විමර්ශනය පක්ෂපාතීයි අත්යවශ්යම සාක්ෂි හා සටහන් හිතාමතා මගහැරියාද...
කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන ප්රමිතියෙන් තොර බාල ඖෂධ නඩුව මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ ඇති බව ප්රදර්ශනය කරන තවත් එක් සාක්ෂි විභාගයක් පහුගිය සිකුරාදා (09) ප්රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරුතුමන්ලා ඉදිරියේ විභාගයට ගැනින. එය තීරණාත්මක සන්ධිස්ථානයක් බව සනිටුහන් කරමින් ඒ දිනත් නඩු විභාගය සඳහා සාක්ෂි දීමට පැමිණ සිටියේ පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි මහතාය. මීට පෙරත් කීප දිනක්ම සාක්ෂි විභාගය සඳහා සහභාගි වූ ලක්සිරි මහතාගේ සාක්ෂිවලින් මෙදිනත් ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විමර්ශනය සම්බන්ධයෙන් අත්යාවශ්ය වැදගත් කරුණු රාශියක්ම හෙළිදරව් විය
ප්රමිතියෙන් තොර ඖෂධ නඩුව
2026 ඔක්තෝම්බර් 09
විමර්ශනය පක්ෂපාතීයි
අත්යවශ්යම සාක්ෂි හා සටහන්
හිතාමතා මගහැරියාද...
විත්තියේ නීතිඥයෝ
ප්රබල විරෝධයක...
(අධිකරණ වාර්තාකරු)
කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන ප්රමිතියෙන් තොර බාල ඖෂධ නඩුව මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ ඇති බව ප්රදර්ශනය කරන තවත් එක් සාක්ෂි විභාගයක් පහුගිය සිකුරාදා (09) ප්රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරුතුමන්ලා ඉදිරියේ විභාගයට ගැනින.
එය තීරණාත්මක සන්ධිස්ථානයක් බව සනිටුහන් කරමින් ඒ දිනත් නඩු විභාගය සඳහා සාක්ෂි දීමට පැමිණ සිටියේ පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි මහතාය. මීට පෙරත් කීප දිනක්ම සාක්ෂි විභාගය සඳහා සහභාගි වූ ලක්සිරි මහතාගේ සාක්ෂිවලින් මෙදිනත් ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විමර්ශනය සම්බන්ධයෙන් අත්යාවශ්ය වැදගත් කරුණු රාශියක්ම හෙළිදරව් විය.
උගත් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ එම දිනය පුරාම සාක්ෂි ලබා දුන් විමර්ශන නිලධාරී එරංග ප්රභාෂ් ලක්සිරි මහතාගෙන් විත්තියේ අතිි දක්ෂ නීතිඥවරුන් වන නුවන් ජයවර්ධන අශෝක සේරසිංහ හා අරවින්දු මනතුංග ආරච්චි යන මහත්ම මහත්මීන් හරස් ප්රශ්න විමසූ අතර එසේ විමසූ ප්රධාන ප්රස්තුත ගණනාවක් හමුවේ පැමිණිල්ලේ සාක්ෂිකරු ලෙස ආ මෙම පරීක්ෂණයේ විමර්ශන නිලධාරියා එක්තරා අන්දමක අපහසුතාවයකට ලක් වන ආකාරයක් මාධ්යවලට නිරීක්ෂණය විය...
පළමුව මෙම විත්තියේ නීතිඥවරුන්ගෙන් ප්රබල තර්කනයක් ලෙස එල්ල වූ චෝදනාවක් වූයේ නඩු විභාගයේ විත්තිකරුවන් දොළොස් දෙනා ඉලක්ක කර ගනිමින් අදාළ ආයතනද අධීක්ෂණය කරමින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කරන ලද විමර්ශන කටයුතුවල තිබෙන අසම්පූර්ණ භාවයයි. අත්යවශ්යම ලේඛන සහ අත්යවශ්යම සාක්ෂි මගහැරී යාම සම්බන්ධයෙන් නීතිඥවරු හරස් ප්රශ්න විමසන්නට වූහ...
ඉහත කී නීතිඥවරුන් තිදෙනා සාක්ෂි විභාගයේ අවස්ථා තුනකදී රාජ්ය ඖෂධ සංස්ථාවේ (SPC) අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් සටහන් වාර්තා විමර්ශනයට පාදක කර නොගැනීම ගැන ප්රශ්න මතු කළේය. මුලින්ම මේ සම්බන්ධයෙන් ප්රශ්න මතු කරන්නට පටන් ගත්තේ 6 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූ නුවන් ජයවර්ධන මහතාය.
නීතිඥවරයා: SPC ආයතනයේ තීන්දු තීරණ ගැනීම සඳහා අධ්යක්ෂක මණ්ඩලයක් සිටින බවට විමර්ශනයේදී අනාවරණය වූයේ ද?
සාක්ෂිකරු: එහි අධ්යක්ෂ මණ්ඩලයක් සිටින බවට කරුණු අනාවරණය වුණා.
නීතිඥවරයා: එම අධ්යක්ෂක මණ්ඩලය රැස්වීම් පවත්වන බවට විමර්ශනයේදී අනාවරණය වූවා ද?
සාක්ෂිකරු: ඊට සම්බන්ධ රැස්වීම් සටහන් පරිශීලනය කිරීමක් කළේ නැහැ. විමර්ශනයේදී මතුවන කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කළ අතර අධ්යක්ෂක මණ්ඩලයේ සටහන් ලබා ගැනීමට අවශ්යතාවයක් මතු වුණේ නැහැ. අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් පරිපාලන කටයුතු සහ තීරණ ලබා ගැනීමට අදාළව සිදු කරන බව අනාවරණය වුණත් එහි තිබුණු අධ්යක්ෂ මණ්ඩලයේ මිනිට් සටහන් විමර්ශනයට පාදක කර ගත්තේ නැහැ.
නීතිඥවරයා: ඔබ SPC අධ්යක්ෂක මණ්ඩලයේ ලේඛන සහ වෙනත් ප්රකාශ ලබා නොගත්තේ විමර්ශනය නිසි පරිදි නොකිරීමට බවට මා යෝජනා කරනවා.
සාක්ෂිකරු: එම ප්රකාශය ප්රතික්ෂේප කරනවා. අදාළ ප්රකාශය ප්රධාන මූල්ය නිලධාරීන්ගෙන් ලබාගත් අතර වෙනත් අයගේ ප්රකාශ ලබා ගැනීමට අවශ්යතාවයක් ඇති වුණේ නැහැ.
එහිදී නුවන් ජයවර්ධන නීතිඥවරයා විසින්ම විමර්ශන නිලධාරියාගෙන් ඉතා දැඩිව ප්රශ්න කළ තවත් කාරණාවක් වූයේ කැබිනට් සන්දේශ සකස් කළ නිලධාරීන්ගෙන් අත්යවශ්ය ප්රකාශ කීපයක් මගහැරි යාම පිළිබඳවයි. නීතිඥයා මෙහිදී මතු කළේ මෙම ප්රකාශයන් මෙම නඩු විභාගය සම්පූර්ණ වීම සඳහා අත්යවශ්යයෙන්ම ලබාගත යුතුව තිබුනේය යන තර්කයයි
නීතිඥවරයා: එහි (කැබිනට් සංදේශයේ) නම සඳහන් ශිරන්තී දිසානායකගේ ප්රකාශයක් ගත්තාද?
සාක්ෂිකරු: ප්රකාශයක් ගැනීමට උත්සාහ කළා. එහෙත් ඇය විදේශගත වී සිටින බවට අනාවරණය වුණා.
නීතිඥවරයා: එහිදී විෂය භාර කළමනාකාර සහකාරවරයකුගේ ප්රකාශයක් ගත්තාද?
සාක්ෂිකරු: විමර්ශනයේදී විෂය භාර කළමනාකාර සහකාරයෙකුගේ ප්රකාශයක් ගත්තේ නැහැ ස්වාමීනී. අදාළ නිලධාරියා වූ 10 වන චූදිතගේ ප්රකාශයක් ගත්තා.
නීතිඥවරයා: වසර දෙක හමාරකටත් ආසන්න කාලයක් කළ විමර්ශනයේදී ඔබ එය අත්සන් කළ පුද්ගලයාගෙන් ප්රකාශයක් ගන්න කටයුතු කළේ නැහැ?
සාක්ෂිකරු: එම කැබිනට් සංදේශය සකස් කර තිබුණේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත බව තමයි අනාවරණය කළේ. එම නිලධාරීන්ගේ කටඋත්තර ගැනීම සිදුකළා.
නීතිඥවරයා: එය ඇත්තද නැත්තද කියලා බලන්න කට උත්තරයක් ගැනීමක් ඔබ කළේ නැහැ.
සාක්ෂිකරු: ප්රකාශයක් ගන්න ශිරන්තී දිසානායක පිළිබඳව තොරතුරු සොයා බැලුවා. ඇය විදේශගත වූ බව දැන ගත්තා.
තවත් අවස්ථාවක පළවෙනි විත්තිකරු “රුධිර ප්ලාස්මා” ලබා ගැනීම සම්බන්ධයෙන් වන ප්රස්තුතය ප්රශ්න කරමින්, ඊට අදාල ලිපිවල “Visit” යන වචනය කපා හැරීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරියා වගකීමක් පැහැර හැරීම ගැන ප්රශ්නයක් මතු විය...
නීතිඥවරයා: පැ.27 ලෙස ලකුණු කර ඇති 2020/05/27 දරණ ලේඛනයේ "authorised" යනුවෙන් සඳහන් කර ඇති සටහන නිරීක්ෂණය කිරීමක් කළාද?
සාක්ෂිකරු: එහෙම සටහන් නිරීක්ෂණය කළා.
නීතිඥවරයා: එහි "visit" කියන වචනය තනි ඉරකින් කපා තිබීම සම්බන්ධයෙන් විමර්ශනය කළාද?
සාක්ෂිකරු: ඒ පිළිබඳව විමර්ශනය කිරීමක් කළේ නැහැ. ස්වාමීනී, අප විමර්ශනය කළේ අයිසොලස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිතද ආයතනයට රුධිර ප්ලාස්මා නිකුත් කර තිබෙනවාද කියන එක. එය නිකුත් කර ඇති බව අනාවරණය වුණා.
නීතිඥවරයා: නිකුත් කර අවසානයේදී හෝ මෙම "visit" කියන වචනය කපා දැමුවාද යන්න පිළිබඳ විමර්ශනයක් කළාද?
සාක්ෂිකරු: එවැනි විමර්ශනයක් සිදු කළේ නැහැ.
නීතිඥවරයා: ඒ නිසා තමයි මා යෝජනා කරන්නේ මේක අසම්පූර්ණ විමර්ශනයක් කියලා.
සාක්ෂිකරු: එය ප්රතික්ෂේප කරනවා.
ඉන් අනතුරුව නුවන් ජයවර්ධනගේ අවධානය යොමු වූයේ ලබාගත් බෙහෙත් වලට අදාළ ගෙවීම් කිරීමේදී වව්චර පත්වල තිබෙන නම් වෙනස් වීම් සම්බන්ධයෙන් වන වගකීම ගැනයි. නම් වෙනස්ව අදාළ බැංකු වල නිලධාරීන් ඒවා නොසලකා ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ප්රශ්න නොකළේ මන්දැයි නීතිඥයා විමර්ශන නිලධාරියාගෙන් දැඩි ලෙස ප්රශ්න කළේ මෙසේය...
නීතිඥවරයා: වෛද්ය සැපයුම් ඒකකය විසින් සිදුකළ ගෙවීම්වලට අදාළ වව්චර් පත් පරීක්ෂාවේදී නමක වෙනසක් තිබීම සම්බන්ධයෙන් නිරීක්ෂණයක් වුණාද?
සාක්ෂිකරු: එහි දෝෂයක් ඇති බව නිරීක්ෂණය වුණා. එයට අදාළ මුදල් ගෙවා අවසන් වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වුණා.
නීතිඥවරයා: නමේ වෙනසක් තිබියදී මුදල් ලබා ගැනීම සිදුකළේ කෙසේදැයි යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කළාද?
සාක්ෂිකරු: අදාළ විමර්ශනයේදී එම මුදල් අදාළ ආයතනයේ ගිණුමට බැර වූ බවට කරුණු අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් බැංකු නිලධාරීන්ගේ ප්රකාශයක් සටහන් කර ගැනීමක් සිදු කළේ නැහැ.
අශෝක සේරසිංහ මහතා හතර වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින අති දක්ෂ නීතිවේදියකි. විමර්ශන නිලධාරියාගේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ඔහුටද සැක සංකා මතුවූ තැන් කිහිපයක් තිබිණි. මුලින්ම ෆොන්ටෝ පද්ධතිය, ගැනුම් ඇනවුම් සහ අත්යවශ්ය නිලධාරීන්ගෙන් ප්රකාශ නොගැනීම සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොමු විය.
නීතිඥවරයා: Pronto පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමට හැකියාව ඇත්තේ කාටද යන්න පිළිබඳව මෙහිදී විමර්ශනයක් සිදු කළාද?
සාක්ෂිකරු: ඒ සම්බන්ධව විමසීමක් කළා.
නීතිඥවරයා: ගැනුම් ඇනවුම සකස් කළ පුද්ගලයාගෙන් කටඋත්තරයක් ගැනීම සිදු කළාද?
සාක්ෂිකරු: එවැනි කටඋත්තරයක් නොගත් නමුත් එයට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගත්තා.
නීතිඥවරයා: අදාළ ගැනුම් ඇනවුම නිකුත් කළ සතිශ් කුමාර නමැත්තාගෙන් ප්රකාශයක් ලබා ගැනීමක් සිදු කළාද?
සාක්ෂිකරු: එවැනි ප්රකාශයක් ලබා ගත්තේ නැහැ. ඔහු විදේශගත වූ බව දැනගන්න ලැබුණා.
නීතිඥවරයා: ඔබ අත්යවශ්ය නිලධාරීන්ගේ ප්රකාශයන් සටහන් කර ගැනීමකින් තොරව අසම්පූර්ණ විමර්ශනයක් කළ බවට යෝජනා කරනවා.
සාක්ෂිකරු: එය ප්රතික්ෂේප කරනවා.
බොහෝ විට විමර්ශන කටයුතුවලදී පොලිස් නිලධාරීන් වැනි රාජ්ය නිලධාරීන්ට මතුවන සංවේදී ගැටලුවක් ගැනද මෙහිදී විත්තියේ නීතිඥයන්ගේ අවධානය යොමුව තිබීම කැපී පෙනෙන කාරණාවක් විය. විමර්ශන නිලධාරියා සතු ඉංග්රීසි භාෂා දැනුම අත්යවශ්ය ලේඛන පරිහරණය කිරීමේදී ගැටලු මතු කෙරෙන ආකාරය ගැන මෙහිදී ප්රබල ප්රශ්න කිරීමක් දක්නට ලැබිණි. සාක්ෂිකරු විසින් තමන්ට ඉංග්රීසි භාෂාව පිළිබඳ එතරම් දැනුමක් නොමැති බව පිළිගැනීම මෙහිදී කැපී පෙනුණි. එසේ තිබියදී වුවත් ඉංග්රීසි භාෂාවෙන් ඇති ලේඛන පරිහරණය කරමින් මෙවැනි සංකීර්ණ මූල්ය හා වෛද්ය විමර්ශන කටයුතු පිළිබඳ විමර්ශනය නිසි පරිදි කරන්නට තමන් කැපවීමෙන් ක්රියා කළ බව සාක්ෂි විභාගයේදී හෙළිදරව් වූයේ මෙසේය. එහිදී ප්රශ්න කර සිටියේ හත්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි මෙනෙවිය යි.
නීතිඥවරිය: එසේ තිබියදී ඉංග්රීසි භාෂාවෙන් ඇති ලේඛන පරිහරණය කරමින් මෙවැනි විමර්ශනයක් සිදු කළේ කෙසේද?
සාක්ෂිකරු: අදාළ සාක්ෂිකරුවන්ගෙන් ඒ පිළිබඳව සාක්ෂි ලබා ගැනීමක් සිදුකළා. අවශ්ය අවස්ථාවලදී පැහැදිලි කර ගැනීම සිදුකළා.
නීතිඥවරිය: ඔවුන් කියන දේද ඔබ මෙහි ඇවිත් කියන්නේ?
සාක්ෂිකරු: විමර්ශනයේදී අනාවරණය වූ දේ ප්රකාශ කරනවා.
සාක්ෂි විභාගයේ කැපී පෙනෙන තවත් කාරණයක් වූයේ විමර්ශන නිලධාරියා හිතා මතාම තෝරාගත් සාක්ෂිකරුවන්ගෙන් පමණක් අදාල විමර්ශනය සඳහා සාක්ෂි ලබා ගනිමින්, මෙම විමර්ශන කටයුතු සඳහා අත්යාවශ්යම සාධක සොයාගත හැකි සාක්ෂිකරුවන් කීපදෙනෙක් මගහැර ගියේද යන කාරණාවයි. මෙවන් නෛතික කටයුතු වලදී "phik and choose" ක්රමවේදය භාවිතා කළේදැයි නීතිඥවරු ප්රශ්න කළේය. මුලින්ම එය සාකච්ඡා කළේ නුවන් ජයවර්ධනයි.
නීතිඥවරයා: ඔබ පැමිණිල්ලට වාසිදායක සාක්ෂි ලබාදෙන බවට යෝජනා කරනවා.
සාක්ෂිකරු: එම යෝජනාව ප්රතික්ෂේප කරනවා.
නීතිඥවරයා: මෙහිදී ඔබ පැමිණිල්ලට වාසිදායක අයගේ ප්රකාශ පමණක් සටහන් කරගත් බවට යෝජනා කරනවා.
සාක්ෂිකරු: ස්වාමීනි, ඒ ප්රකාශය ප්රතික්ෂේප කරනවා. විමර්ශනයේදී අවශ්ය අයගේ පමණයි ප්රකාශ ලබා ගත්තේ.
ඉන් අනතුරුව එම කාරණාව මම මතු කළෙමින් අරවින්දු මනුතුංග ආරච්චි මෙනෙවියද සාක්ෂිකරුගෙන් වව්චර් සකස් කළ නසීර් නමැත්තා සාක්ෂියට නොගැනීම ප්රශ්නයට බඳුන් කළාය.
නීතිඥවරිය: විමර්ශනයක් සිදුකිරීමේදී ඊට අදාළව සටහන් යෙදීමක් සිදු කරනවාද?
සාක්ෂිකරු: අවස්ථාවට අනුව එවැනි සටහන් කිරීමක් සිදුකරනවා.
නීතිඥවරිය: මෙම නඩුවට අදාළ විමර්ශනයේදී එලෙස සියලුම විමර්ශනවලට අදාළ සටහන් තබා නැති බවට මා යෝජනා කරනවා.
සාක්ෂිකරු: එය ප්රතික්ෂේප කරනවා.
නීතිඥවරිය: පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝගයන්ට පටහැනිව මෙම විමර්ශනය අසම්පූර්ණ විමර්ශනයක් ලෙස කර ඇති බවට යෝජනා කරනවා.
සාක්ෂිකරු: එය ප්රතික්ෂේප කරනවා.
(මෙම ඖෂධවලට අදාළව වව්චර් පත් අනුමත කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී සැපයුම් අංශයේ නසීර් නමැත්තා විසින් එය සකස් කර ඇති බවත්, මෙම නඩුවේ සාක්ෂි සඳහා ඔහු මෙතෙක් කැඳවා නොමැති බවත් සාක්ෂිකරු මෙහිදී ප්රකාශ කළේය.)
ඒ අනුව බලන විට සාක්ෂි ලබාදීම සඳහා පැමිණ සිටි විමර්ශන නිලධාරියාට එම දිනය තවත් වෙහෙසකර දවසක් වූවාට සැකයක් නැත. ඔහු හමුවේ බරපතල අභියෝග ලෙස කැපී පෙනුණ ප්රශ්න කිහිපයක් විය. අත්යවශ්ය නිලධාරීන්ගේ ප්රකාශ නොගැනීම, වව්චර් හා ෆොන්ටෝ පද්ධතියේ දෝෂ, අධ්යක්ෂ මණ්ඩලය සටහන් පරිශීලනය නොකිරීම වැනි කරුණු හමුවේ විත්තිය ඉදිරිපත් කළ "අසම්පූර්ණ විමර්ශනයක්" යන චෝදනාව අඛණ්ඩව ප්රතික්ෂේප කිරීමට සාක්ෂිකරුට සිදුවිය..
එමෙන්ම ඉංග්රීසි භාෂාව සම්බන්ධයෙන් දැනුම මදි බව පිළිගනිමින්, එහෙත් ඉංග්රීසි ලේඛන ඇසුරෙන් කළ විමර්ශනයේ නිරවද්ය භාවය තහවුරු කරන්නටද සාක්ෂිකරුවාට වෙනම මහන්සි වන්නට සිදුවිය.
අවසානයේ විත්තියේ නීතිඥවරුන්ගෙන් එල්ල වූ චෝදනාවක් වූයේ රජයට හෝ පැමිණිල්ලට වාසිදායක අයගේ ප්රකාශ පමණක් ලබා ගනිමින් විමර්ශනය නොමග ගෙන ගිය බවයි. එම ප්රශ්න ප්රතික්ෂේප කරමින් විමර්ශනය නිසි පරිදි සර්ව සාධාරණව ඉදිරියට ගෙන ගිය බව ඔප්පු කිරීමට උත්සහ කිරීම විමර්ශන නිලධාරියාට මහත් වෙහෙසකර කටයුත්තක් වූ බව ප්රදර්ශනය විය...
නඩුකරය ඊළඟ දිනය දක්වා කල් තබමින් එදින හවස උසාවියේ වැඩ කටයුතු අවසන් විය...
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්රව්ය කුප්පි 6,195ක් සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශයට සපයා ශ්රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්රනාන්දු, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක,එම අංශයේ සහකාර අධ්යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත, වෛද්ය සැපයුම් අංශයෙන් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්රසම්පාදන ක්රියාවලියේ ප්රසම්පාදන කමිටු සාමාජික වෛද්ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් වෛද්ය සමන් රත්නායක, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරි වෛද්ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

