විජේවීර ඝාතනය ගැන ඉන්ද්‍රානන්දගේ කට වහන නඩුව ඉවතට...

සිද්ධිය වුණේ 96 දි. මම ඒක ඇස් දෙකෙන් දැක්කා. අවුරුදු තිහක් මම මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලුවා. මේ ආණ්ඩුව ආවට පස්සේ මම සී අයි ඩි එකට ලියුමක් දුන්නා. විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් කරන්න. ඇයි අනිත් ඒවා කරනවනම් මේක කරන්න බැරි. අනික් අයට තාජුඩීන් ලොකුයි වගේම අපට විජේවීර සහෝදරයා ලොකුයි. මේ පරීක්ෂණය කරන්න ඕන. කරන්න්නත් එපයි. බටලන්දත් කරන්න. අනිත් ඒවත් හොයන්න. ඒ වගේම විජේවීර ඝාතනයත් හොයන්න... ඇත්ත යට ගහන්න දෙන්න එපා...

Jul 29, 2026 - 11:10
 52
විජේවීර  ඝාතනය ගැන ඉන්ද්‍රානන්දගේ  කට වහන නඩුව ඉවතට...

විජේවීර ඝාතනය ගැන


ඉන්ද්‍රානන්දගේ කට වහන්න...


ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව


තෝරදෙණියගේ ඉල්ලීම නිශ්ප්‍රභායි...


මලත් මම කට ඇරගෙන...

ඉන්ද්‍රානන්ද කියයි.


ඔන්න ඊයෙත් (27) උසාවිය තවත් නඩුවක් අල්ලලා පැත්තකට විසි කරලා දැම්මා...

ඒ මොකක්ද දන්නවද. විශ්‍රාමික ප්‍රකට හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අශෝක  තෝරදෙනිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව දාපු නඩුව.

ඇයි දෙයියනේ මේ ඉන්ද්‍රානන්ද ද   සිල්වා හැමතැනම කියනවනේ ජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීර සහෝදරයා අල්ලගත්ත වෙලාවේ බොරැල්ල කනත්තට ගෙනත් වෙඩි තියලා, මැරෙන්න කලින් පෝරනුවට දාලා පිච්චුවා කියලා. එදා හමුදාවේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කරපු තමන් ඒ ටික ඇස් දෙකෙන්ම දැක්කා කියලා. කතාව එයා හැම තැනම කියනවා. එයා කියන්නේ තෝරදෙණියයි රොනී ගුණසිංහයි දෙන්නා තමයි වෙඩි තිබ්බේ කියලා...

 දැන් මේක මල ලෙඩක්නේ. තෝරදෙනිය මේකට නඩු දැම්මේ  ඔය ඉන්ද්‍රානන්ද ඔය පරණ යට ගිය කතාව හැම තැනම කිය කිය යන එක නවත්තන්න.පත්තර වලටයි ටීවී වලටයි යූටියුබ් වලටයි සමාජ මාධ්‍යවලටයිි ඔය කතාව කියන එක නවත්තන්න. මේ යක්කු ඕවා ප්‍රසිද්ධ කරාම තමන්ට නෙවෙයි තමන්ගේ දරුවෙකුටවත් පාරක බැහැලා ගමනක් බිමනක් ප්‍රසිද්ධ සමාජයේ යන්න බෑ කියලාලු තෝරාදෙණිය ඉල්ලා තිබුනේ.

 ඔන්න ඉතින් පහුගිය දවස්වල විභාගය වුන නඩුවේ තීන්දුව දුන්නේ ඊයේ. දිගටම ඉනුද්‍රානන්ද වෙනුවෙන් නඩුවට කතා කරේ නුවන් බෝපගේ. අන්තිමේ එතනිනුත් තෝරදෙනියගේ පැමිණිල්ල නිෂ්ප්‍රභවුනා කියන්නකෝ. තීන්දුව ඊයේ ඔන්න දුන්නා...

 බෝපගේ වෙනුවට ඊයේ හිටියේ දිනුෂා තිරාණගම. අනිත් පැත්තෙන් ආපු පැමිණිල්ලේ නීතිඥයෝ මේ ඉල්ලීම නිෂ්ප්‍රභා කරන්න හේතුව කුමක්ද විමසුවා. නඩුකාර තුමාට කේන්ති ගියාද දන්නෑ.  ඒවා ඔක්කොම තීන්දුවේ ලියලා ඇති. විවේක වෙලාවක කියවගන්න කියලත් ටිකක් සැරෙන් කියලා...

 ඔන්න දැන් තීන්දුව ආවාම ඉන්ද්‍රානන්දව වට කරගෙන මීඩියා කාරයෝ හිතවතුන් ප්‍රශ්න අහනවා... දුරකතනයටත් කෝල්...

 සිද්ධිය වුණේ 96 දි. මම ඒක ඇස් දෙකෙන් දැක්කා. අවුරුදු තිහක් මම මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලුවා. මේ ආණ්ඩුව ආවට පස්සේ මම සී අයි ඩි එකට ලියුමක් දුන්නා. විජේවීර ඝාතනය ගැන පරීක්ෂණයක් කරන්න. ඇයි අනිත් ඒවා කරනවනම් මේක කරන්න බැරි. අනික් අයට තාජුඩීන් ලොකුයි වගේම අපට විජේවීර සහෝදරයා ලොකුයි. මේ පරීක්ෂණය කරන්න ඕන. කරන්න්නත් එපයි. බටලන්දත් කරන්න. අනිත් ඒවත් හොයන්න. ඒ වගේම විජේවීර ඝාතනයත් හොයන්න... ඇත්ත යට ගහන්න දෙන්න එපා...

 අද තා වනතුරු කිසි සද්දයක් නැහැ පැමිණිල්ල ගැන වගේ වගක් නෑ. ඊට පස්සේ තමයි ඔය තෝරදෙනිය මහත්තයා කලබල වෙලා ඔය නඩුව දැම්මේ. මගේ කට වහන්න...

 ඒ කට ඉතින් වැහෙන්නෙ නෑ වගේ.. මාධ්‍ය යාළුවෙක් කිව්වා.

 පිස්සුද මචන් මේ කට මළාට වහන්නේ නෑ. මලත් මම කට ඇරගෙන... ඉන්ද්‍රානන්ද යාලුවන්ට විහිළු කළේ එහෙම.

 ඒ උනාට ලොක්කා ශ්‍රේෂ්ඨාධිකරණයටත් යයි...

 ඉතින් ගියාවේ. එතන ඒවට පරිසරය හදාගන්න තමයි ඔය දැන් දඟලන්නේ. හැබැයි එකක් කියන්නම්. කාට වුණත් ඒ දැඟිලිලි ලේසි නෑ. ඒ මොකද ඒගොල්ලන්ගේ අධ්‍යාත්මික නායක ටිල්ලින් සිල්වා අදටත් විජේවීර ගැන ෆේස්බුක් එකේ කවි සින්දු ලියනවා.

 ඒ මොකක්ද ඒ කතාව...

ඇයි දැක්කේ නැද්ද... පහුගිය 14 වෙනිදා මගෙත්උපන්දිනේ. එදා තමයි විජේවීර සහෝදරයාගෙත් උපන්දිනය. එදා විජේවීර වෙනුවෙන් ටිල්වින් සහෝදරයා ෆේස්බුක් එකේ ලස්සන කවියක් ලියලා තිබුණා. එයාල තාමත් විජේවීර ගැන කවි ලියන බව ඔය කවුරු කවුරු වුණත් අමතක කරන්න හොඳ නෑ.

ඔන්න ඔහොම කියලා ඉන්ද්‍රියානන්ද අපි පස්සේ කතා කරමු කියලා සුහදව මාධ්‍යවේදීන්ගෙන් සමුගත්තා...

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0