සෙව්වන්දිය ගෙව් වන්දිය...
වේයන්ගොඩේ සාමාන්‍ය පවුලක තරුණියක ලෙස ජීවිතය ගෙවූ ඉෂාරා සෙව්වන්දි, 26 හැවිරිදි වියේදී ම රටේ අවධානය දිනාගත් පාතාල ලෝකයේ තරුවක් බවට පත් වන්නේ මොන තරම් කෙටි කලකින්ද..? පෙබරවාරි 19 වැනිදා අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු, ඇයගේ ජීවිතය සදහටම වෙනස් විය. මෙය සාමාන්‍ය ඝාතනයක් නොවේ; එය පාතාල ජාලිකයන්ගේ, දේශපාලන බලපෑම්වල සහ ජාත්‍යන්තර ජාවාරම් පිටුපස සැගව ඇති සංකීර්ණ කතාවකි. කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලින් හෙළිවූ තොරතුරු ඇසුරින්, ඉෂාරාගේ කතාව රටේ අපරාධ ඉතිහාසයේ නොමැකෙන වෘත්තාන්තයක් බවට පත්ව ඇත.
අපරාධ ලොව උම්මාදයෙන් විපතට පත් රෝස මලක කතාව...
වේයන්ගොඩේ සාමාන්‍ය පවුලක තරුණියක ලෙස ජීවිතය ගෙවූ ඉෂාරා සෙව්වන්දි, 26 හැවිරිදි වියේදී ම රටේ අවධානය දිනාගත් පාතාල ලෝකයේ තරුවක් බවට පත් වන්නේ මොන තරම් කෙටි කලකින්ද..? පෙබරවාරි 19 වැනිදා අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු, ඇයගේ ජීවිතය සදහටම වෙනස් විය. මෙය සාමාන්‍ය ඝාතනයක් නොවේ; එය පාතාල ජාලිකයන්ගේ, දේශපාලන බලපෑම්වල සහ ජාත්‍යන්තර ජාවාරම් පිටුපස සැගව ඇති සංකීර්ණ කතාවකි. කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලින් හෙළිවූ තොරතුරු ඇසුරින්, ඉෂාරාගේ කතාව රටේ අපරාධ ඉතිහාසයේ නොමැකෙන වෘත්තාන්තයක් බවට පත්ව ඇත.
ඉෂාරා සෙව්වන්දිගේ නම රටට හඳුන්වා දුන්නේ ගණේමුල්ලේ සංජීවගේ ඝාතනයයි. අධිකරණ ශාලාව තුළම සිදුවූ මෙම ඝාතනය, පාතාල ජාලයන්ගේ බලයේ උපරිමය හා උපාය මාර්ගිකබව පෙන්වන එක් ප්‍රබල සිදුවීමකි. ඇය එහිදී භූමිකාව රඟපෑවේ වෙඩික්කරුවකු ලෙස නොවූවත් වෙඩිතබන්නට අවිය සගවාගෙන ගිය සූක්ෂමබව මත ඇය මෙම ඝාතනය පසුපස මහ මොලකිරිය ලෙස හදුන්වන්නට ආරක්ෂක අංශ පසුපස මාධ්‍ය යුහුසුළු වූහ .
ඝාතනයෙන් පසුව, ඉෂාරාගේ පලායාමේ සැලැස්ම ක්‍රියාත්මක විය. එදිනම රටින් පැනීමේ අදහසින් ඇය මීගමුවට ගියද, පොලිසියේ ඉක්මන් ක්‍රියාකාරිත්වය නිසා ගුවන්තොටුපොළ මාර්ගය අවහිර විය. කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ උපදෙස් අනුව, ඇය තම ජංගම දුරකථනය විනාශ කර, අලුත්ගම බලා ගමන් කළාය. ත්‍රිරෝද රථ දෙකක සහ බස් රථයක ගමන් කළ ඇය, දුරකථනය භාර දුන්නේ පද්මේගේ ගෝලයකුටයි. පසුව එම දුරකථනය පොලිසිය සොයාගත්තේ ගම්පහේ වළලනු ලැබූ තැනකින්.
ඉෂාරාගේ පලායාමේ මුල් අදියරය ආරම්භ වූයේ අලුත්ගම බස් ඩිපෝව අසලින්. යතුරුපැදියකින් පැමිණි කාන්තාවක් ඇයව රැගෙන ගියේ වැලිපැන්නේ හොලින්බෝන් වත්තටයි. එහි රැය පහන් කළ ඇය, පසුදින නැවතත් එම කාන්තාව සමඟ ගමන් කළාය. මෙම කාන්තාව හඳුනාගත්තේ දෝන ප්‍රියංකා ලෙසයි.මතුගම රෝහලේ උපස්ථායිකාවක වන ඇය සහ අලුත්ගම පොලිස් කොස්තාපල්වරයකු වන ඇගේ මාමණ්ඩිය මෙහිදී ඇයට උදව්කර ඇතැයි කියති. ප්‍රියංකා පසුව අත්අඩංගුවට ගැනුණු අතර, ඇය පැවසුවේ මතුගම ශාන් නමැති පාතාල නායකයාගේ ඇමතුමක් නිසා ඉෂාරාට රැකවරණය දුන් බවයි.
ඉෂාරාගේ පලායාමේ සාර්ථකත්වය රැඳුණේ විසිරුණු රැකවරණ ජාලයක් නිසාය. පෙබරවාරි 20 සිට අප්‍රේල් 13 දක්වා දින 52ක් ඇය රැඳුණේ මතුගම බාලිකා පාරේ සජිත් දිනූෂ නමැති ව්‍යාපාරිකයකුගේ නිවසේයි. ඔහුත් මතුගම ශාන්ගේ මිතුරෙකු බය කියයි. "ශාන්ගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි වූ බව" ඔහු ප්‍රශ්න කිරීම්වලදී පැවසීය. අප්‍රේල් 13 වැනිදා ඇයව කුලී රථයකින් මිද්දෙණියේ ලබුහේන්ගමට ගෙන ගියේ බැකෝ සමන්ගේ ගෝලයකු බව කියයි. එම නිවසේ හිමිකරු සුපුන් ප්‍රදීප් කුමාර නම්ය. පහත්බිම් සංවර්ධන අධිකාරියේ රියදුරෙකු බව කියන ඔහු සහ බැකෝ සමන්ගේ සමීපතමයෙකි. සුපුන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ ‘හරක් කටාව’ ඝාතනය සම්බන්ධ චෝදනාවලටයි.
මිද්දෙණියේ සති තුනක් රැඳුණු ඉෂාරා, පුංචි ඡන්දයේ උණුසුම අතරේ මාන්කුලමට ගොස්, බෝට්ටුවකින් උතුරු මුහුද හරහා ඉන්දියාවට පලා ගියේ මුළු මහත් ආරක්ෂක ජාලයේම ඇස් වලට වැලි ගසමිනි. සුපුන්ගේ බිරිය රේණුකා මල්කාන්ති ද මෙම රැකවරණයට සම්බන්ධ බව හෙළිවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණි. මෙම ජාලයේ මූලිකයන් අතර මතුගම ශාන් සුවිශේෂීය. විදේශගතව සිටින ඔහු, පසුගිය ආණ්ඩුවල දේශපාලඥයන්ගේ රැකවරණය ලැබූ පුද්ගලයෙකි. 2003-2006 කාලයේ ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙසත්, රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ සහ සභාපති ලෙසත් කටයුතු කළ ඔහු, මිරිහාන විශේෂ අපරාධ ඒකකයෙන් ගිනිඅවි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබුණද, දේශපාලන බලපෑම් නිසා නිදහස් වී ඇතැයි කියති.
කෙහෙල්බද්දර පද්මේගේ ජාලයත් ඉෂාරාගේ කතාවේ කොටසකි. ඔහුගේ ගෝලයන් වන නිශාන්ත කුමාර (ගම්පහ බබා) සහ කේ.ඩී. ශ්‍යාමන්ත සිල්වා (ජම්බුගස්මුල්ලේ බබී) ද නේපාලයේදී ඇය සමඟ අත්අඩංගුවට ගැනුණි. බබාගෙන් හෙළිවූ තොරතුරු මත කැලණිය පොලිසිය ටී-56 පතරොම් 50ක් සොයාගත්තේය. බබීගෙන් සොයාගත්තේ පතරොම් 10ක් සහ අත්බෝම්බයක්. බබී 2019දී මාදිවෙල ව්‍යාපාරිකයකුගේ ඝාතනයට සම්බන්ධ බවත්, ඩුබායිහිදී පද්මේ සමඟ හිතවත්කම් ගොඩනැගූ බවත් විමර්ශනවලින් අනාවරණය විය.
ඉන්දියාවට පලාගිය ඉෂාරා, නේපාලයට ගොස් තක්ෂි, සුරේෂ් සහ ජේ.කේ. බායි සමඟ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනුණි. ජේ.කේ. බායි නමැති මිනිස් ජාවාරම්කරුගේ තොරතුරු මත, බෝට්ටුකරුවන් සොයාගැනීමේ විමර්ශන දැන් උතුරේදී සිදුවෙමින් තිබේ. ඉෂාරාගේ කතාවෙන් හෙළිවන්නේ පාතාල ජාලයන්ගේ බලය, දේශපාලන රැකවරණය සහ සාමාන්‍ය ජනතාවගේ සම්බන්ධතා ය. ඇයගේ පලායාමෙන් පසු අත්අඩංගුවට ගත් සිවු දෙනෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකුගෙන්, තවත් අපරාධ රැසක් අනාවරණය වෙමින් තිබේ.
ඉෂාරා සෙව්වන්දිගේ ජීවිතය දැන් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම්හිදී ගෙවෙයි. ඉෂාරා සෙව්වන්දිගේ කතාව, එක් තරුණියකගේ ඛේදවාචකයක් පමණක් නොවේ. එය, ශ්‍රී ලංකාවේ සමාජයේ ගැඹුරු තුවාලයක බයානක බව හෙළි කරයි. තරුණ ජීවිත, මත්ද්‍රව්‍ය ජාලවලට ඇදී යන්නේ, දරිද්‍රතාව, සමාජ බලපෑම්, සහ අධ්‍යාපනයේ හිඩැස් හා සිදුරු හේතුවෙනි. ඉෂාරාගේ බුද්ධිමය උපායන්, ඇගේ ආකර්ෂණීය බව, සහ ඇගේ තීරණ ගැනීමේ හැකියාව, ඇයව පාතාල ලෝකයේ ඉහළට ඔසවා තැබුවත්, එයම ඇගේ බිඳවැටීමටද හේතුවක් විය. ඇගේ ජීවිතය, රෝස මලකට සමාන ලස්සන, නමුත් බිහිසුණු කටු සහිත නටුවක එය රදා පවතී.
ඉෂාරා සෙව්වන්දිගේ ජීවිතය, තවමත් ලියැවෙමින් පවතින පොතක පිටුවක් වැනිය. එහි අවසානය, විමර්ශනවලින් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමාජයේ වෙනස්කම්වලින් තීරණය වෙනු නියතය. ඇගේ මේ අනුවේදනීය කතාව, අපරාධයේ ආකර්ෂණයෙන් ගැලවී, යහපත් අනාගතයක් කරා යන මාර්ඟය සොයා යන ලංකාවේ තරුණ ජීවිතවලට ආලෝකයක් වේවා!
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

