"පරීක්ෂා කළ එන්නතේ කිසිම ප්‍රෝටීනයක් නෑ, තිබුණේ වතුර විතරයි"

නඩු විභාගයේදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා විශේෂඥ වෛද්‍යවරියගෙන් විමසා සිටියේ අදාළ ඖෂධ සාම්පලයේ ප්‍රෝටීන තත්ත්වය මත එය ඖෂධයක්ද නැද්ද යන්න තීරණය වන්නේද යන්නයි. ඊට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. "ස්වාමීනි, මෙහි ප්‍රෝටීන මොකුත්ම නැහැ. ඇල්බියුමින් වත් නැහැ. ප්‍රෝටීන් තියෙන ඖෂධ තියෙනවා. මට බලන්න පුළුවන් ප්‍රෝටීන තියෙනවාද කියන එක විතරයි. මෙහි වතුර වගේ දෙයක් විතරයි පෙනෙන්න තිබුණේ."

Sep 10, 2026 - 14:55
Sep 10, 2026 - 16:12
 20
"පරීක්ෂා කළ එන්නතේ කිසිම   ප්‍රෝටීනයක් නෑ,   තිබුණේ වතුර විතරයි"

2026 සැප්තැම්බර් මස 07 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.

"පරීක්ෂා කළ එන්නතේ කිසිම 

ප්‍රෝටීනයක් නෑ, 

තිබුණේ වතුර විතරයි"

අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය 

රජිතා සමරසිංහගෙන් 

ආන්දෝලනාත්මක හෙළිදරව්වක්... 


අධිකරණ වාර්තාකරු.

නඩු විභාගයේදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා විශේෂඥ වෛද්‍යවරියගෙන් විමසා සිටියේ අදාළ ඖෂධ සාම්පලයේ ප්‍රෝටීන තත්ත්වය මත එය ඖෂධයක්ද නැද්ද යන්න තීරණය වන්නේද යන්නයි. ඊට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.


"ස්වාමීනි, මෙහි ප්‍රෝටීන මොකුත්ම නැහැ. ඇල්බියුමින් වත් නැහැ. ප්‍රෝටීන් තියෙන ඖෂධ තියෙනවා. මට බලන්න පුළුවන් ප්‍රෝටීන තියෙනවාද කියන එක විතරයි. මෙහි වතුර වගේ දෙයක් විතරයි පෙනෙන්න තිබුණේ."


කොළඹ: ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ 'අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා' හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේදී මහත් ආන්දෝලනාත්මක සාක්ෂියක් නිකුත් වී තිබේ. අදාළ පරීක්ෂාවට ලක් කළ එකී එන්නත් කුප්පිය තුළ කිසිදු ප්‍රෝටීන් අන්තර්ගතයක් නොතිබූ බවත්, එහි තිබුණේ වතුර වැනි දියරයක් පමණක් බවත් අපේක්ෂා රෝහලේ රසායනික ව්‍යාධිවේද පරීක්ෂණාගාරයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවාය.


ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.


වතුර වැනි දියරයක් විතරයි තිබුණේ


නඩු විභාගයේදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා විශේෂඥ වෛද්‍යවරියගෙන් විමසා සිටියේ අදාළ ඖෂධ සාම්පලයේ ප්‍රෝටීන තත්ත්වය මත එය ඖෂධයක්ද නැද්ද යන්න තීරණය වන්නේද යන්නයි. ඊට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.


"ස්වාමීනි, මෙහි ප්‍රෝටීන මොකුත්ම නැහැ. ඇල්බියුමින් වත් නැහැ. ප්‍රෝටීන් තියෙන ඖෂධ තියෙනවා. මට බලන්න පුළුවන් ප්‍රෝටීන තියෙනවාද කියන එක විතරයි. මෙහි වතුර වගේ දෙයක් විතරයි පෙනෙන්න තිබුණේ."


නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය විසින් විශේෂඥ වෛද්‍යවරිය මෙහෙයවන ලදී. එහිදී රසායනික ව්‍යාධිවේදය යනු කුමක්දැයි පැහැදිලි කළ සාක්ෂිකාරිය, රුධිරයේ ඇති සංඝටක, පිළිකා පරීක්ෂණ සහ ඖෂධ රෝගීන්ට බලපාන ආකාරය පරීක්ෂා කිරීම තමන්ගේ විෂය පථයට අයත් වන බව කියා සිටියාය.


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වෛද්‍ය සවින් සේමගේ මහතා විසින් 2024 පෙබරවාරි 27 වන දින ලේඛන සමග සාම්පල් දෙකක් තමන් වෙත භාර දුන් බවත්, ඒවා අයිස් පැකට් යොදා සෙල්සියස් අංශක 2-8 උෂ්ණත්වය යටතේ නිසි ලෙස ගබඩා කර පසුදින පරීක්ෂා කළ බවත් ඇය පැවසුවාය.


"අපි සාමාන්‍යයෙන් කරන පරීක්ෂාව නෙවෙයි කළේ. හය වතාවක් පරීක්ෂා කළා. ඉමියුනොග්ලොබියුලින් කාණ්ඩ සඳහා වෙන වෙනම යන්ත්‍රයට දමා පරීක්ෂා කළා. එහිදී එකී R2 කියන සාම්පලයේ කිසිදු මොනොක්ලෝනල් ප්‍රෝටීනයක් සොයාගැනීමට ලැබුණේ නැහැ," යැයි වෛද්‍යවරිය සඳහන් කළාය.
 

අධිකරණය හමුවේ තබා තිබූ මුද්‍රා තැබූ පැකට් 403 පෙට්ටිය සහ පැකට් 403A වයල් එක පෙන්වූ අවස්ථාවේදී, තමන් වෙත පරීක්ෂාව සඳහා ලැබුණු සාම්පල ඒවා බව සාක්ෂිකාරිය හඳුනා ගත්තාය. එම සාම්පලවල නිෂ්පාදකයා ලෙස 'ලයිව් හෙල්ත් බයෝ ෆාමා' සහ 'රිලයන්ස්' යන්න සඳහන්ව තිබූ බවද ඇය තහවුරු කළාය.


විත්තියේ හරස් ප්‍රශ්න නැගීම
පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරින්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න අසමින්, අදාළ සාම්පල රසායනාගාරයට ලැබෙන තෙක් කූල් චේන් (Cool Chain) එක නිසි ලෙස පවත්වාගෙන ආවාද යන්න සහ ඖෂධ පරීක්ෂාව සඳහා රසායනාගාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහතිකයක් තිබේද යන්න විමසා සිටියේය.


ඊට පිළිතුරු දෙමින් වෛද්‍යවරිය පැවසුවේ, සාම්පල තමන් වෙත ලැබෙන විට අයිස් දියවී නොතිබූ අතර, තත්ත්ව පාලනය සඳහා විදේශීය ආයතන සමග කටයුතු කරන නමුත් ලංකාවේ රසායනාගාරවලට එවැනි WHO සහතික නොමැති බවයි. එමෙන්ම තමන් මීට පෙර රුධිරය, මුත්‍රා සහ මස්තිෂ්ක පටල පරීක්ෂා කර තිබුණද ඖෂධයක් පරීක්ෂා කළ පළමු වතාව මෙය බවත්, ඕනෑම තරලයක මොනොක්ලෝනල් ප්‍රෝටීන් පරීක්ෂා කිරීමේ තාක්ෂණික හැකියාව තමන් සතු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.


වැඩිදුර නඩු විභාගය 10 දිනට කල් තැබිණි.

නඩු වාර්තාව


2026/ 09/ 08 වැනිදා

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට  සපයා රුපියල් කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධිය ඇතුළු චෝදනා 14 ක් යටතේ අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (08) යළි විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග විය.

ඊයේ දිනයේ සාක්ෂි දීම සඳහා කැඳවා තිබුණේ අපේක්ෂා රෝහලේ, රසායනික  ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ වන අතර ඇය අපේක්‍ෂා රෝහලේ රසායනික ව්‍යාධිවේද පරීක්ෂණාගාරයේ ප්‍රධානියා වේ. ඇයගේ සුදුසුකම් පලපුරුද්ද සහ ප්‍රවීණත්වය විත්තිය පිළිගන්නේද යන්න අධිකරණය විමසූ  අවස්ථාවේ  විත්තිය එකඟ වූ බැවින් සාක්ෂි විමසීම ආරම්භ විය. 

විශේෂඥ සාක්ෂියක් සඳහා තිබු වෛද්‍ය රජිතා සමරසිංහ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි  ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් මෙසේ කිව්වාය.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රසායනික ව්‍යාධිවේදය යනු කුමක්ද? 

සාක්ෂිකරු ; රුධිරයේ ඇති සියලු දේ පරීක්ෂා කිරීමයි. සාමාන්‍ය රුධිර පරීක්ෂාවේ සිට පිළිකා රෝගය පිළිබඳ කෙරෙන විශේෂ පරීක්ෂණ දක්වා පරීක්ෂණයක්, ඖෂධ රෝගීන්ට අහනවාද යන්න ගැන පරීක්ෂණයත් මෙයට අයිතියි. මම අපේක්ෂා රෝහලේදී පිළිකා රෝග ගැන පරීක්ෂණයක් කළා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; පරීක්ෂාව සඳහා සාම්පල් එන්නේ රජයේ රෝහල්වලින්ද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; පරීක්ෂණ කරන්නේ අපේක්ෂා රෝහලේ කවර රසායනාගාරයේදීද?

සාක්ෂිකරු; රසායනික ව්‍යාධිවේද පරීක්ෂණාගාරයේදී.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රුධිර සාම්පල භාරගන්නේ කවුද? 

සාක්ෂිකරු ; පුහුණු නිලධාරීන් කවුන්ටරයේ යොදවා සිටිනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; සාම්පල භාර ගැනීමට ඉන්න අයගේ තනතුරු මොනවාද?

සාක්ෂිකරු; රසායනාගාර සහායක.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රුධිර සාම්පල එවන්නේ කෙසේද?

සාක්ෂිකරු; ටෙස්ට් ටියුබ් එකක. රික්වෙස්ට් ෆෝම් එකක් හා බාර් කෝඩ් එකක් ඒ සමග එවනවා. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රුධිර පරීක්ෂණ කිරීමේදී ගබඩා කරන්නේ කොහේද?

සාක්ෂිකරු; අතිවිශේෂ ගබඩා කාමර තිබෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ කරන්නේ රුධිරයේ ප්‍රෝටීන පරීක්ෂාවක්.

සාක්ෂිකරු; රුධිරයේ ඇති ප්‍රෝටීන කාණ්ඩ පහක්. එයින් ගැමා ග්ලොබියුලින් ගැන පරීක්ෂාව මම කරනවා. රුධිර පිළිකාවක් තියෙනවා නම් ගැමාග්ලොබියුලින්වල මල්ටිපල් මයෝලේමා කියල දෙයක් එනවා. එය Diagnos කිරීමට පරීක්ෂණ කරන්නේ. ඒ රෝගය ඇති අයගේ  මොනොක්ලොයර් ප්‍රෝටින් බෑන් එකක් හැදෙනවා. ඒක හඳුනා ගැනීමයි අරමුණ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එය හඳුනා ගත්විට විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරනවාද. 

සාක්ෂිකරු; එහෙම වුනොත් පිළිකා රෝග පිළිබද වෛද්‍ය වරයෙකුට යොමු කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මේ අවුරුදු 20 ට ඔබට එවැනි රෝගීන් කොපමණ හමුවී තිබේද?

සාක්ෂිකරු; දවසකට විස්සක් විතරම හමුවෙනවා. සතියකට දෙසීයක් තුන්සීයක් ඉන්නවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ;  මොනෝ ක්ලෝයර්  ප්‍රෝටීන් නැතිවීම රෝගයක්ද?

සාක්ෂිකරු; නැහැ එය රෝගියෙකු නොවන නිරෝගි අයෙකු බවට ලකුණක්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මොනොක්ලෝයර් ප්‍රෝටීන් දෙන්න වෙනවද? 

සාක්ෂිකරු; ඔව් ප්‍රතිකාරයක් විදිහට මොනොක්ලොයල් ප්‍රෝටීන් ඇන්ටිබොඩි පිටින් දෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ලියුකේමියා රෝගීන් ඩයග්නොස් කරන්නේ නැද්ද.

සාක්ෂිකරු; අපේ රසායනාගාරයේ කරන්නේ නැහැ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මොනොක්ලොයල් තියේද බලන්න. රුධිරයේ මොනවද පරීක්ෂා කරන්නේ..?

සාක්ෂිකරු; සීරම් රුධිර සාම්පලය විනාඩි  20  ක් විතර කියලා පසුව හොඳට කරවනවා. එවිට සීරම් උඩට එනවා. ඒවා තමයි පරීක්ෂණයට ගන්නේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එදිනෙදා කරනවද?

සාක්ෂිකරු; ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඒ රුධිර සාම්පල ගබඩා කරනවද? 

සාක්ෂිකරු; සීරම් සාම්පල ගබඩා කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කොහෙද?

සාක්ෂිකරු; ෆ්‍රිසර් එකේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රසානාගාරයට ප්‍රවේශයේ තියෙන්නේ කාටද?

සාක්ෂිකරු; විද්‍යාඥයන්ට  train install සපෝටින්  ස්ටාෆ්  එකට.


නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : සාම්පල ගන්න පුළුවන් කාටද?

සාක්ෂිකරු; මට සහ විද්‍යාඥයන්ට

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; විද්‍යාගාරයේ යතුරු  තියෙන්නේ කා ළඟද? 

සාක්ෂිකරු: මා ළඟ, වැහුවම ආරක්ෂක අංශයට දෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; ෆ්‍රීසර් එකේ සීරම් සාම්පල තියෙන උෂ්ණත්වය කුමක්ද? 

සාක්ෂිකරු; 0 C° ට අඩුවෙන්.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය- මේවා පරීක්ෂා කරද්දි සාම්පල  පරීක්ෂා කළාද කියලා බලන්නේ කොහොමද?

සාක්ෂිකරු; ලියල දුන්නම තමයි එළියට  ගන්නේ. දවසක් හරි දවසක් පරීක්ෂණ කරනවා. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔය පරීක්ෂණය කරන පියවර කියන්න පුළුවන්ද? 

සාක්ෂිකරු; සීරම් ප්‍රෝටීන් ඉලෙක්ට්‍රෝෆොරෙසීන් කියන පරීක්ෂාව අපි කරනවා. මේකට සීරම් සාම්පල ඇතුල් කරන්නේ ජෙල් ප්ලේට් එකකට බින්දුව බැගින්.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; ඇයි එහෙම කරන්නේ?

සාක්ෂිකරු; ප්‍රෝටීන් චලනය වෙන්නේ ජෙල්ප්ලේට් එකේ.

නියෝජ්‍ය සොලිස්ටර්  ජෙනරාල්වරිය; ක්‍රියාකාරීත්වයේ සිදුවීමේ ක්‍රම මොනවද?

සාක්ෂිකරු; භාෂ්මික පී.එච් අගයක් (8.6) ප්‍රෝටීන් ඍණ අගයක් ගන්නවා. ඍණ ආරෝපණය තමයි ප්‍රතිඵල ගත හැක්කේ. කරන්ට් එක දුන්නට අර ප්‍රෝටීන ධන පැත්තට යනවා.:විදුලිය නැවැත්තුවාම ප්‍රෝටීන වෙන් වෙලා ඉන්නවා. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්රිය; මේ පරීක්ෂණ වාර්තාවේ තීරු පෙන්වන්නේ සිරස් ද තිරස්ද 

සාක්ෂිකරු; සිරස්. මේක ස්කෑන් කලාම ප්‍රස්ථාරයක් එනවා. ඉමියුනෝග්ලෝබියුලින් තියෙන තැන අපි බලනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; දිනකට පරීක්‍ෂණ විස්සක් පමණ කරනවා කිව්වා. ඒ ගැන රෝගීන් දැනුවත්ද?

සාක්ෂිකරු; ඔව්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; “මල්ටිපල්  මයෝලෝමා”  තත්ත්වය තියෙන බව ඔබ විශේෂඥ පිළිකා වෛද්‍යවරයාට කියනවද? 

සාක්ෂිකරු; ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; මෙම තත්ත්වය හේතුවෙන් පැමිණ ඔබෙන් සුව වූ රෝගීන් ප්‍රමාණය කොතෙක් ඇද්ද? 

සාක්ෂිකරු; දහසක් දෙදහසක් ඇති.

නියෝජ්‍යා සොලිස්ටර් ජෙනරාල්වරිය; යම් සීරම් එකක ඇති මොනොක්ලොයර් ප්‍රෝටීන් ප්‍රමාණයේ කිවහැකිද?

සාක්ෂිකරු; පුළුවන්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; ඔබට මතකද NMRA  හී වෛද්‍ය සවින් සේමගේ ඔබට ලේඛන සමග සාම්පල් දෙකක් බාර දුන්නා. 

නියෝජ්‍ය සොලිස්ටර්  ජනරාල්වරිය : ඒවා ගෙනාවේ මොන තත්ත්වයෙන්ද?

සාක්ෂිකරු :-අයිස් පැකට්වල දාලා ගෙනාවේ. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- 2024. 02.27 වෛද්‍යය සෙමගේ   යටතේ විසින් ඔබට බාර දුන් සාම්පලයේ තිබුණේ මොනවාද?

 සාක්ෂිකරු:- රිටු 1 mg වයල් 1 රිටු 11 mg වයල් 1 ලෙසයි. තිබුනේ. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- මෙහි මොනොක්ලොයල්  ප්‍රොටින් තිබෙනවාද? කියා සොයා බලන්න කිව්වද?

 සාක්ෂිකරු:- ඔහු මෙම සාම්පල මගේ අතට තමයි දුන්නේ. එය වෙනම ගබඩාවක තැබුවා .2-8°c උෂ්ණත්වයට තැබුවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- එසේ තබා පසුව දා ද පරීක්ෂාව කළේ. 
 
සාක්ෂිකරු :-ඔව්. අපි සාමාන්‍ය කරන පරීක්ෂාවට නෙවෙයි කළේ .හය වතාවක් පරීක්ෂා කළා. ඉමියුනොග්ලොබියුලින් 3කට  දැම්මා .

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:- රැඳිලා තිබුනේ නම් බෑන්ඩ්

සාක්ෂිකරු:- ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- ඒ අනුව  R2 කියන සාම්පලයේදී ඔබට කිසිවක් සොයාගන්න තිබුණේ නෑ. 

සාක්ෂිකරු:- ඔව්.
  
 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:-හය වතාවක් කළා කියන එක තව විස්තර කරන්න. 

සාක්ෂිකරු :-අපි හිතමු IGG දානවා කියලා .1GM තවත් එකකට එහෙම යන්ත්‍ර‍යට IGA ගැමා ලැම්ඩාවලට වෙන වෙනම දැමුවා.   නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය:- පිටු අංක 04 වෙත යොමු වන්න. product 02 කියන සාම්පලය ලැබිලා  තියෙන්නේ 823028 අංකයෙන්. ඒකත් 30ක් දුවපු සාම්පලයක්ද? සාක්ෂිකරු :-ඔව්. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-එහි peak එකක් දැක්කද?
 
සාක්ෂිකරු:- ඔව් එහි මොනක්ලොයල් ඇන්ටිබොඩි තිබුණා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියේ මෙහි peak එක සහ ප්‍රස්තාරය පැහැදිලි කරන්න .

සාක්ෂිකරු : මෙහි නිල් පාට බෑන්ඩ් එකේ සහ රතු පාට එකක් පේනවා.

සාක්ෂිකරු; ඔව් මම පරීක්ෂා කළා. එහි  සාම්පල් දෙකක් තිබුණා. කොටසේ ඩෙන්සිටි මණින එක තමයි මෙතනදී වෙන්නේ. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:-මොනොක්ලොයල් කොපමණ තියේද කියලයි මනින්නේ. සාක්ෂිකරු:- ඔව් .

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- පස්වන පිටුවේ තවත් එකක් ඇතුල් කර තිබෙනවා.

සාක්ෂිකරු  500 g කියා සඳහන් වන නිය   පරීක්ෂා කළා .එවිට 6.7 g තියෙන බව පෙන්නුම්
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :- මෙම යන්ත්‍රයේ මේ වගේ සාම්පලයක ඇති ප්‍රමාණය නිශ්චිතව කිවනොහැකිද?   

සාක්ෂිකරු:- කිව නොහැකියි. අපි ගණනය කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : 06 පිටුව, අවසාන පිටුවට අවධානය යොමු කරන්න .
සාක්ෂිකරු:- IGG  කැනා තිබුණා.  කැනා තිබුණා. ඒ අනුව R1 R1 products 2 එකේ මොනොක්ලොයෙල් ප්‍රෝටීන් තිබුණා.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : කැනා ඉදිරියෙන් පෙන්වනවද?   

සාක්ෂිකරු:- ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඔබ කිවුවා ,සාම්පල ලැබී පසුදිනට බැලු බව.

සාක්ෂිකරු: ඔව්.සෑම පිටුවකටම අත්සන් කරලා ඇති. විද්‍යාඥවරයාත් අත්සන් කළා. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඔබ පරීක්ෂා කළ සාම්පලයත් දුටුවොත් හඳුනාගත හැකිද ?

සාක්ෂිකරු : පුළුවන්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- (මුද්‍රා තබා ඇති පැකට් 403 පෙට්ටිය හා පැකට් 403 A වයල් එක පෙන්වා සිටි.) 2024.02.27 ලබා දී ඇත්තේ මේ සාම්පලයද ?

සාක්ෂිකරු:- ඔව්.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:-මෙහි නිෂ්පාදක කවුද?

සාක්‍ෂිකරු : ‍ලයිව් හෙල්ත් බයෝ ෆාමා. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-ඔබ පරීක්ෂා කළ සාම්පලයේ නිෂ්පාදකයාගේ නම පෙට්ටියේ තිබුණාද?

සාක්ෂිකරු:- ඔව්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-අවසාන නියැදියේ product 02 ලෙස සඳහන් කර ඇති එක කුමක්ද? 13.   

සාක්ෂිකරු:- එය රිලයන්ස්
(විත්තියේ හරස් ප්‍රශ්න ඇරඹේ. පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතීඥ හරින්ද්‍ර බානගල හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.)

නීතිඥ : මේ පරීක්ෂාවන්ට ලැබුණ සාම්පල ඔබම භාරගත් ඒවාද?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: කොයි තත්ත්වෙන්ද තිබුණේ.?

සාක්ෂිකරු:-cold chain maintain කරලා තිබුණේ.

නීතිඥ : ඒ කියන්නේ ඔබට ලැබුණේ කූල් පැක් එකක්.

සාක්ෂිකරු:  ඔව්.

නීතිඥ:-ඔබ නිරීක්ෂණය කරද්දි කූල් තත්ත්වයෙන් තිබුණද?

සාක්ෂිකරු : ඔව්.

නීතිඥ : එන්නතක තත්ත්වයන් නිරන්තර පවත්වා ගෙන ආවාද කියන්න ඔබ දන්නවද?

සාක්ෂිකරු: අයිස් වෙල්ට් වෙලා තිබුනෙ නැහැ. එහෙම වෙලා තිබුනනම් මම භාරගන්නේ නැහැ.
 
නීතිඥ :-ඩේමා ලොගර් ඇතුලේ තිබුණාද ?

සාක්ෂිකරු ,:-නැහැ. 

නීතිඥ : සාම්පල කුමන තැනක සිට ආවාදැයි ඔබ දන්නවද ?

සාක්ෂිකරු : NMRA  සිට එතනින් එවද්දී වෛද්‍ය සේමගේ කතා කරලා කිව්වා. 

නීතිඥ : එතනට ආවෙ කොහෙ තිබිලා කියලද දන්නවද ?

සාක්ෂිකරු: නෑ. 

නීතිඥ :-ඔබ පරීක්ෂා කළ ක්‍රමවේදය ඔබ කිව්වා.

සාක්ෂිකරු : ඔව්.

නීතිඥ:- ඔබේ රසායනාගාරයට තත්ත්ව සහතිකයක් තියෙනවාද? 

සාක්ෂිකරු : අපි අත් ලැබ් එක කන්ට්‍රෝල් කරනවා. පිටරටිනුත් කරනවා. ඒ අත් කොලිටිය තබා ගන්නයි .

නීතිඥ : WHO සහතිකයක් තියේද ?

සාක්ෂිකරු : ලංකාවේ ලැබ්වලට නැහැ. 

නීතිඥ :  ඔබ ඕන තරම් රුධිර පරීක්ෂා කරලා තියෙනවා. හැබැයි මේ යන්ත්‍රයෙන් ඖෂධයක් පරීක්ෂා කරලා නැහැ.

සාක්ෂිකරු : රුධිරය පමණක් නොවේ. මස්තිෂ්ක පටල, රුධිරය හා මුත්‍රා සාම්පල පරීක්ෂා කර තිබෙනවා. නමුත් ඖෂධයක් පරීක්ෂා කළ ප්‍රථම වතාව. 

නීතිඥ : ඖෂධයක් පරීක්ෂාවට අවශ්‍ය තාක්ෂණික ක්‍රියාවලිය තහවුරුද?

සාක්ෂිකරු : ඔව් ඕනෑම තරලයක මොනොක්‍රොයල් ප්‍රෝටීන් පරීක්ෂා කළ හැකියි. 

නීතීඥ : අදාළ හඳුනාගැනීම කළ හැකි බවට තහවුරුවක් ඔබ සතුද? 

සාක්ෂිකරු:- නැහැ.
 
නීතීඥ :-ඔබ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගි වී තිබේද?

සාක්ෂිකරු:- නැහැ.

නීතීඥ : ඖෂධයක පිරිවිතර පරීක්ෂාවට ෆාර්මකොෆියා ගැන අහලා තියේද?

සාක්ෂිකරු: නැහැ.මොනොක්ලොයල් ප්‍රෝටීන් බලන්න කිව්වා. මම ඒක බැලුවා.

නීතිඥ : පරික්ෂණයේදී ප්‍රෝටිනය දුවවන්න ජෙල් එකක් භාවිත කළා කිව්වා.එය ප්‍රෝටීනයේ ගමන්ට මාධ්‍යක්ද?

සාක්ෂිකරු:-මෙතන දුවන්නේ ප්‍රෝටීන ඒක. නැතිව තරලය යන්නෙ නැහැ.ඒක මතය නෙවෙයි.ජීව විද්‍යාත්මක න්‍යාය.

නීතිඥ : පරික්ෂා කළ කුප්පි සුරක්ෂිතව තිබේද?

සාක්ෂිකරු: ඒවා සීල් කර වාර්තාව සමග NMRA දුන්නා.

විනිසුරු වීරසුරීය : 69.2 තාව අනුව product 1  මොනොක්ලොයල් ප්‍රෝටීන් ගැන කිව්වා. එහි ප්‍රෝටීන තත්ත්වය මත එය ඖෂධයක්ද නැද්ද යන්න තීරණය වෙනවද ?

සාක්ෂිකරු : මෙහි ප්‍රෝටීන මොකුත්ම නැහැ. ඇල්බියුමින් වත් නැහැ. වතුර වගේ පේන්නේ ස්වාමිනි ප්‍රෝටීන් තියෙන ඖෂධ තියෙනවා. මට බලන්න පුළුවන් ප්‍රෝටීන තියේද කියලා විතරයි...

පැමිණිල්ල හරස් ප්‍රශ්න විමසයි. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : අපේක්ෂා රෝහලේ පරීක්ෂණ ඔබේ අධීක්ෂණය යටතේද සිද්ධ වෙන්නේ?

සාක්ෂිකරු:-ඔව්. පහසුකම් නැති රෝහල්වලින් පවා එනවා. පහසුකම් තිබුණත් මල්ටිපල් මයොලේමා  පරීක්ෂාවට එවනවා. 

(නඩු විභාගය  09 වැනිදා ආරම්භ කිරීමට නියමිත විය.)

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0