ඉදිරි වසර 30 තුළ කලාපීය ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාවට...

ජාත්‍යන්තරයේ ප්‍රකට ගෝලීය අධ්‍යාපන ආයතනයන් සමඟ පුළුල් එකඟතාවන් හා අවබෝධතාවන් ඇති කර ගනිමින්, ඒ පිළිබඳ ගිවිසුම් අත්සන් කරමින් ශ්‍රී ලංකාව වර්තමානයේදීත් නුදුරු අනාගතයේදීත් ඉතා වේගයෙන් අත්පත් කර ගනිමින් සිටින අධ්‍යාපනික හා ආර්ථික සහයෝගිතාව හා ප්‍රගතිය මත ඉදිරි වසර 30 ක කාලය ඇතුළත ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රමුඛස්ථානයට පත් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් “Andrew pstrick” මහතා පවසයි.

Aug 28, 2026 - 15:14
 17
ඉදිරි වසර 30 තුළ   කලාපීය ආර්ථික සංවර්ධනයේ   ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාවට...

ඉදිරි වසර 30 තුළ 

කලාපීය ආර්ථික සංවර්ධනයේ 

ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාවට...

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්  

“Andrew pstrick” මහතා පවසයි.

ජාත්‍යන්තරයේ ප්‍රකට ගෝලීය අධ්‍යාපන ආයතනයන් සමඟ පුළුල් එකඟතාවන් හා අවබෝධතාවන් ඇති කර ගනිමින්, ඒ පිළිබඳ ගිවිසුම් අත්සන් කරමින් ශ්‍රී ලංකාව වර්තමානයේදීත් නුදුරු අනාගතයේදීත් ඉතා වේගයෙන් අත්පත් කර ගනිමින් සිටින අධ්‍යාපනික හා ආර්ථික සහයෝගිතාව හා ප්‍රගතිය මත ඉදිරි වසර 30 ක කාලය ඇතුළත ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රමුඛස්ථානයට පත් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්  “Andrew pstrick” මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පිහිටි BCAS විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානියේ GOLDSMITH අධ්‍යාපන ආයතනය අතර පසුගියදා අධ්‍යාපනික එකඟතා සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී  ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඉතා විශ්වාසයෙන් යුතුව පැමිණ මෙම අදහස් පළ කළේය...

මෙම ඓතිහාසික අවස්ථාවට දෙරටේම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් හා කලමනාකාරීත්වය සහභාගි වී සිටීම විශේෂත්වයක් විය...

බෙබඳු ගෝලීය අධ්‍යාපන එකඟතා හා ගෝලීය අධ්‍යාපන පහසුකම් මෙන්ම, අවස්ථා වැඩි වැඩියෙන් ලැබීම ශ්‍රී ලංකාව වැනි රටකට “ස්වර්ණමය අවස්ථාවක්” හා ආයෝජනයක් බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා මෙම අවස්ථාවන්හි විපුල පල ප්‍රයෝජන ශ්‍රී ලංකාවේ පුරවැසියන් බතා වේගයෙන් ලබාගනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය...

එම ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කර ගනිමින් හා ළඟා කර ගනිමින් තිබෙන ජයග්‍රහණ හා ප්‍රගතිය විමසා ඔහු සිය සතුට පළ කරයි. මේ ආකාරයෙන් පවතින දෙරට අතර මිත්‍රත්ත්වය හා පුගතිය සලකා පුලූ ඔහු ශ්‍රී ලංකාවේ ඉදිරි වසර 30 ක කාලය ඇතුලත කලාපයේ ආර්ථික හා සංවර්ධනයේ ප්‍රමුඛස්ථානය ලබා ලබා ගනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා විශ්වාසය  පළ කළේය.

ගෝලීය  අධ්‍යාපනික  වශයෙන් ශ්‍රී ලංකාව වර්තමානයේදීත්  නුදුරු අනාගතයේදීත් ඇතිකර ගනිමින් සිටින ජාත්‍යන්තර අධ්‍යාපනික ගිවිසුම් හා ආර්ථික සබඳතාවන් ඔස්සේ ශ්‍රී ලංකාව අධ්‍යාපනික වශයෙනුත් ආර්ථිකමය වශයෙනුත් කලාපයේ මුල් තැනය පත්වන බව ඔහු කියයි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0