සලේගේ ජීවිතය හා යුක්තිය වෙනුවෙන් විමල්, උදය, ඡන්න හා වීරසේකර සටනට...
හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා වත්මන් රජය විසින් ජනාධපති බලය යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් සිදු කරනු ලබන අමානුෂික, ශාරීරික සහ මානසික වදහිංසාවලට එරෙහිව "ස්ටැන්ඩ් අප් ෆෝ සලේ" (Stand Up for Sale) තේමාව යටතේ හෙට (ජුනි 8) උදෑසන 10.00 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී දැවැන්ත අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, සර්වජන බලයේ උපසභාපති මහාචාර්ය චන්න ජයසුමන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන් ඒකාබද්ධව ප්‍රකාශ කර සිටියහ.
සලේගේ ජීවිතය හා යුක්තිය වෙනුවෙන්
විමල්, උදය, ඡන්න හා වීරසේකර සටනට...
සලේගේ “ජීවිතය සහ යුක්තිය” ඉල්ලා
දැවැන්ත ඒකාබද්ධ උද්ඝෝෂණයක් හා සත්‍යග්‍රහයක්
හෙට (08) උදේ 10 00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී...
හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා වත්මන් රජය විසින් ජනාධපති බලය යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් සිදු කරනු ලබන අමානුෂික, ශාරීරික සහ මානසික වදහිංසාවලට එරෙහිව "ස්ටැන්ඩ් අප් ෆෝ සලේ" (Stand Up for Sale) තේමාව යටතේ හෙට (ජුනි 8) උදෑසන 10.00 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී දැවැන්ත අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, සර්වජන බලයේ උපසභාපති මහාචාර්ය චන්න ජයසුමන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන් ඒකාබද්ධව ප්‍රකාශ කර සිටියහ.
අද (ජුනි 7) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මෙම නායකයින් සිව්දෙනා අවධාරණය කළේ, පවතින දේශපාලන පක්ෂ මතභේද සහ විවිධත්වයන් සියල්ල පසෙක තබා, රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා වැඩ කළ බුද්ධි නිලධාරියෙකු වෙනුවෙන් සමස්ත ජාතියම වහාම පෙළගැසිය යුතු බවයි.
මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ, අද දවසේ සුරේෂ් සලේ මහතා මුහුණ දෙන ඉරණම හෙට දවසේ මේ රටේ ඕනෑම රණවිරුවෙකුට මුහුණ දීමට සිදුවිය හැකි පොදු ඉරණමක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය:
“සුරේෂ් සලේ කියන්නේ මේ රටේ වීරෝධාර රණවිරුවන් පිළිබඳ සංකේතයක්. ඔහු අද මුහුණ දෙන ඉරණම හෙට දවසේ ඕනෑම රණවිරුවෙකුට මුහුණ දීමට සිදුවිය හැකි එකක්. ඔහුට විරුද්ධව චෝදනාවක් තියෙනවා නම් එය සනාථ වන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙකුට ශාරීරික සහ මානසික වදහිංසා පමුණුවමින්, ජීවිතය එපා කරවන සුළු මනෝභාවයක් ඇති කරවන ආකාරයට වාරණයක (රඳවාගෙන) සිටීම මනුෂ්‍යත්වයට නිගාවක්.
ඔහු අවුරුදු 30ක් තිස්සේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ කෙනෙක්. ඔහුගේ බුද්ධි තොරතුරු නිසා ජීවිත රැසක් ආරක්ෂා වුණා, මරාගෙන මැරෙන ප්‍රහාර සහ බෝම්බ පිපිරීම් වළක්වා ගත්තා. අවසාන තීරණාත්මක සටනේදී කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ඒ බුද්ධි තොරතුරු බෙහෙවින් ඉවහල් වුණා. අද ඔහුට සිදුවී ඇත්තේ ශානි අභේසේකර වැනි මුර්ග නිලධාරීන් යටතේ වද විඳින්නටයි. ඔහු අද ඒ වදක භූමියේ නිරාහාරව, බෙහෙත් පාවිච්චි නොකර මාරාන්තික උපවාසයක යෙදී සිටිනවා.
මේ පාලකයන් ඔහු මිය ගියත් කමක් නැහැ කියන දරුණු සිත්පිත් නැති ආකාරයටයි හැසිරෙන්නේ. මේ සතුටු කරන්නේ වෙල්ලමුල්ලිවයික්කාල් වලදී පැරදුණු, එල්.ටී.ටී.ඊ. මතයට පක්ෂ දෙස් විදෙස් ඩයස්පෝරාවයි. මේ අසාධාරණයට එරෙහිව හෙට උදෑසන 10ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරනවා. කෙලෙහිගුණ දන්නා ජනතාවට ඊට එක්වන ලෙස අප ආරාධනා කරනවා.”
මෙහිදී තමන් කරන ලද සගේ පිළිබද හෙළිදරව්වකට එරෙහිව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනවලට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, රජය සහ පොලීසිය එක්ව සුරේෂ් සලේ මහතාට සිදුකරන අමානුෂික වදහිංසා වසන් කිරීමට උත්සාහ දරන බවයි. තමන් ඊයේ රටට හෙළි කළ කරුණු සියල්ලේ වගකීම තමන් භාරගන්නා බව පැවසූ ඒ මහතා පොලීසියට මෙලෙස අභියෝග කළේය:
“ඊයේ දිනේදී සුරේෂ් සලේ මැතිතුමාගේ පවුලේ අයගේ ඉල්ලීම අනුව එතුමා මාරාන්තික උපවාසයක යෙදෙන බව මම රටට දැනුම් දුන්නා. ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කිව්වේ මම අසත්‍ය ප්‍රකාශ කරන බවයි. මම පොලීසියට අභියෝග කරනවා, පුළුවන් නම් මට විරුද්ධව නඩු දාන්න කියලා. මා කී සියලු කරුණු වල මූලාශ්‍රය වුණේ අධිකරණ වෛද්‍යවරයා විසින් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක වෛද්‍ය වාර්තාව සහ එතුමාගේ පුතා මට ලිඛිතව එවූ කරුණුයි.
පොලිස් නිවේදනයේ සඳහන් වෙනවා ඔහුට සලකන්නේ අනිත් සිරකරුවන්ට සලකන විදිහටමයි කියලා. මේක අතිශය භයානක කතාවක්. ඒ කියන්නේ සෑම සිරකරුවෙකුටම පත්තර කොළයක බිම තබා කෑම දෙනවා කියන එකද? සෑම සිරකරුවෙක්ම නිර්වස්ත්‍ර කර පහර දෙන බවද? ගුද මාර්ගයට ඇඟිලි ගසා පරීක්ෂා කරන බවද? පොලීසිය ලිඛිතවම පිළිගෙන තිබෙනවා සිරකරුවන්ට සතුන්ටත් අන්ත විදිහට සලකන බව. මානව හිමිකම් ක්‍රියාකාරීනි, දැන් ඔබට වැඩ ලැබී තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයාට සැකයක් ඇතිවීම පමණක් ප්‍රමාණවත් වසරක් දක්වා රඳවාගෙන ඉන්න. සුරේෂ් සලේ සම්බන්ධයෙන් තවම පවතින්නේ විමර්ශනයක් පමණයි, කිසිදු... චෝදනා පත්‍රයක් ගොනු කර නැහැ. එතුමාට කරන අමානුෂික වදහිංසා ගැන අපි අභියාචනාධිකරණයටත් දැනුම් දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ විශේෂ නියෝජිතවරයා මේ වසරේ ලංකාවට පැමිණි විට මේ ගැන ප්‍රශ්න කිරීමට අපි වාර්තාවක් සකසනවා. ඔබේ පපුවේ තෙතමනයක් තිබේ නම්, හෙට උදෑසන 10ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැමිණ මේ යුක්තියේ සටනට එක්වන්න.”
රජය විසින් සිදු කරනු ලබන මෙම දේශපාලන පළිගැනීම පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය රට හමුවේ තැබූ සර්වජන බලයේ උපසභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා තමන් සතු ආරක්ෂක අමාත්‍ය ධූරයේ බලතල අවභාවිත කරමින් මෙම මර්දනය දියත් කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය:
“රජය මේ වෙලාවේ දැවැන්ත උත්සාහයක් දරනවා සුරේෂ් සලේ මහතාට සිරදඬුවමක් නියම වෙලා සිරගත කරලා තියෙනවා කියන අදහස සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න. අපි නැවත අවධාරණය කරනවා, එතුමාව රඳවාගෙන සිටින්නේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ලබා දුන් (DO) රැඳවුම් නියෝගයක් මතයි. මෙය දඬුවමක් නෙවෙයි, එතුමාව වදහිංසනයට ලක් කිරීමක්. කිසිසේත්ම මනුෂ්‍යයෙකුට නොසැලකිය යුතු ආකාරයට එතුමාට සලකන බව එතුමාගේ බිරිඳ සහ පුතා ප්‍රකාශ කරනවා.
මීට පෙර දහස් ගණනක් මනුෂ්‍ය ජීවිත වලට වග කියන දේශපාලන ව්‍යාපාරයක් අද රාජ්‍ය බලය අරගෙන, දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන්ගේ සහ මිෂනාරි කල්ලිවල වුවමනාවට “පල්ලිවල බෝම්බ බෞද්ධයන් තැබුවා” කියන මතය ජනගත කරන්න උත්සාහ කරනවා. මේ සඳහා රජයේ ඇමතිවරු සහ මාධ්‍ය ලේකම්වරු ඩොලර් ලක්ෂ ගණන් වැය කරමින් දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කරනවා. කිසිදු සාධකයක් නැති අභූත චෝදනා නගමින් එතුමාගේ චරිත ඝාතනය කිරීමට දරන උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. සුරේෂ් සලේ මහතාට කරන මේ නින්දිත වදහිංසාවට එරෙහිව සියලු දේශප්‍රේමීන් හෙට උදෑසන 10ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණෙන්න. ඔහු නිදහස් කරන තුරු හෝ අවම වශයෙන් ප්‍රතිකාර සඳහා යොමු කරන තුරු අපි මේ සටන අඛණ්ඩව ගෙන යනවා.”
අවසාන වශයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා, සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තර මට්ටමෙන් පැවැත්වූ විමර්ශන රැසක ප්‍රතිඵල සිහිපත් කරමින් CID ය ක්‍රියා කරන ආකාරය දැඩි විවේචනයට ලක් කළේය:
“ජාතියක් හැටියට අපි අද ඉතාම ලැජ්ජා විය යුතු සහ ඛේදජනක තත්ත්වයකයි ඉන්නේ. යුද්ධය පවතින කාලයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බුද්ධි නිලධාරියෙක් අද 6x4 කාමරයක, මීයන් සහ කැරපොත්තන් ගහන තැනක දමා තිබෙනවා. රජය උත්සාහ කරන්නේ ජීවන වියදම ඉහළ යාම නිසා ජනතාව තුළ ඇති වී තිබෙන අප්‍රසාදය වෙනතකට යොමු කරන්නයි. අනෙක් කරුණ නම්, මේ ආණ්ඩුව බලයට පත්වූයේ දෙමළ ඩයස්පෝරාවේ ආශිර්වාදයෙන් වීමයි. ඒ නිසා ඔවුන් රණවිරුවන් පහත් කර සලකනවා, කොටි ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ දෙනවා. සුරේෂ් සලේ සම්බන්ධයෙන් දේශීය විමර්ශන හතක් සිදු වුණා.
ඒ වගේම ඉන්ටර්පෝල්, ඕස්ට්‍රේලියන්... ෆෙඩරල් පොලීසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ FBI ආයතන වසර ගණනාවක් විමර්ශනය කළත් කිසිම තැනක ඔහුගේ නම සඳහන් වුණේ නැහැ. එෆ්.බී.අයි. පරීක්ෂණය කරපු ප්‍රධානී “රාජ් පටෙල්” මහතා පවා ප්‍රකාශ කළා මෙතැන කිසිම දේශපාලනයක් ගෑවී නැති බව. එහෙම තිබියදී දිලීප් පීරිස්ලාට පමණක් හමුවූ හේතු මොනවාද?
සහරාන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු දෙකක් තිබියදී ඔහුව අත්අඩංගුවට නොගත් ශානි අබේසේකරලා තමයි අද මේ සුරේෂ් සලේට මේ විදිහට සලකන්නේ. අසාද් මවුලානා කියන පුද්ගලයාගේ අසත්‍ය ප්‍රකාශ මත තමයි මොවුන් ක්‍රියා කරන්නේ. ජනාධිපති කොමිසම පවා ප්‍රකාශ කර තිබෙනවා අසාද් මවුලානා කියන්නේ පට්ට බොරුකාරයෙක් බව. සලේගේ සෞඛ්‍යයට අනතුරක් වුවහොත් එහි සම්පූර්ණ වගකීම දිලීප් පීරිස් ඇතුළු CID නිලධාරීන් ගත යුතුයි. හෙට උදෑසන 10ට කොටුවට පැමිණ මේ නිරපරාදේ හිරේ දැමීමට විරුද්ධව හඬ නගන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”
මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ සුරේෂ් සලේ මහතාගේ ජීවිතය බේරා ගැනීම සහ වීරෝධාර රණවිරුවන් දේශපාලන උවමනාවන් වෙනුවෙන් දඩයම් කිරීම වහාම නතර කිරීම සඳහා ජනතා බලපෑමක් එල්ල කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව නායකයෝ පෙන්වා දෙති. ඒ වෙනුවෙන් හෙට (ජුනි 8) උදෑසන 10.00 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වෙන මෙම "ස්ටැන්ඩ් අප් ෆෝ සලේ" දැවැන්ත අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයට පක්ෂ, පාට භේදයකින් තොරව, කෙලෙහිගුණ දන්නා සහ රටේ ආරක්ෂාව අගය කරන සමස්ත දේශප්‍රේමී පොදු මහජනතාවට එක්වන ලෙස නායකයෝ ඉතාමත් කාරුණිකව ආරාධනා කර සිටිති.
මෙහිදී විමල් වීරවංශ මහතා කළ
සම්පූර්ණ කතාව මෙසේය.
සුභ සන්ධ්‍යාවක්! සියලුම දෙනාට.
අද අපි සියලු දෙනාම “ස්ටෑන්ඩ් අප් ඔෆ් සලේ” කියන තේමාව යටතේ, දේශපාලන පක්ෂ මතවාදයන් සියල්ල පැත්තකට තියලා මෙතනට එකතු වුණා. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මැතිතුමා, සර්වජන බලයේ උපසභාපති චන්න ජයසුමන මැතිතුමා, ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ විධායක සභික සරත් වීරසේකර මැතිතුමා ඇතුළු තවත් පාර්ශව ගණනාවක් සමග අපි මේ පිළිබඳව සාකච්ඡා කළා.
ඇත්තටම මේ කඩිනමින් අපිට ඔක්කොටම මෙහෙම එකපාරටම එකතු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් අපි කල්පනා කරලා, හැමෝම සාකච්ඡා කරලා ක්ෂණික තීරණයක් ගත්තා; හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා මුහුණ දීලා තියෙන ඛේදනීය ඉරණම ගැන මේ රටේ පොදු ජනතාව දැනුවත් කරන්නත්, ඒ වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වලට එළඹෙන්නත්. අන්න ඒ අනුව තමයි අද අපි මේ සුවිශේෂී මාධ්‍ය සාකච්ඡාව මේ ස්ථානයේ සූදානම් කළේ. ඇත්තටම වෙනත් ස්ථානයකට මේක කඩිනමින් ගෙනියන්න පුළුවන්කමක් තිබ්බේ නැති හින්දා සහ අද හවස දෙකට ඔබ කොහොමත් මෙතනට පැමිණෙන බව දන්නා නිසා අපි මේ ස්ථානය තෝරාගත්තා.
සුරේෂ් සලේ කියන්නේ එක්තරා ආකාරයකට මේ රටේ වීරෝධාර රණවිරුවන් පිළිබඳ සංකේතයක්. ඔහු අද මුහුණ දෙන ඉරණම, හෙට දවසේ මේ රටේ ඕනෑම රණවිරුවෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන නියමිත ඉරණමක් බව පැහැදිලියි. ඔහුට විරුද්ධව කිසියම් චෝදනාවක් තියෙනවා නම්, ඒ චෝදනාව අධිකරණයක සනාථ කරනතුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. ඒ වගේ නිර්දෝෂී පුද්ගලයෙකුට ශාරීරික සහ මානසික... හිංසා පමුණුවමින්, ඔහුගේ මානසික තත්ත්වය බිඳවට්ටමින්, වේදනාවට පත් කරමින්, ජීවිතය එපා කරවන සුළු මනෝභාවයක්... නිර්මාණය කරන විදියේ රැඳවුම් භාරයක තබාගෙන සිටීම කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. ඒක මනුෂ්‍යත්වයට නිගාවක්; මේ රටේ අපි උරුම කරගෙන තිබෙන අපේ සභ්‍යත්වයේ ගුණධර්ම වලට මහා හානියක්. ඒ නිසා තමයි අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ, ශිෂ්ඨ සම්පන්න සමාජයක... මිනිස්සු විදිහට අපි මේ අසාධාරණය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුයි.
සුරේෂ් සලේ කියන්නේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විදිහට වගේම, ඒ තනතුරට එන්න පෙරාතුවත් වසර 30ක් තිස්සේ යුද හමුදා බුද්ධි අංශය තුළ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශාල සේවයක් කරපු නිලධාරියෙක්. එදා ඔවුන් ලබා දුන් සමහර බුද්ධි තොරතුරු නිසා අපේ ජීවිත ආරක්ෂා වුණා. සමහර බුද්ධි තොරතුරු නිසා පිපිරෙන්න තිබිච්ච බෝම්බ වාහන නතර කරලා, අල්ලාගන්න පුළුවන් වුණා. සමහර බුද්ධි තොරතුරු නිසා මහා විනාශකාරී මරාගෙන මැරෙන ප්‍රහාර වළක්වා ගත්තා. ඒ විතරක් නෙවෙයි, අවසාන තීරණාත්මක සටනේදී මිනීරුම්කාරී කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරන්න බෙහෙවින් ඉවහල් වුණේ බුද්ධි තොරතුරුයි. නාවික හමුදාවටත්, යුධ හමුදාවටත්, ගුවන් හමුදාවටත් ඒ බුද්ධි තොරතුරු ඉතාමත් වැදගත් වුණා. ඒ නිසා ඒ බුද්ධි තොරතුරු නැතුව ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සිද්ධ වෙන්නේ අඳුරේ අතපත ගාන්නයි.
දැන් මේ කතා කරන මහත්තුරු පටවන්න හදන චෝදනාව තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. එතන ඇත්තටම තියෙන්නේ බුද්ධි තොරතුරු ලැබිලත් නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ වරදයි. විදේශ ඔත්තු සේවයකින් හෝ බුද්ධි තොරතුරු ලැබුණා; නමුත් ලැබිච්ච තොරතුරු වලට අනුව ක්‍රියාත්මක නොවීමේ වරදයි එතන තියෙන්නේ. එදා ක්‍රියාත්මක නොවී වැරදි කරපු අය තමයි අද මේකේ 'කැකිල්ලේ තීන්දු' දෙන්න මේ පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නේ.
කෙසේ වෙතත්, මේ තත්ත්වය යටතේ අපට සාමය උදාකර දෙන්න මහා... කැපවීමක් කරපු මේ වීරෝධාර චරිත, වෙන රටක නම් ජීවිතයේ අවසාන මොහොත දක්වා ඇගයීමට ලක්වෙනවා. වීරත්වය වඩ වඩාත් ජනිත කරවන්න ඔවුන් ලබපු ඒ අත්දැකීම් වලින් නූතන පරම්පරාවට පන්නරය ලබා දෙනවා. එහෙම ඉන්න ඕන මිනිස්සුන්ට තමයි අද ශානි අබේසේකරගේ වදකාගාරයක වද විඳ විඳ මේ පරීක්ෂණ කටයුතු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් සමහරු කියනවා ඉතින් "හැම හිරකාරයෙකුටම ඔහොම තමයි" කියලා. මේ අය සාමාන්‍ය හිරකාරයෝ නෙවෙයි. මේ රඳවා ගැනීමේ නියෝග (ඩී.ඕ) ගහලා තියාගෙන ඉන්නේ; ජනාධිපති බලතල පාවිච්චි කරලයි මේ තියාගෙන ඉන්නේ.
ජනාධිපති බලතල පාවිච්චි කරලා තියාගෙන ඉන්න ගමන්, නිසි ආහාරයක් දෙන්නේ නැතුව, ජීවිතය කලකිරවන ආකාරයකට තල්ලු කරමින්, මිනිස් වාසයට නුසුදුසු පරිසරයක තබාගෙන මේ හිරිහැර කරන්නේ වෙන මොකටවත් නෙවෙයි. මේ ආණ්ඩුව සාමාන්‍යයෙන් දක්ෂයි බොරු චෝදනාවක් පටවන්න. ඒ බොරුව ඔප්පු කරගන්න බැරි නම් ඊළඟට කරන්නේ, ඒ පුද්ගලයන් ලවා ජීවිතය එපා කරවන විදියේ ඉරණමකට ඔවුන්ව ඇද දැමීමයි. අද මෙතන තියෙන්නෙත් මේජර් ජෙනරල්... සුරේෂ් සලේගේ ජීවිතය එපා කරවන මට්ටමේ ඉරණමකට ඇද දාලා, ඔහු විසින්ම ඔහුගේ ජීවිතය අහිමි කරගන්නා තත්ත්වයක් කෘතිමව නිර්මාණය කිරීම කියන එකයි අපේ සැකය සහ විශ්වාසය.
ඒ නිසා මේක කෘතවේදී හදවත් වලට ඉවසන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මේ සාමයේ සිසිලස භුක්ති විඳින කිසිම යුක්තිගරුක මනුස්සයෙකුට ඉවසිය යුතු තත්ත්වයක් නෙවෙයි; පිළිගත යුතු තත්ත්වයක් නෙවෙයි. අද ඔහු ඒ වදක භූමියේ තනිවම නිරාහාරව ඉන්නවා. ආහාර හෝ දියර කිසිවක් පාවිච්චි නොකර, බෙහෙත් පාවිච්චි නොකර ඔහුගේ ජීවිතය ඉතාම අවදානම් ඉරණමකට ලක්වෙලා තියෙන්නේ. ඔහු කොහොමටත් කායිකව සහ මානසිකව දුර්වල වෙච්ච තත්ත්වයකයි හිටියේ. ඒ තත්ත්වය යටතේ මාරාන්තික උපවාසයක් ඔහු ආරම්භ කිරීම කියන්නේ, ඒ අනතුරේ අවදානම තවත් ඉහළ යාමක්. මේ ගහලයන්ට, මේ පාලකයන්ට ඕනේ ඔහු එලෙසම මියගියත් කමක් නෑ කියන විදියේ දරුණු, සිත්පිත් නැති ආකාරයකට හැසිරෙන්නයි.
ශානි අබේසේකර වගේ මෘග නිලධාරීන් විශ්‍රාම ගියාටත් පස්සේ, ජාතික ජන බලවේගයේ වේදිකාවේ හිටපු විශ්‍රාමික පොලිස් බලකායේ හිටපු ශානි අබේසේකර වගේ මෘග මනසක් තියෙන පුද්ගලයෙක් ඔය තනතුරට දාගත්තෙත් මේ කියන දුෂ්ට ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නයි. මේ මඟින් සතුටු කරන්නේ වෙන කාවත් නෙවෙයි; වෙල්ලමුල්ලිවයික්කාල් වලින් පැරදිච්ච එකේ වේදනා දරාගෙන ඉන්න පිරිස, එල්.ටී.ටී.ඊ. මතය දරන දෙස් විදෙස් ඩයස්පෝරාව වෙන්න පුළුවන්. ඒ වගේම ඒ මතයට පක්ෂව සිංහල සමාජයේ ඉන්න නරි ටිකක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අයව තමයි මේ අය සතුටු කරන්නේ. එහෙම නැතුව හෘද සාක්ෂියක් තියෙන සාධාරණ කිසිම මිනිහෙක් මේ ක්‍රියාවෙන් සතුටු වෙන්නේ නැහැ. පරීක්ෂණ කරනවා නම් මනුස්සයෙකුට වගේ කරන්න. තමන් භාරයේ ඉන්න මිනිස්සුන්ව මනුෂ්‍යත්වයෙන් යුතුව තියාගන්න බැරි නම් කරුණා කරලා එළියට දාන්න; දාලා පරීක්ෂණය කරන්න.
ඒ නිසා අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා, ඒ අරමුණ වෙනුවෙන් මුළු රටම පෙළගැහෙන්න ඕනේ, ජාතියම පෙළගැහෙන්න ඕනේ. මේ පාලකයන්ට පෙන්නන්න ඕනේ "උඹලා හිතන විදිහට අපේ රණවිරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ" කියලා. ඒ සෙල්ලම නතර කරන්න ඕනේ. සලේගේ නාමයෙන්, රණවිරුවන්ගේ නාමයෙන් ඒ තුච්ඡ ක්‍රීඩාව නතර කළ යුතුයි. එය නතර කිරීම සඳහා කරන්න පුළුවන් ඉහළම බලපෑම අපි නිර්මාණය කරන්න ඕනේ.
අන්න ඒ බලපෑම නිර්මාණය කරන්න, හෙට උදේ 10.00 වෙනකොට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට සියලු ජනතාවට ඒකරාශී වෙන්න කියලා අපි ආයාචනා කරනවා, ආරාධනා කරනවා. මාරාන්තික උපවාසයක ඉන්න සුරේෂ් සලේගේ ජීවිතය අවදානමක තිබෙන නිසා, ඊට සමගාමීව අපි අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරනවා. අපි මේ සියලු දෙනාම සහ මෙතන නැති තව පාර්ශව ගණනාවක් එකට එකතු වෙලා, හැමෝගෙම ශක්තියෙන්, හැමෝගෙම දායකත්වයෙන් ඒ අඛණ්ඩ සත්‍යග්‍රහය හෙට ආරම්භ කරනවා.
අපි ආරාධනා කරනවා මේ රටේ හෘද සාක්ෂියක් තියෙන මිනිස්සුන්ට, කෙලෙහිගුණ දන්නා මිනිස්සුන්ට, රණවිරුවන් දිනා දුන් නිදහසේ අගය සහ වටිනාකම දන්නා මිනිස්සුන්ට, ඒ වගේම මිනීමරු අමානුෂික අතීතයෙන් අපිව ගලවාගත්තු මිනිස්සු වෙනුවෙන් කෘතවේදීත්වය සහ හිතේ තියෙන ආදරය පෙන්වීම සඳහා හෙට උදේ 10.00 ට පිටකොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණෙන්න කියලා අපි ඉතාමත් කාරුණිකව ආරාධනා කර සිටිනවා.
උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය
"ඊයේ දිනයේදී සුරේෂ් සලේ මැතිතුමාගේ පවුලේ අයගේ ඉල්ලීම පරිදි, එතුමා මාරාන්තික උපවාසයක යෙදී සිටින බව මම රටට දැනුම් දුන්නා. ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ මා අසත්‍ය ප්‍රකාශ කරන බවයි. මම පොලීසියට අභියෝග කරනවා, පුළුවන් නම් මට විරුද්ධව නඩු පවරන්න කියලා. මා සඳහන් කළ සියලු කරුණු වල මූලාශ්‍රය වුණේ අධිකරණ වෛද්‍යවරයා විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද පිටු 25ක වෛද්‍ය වාර්තාව සහ එතුමාගේ පුත්‍රයා විසින් මට ලිඛිතව එවනු ලැබූ කරුණුයි.
පොලිස් නිවේදනයේ සඳහන් වෙනවා ඔහුට සලකන්නේ අනෙක් සිරකරුවන්ට සලකන ආකාරයටමයි කියලා. මේක අතිශය භයානක කතාවක්. ඒ කියන්නේ සෑම සිරකරුවෙකුටම පත්තර කොළයක බිම තබා ආහාර දෙනවා කියන එකද? සෑම සිරකරුවෙක්ම නිර්වස්ත්‍ර කර පහර දෙන බවද? නැතහොත් ගුද මාර්ගයට ඇඟිලි ගසා පරීක්ෂා කරන බවද? පොලීසිය ලිඛිතවම පිළිගෙන තිබෙනවා සිරකරුවන්ට සතුන්ටත් අන්ත විදිහට සලකන බව. මානව හිමිකම් ක්‍රියාකාරීනි, දැන් ඔබට වැඩ ලැබී තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයාට සැකයක් ඇතිවීම පමණක් ප්‍රමාණවත් පුද්ගලයෙකු වසරක් දක්වා රඳවාගෙන සිටීමට. සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් තවමත් පවතින්නේ විමර්ශනයක් පමණයි, කිසිදු චෝදනා පත්‍රයක් ගොනු කර නැහැ. එතුමාට සිදුකරන අමානුෂික වදහිංසා පිළිබඳව අපි අභියාචනාධිකරණයටත් දැනුම් දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ විශේෂ නියෝජිතවරයා මේ වසරේ ලංකාවට පැමිණි විට මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අපි වාර්තාවක් සකස් කරනවා. ඔබේ පපුවේ තෙතමනයක් තිබේ නම්, හෙට උදෑසන 10.00 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණ මේ යුක්තියේ සටනට එක්වන්න."
ඡන්න ජයසුමන මහතාගේ ප්‍රකාශය
"රජය මේ වෙලාවේ දැවැන්ත උත්සාහයක් දරනවා සුරේෂ් සලේ මහතාට සිරදඬුවමක් නියම වී සිරගත කර සිටිනවා කියන අදහස සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න. අපි නැවතත් අවධාරණය කරනවා, එතුමාව රඳවාගෙන සිටින්නේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ලබා දුන් රැඳවුම් නියෝගයක් (Detention Order) මතයි. මෙය දඬුවමක් නෙවෙයි, එතුමාව වදහිංසනයට ලක් කිරීමක්. කිසිසේත්ම මනුෂ්‍යයෙකුට නොසැලකිය යුතු ආකාරයට එතුමාට සලකන බව එතුමාගේ බිරිඳ සහ පුත්‍රයා ප්‍රකාශ කරනවා.
මීට පෙර දහස් ගණනක් මනුෂ්‍ය ජීවිත වලට වගකියූ දේශපාලන ව්‍යාපාරයක් අද රාජ්‍ය බලය අරගෙන, දෙමළ හා මුස්ලිම් අන්තවාදීන්ගේ සහ මිෂනාරි කල්ලිවල වුවමනාවට 'පල්ලිවල බෝම්බ තැබුවේ බෞද්ධයන්' කියන මතය ජනගත කරන්න උත්සාහ කරනවා. මේ සඳහා රජයේ ඇමතිවරු සහ මාධ්‍ය ලේකම්වරු ඩොලර් ලක්ෂ ගණන් වැය කරමින් දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
කිසිදු සාධකයක් නැති අභූත චෝදනා නගමින් එතුමාගේ චරිත ඝාතනය කිරීමට දරන උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. සුරේෂ් සලේ මහතාට කරන මේ නින්දිත වදහිංසාවට එරෙහිව සියලු දේශප්‍රේමීන් හෙට උදෑසන 10.00 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණෙන්න. ඔහුව නිදහස් කරන තුරු හෝ අවම වශයෙන් සුදුසු ප්‍රතිකාර සඳහා යොමු කරන තුරු අපි මේ සටන අඛණ්ඩව ඉදිරියටම ගෙන යනවා."
සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශය
"ජාතියක් හැටියට අපි අද ඉතාම ලැජ්ජා විය යුතු සහ ඛේදජනක තත්ත්වයකයි ඉන්නේ. යුද්ධය පවතින සමයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බුද්ධි නිලධාරියෙක් අද 6x4 ප්‍රමාණයේ කුඩා කාමරයක, මීයන් සහ කැරපොත්තන් ගැවසෙන තැනක දමා තිබෙනවා. රජය උත්සාහ කරන්නේ ජීවන වියදම ඉහළ යාම නිසා ජනතාව තුළ ඇති වී තිබෙන දැඩි අප්‍රසාදය වෙනතකට යොමු කරන්නයි. අනෙක් කරුණ නම්, මේ ආණ්ඩුව බලයට පත්වූයේ දෙමළ ඩයස්පෝරාවේ ආශිර්වාදයෙන් වීමයි. ඒ නිසා ඔවුන් රණවිරුවන් පහත් කර සලකන අතර, කොටි ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ ලබා දෙනවා.
සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් දේශීය විමර්ශන හතක් සිදු වුණා. ඒ වගේම ඉන්ටර්පෝල්, ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලීසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ FBI ආයතන වසර ගණනාවක් පුරා විමර්ශන කළත් කිසිදු තැනක ඔහුගේ නම සඳහන් වුණේ නැහැ. එෆ්.බී.අයි. පරීක්ෂණය මෙහෙයවූ ප්‍රධානී රාජ් පටෙල් මහතා පවා ප්‍රකාශ කළා මෙතැන කිසිදු දේශපාලන අතපෙවීමක් ගෑවී නැති බව. එසේ තිබියදී දිලීප් පීරිස්ලාට පමණක් හමුවූ හේතු මොනවාද?
සහරාන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු දෙකක් තිබියදීත් ඔහුව අත්අඩංගුවට නොගත් ශානි අබේසේකරලා තමයි අද මේ සුරේෂ් සලේ මහතාට මේ විදිහට සලකන්නේ. අසාද් මවුලානා කියන පුද්ගලයාගේ අසත්‍ය ප්‍රකාශ මත පදනම්වයි මොවුන් ක්‍රියා කරන්නේ. ජනාධිපති කොමිසම පවා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා අසාද් මවුලානා කියන්නේ පට්ට බොරුකාරයෙක් බව. සලේ මහතාගේ සෞඛ්‍යයට යම් අනතුරක් වුවහොත් එහි සම්පූර්ණ වගකීම දිලීප් පීරිස් ඇතුළු CID නිලධාරීන් භාරගත යුතුයි. හෙට උදෑසන 10.00 ට කොටුවට පැමිණ මේ නිරපරාදේ හිරේ දැමීමට විරුද්ධව හඬ නගන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා."
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

