''නොබෙල් තෑග්ග වැරදීමක්'' අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පිළිගනියි...

ජපානයේ වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියමවීමට අදාළව ''නොබෙල් තෑග්ග'' ලැබුණු බවට කෙරුණු ප්‍රකාශය වැරැදීමකින් සිදුවූවක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

Sep 30, 2025 - 18:15
 10
''නොබෙල් තෑග්ග වැරදීමක්'' අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පිළිගනියි...

''ගිනස්''හා ''නොබෙල්'' සුනිල්ට පටලැවිලා 

ජපානයේ වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියමවීමට අදාළව ''නොබෙල් තෑග්ග'' ලැබුණු බවට කෙරුණු ප්‍රකාශය වැරැදීමකින් සිදුවූවක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
''ගිනස් වාර්තාවක්'' යන්න වෙනුවට අතපසුවීමකින් ''නොබෙල් තෑග්ග'' ලෙස තමාගෙන් ප්‍රකාශ වූ බව කී අමාත්‍යවරයා එය හිතා මතා කරන ලද්දක් නොවන බවද සඳහන් කළේය. හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේ AI තාක්ෂණය පිළිබඳ "NATIONAL AI EXPO 2025" සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයෙහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ, ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායන් ලබා ඇති දියුණුව සම්බන්ධයෙන් කරමින් සිටි විග්‍රහයකදීය. ''ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ බවට කරන ලද ප්‍රකාශය අත්වැරැද්දක් බව පිළිගනිමින් හඳුන්නෙත්ති ඇමතිවරයා එම ප්‍රකාශය ඉවත් කරගෙන තිබේ. 

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0