තාජුඩීන් මියගිය රථයට පිටුපසින් ගිය රථයේ කජ්ජා..!

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා අද අනාවරණ කළේය. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.

Sep 30, 2025 - 18:21
 20
තාජුඩීන් මියගිය රථයට පිටුපසින් ගිය රථයේ කජ්ජා..!

රූපය දිරුවත් නාමය නොදිරයි
කළ හොඳ නරක පස්සෙන් පැමිණෙයි... 

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා අද අනාවරණ කළේය. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.
2012 වසරේ මැයි 17 වෙනිදා කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරින් දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ සිරුර හමුවී බරපතළ අපරාධයක සුළමුල හෙලිවූ අතර සිද්ධිය සිදු වී දැනට වසර 13ක් ගතව ගොස් හමාරය. එහෙත් තවමත් ඒ පිළිබද අලුත් තොර තුරු වාර්තා වෙමින් පවතින බව පොලිසිය පවසයි. 
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මුල් අවස්ථාවේ විමර්ශන තුළින් එම මරණය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බවට පොලිසිය පැවසුවද එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඥාතීන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.
අනතුරුව යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු 2015 වසරේදී තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹි අතර 2015 ජුලි 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන්නේ තජුඩීන්ගේ මරණය මිනී මැරුමක් යැයි කරුණු අනාවරණය වී ඇති බවය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනුණත් පසුව ඇප මත මුදාහැරුණි.
කෙසේ වෙතත් අනුර සේනානායක සහ ආනන්ද සමරසේකර යන සැකකරුවන් නීති කෘත්‍යය ක්‍රියාත්මකවන අතරවාරයේ මියගියේය.
මෙවන් වාතාවරණයක වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් තජුඩීන් සිද්ධියේ විමර්ශන ගැන කරුණු අනාවරණයක් කළේය.
කජ්ජාගේ බිරිඳට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වන ලද  තාජුඩීන් හැව්ලොක් සිටි සංකීර්ණය අසළ වෙළෙඳසැලකින් වතුර බෝතලයක් මිලට ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන නරඹා ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තාජුඩීන් පිටුපස සිට ඇති පුද්ගලයා තම ස්වාමියා බවය.
ඇය එලෙස එම පුද්ගලයා නිසැකවම තම සැමියා වන කජ්ජා බවට හඳුනාගෙන ඇත්තේ ඔහුට දීර්ඝ කාලයක පටන් තිබූ කොන්දේ අමාරුවක් හේතුවෙන් සහ ඔහුගේ ඉරියව් හේතුවෙන් බවය.
වතුර බෝතලය මිලට ගැනීමෙන් අනතුරුව තාජුඩීන් පිටුපසින් පැමිණි සැකකටයතු වාහනයකට කජ්ජා අත දමා ගොඩ වී ඇති බවත් ඉන් විනාඩි 20කට පසු තාජුඩීන් ඝාතනය සිදුවූ බවත් බිරිඳ ප්‍රකාශ ලබාදෙමින් පවසා තිබේ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0