අප පිනවා - අප හඩවා ඔවුහු අපගෙන් සමුගෙන ගියෝය...
2025 වසර ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේ අතිශය ශෝකජනක වසරක් ලෙස සටහන් වන්නේ, දශක ගණනාවක් තිස්සේ “ජාතියේ රසවින්දනය පෝෂණය කළ” මහා කලාකරුවන් රැසක් විටින් විට අප අතරින් සමුගැනීම නිසාය. මෙම කලා පෞරුෂයන්ගේ අභාවය සංස්කෘතික කලා ලොවට පිරිමැසිය නොහැකි පාඩුවක් වන අතර, ඔවුන්ගේ නිර්මාණකුසලතාව සදහටම ජාතියේ සිත් තුළ ජීවත් වෙයි. මෙම ලිපියෙන් 2025 වසර තුළ මියගිය සුප්‍රකට කලාකරුවන්ගේ ජීවන ගමන්මග සහ දායකත්වය ගැන කෙටි මතකයක් අවදි කෙරේ. අපේ රටේ, සිනමාවේ අග රැජිණිය මාලිනී ෆොන්සේකාය. අපේ ගීත කලාවේ අසහාය හඩ පෞරුෂය ලතා වල්පොලය. ඔවුන්ගෙන් ආරම්භ කරමින්, සිනෙමාවේ, සංගීතයේ සහ රංගනයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේ පෙළහරක මතකය අතරින් බින්දු මාත්‍රයක් මෙසේ පෙළ ගස්වමු.
අප පිනවා - අප හඩවා
ඔවුහු අපගෙන් සමුගෙන ගියෝය...
2025 වසරේ දැයෙන් සමුගත් අමරණීය කලා පෞරුෂයන්
කිහිපයක් ගැන කෙටි සටහනක්.
2025 වසර ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේ අතිශය ශෝකජනක වසරක් ලෙස සටහන් වන්නේ, දශක ගණනාවක් තිස්සේ “ජාතියේ රසවින්දනය පෝෂණය කළ” මහා කලාකරුවන් රැසක් විටින් විට අප අතරින් සමුගැනීම නිසාය. මෙම කලා පෞරුෂයන්ගේ අභාවය සංස්කෘතික කලා ලොවට පිරිමැසිය නොහැකි පාඩුවක් වන අතර, ඔවුන්ගේ නිර්මාණකුසලතාව සදහටම ජාතියේ සිත් තුළ ජීවත් වෙයි. මෙම ලිපියෙන් 2025 වසර තුළ මියගිය සුප්‍රකට කලාකරුවන්ගේ ජීවන ගමන්මග සහ දායකත්වය ගැන කෙටි මතකයක් අවදි කෙරේ. අපේ රටේ, සිනමාවේ අග රැජිණිය මාලිනී ෆොන්සේකාය. අපේ ගීත කලාවේ අසහාය හඩ පෞරුෂය ලතා වල්පොලය. ඔවුන්ගෙන් ආරම්භ කරමින්, සිනෙමාවේ, සංගීතයේ සහ රංගනයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේ පෙළහරක මතකය අතරින් බින්දු මාත්‍රයක් මෙසේ පෙළ ගස්වමු.
- මාලිනී ෆොන්සේකා (සිංහල සිනමාවේ රැජිණ)
මාලිනී ෆොන්සේකා මහත්මිය 2025 මැයි 24 වැනිදා 78 වැනි වියෙහිදී කොළඹදී අභාවප්‍රාප්ත වූවාය. ඇය සිංහල සිනමාවේ "රැජිණ" ලෙස හැඳින්වූ අසහාය රංගන ශිල්පිනියකි. 1963දී 'හන්තානේ කතාව' චිත්‍රපටයෙන් ආරම්භ කළ සිය සිනමා ගමන 'තුංමං හන්දිය', 'නිධානය', 'සසර වසන තුරු' වැනි සම්භාව්‍ය නිර්මාණ ඔස්සේ ජාත්‍යන්තර තලයට ගෙන ගියාය. ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් ඇය, පසුකාලීනව දේශපාලනයටද එක්වූවාය. ඇගේ රංගනය “සිල්වර් පීකොක්” සම්මානය දිනාගැනීමට සමත් වූ අතර, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ සංකේතයක් ලෙස සැලකේ. ඇයගේ අවමංගල්‍යයට දහස් ගණනක් ජනතාව කොළඹට රැස්වූහ.
- ලතා වල්පොල (හෙළ ගීතයේ නයිටිංගේල්)
ලතා වල්පොල මහත්මිය 2025 දෙසැම්බර් 27 වැනිදා 91 වැනි වියෙහිදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සමුගත්තාය. දශක හතකට අධික කාලයක් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් පිනවූ ඇය, "හෙළ ගීතයේ රැජිණ" ලෙස හැඳින්විණි. චිත්‍රපට 600කට පමණ පසුබිම් ගීත දහස් ගණනක් ගායනා කළ ඇයගේ "සඳ රැස් පලුව" වැනි ගීත සදහටම ජීවත් වෙයි. කලාසූරි සම්මානයෙන් පිදුම් ලැබූ ඇයගේ හඬ සංගීත ලොවේ අමිල දායාදයකි.
චිත්‍රපට පසුබිම් ගායනය සඳහා විශිෂට ගණයේ බොහෝ ගායක ගායිකාවන් වරින් වර දායක වුවද ලතා අනන්‍ය වනුයේ ඇයගේ අනන්‍යතාව රඳවා ගනිම්න් හා අදාල නිළිය ගේ භූමිකාව මෙන්ම ස්වරූපය ද අනන්‍යතාව ද වටහා ගෙන ගී ගයන්නට ඇය සතු අසාමාන්‍ය හැකියාව නිසාය. “මාතලන්” චිත්‍රපටයට ඇතුළත් ගී 12 න් 8 ක් ම ගායනා කරනුයේ ඇය විසින්ය. මේ ගී සියල්ල ස්වතන්ත්‍ර ගීතයන්ය. එහි ඇය ක්ලැරිස් ද සිල්වා වෙනුවෙන් මෙන්ම රත්නා කුමාරි වෙනුවෙන් ද ගී ගය්නනීය.
ඇය ගේ මුල් චිත්‍රපට ගී අතර ඇයගේ ප්‍රතිභාව විමසා බැලිය යුතු අතිශය විශිෂ්ට ගීතාවලිය “සංදේශය චිත්‍රපටයට” ඇතුළත්ය. සුනිල් ශාන්ත ගේ තනු අනුව ආර්. මුත්තුසාමි විසින් සංගීතවත් කළ එහි එන ගී හතෙන් හතරක්ම ලතා ගේ ගායනයෙන් හැඩ වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එහි විටෙක “නළඟනක ලෙසත්” සෙබල මුළුවක ධෛර්ය වඩමවමින් ද තවත් විටෙක ළයාන්විත දරු නැලවිල්ලකට ද ඇය යොමුවෙයි. “යෞවන මදය” සමඟ “රෑන ගිරා” හා “පුන්සද ඒළියයි” ගයන ඇය, ඊට හාත්පසින් වෙනස් “රැජිණ මමයි” ගීයද ගයන්නීය. විශිෂ්ටතම දරු නැළවිල්ලක වූ “සුදට සුදේ වලාකුළයි” ගයන්නීය.
එයට පෙර සුනිල් ශාන්තයන්‌ගේම තනුවට බී.එස්.පෙරේරා ගේ සංගීතයට “රේඛාව” චිත්‍රපටය උදෙසා ඇය ගයන “සීගිරි ළඳකගේ මල් වට්ටිය” දරු නැලවිල්ල ද සංදේශයේ දරුනැලවිල්ල ද ඇයගේ ගායන පරාසය පිළිබඳ කදිම උදාහරණයන්සේ ගත හැක්කේය. තවත් පසුකලෙක ඇය විසින් ගයනු ලබන “ආදරයේ රන් විමනේ” ,(සැනසුම කොතැනද) “හීන හතක් මැද”, (ගැටවරයෝ) “රොන් සොයා පියඹන සමනලියක සේ” (ආවා සොයා ආදරේ) වැනි ප්‍රේමය ද විරහ වද ගෙන එන ගීතාවලියේ ඇයගේ හඬ විමසා බැලිය යුතුය.
- සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ (ප්‍රවීණ රංගධර සහ අධ්‍යක්ෂක)
සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ මහතා 2025 දෙසැම්බර් 23 වැනිදා 84 වැනි වියෙහිදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය යන තුන් අංශයේම ප්‍රතිභාව විදහාපෑ ඔහු, මානව හිතවාදී කලාකරුවෙකු ලෙස ජනතා ගෞරවය දිනාගත්තේය. "මාතර ආච්චි" චිත්‍රපටය නිමවමින් රංගනයෙන් දායක වූ ඔහුගේ සොහොයුරු සුනිල් එදිරිසිංහ ගැයූ "සඳකඩ පහනක" ගීතය අදටත් ජනප්‍රිය ගීයකි. එහි පද රචකයා වොලී නානායක්කාර සහ සංගීතය වික්ටර් රත්නායක විය. ඔහුගේ දශක හයකට වැඩි කලා දායකත්වය සදහටම අනුස්මරණීය ය.
- සමන් ද සිල්වා (ප්‍රවීණ බයිලා ගායක)
සමන් ද සිල්වා මහතා 2025 අප්‍රේල් 27 වැනිදා 69 වැනි වියෙහිදී කොතලාවල ආරක්ෂක රෝහලේදී සමුගත්තේය. 1956දී උපත ලැබූ ඔහු නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. බයිලා වෙලී බැස්ටියන් මග යමින් සංගීතයේ ප්‍රමුඛයෙකු වූ ඔහුගේ රිද්මයානුකූල ගායනය වේදිකාව පිනවීය. දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය බයිලා ගීත ඔස්සේ කැසට් පටය, සීඩී තැටිය ඔස්සේ ජනතාව අතරට ගියේය. ඒ අතර වුඩිපුර ජනතාවගේ හදවත් දිනාගත්තේ එලිමහන් ප්‍රසංග වලදීය. දැවැන්ත එලිමහන් ප්‍රසංග වේදිකාවේ ඔහුගේ දායකත්වය සංගීත ලොවේ නොමැකෙන සලකුණකි.
- සුසන්තා චන්ද්‍රමාලි (ප්‍රවීණ රංගන ශිල්පිනී)
සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය 2025 මාර්තු 1 වැනිදා 61 වැනි වියෙහිදී අභාවප්‍රාප්ත වූවාය. 1964දී උපත ලැබූ ඇය ටෙලිනාට්‍ය කලාවේ මුල් අවධියේ සිට රංගනයෙන් දස්කම් දැක්වූවාය. 'කන්දේ ගෙදර', 'සරෝජා', 'ජය පිට ජය', 'රන් කෙවිට' වැනි නිර්මාණවල ගුණවත් මව් චරිත ජීවමාන කළ ඇයගේ නිහතමානී බව ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත්තේය.
- අමිතා වැදිසිංහ (ප්‍රවීණ ගායිකාවක් සහ සංගීත ගුරුවරියක්)
අමිතා වැදිසිංහ මහත්මිය 2025 පෙබරවාරි 20 වැනිදා 82 වැනි වියෙහිදී සමුගත්තාය. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ A ශ්‍රේණියේ කලාකාරිනියක වූ ඇය, සංගීත ගුරුවරියක ලෙසද කටයුතු කළාය. දශක ගණනාවක් තිස්සේ ගුවන්විදුලි ගීත සහ ප්‍රසංග ඔස්සේ ජනතාවගේ හදවත් පිනවූ ඇයගේ ගීත සුභාවිත සංගීතයේ සංකේතයක් ලෙස සැලකේ.
- වසන්ත විට්ටච්චි (ප්‍රවීණ අංග රචන ශිල්පී සහ රංගන ශිල්පී)
වසන්ත විට්ටච්චි මහතා 2025 පෙබරවාරි 26 වැනිදා 65 වැනි වියෙහිදී කොළඹදී අභාවප්‍රාප්ත විය. සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු තිරය පිටුපසින් චරිත ජීවමාන කළ අංග රචන ශිල්පියෙකු ලෙස වේදිකාවට අමිල සේවාවක් ඉටු කළේය. ප්‍රබුද්ධ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම පුංචි තිරයේ හා සිනමාවේ අසහාය රංගන ශිල්පියෙකු විය. සම්මාන රැසක් දිනාගත් ඔහුගේ කලා දායකත්වය අපමණය.
- නිහාල් ප්‍රනාන්දු (ප්‍රවීණ වේදිකා රංගනවේදී)
නිහාල් ප්‍රනාන්දු මහතා 2025 දෙසැම්බර් 4 වැනිදා 71 වැනි වියෙහිදී කොළඹදී සමුගත්තේය. 1954දී උපත ලැබූ ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දියණිය සුනේත්‍රා සරච්චන්ද්‍රගේ සැමියාය. වේදිකා නාට්‍ය කලාවේ ප්‍රවීණයෙකු වූ ඔහු සයිමන් නවගත්තේගමගේ නාට්‍යවලින් ආරම්භ කළ රංගන ගමන සිනමාව සහ ටෙලිනාට්‍ය දක්වා විහිදුණි. ඔහුගේ මෙහෙවර සදහටම අනුස්මරණීයය.
- නලින් ප්‍රදීප් උඩවෙල (ප්‍රවීණ රංගන ශිල්පී)
නලින් ප්‍රදීප් උඩවෙල මහතා 2025 සැප්තැම්බර් 23 වැනිදා 56 වැනි වියෙහිදී සමුගත්තේය. 1969දී උපත ලැබූ ඔහු වේදිකාව සහ රූපවාහිනිය තුළ චරිතාංග රංගනයෙන් අනන්‍යතාවය තහවුරු කළේය. යොවුන් වේදිකාවෙන් කලා ලොවට පිවිසි නලීන් ටෙලිනාට්‍ය රැසකද ජනප්‍රිය මතක හිටින චරිත රග දැක්වීය. පසුව ඒ ජනප්‍රියත්වයෙන් ඔහු දේශපාලනයටද එක්වූවේය. කලා ක්ෂේත්‍රයේ ගෞරවය දිනාගත් ප්‍රවීණයෙකි.
- අනිල් භාරතී (ජනප්‍රිය ගායකයෙක්)
අනිල් භාරතී මහතා 2025 ජනවාරි 22 වැනිදා 75 වැනි වියෙහිදී පානදුර රෝහලේදී සමුගත්තේය. 1950දී පානදුරේ උපත ලැබූ ඔහු ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඩැෆොඩිල්ස් ගායකයෙකු ලෙස ප්‍රකට වූ ඔහුගේ බලවත් හඬ සහ නිර්මාණ ජාතියේ සංගීත උරුමයේ කොටසකි. එලිමහන් ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ජනප්‍රිය ගායකයෙකි. වෙනම ගී ආරක් ඔහු සතු විය.
- චන්ද්‍රානි ගුණවර්ධන (ප්‍රවීණ ගායිකාවක්, ගුවන්විදුලි ශිල්පිනියක් සහ වේදිකා ශිල්පිනියක්)
චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය 2025 ඔක්තෝබර් 8 වැනිදා 82 වැනි වියෙහිදී සමුගත්තාය. ඇයගේ ප්‍රකට ගීත වන “දැන් නිවඩු කලේ, මල් කෙල්ලක් මං” වැනි නිර්මාණ තුළින් ජනතාවගේ සිත් දිනාගත් ඇය, ගුවන්විදුලි හඬ ශිල්පිනියක ලෙසද, වේදිකා කලාකාරිනියක ලෙසද කටයුතු කළාය. දශක ගණනාවක් තිස්සේ සංගීතය, ගුවන්විදුලිය සහ වේදිකාව තුළ ප්‍රතිභාව විදහාපෑ ඇයගේ හඬ සංගීත ලොවේ අමිල දායාදයකි.
මෙම කලාකරුවන්ගේ සමුගැනීම හුදු පුද්ගල අභාවයන් නොව, සංස්කෘතික උරුමයක හිස්තැන් නිර්මාණය කිරීමයි. 2025 වසරේදී අපෙන් වෙන්ව ගිය මෙම කලාකරුවන් සියල්ලෝම තමන් නිරත වූ ක්ෂේත්‍රයන්හි හිනිපෙත්තටම ගිය, අනුගාමිකයන් දහස් ගණනක් බිහිකළ යුග පුරුෂයන් සහ කාන්තාවන්ය. ශරීරයෙන් ඔවුන් අප අතරින් වෙන් වුවද, ඔවුන් කළ නිර්මාණ තුළින් ඔවුන් සැමදා ජාතියේ හදවත් තුළ අමරණීයව ජීවත් වනු ඇත. දේශයේ සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීමට ඔවුන් දුන් දායකත්වය අගය කරමින්, අපි ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

