ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට රුසියානුවෝ එපා ද..?
ලොව රූබරම කාන්තාවන් සිටින්නේ රුසියාවේ යැයි කතාවක් තිබේ. කාන්තාවක වන මමද ඒ අදහස දෙගිඩියාවකින් තොරව විශ්වාස කරමි. ලොව ලස්සනම වෙරළ තීරයන් ඇත්තේද ලංකාවේ බව බොහෝ දෙනා දෙනා කියති. ශ්‍රී ලාංකිකයකු වන මා ඒ කතාවද තරයේ විශ්වාස කරන්නේ ලෝකයේ බොහෝ සංචාරක වෙරළ කලාපයන්හි ඇවිද ඇසූ පිරූ තැන් ගැන හොඳ අවබෝධයක්, මා සතුව ඇති නිසාය.
- ගාස්තු වැඩි කරලා...
- ක්‍රෙඩිට් කාඩ් පහසුකම් නෑ...
- රශියන් භාෂා පරිවර්තකයන්ගේ හිඟයක්...
- සංචාරක ප්‍රවර්ධකයන්ට අඩත්තේට්ටම්
කාමලිටා ෂෙරුණි ගුණරත්න.
ලොව රූබරම කාන්තාවන් සිටින්නේ රුසියාවේ යැයි කතාවක් තිබේ. කාන්තාවක වන මමද ඒ අදහස දෙගිඩියාවකින් තොරව විශ්වාස කරමි. ලොව ලස්සනම වෙරළ තීරයන් ඇත්තේද ලංකාවේ බව බොහෝ දෙනා දෙනා කියති. ශ්‍රී ලාංකිකයකු වන මා ඒ කතාවද තරයේ විශ්වාස කරන්නේ ලෝකයේ බොහෝ සංචාරක වෙරළ කලාපයන්හි ඇවිද ඇසූ පිරූ තැන් ගැන හොඳ අවබෝධයක්, මා සතුව ඇති නිසාය.
අපේ කලාපයටම අපේ රටටම ආවේනික සුදෝ සුදු පිරිසිදු පුළුල් වැලිතලා මත සිතිජයේ ඈත සිට තරඟයට මෙන් පැමිණෙන, විනිවිද පෙනෙන ළා නිල් පැහැති මුහුදු දියෙන් සුසැදි මුහුදු රැළි එකක් පසු පස එකක් වැතිරෙන අයුරු මොනතරම් සුන්දරදැයි බලන්න. සුදෝ සුදු පෙණ පිඬු නගමින් වෙරළ මත පරාජිතව වැතිරෙන මුහුදු රළ මට දැනෙන්නේ හැඩි දැඩි ජවසම්පන්න තරුණ පෙම්වතුන් ඉදිරියේ ශෘංගාරාත්මකව අවනත වන රූබර රුසියානු යුවතියන් සරාගීව සයනයේ වැතිරෙන්නාක් විලසිනි...
අපේ රටේ දකුණු කලාපයන්හි සංචාරක වෙරළ තීරයන්වල එළඹෙන ඔක්තෝබර් මාසයෙන් පසු මා එසේ විස්තරකළ දර්ශනතල බොහෝය. සුදෝසුදු වැලිතලාව මත වැතිර වැතිරී පිරිසිදු නැවුම් හිරු රැස් දහරේ උණුසුමට ගත නිරාවරණය කරන යුවතියන්, ක්ෂිතිජයේ ඈතසිට එකක් පසුපස එකක් නැගි නැගී පෙරළි පෙරළී ගොඩබිමට එන රළ මත සර්පින් ලෑලි මත නැගී රැගුම්පානා ජව සම්පන්න තරුණයන් සාමාන්‍යයෙන් නොවැම්බරය දෙසැම්බරය වන විට අපේ දකුණු දිග වෙරළ තීරයේ දක්නට ඇති සුලබ සුන්දර දසුන්ය...
මේ සුන්දර දසුන් දැක දැක නෙත් සිත් පිනවා ගන්නට බේරුවල සිටම දකුණට යන විට හමුවන බෙන්තර, අලුත්ගම, හික්කඩුව, ගාල්ල, රූමස්සල, උණවටුන, කොග්ගල, වැලිගම, මිරිස්ස, පොල්හේන සිට තංගල්ල දක්වාම වූ වෙරළ තීරයට එන දේශීය සංචාරකයන් කොතෙක්ද... වෙරළ තීරයක් ලස්සන වන්නට යුරෝපයේ සුද්දන් පමණක් ආවාට වැඩක් නැත, රුසියානුවන්ව පැමිණිය යුත්තේය කියා කතාවක් තිබේ. මා දන්නා පරිදි එය ඇත්තය.
රටක් හැටියට ආර්ථිකයක් හැටියට අද අපි යැපෙන්නේ අපේ රටේ නිෂ්පාදනයන් අලෙවි කර ලබන ආදායමෙන් නම් නොවේ. තේ පොල් රබර් හා කුරුදු ගම්මිරිස් වැනි අපනයන භෝගවලින් අපේ රට ආදායම් ලැබුවේ ඉස්සරය. ඉන් පසුව ඇඟලුම්වලින් ලැබෙන ආදායම යම් යම් සීමාවන් පසු කලත් අද වන විට එය තීරණාත්මකය. ඉන් පසුව අපේ ප්‍රධානම ආදායම වී තිබුනේ මැද පෙරදිග ඇතුළු අනෙකුත් විදේශ රටවල්වල විවිධ රැකියාවන් කරමින් රටවෙත එවන විදේශ ප්‍රේෂණයි. අදටත් විදේශීය ප්‍රේෂණ ජාතික ආදායමෙන් යම් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරයි. එහෙත් මේ වන විට ඉතා වේගයෙන් ආදායම ඉහළ නැංවිය හැකි විෂය පථයක් ලෙස සංචාරක කර්මාන්තය ඉදිරියට පැමිණ තිබේ.
එම නිසා රජයන් පමණක් නොව, සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන ලොකු කුඩා ව්‍යාපාරිකයෝ ද අද තම ආයෝජන පුළුල් කරමින් අලුතින් හෝටල් ඉඳිකරමින් හෝටල්වල පහසුකම් වැඩිදියුණු කරමින් යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් බලාපොරොත්තුව සිටින්නේ සංචාරකයන් වැඩිපුර අප රටට ගෙන්වාගෙන ඒ තුළින් වැඩි ආදායම් ලබන්නටය.
රජයද මේ දෙස විශ්වාසය තබා ඇත්තේ රටට ඩොලර්වලින් විදේශ විනිමය ලබාගත හැකි පහසු මාර්ගයක් ලෙසටය. රජය ඒ කෙරෙහි විශ්වාසය තැබුවාට වරදක් නැත. සංචාරක ක්ෂේත්‍රයට ඇති වැඩිවන ලෝක ප්‍රවණතාව නිසා මේ වන විට ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ සංචාරක කර්මාන්තයයි. අපටද එය අපේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට පත් කර ගැනීමට ඉඩ පහසුකම් අවස්ථා හා සම්පත්ද බොහෝය. සත්තකින්ම කියන්නේ නම් ලොව කිසිදු රටකට නොමැති අවස්ථාවක් ඒ සඳහා අපට තිබෙන්නේ අපේ රටට පමණක් තිබෙන අනම්ය ලක්ෂණ හා ආවේණික සම්පත් නිසාය... අප රට වටේටම තිබෙන සුවිශේෂී මනරම් මුහුදු වෙරළ තීරයද ඒ අතර ඉතා හොඳ උදාහරණ සපයයි.
සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් හා පහසුකම් සලසන්නන් දැන් බොහෝ දුරට සූදානම්ය. අභියෝගය වැඩි වැඩියෙන් සංචාරකයන් අප රටට ගෙන්වා ගැනීමය. මා අද මේ කතා කරන්නේ දැන් අපි ඊට සූදානම්ද...? කියන ප්‍රශ්නය ගැනය.
අපේ රටට සංචාරකයන් පැමිණෙන ලෝකයේ රටවල් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන්කොට හඳුනාගතත හැකිය. ඉන් කැපී පෙනෙන පළමු කොටස වන්නේ යුරෝපීය සංචාරකයන්ය. ජර්මනිය එංගලන්තය ප්‍රංශය ස්පාඤ්ඤය පෘතුගාලය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය ආදී රටවල් කලාපයෙන් පැමිණෙන සංචාරකයෝ යුරෝපීය සංචරයකින් ලෙස හැඳින්වේ. අතීතයේ සිටම යුරෝපීය ජාතීහු ශ්‍රී ලංකාව ඉතා මනරම්‍ය සංචාරක ගමනාන්තයක් ලෙස භාවිතා කළහ.
සංචාරකයින් පැමිණෙන දෙවන කාණ්ඩය වන්නේ රුසියාව ප්‍රමුඛ ලොව අධිකම ශීතල සහිත නැගෙනහිර යුරෝපියානු රටවල් සමූහයයි.
තුන්වන කාණ්ඩයට අයිති වන්නේ මැද පෙරදිග හා ඉන්දියානු රටවල් කලාපයයි. අපේ රටට අද වැඩිපුරම සංචාරකයින් එන්නේ මෙම රටවල් කලාපයෙන් බව සමහර විට ඔබ නොදන්නවා ඇත. ඒ අතරිනුත් වඩාත්ම එන්නේ ඉන්දියාවෙනි. එහෙත් ඉන්දියාවෙන් මෙරටට එන පිරිස සංචාරකයන්මදැයි ප්‍රශ්නයක් තිබේ.
කලාපීය වශයෙන් අපේ රටට වඩාත් විශාල ආදායමක් ලැබෙන්නේ යුරෝපියානු හා රුසියානු සංචාරකයින් පැමිණෙනන විටයි. මෙම ශීත අධික රටවල සංචාරකයෝ තමන්ගේ රටවල්වල සීතල අධිකම, ජීවත්වීමට අසීරුම කාලයේ ග්‍රීස්ම රටවල සංචාරය කිරීම අතීතයේ පටන්ම පුරුද්දක් කරගෙන තිබූ බව කියති. එහෙත් ඔවුන්ගේ එම සීතල සංචාරය සඳහා ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් වඩා දිගු ඉතිහාසයක් නම් නැත. ඔවුන්ගේ තෝරා ගැනීම සමකය ආසන්න රටවල්ය. ශ්‍රී ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වන්නට වූයේ හැට ගණන් හැත්තෑ ගණන්වලින් පසු ලංකාව ලෝකයට නිරාවරණය වූවාට පසුවයි.
දැන් මේ වන විට වසරකට සංචාරකයෝ ලක්ෂ 20ක් පමණ ලංකාවේ සංචාරය කරන බව රහසක් නොවේ. ඩොලර් බිලියන ගණනක ආදායමක් ඉන් වසරක් පතා ලංකාව අත්පත් කරගනු ලබයි. ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය හා ඉන් ලබන ආදායම රජය වැඩිපුර අවධානය යොමු කර සංචාරක ප්‍රවර්ධන කටයුතු කරන්නේ නම් දෙගුණයක් කර ගත හැකි බව සංචාරක විද්‍යාඥයින්ගේ අදහසයි. ඒත් අපි එය කර තිබේද. තම ශීතකාලීන සංචාරක ගමනාන්තය සඳහා මේ අති සුන්දර දිවයින, ශ්‍රී ලංකාව තෝරා ගන්නැයි කියා ප්‍රබල පණිවිඩයක් අපි ලෝකෙට ගෙන ගොස් තිබේද...
එහෙත් පුරුද්දට මෙන් රුසියානු හා යුරෝපානු සංචාරකයෝ දිවයිනට පැමිණෙති. ඔවුන් පැමිණෙන කාලවකවානුව අප සලකන්නේ සංචාරක කර්මාන්තයේ "මධුසමය" හෙවත් "සීසන් එක" කියාය.
එම හැඳින්වීමට අනුව ලංකාවේ සීසන් එක පටන් ගන්නේ යුරෝපයට හිම වැටෙන්නට පටන් ගන්නා සැප්තැම්බර් මාසයේ අවසානයේ සිටය. සැප්තැම්බරයේ පටන් ගන්නා එම මධුසම සමය නැවත අවසන් වන්නේ යුරෝපයේ හිම දියවන කාලය වනන විටයි. ඔක්තභරයේ යාන්තමින් හිම වැටෙන්නට පටන් ගනියි. නොවැම්බර් වන විට යුරෝපයේ සියලු ගස්වල කොළ හැලියයි. දෙසැම්බරේදෙසැම්බරයේ ඌලන්නට බැරි සීතල තව තවත් දරුණු වේ. ජනවාරියේ අග හිම දියවන්නට පටන් ගනියි. සීත කාලයේ කොළ ගිලිහී අතු ඉපල් බවට පත් ගහ කොළ පෙබරවාරයේ නව දළු ළා හිනහෙන්නටට පටන් ගනියි. යුරෝපයට වසන්තය දොරට තට්ටු කරන්නට පටන් ගන්නේ එතැන් සිටය. එවිට සංචාරකය කර්මාන්තයේ නිරත වන අපි වැනි රටවල මදුසමය නිමාවෙයි. සංචාරක කර්මාන්තයේ වසන්තය නිමාවෙයි...
යුරෝපයට හා රුසියාවට මෙන්ම අනිත් පැත්තෙන් බලන විට ඇමරිකානු කැණීඩියානු රටවලට ශීත කාලය බලපාන්නේ සැප්තැම්බරයේ අග සිට පෙබරවාරියේ මුල දක්වා වූ කාල පරාසය ඇතුලේ වුවත් ඒ දෙපිරිස සංචාරක ගමන් බිමන් ආරම්භ කරන්නේ කාලවකවානු දෙකකදීය. යුරෝපීය රටවල සංචාරකයෝ සැප්තැම්බර් අග සිට සංචාරක ගමනාන්තයන් සොයා පියඹන අතර රුසියානු සංචාරකයින් සිය සංචාරක සමය ආරම්භ කරන්නේ නොවැම්බර් මාසය ආරම්භ වනවාත් සමඟයි. එහෙයින් සංචාරක කර්මාන්තයේ නිරත වන ශ්‍රී ලාංකික සංචාරක පහසුකම් සලසන්නන් මුලින්ම බලාපොරොත්තු වන්නේ යුරෝපීය රටවල සංචාරකයන්ය. රුසියානු සංචාරකයන් පැමිණෙනු ලබන්නේ ඔක්තෝබර් මාසයත් අවසන් වූවාට පසුව බව ඔවුන් දනිති.
ලංකාවට පැමිණෙන යුරෝපියානු හා රුසියානු සංචාරකයන්ගේද පැහැදිලි විවිධත්වයක් ඇත. දෙගොල්ලෝම සුද්දන් සේ විනෝද වන්නටත් වියදම් කරන්නටත් කැමති බව ඇත්තය. යුරෝපානු සංචාරකයන්ට ඒ සඳහා කිසිත් බාධාවක් නැත. එහෙත් රුසියානු සංචාරකයන්ට විනෝද වන්නට හා වියදම් කරන්නට ඇමරිකානු සම්බාදක නිසා මූණ පාන්නට සිදුව ඇති බාධාවන් බොහෝය. අපේ රටේ සංචාරය කරන්නට පැමිණ රුසියානුවන් මුහුණ දෙන අපමණ ප්‍රශ්න හා අනේක විධ බාධාවන් ගැන මා ඔබට දෙවනුව ලිපියක් ලියා කරුණු පැහැදිලි කරන්නට මතක තබාගමි.
ජර්මනිය එංගලන්තය ප්‍රංශය ස්විට්සර්ලන්තය ස්වීඩනය ඉතාලිය බෙල්ජියම නෙදර්ලන්තය පෘතුගාලය ආදී කී නොකී යුරෝපානු රටවල සංචාරකයෝ සංචාරකත් ගමනාන්තයක් ලෙස අපේ රටට පැමිණෙන්නේ මුහුදු වෙරළේ වැතිරී අව්ව තපින්නටම බලාගෙන නොවේ. ස්වාභාවයෙන්ම ඔවුහු රට තොට තොරතුරු දැන හඳුනා ගන්නට හා දැක බලා ගන්නට කැමතිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් සංචාරකයන්ය. දේශ හා සංස්කෘතියෙන් ගවේෂකයන්ය. එම නිසා ඔවුන් සංචාරකයන් ලෙස ගමනාන්තයක් වශයෙන් අපේ රටත් තෝරාගන්නා හේතු බොහෝය.
එක් හේතුවක් වන්නේ අපේ රට වටා පවතින මුහුදු වෙරළේ විශේෂත්වයි. නිදහසේ මුහුදු ජල ක්‍රීඩාවේ යෙදීමට හා වෙරලේ වැතිරී නිදහසේ ඇති තරම් අව්ව තපින්නට ඇති විවේකය ඒ අතර එක් විශේෂත්වයක් පමණි. ඊටත් වඩා ඔවුන් ට අභ්‍යන්තරයට ගොස් සිංහලයයි කියන ශ්‍රී ලාංකික ජාතියේ අතීත ශ්‍රී විභූතිය දැකගන්නට කැමතිය. අවුරුදු දෙදහසකටත් වඩා පැරණි හෙළ සංස්කෘතියේ මහානර්ඝ නිර්මාණයන් වූ සීගිරිය ඔවුන්ව මවිතයට පත් කොට තබයි. ඉපැරණි වාරි තාක්ෂණය ඔවුන් නිර්මාණාත්මකව සිතන්නට පොළඹවයි. මිහින්තලයෙන් හා වෙස්සගිරියෙන් පටන් ගෙන අනුරාධපුරයේත් පොළොන්නරුවේත් දඹුල්ලේත් සීගිරියේත් ඉන් පසුව ලංකාව පුරාමත් සිංහලයන් ඉතිරි කොට තැබූ වෙහෙර විහාර තාක්ෂණයේ හා ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණයේ මහිමය කියාපාන නටබුන් සියල්ල ජාතියක් ලෙස සිංහලයා කෙරෙහි ඔවුන්ගේ ගෞරවය පුබුදුවයි. ඒ හැරුණු විට ලංකාවේ සංචාරය කරන විට කිලෝමීටර දහයෙන් දහයට වෙනස්වන පාරිසරික විවිධත්වය ජෛව විවිධත්වය හා මානව විද්‍යාත්මක විවිධත්වය මෙන්ම සංස්කෘතික විවිධත්වය ඔවුන්ව විශ්මයට පත් කරවයි. ඒ හැරුණු විට මෙරට ආහාර පාන සංස්කෘතිය මොන තරම් අගනේද.
ශ්‍රී ලංකා නුවන් අතරේ පවතින්නේ පැය ගණන් වෙහෙස මහන්සි වී ඉතා උනන්දුවෙන් හා පිරිසිදුව හා පරිස්සමින් ආහාර සකසා විනාඩි දහයකින් ඒ සැකසූ ආහාර කා බී අවසන් කරන ආහාර සංස්කෘතියකි. යුරෝපානුවන් තුළ ඇත්තේ විනාඩි දහයෙන් පහලවෙන් සකසා ගන්නා ලද ක්ෂණික පැය ගණන් කමින් බොමින් තලු මර මරා රස විඳින ආකාරයේ food enjoy ආහාර සංස්කෘතියකි. මේවා ගවේෂණය කරමින් අත්හදාබලමින් වටහා ගන්නට ඔවුන් දක්වන්නේ මහත් ආශාවකි.
පැයක් ඇතුලත මුහුදු වෙරළටත් පැයක් දෙකක් ඇතුළත වග වලසුන් අලි ඇතුන් ගහන මහ රූස්ස වනාන්තරයකටත් තවත් පැයක් දෙකක් යුරෝපය මෙන් සීතල අධික මනරම් දර්ශන තල වලින් පොහොසත් නුවරඑළිය බණ්ඩාරවල වන් නෙත පීරන පරිසරයකටත් යන්නට ලංකාවේ ඇති පාරිසරික විවිධත්වය යුරෝපානුවන්ට වටහා ගත නොහැකි තරම්ය. ඔවුන් පැමිණෙන්නේ මෙන්න මේ විශේෂත්වයන් අත්හදා බලන්නට හා විඳින්නටය.
ඒ විශේෂත්වයන් අත්හදා බලමින් වටහා ගන්නට ඔවුන්ට භාෂාව බාධාවක් වන්නේනැත. ඔවුන් කැමති අන්දමේ කැමති පන්තියේ පහසුකම් සහිත නවාතැන් සහ පහසුකම් සැලසෙන ලැගුම්හල් අවශ්‍ය තරම් සපයා ගත හැක. ඉංග්‍රීසියෙන් හෝ වෙනත් යුරෝපීය භාෂාවකින් තමන්ව දැනුවත් කරන මාර්ගෝපදේශකයන්ගේ විනීත භාවය හා කාරුණික භාවය ඔවුන් නැවත නැවතත් මේ දේශයට ඇදී එන්නට පොළඹවයි. සැබවින්ම යුරෝපීයයන් වෙනුවෙන් මේ රටේ සියල්ලම තිබේ. අවශ්‍ය වන්නේ ඊට සරීලන පරිදි වියදම් කරන්නට අවශ්‍ය ඩොලර්ය.
ඔවුන්ගේ එරට ක්‍රිඩිට් කාඩ් මේ රටේ ගණුදෙනු වෙනුවෙන් පාවිච්චි කරන්නටද දැන් මේ යුරෝපානුවන්ට අපේ රටේ පහසුකම් තිබේ... එසේ නම් ඔවුන්ගේ මැසිවිලි නැත. අවශ්‍ය වන්නේ තව තවත් වැඩි වැඩියෙන් සංචාරකයන් මේ රටට ගෙන්වා ගැනීමය.
එහෙත් යුරෝපයානු සංචාරකයන්ටද දැන් අපටත් වඩා තරගකාරීව පහසුකම් සලසන්නට ඉදිරිපත් වී ඇති රටවල් බොහොමයකි. ඒවා අතරින් මාලදිවයින, වියට්නාමය තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, ඉන්දියාව, ඊජිප්තුව ආදී රටවල් පෙරමුණට පැමිණ මින් සිටි. අද වන විට මාලදිව ඉන්න ගතහොත් අපට වඩා අති විශාල පුංචි රටක්වුවද අප රට සමග සසඳා බලන කල මහ මුහුදේ තිතක් වන් වුවද මේ වනවිට අපට වඩා දෙතුන් ගුණයක් යුරෝපීය සංචාරකයින් ඇදී යන්නේ යන්නේ මාල දිවයින්වලටය.
සංචාරකයින් අපට වඩා එවන් රටවලට ඇදී යන්නට හේතු කුමක්දැයි රජයක් හැටියට හා සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ව්‍යවසායකයන් හැටියට සොයා බැලිය යුතු වන්නේය. බැලූ බැල්මට ඊට හේතුව වී ඇත්තේ අප දෙනවටත් වඩා වැඩි පහසුකම් පැකේජයක් වඩා ලාභදායී ලෙස ඔවුන්ට ලබා දෙන්නට මෙකී තරගකාරී රටවල් ඉදිරිපත් වී සිටීමය...
මේ තත්ත්වය යුරෝපානු සංචාරකයින්ටත් වඩා බලපා ඇත්තේ රුසියානු සංචාරකයින් සම්බන්ධව බව සංචාරක ව්‍යාපාරයේ නිපුණ විද්වතුන් පවසයි...
කෙසේ වෙතත් අප සංචාරක ව්‍යාපාරය අනාගත ආදායම් මාර්ග වල ප්‍රධාන ඉලක්කයක් ලෙස තබා ගන්නේ නම් එක දෙයක් කළ යුතුය. අනිත් සංචාරක ගමනාන්තයන් සහිත රටවල් හා තරගකාරීව පහසුකම් සලසන්නට පියවර ගත යුතුය. සිංහලයන්ට තේරෙන භාෂාවෙන් කියන්නේ නම් ඇදගෙන නාන්නට තිබෙන ළිඳ ඉහගෙන බලන්නට තරම් අමනෝඥ නොවිය යුතුය...
කල්පනා කරන්නට තව බොහෝ දේ තිබේ. කල්පනා කළා මදිය. කල්පනා ක සිතා බලා අප හරි දේ කරන්නට පියවර ගත යුතුය. එසේ නොකළහොත් අපි මේ තරගයෙන් පසු පසට තල්ලු වී යන අවුරුද්ද හෝ සංචාරක වාරය වැඩි ඈතක නැත.
වසන්තයට පෙර ගිම්හානය උදාවන්නට ඉඩ දිය යුතු නැත.
උදයංග වීරතුංග මහතාට ස්තුතිය පිරිනැමෙයි
රුසියානු සංචාරකයින් ලංකාවේදී මුහුණ දෙන
අමිහිරි අත්දැකීම් අතරින් බිඳක් තව නොබෝ නොබෝ දිනකින්..
What's Your Reaction?
Like
2
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

