තිබුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන නිලධාරිනී, මද්දුමගේ දෝන යුරේනිකා නිල්මිණි මහත්මියයි.
පැමිණිල්ලේ 129 වන සාක්ෂිකාරිය හැටියට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම සාක්ෂිකාරිනියගේ සාක්ෂි ලබාදීමේ පොදු ලක්ෂණයක් ලෙස නිරීක්‍ෂණය වූ ඉතා වැදගත් කරුණක් විය. ඒ වූ කලී නඩුකරය සම්බන්ධයෙන් බොහෝ සංකීර්ණ වැදගත් ප්‍රශ්නවලදී ඇය, “මා දන්නේ නෑ, මට අවබෝධයක් නෑ, මට මතක නෑ” ආදී කෙටි උත්තරවලින් ප්‍රශ්නය මගහැරීමේ උපක්‍රමයක් අනුගමනය කරන්නට පුරුදුව සිටීමයි...
විශේෂයෙන්ම මෙම නඩුකරයට පාදක වූ ප්‍රශ්න ගත “හියුමන් ඉමියුනොග්ලෝබියුලින්” එන්නත ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව පිහිට වූ, එවකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ “සරත් ලියනගේ මහතා ප්‍රමුඛ ප්‍රසම්පාදන කමිටුවක අනුමැතිය මත” බව කියන කරුණු සම්බන්ධයෙන් විමසන විට ඒ ගැන තමාට අවබෝධයක් නොමැති බව ඇය කියයි.
එපමණක් ද නොව, අඩුම තරමින් එවකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතා කොපමණ කාලයක් එම ආයතනයේ සේවය කළාද කියා වත්, සාමාන්‍ය වශයෙන් උත්තර දෙන්නට ඇයට අවබෝධයක් නොවීය.
එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජයේ ගරු උගත් නීතිඥතුමිය ඇයව හඳුන්වා දුන්නේ වසර විසි පහකට අධික කාලයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරිනියක් ලෙස ප්‍රසම්පාදන කටයුතුවල නියැලෙන ප්‍රවීණ නිලධාරිනියක් ලෙසය...
එහෙත් ඇයගේ සාක්ෂි විභාගයේ මැදිහත්වීම තුළ විත්තියේ හරස් ප්‍රශ්න ඇසීමේදී මතු කර ගත හැකි වූයේ කොතරම් අල්ප තොරතුරු ප්‍රමාණයක්ද... විත්තියට නොවූවත් ඇයගේ සාක්ෂි ලබාදීමෙන් පැමිණිල්ලට සාධාරණයක් ඉටුවී තිබෙන බව නිරීක්ෂණය වීද...
ඒ වගත් මෙසේය...
පැමිණිල්ලේ 129 වන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් එම සාක්ෂිකාරියගෙන් දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඔබ සාක්ෂි ලබා දුන් විදියට දැන් වසර 25 කට අධික කාලයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීනියක් ලෙස කටයුතු කරනවනේ?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; 2022 සැප්තැම්බර් පමණ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතා කොපමණ කාලයක් එම තනතුරේ කටයුතු කළාද කියලා ඔබට මතකද?
සාක්ෂිකාරිය ; මට මතක නෑ.
විත්තියේ නීතිඥ ; දැන් සභාපති ධූරය දරන්නේ වෛද්‍ය මනෝජ් වීරසිංහ මහතා කියලා ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; සරත් ලියනගේ මහතා සභාපතිවරයා ලෙස කටයුතු කළේ දළ වශයෙන් අවුරුද්ද ද? දෙකක්ද? මාසයක්ද දවසක්ද කියන එකවත් ඔබට මතක නැතිද?
සාක්ෂිකාරිය ; දළ වශයෙන් අවුරුද්දක් වගේ කාලයක් හිටියා වගේ මතකයි.
විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ; දළ වශයෙන් හෝ නිශ්චිත කාලයක් කියන්නවත් ඔබට අපහසු වුණේ ඇයි?
සාක්ෂිකාරිය ; නිශ්චිත කාලය කියන්න බැරි නිසයි.
විත්තියේ නීතිඥ ; සරත් ලියනගේ මහතා සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ ප්‍රසම්පාදන කටයුතු සිදුකළ බව ඔබ දන්නවාද?
ඔබතුමියගේ නම මොකක්ද ?
සාක්ෂිකාරිය ; මද්දුමගේ දෝණ යුරේනිකා නිල්මිණි.
විත්තියේ නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට පාදකව ප්‍රකාශ සටහන් කරන විට නඩුවට පාදක වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් යන ඖෂධ ගැන සඳහන් කරලා ඔබගෙන් ප්‍රකාශ සටහන් කළ බව මම යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකාරිය ; කියන්න ඇති. විශේෂයෙන් එම ඖෂධය ගැන සඳහන් කර ප්‍රශ්න ඇසුවේ නෑ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ආනයනය කළ ප්‍රසම්පාදන කමිටුවේ සරත් ලියනගේ මහතා හිටිය බව මට මතක නෑ. එම ඖෂධ ප්‍රසම්පාදන කටයුතු එම කමිටුව සිදුකළ බව මම දන්නේ නෑ.
විත්තියේ නීතිඥ ; ඔබ දීර්ඝ ලෙස සාක්ෂි දෙමින් ගරු අධිකරණය හමුවේ කීවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනය කටයුතු සිදු කිරීම හා ඊට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව.
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පුද්ගලික අංශය හෝ වේවා යම් ඖෂධයක් නැතිනම් වෙනත් භාණ්ඩයක් ගෙන්වුවත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේ අදාළ කටයුතු සිදු කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවනේ. ඔබලා තමයි එම වව්චර් අනුමත කරන්නේ ඔබලාගේ සංස්ථාවනේ. ලංකාවේ සැපයුම් කරුවන්ට මුදල් ගෙවන්නේ එස්.පී.සී (spc) එකනේ.
සාක්ෂිකාරිය ; අපි ගිණුම් අංශයට එම වව්චර පත් යොමුකරනවා.
විත්තියේ නීතිඥ ; මොන අංශයෙන් කොහොම ගෙන්නුවත් මිලදී ගන්නේ ඔබගේ සංස්ථාවනේ? මුදල් ගෙවිය යුත්තේ එය නේ මේවා පරිත්‍යාග නෙමෙයිනේ?
සාක්ෂිකාරිය ; ඔව් ඉන්දියානු සමාගම්වලට ඉන්දියානු රාජ්‍ය බැංකුවෙන් මුදල් ගෙවනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රශ්න කෑලි කෑලිවලට කඩලා අහන්න එපා.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; ඒක යෝජනාවක් විදියට කරන්න.
විත්තියේ නීතිඥ ; ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමට පෙර ලංකාවේ නියෝජිත නේද ණයවර ලිපි විවෘත කරන්න ඕනා? ඔබ ඒ ගැන දන්නවද? මා එහෙම යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මම ඒ ගැන දන්නේ නෑ .
විත්තියේ නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ විශේෂත්වය වුණේ ලංකාවේ සංචිතවල මුදල් භාවිතා නොවීම නේද කියලා මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; ඒක මුදල් අංශයෙන් තමයි විමසන්න ඕනා. මට ඒ ගැන අවබෝධයක් නෑ.
විත්තියේ නීතිඥ ; ඔබ මූලික සාක්ෂි දෙමින් පැවසූ තුන්වෙනි ක්‍රමවේදය යටතේ මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදී “වී” අක්‍ෂරය යටතේ ඖෂධ ආනයනය කළ බව දන්නවාද?
සාක්ෂිකාරිය ; මට මතක නෑ මට ආවේ එක්ස් (x) ඕඩර් විතරයි.
විත්තියේ නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මැදිහත්වීමක් සිදුවූ බව මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; 2023 වසරේදී එම ඕඩර් එක කැන්සල් වුණා.
මෙම අවස්ථාවේදී දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුමඩුල්ල 2024.03.02 දින දසවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ දී භාරයට ගෙන තිබූ ලේඛන ගොනු අධිකරණ රෙජිස්ටාර්වරිය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ. නිලධාරියකු ඉදිරියේ විත්තියේ නීතිඥවරයාට පරීක්ෂා කිරීමට අවසර ලබා දුන්නේය.
එම සාක්ෂිකාරියගෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් ප්‍රශ්නගත ඖෂධ ඇතුළු ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට අදාළ ක්‍රියාවලිය හා ඊට සම්බන්ධිත ලේඛන රැසක් පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කරමින් ප්‍රශ්න විමසීම කළාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කැදවන ලදි.
වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ලබන 30 වැනිදා පෙව 10.00 දක්වා කල් තැබූ විනිසුරු මඩුල්ල එම සාක්ෂිකාරියට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළේය.
What's Your Reaction?
Like
2
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

