ලක්මිණිගේ අරමුණ හා නඩු විභාගයේ යථාර්ථය
ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ‘හියුමන් ඉමියුනොග්ලොබියුලීන්’ (Human Immunoglobulin) සහ ‘රිටොක්සිමැබ්’ (Rituximab) ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් කෝටි 14කට අධික රජයේ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ “අයිසොලෙස් බයෝටෙක් ෆාමා” හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී යළි විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ පැවැති මෙම නඩු විභාගයේදී මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ඖෂධවේදීන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුම සාක්ෂි ලබා දුන්හ.
2026 සැප්තැම්බර් මස 02 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.
ලක්මිණිගේ අරමුණ හා
නඩු විභාගයේ යථාර්ථය
මාතර රෝහලේ Cool Chain ක්‍රියාවලිය
පිළිබඳ තීරණාත්මක සාක්ෂි හෙළිදරව්වක්...
ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ‘හියුමන් ඉමියුනොග්ලොබියුලීන්’ (Human Immunoglobulin) සහ ‘රිටොක්සිමැබ්’ (Rituximab) ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් කෝටි 14කට අධික රජයේ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ “අයිසොලෙස් බයෝටෙක් ෆාමා” හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී යළි විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ පැවැති මෙම නඩු විභාගයේදී මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ඖෂධවේදීන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුම සාක්ෂි ලබා දුන්හ.
පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය සහ විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය කළ ප්‍රශ්න කිරීම් හමුවේ එදින නඩු විභාගයේදී ඉතා වැදගත් කරුණු රැසක් හෙළිදරව් විය.
පැමිණිල්ල Cool Chain (ශීත දාම) ක්‍රියාවලිය
කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේ ඇයි?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මාතර රෝහලට ඖෂධ ගෙන ඒම, ගබඩා කිරීම සහ වාට්ටු වෙත නිකුත් කිරීමේ සෑම අදියරක් ගැනම අතිශය නිරවද්‍ය ලෙස ප්‍රශ්න කිරීමට ප්‍රධාන හේතුවක් තිබේ. ඒ, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් යන ඖෂධ absolute උෂ්ණත්ව පාලනයක් යටතේ පවත්වාගෙන යා යුතු ‘ශීත දාම’ (Cool Chain) ඖෂධ වීමයි.
විත්ති පාර්ශ්වයට ඉදිරියේදී "මෙම ඖෂධවල සංකූලතා ඇති වූයේ ඒවා නිෂ්පාදනයේ හෝ සැපයුමේ ව්‍යාජභාවයක් නිසා නොව, මාතර රෝහලේ ගබඩා කිරීමේදී හෝ ප්‍රවාහනයේදී උෂ්ණත්වය වෙනස් වී ඖෂධ නරක් වීම නිසාය" යන තාක්ෂණික තර්කය (Defense) නැගීමට ඉඩකඩ පවතී. නීතිපති දෙපාර්තමේන්තුව එකී තර්කය මුලින්ම අහෝසි කරලීම සඳහා, මාතර රෝහල සතු Cool Chain පද්ධතිය, ශීතාගාර, පරිගණක පද්ධති, සෙල්සියස් උෂ්ණත්ව වාර්තා, සීල් තැබීමේ ක්‍රමවේද සහ ජෙනරේටර් තාක්ෂණය දක්වා සියලුම ආරක්ෂිත පියවර අනුගමනය කර ඇති බව සාක්ෂි මාර්ගයෙන් තහවුරු කර ගන්නා ලදී. එමගින්, රෝගීන්ට ඇති වූ බරපතළ සංකූලතාවලට හේතුව රෝහලේ අතපසුවීමක් නොව, “මුල සිටම සැපයූ ඖෂධයේ පැවැති ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර භාවයම බව” තර්කනයකින් තොරව අධිකරණය හමුවේ ඔප්පු කිරීම පැමිණිල්ලේ මූලික අරමුණ වූ බව පැහැදිලි විය.
නඩු විභාගයේදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණු 5ක්
1. රෝගීන් මියයන තෙක් නොසිට මාතර රෝහල ගත් ක්ෂණික තීරණය:
මෙම නඩුවේදී හෙළිවූ වඩාත්ම සංවේදී කරුණ වන්නේ අගෝස්තු මැද භාගයේදී අදාළ ඖෂධය ලබාදුන් රෝගීන් දැඩි සත්කාර ඒකක (ICU) වෙත ඇතුළත් කිරීමට තරම් බරපතළ සංකූලතා (ADR) මතු වූ බවයි. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ MSD එකේ නිල චක්‍රලේඛ එන තෙක් කාලය නාස්ති නොකර, මාතර රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරිය සහ රෝහල් අධ්‍යක්ෂවරයා එකතුව වහාම ක්‍රියාත්මක වී සැප්තැම්බර් 20 වනදා සිට මෙම ඖෂධ භාවිතය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. රෝහල තුළ කිසිදු රෝගියෙකු මිය නොයෑමට මෙම ක්ෂණික පියවර හේතු වූ බව විනිසුරු මඩුල්ලේ ද පැසසුමට ලක් විය.
2. අනාවරණය වූ අතුරු ආබාධ සහ ආපසු භාරදුන් ප්‍රමාණය:
මාතර රෝහලට ලබාදුන් වයල් 72න් 26ක්ම අගෝස්තු මාසයේදී රෝගීන්ට ලබාදී තිබූ අතර, ඒ සියල්ලෙන්ම පාහේ අතුරු ආබාධ මතු වී තිබේ. ඖෂධය තහනම් කිරීමෙන් පසු ඉතිරි වයල් 46ම ඉතා සුරක්ෂිතව Cool Chain පද්ධතිය යටතේම නැවත භාරගෙන, NMQAL (ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය) වෙත පරීක්ෂණ සඳහා යැවීමට කටයුතු කර ඇත.
3. MSD එකෙන් ආ ලිපියේ තිබූ අමුතු ගැටලුව සහ ලේඛන විෂමතා:
වෛද්‍ය සැපයීම් අංශයෙන් (MSD) ඖෂධ තහනම් කිරීම සඳහා පැමිණි ලිපිය ගැන සාක්ෂිකරු කළ හෙළිදරව්ව විශේෂ අවධානයට ලක්විය. එකී ලිපියේ සඳහන්ව තිබී ඇත්තේ "අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා" (Isolez Bio Tech Pharma) යන්න නොව "ෆාමසූටිකල්ස්" ලෙස වෙනස් නමකි. MSD ලේඛනවල පැවැති මෙම පැහැදිලි නැති බව සහ දෝෂ සහගත තොරතුරු හේතුවෙන් රෝහල් නිලධාරීන්ටද යම් පැටලිලි සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.
4. ස්වස්ථා (Swastha) පද්ධතිය සහ තොරතුරු දැනුම්දීමේ අඩුව:
සෆ්රස් (SAFRS) කමිටුව මගින් අදාළ ඖෂධය නතර කිරීමට තීරණය කර ‘ස්වස්ථා’ පරිගණක පද්ධතියට ඇතුළත් කර තිබුණද, ඒ පිළිබඳව රෝහල් මට්ටමින් සෘජු දැනුවත් කිරීමක් ලැබී නොතිබූ බව විත්ති පාර්ශ්වයේ හරස් ප්‍රශ්න හමුවේ හෙළි විය. රෝහල එම තීරණය ගෙන තිබුණේ පද්ධතියේ සටහන බලන්නේ නැතිව, වාට්ටුවලින් ආ සෘජු සංකූලතා වාර්තා පදනම් කරගෙන ය.
5. අධිකරණයේ කාලය ඉතිරි කිරීම සහ සාක්ෂිකරුවෙකුගේ ඇඳුම:
එකම ආකාරයේ සාක්ෂි දීම සඳහා මාතර රෝහලෙන් කැඳවා සිටි හෙද නිලධාරීන් දෙදෙනාගේ සාක්ෂි විනාඩි 15කින් කල් තබා ඉවත් කිරීමට අධිකරණය තීරණය කළේ නඩුවේ කාලය ඉතිරි කර ගැනීමේ අරමුණිනි. එමෙන්ම මරදාන MSD එකෙන් හදිසියේ කැඳවූ සහකාරවරයෙකු සභාපති විනිසුරු හමුවේ ටී-ෂර්ටයකින් සැරසී සාක්ෂි දීමට පැමිණීමද එදින අධිකරණ ශාලාවේ දක්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
මෙම නඩු විභාගය තුළින් පැහැදිලි වන්නේ රාජ්‍ය ඖෂධ සැපයුම් ජාලය තුළ සිදු වූ අක්‍රමිකතාවයක තරම සහ, රෝහල් මට්ටමේ නිලධාරීන්ගේ ක්ෂණික නිරීක්ෂණ නිසා තවත් අහිංසක රෝගීන් රැසකගේ ජීවිත බේරී ගිය ආකාරයයි. නඩුව වැඩිදුර විභාගය සඳහා යළි කල් තබන ලදී.
3 වැනිදා නඩු වාර්තාව
ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සපයා දී රුපියල් කෝටි 14කට අධික රජයේ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ “අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා” හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව පසුගිය 03 වනදා යළි විභාගයට ගැනිණි.
ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැති මෙම නඩු විභාගයේදී සාක්ෂි දීම සඳහා කැඳවා තිබුනේ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ඖෂධවේදියකු වන උපාලි සූරියආරච්චි ය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද කීවේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබේ රාජකාරිය අතර ශීතදාම ඖෂධ පිළිබඳ වගකීම කාටද?
සාක්ෂිකරු; මම ඇනුයුම් කරන්නේ MSD එකෙන්...
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඇණයුම් කරන ඖෂධ ප්‍රමාණය ගැන නැවත දැනුම් දෙන්නේ කෙසේද?
සාක්ෂිකරු ; පරිගණකයෙන් පෙන්වනවා වාහනයක් මාතර ආවොත් ගෙනත් දෙනවා. නැත්නම් අපි ගිහින් ගේනවා. ගබඩාවේ කූල් ලොරි තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; ඔබට ගෙනත් දෙන ඒවා ගබඩා කිරීම කොහොමද වෙන්නේ?
සාක්ෂිකරු ; අපි ඒ බඩු අරගන්නේ 2-8 C° නම් ඖෂධ කාණ්ඩ අංකය, expiry date, ලේබල් ආදී තොරතුරු බලල බහාලුම්වලින් ලබාගන්නවා. ශීතාගාරය අසලටම ලොරිය ගන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; පරීක්ෂා කිරීම කරන්නේ කොහෙදීද?
සාක්ෂිකරු; ලොරියතුළ දීමයි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ; නිවැරදිව අයිතම භාරගත් බවට මොනවද පාවිච්චි කරන්නේ?
සාක්ෂිකරු; අපි වෙන්කර ගබඩා කරනවා. කාණ්ඩ අංකය. නම උෂ්ණත්වය බලලා ගන්නේ. ඒ වගේම පැක් එක සීල් කරලා තියෙන්නේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ; STV එකකින් ඖෂධ භාර ගන්න අවස්ථාවල හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් සඳහන් වෙනවද?
සාක්ෂිකරු ; STV මගින් ඒක හොයන්න බැහැ. අපි ලේඛන තබා ගන්නවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ; කාණ්ඩ අංකය මගින් නිෂ්පාදක සෙවිය හැකිද?
සාක්ෂිකරු; පුළුවන් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; ඔබ ගිහිල්ලත් ඖෂධ ගේනවද?
සාක්ෂිකරු ; ඔව් ශීතාගාරවලට ගිහින් ගේනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; මොන වගේ වාහනයකද ගේන්නේ?
සාක්ෂිකරු; cool pack දාලා අහුරලා ගේන්නේ. MSD එකේ අංක 6 ගබඩාවේදී ඒක කරන්නේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; මොනවද එහිදී බලන්නේ?
සාක්ෂිකරු ; STV ට අදාළව දේවල් කාටූන් එක, මෙහෙදී නම ආදිය මුද්‍රාව සීල්ද බලනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; ඔබ මාතර ගබඩාවට අවශ්‍යය ඖෂධ ගබඩා කරනවාද?
සාක්ෂිකරු ; වාහන අරන් ශීතකරණයට ගිහින් cool packs සමග එහි ඇසුරනවා. පද්ධතියට ඇතුල් Issue note එකකුත් දානවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; හියුමන් ඉමියුනාග්ලොබ්යුලින් හා රිටොක්සිමැබ් ආදිය සූදානම් කරන්නේ කොතැනද?
සාක්ෂිකරු ; ඒකත් අදාළ නිලධාරීන්ගේ ඉදිරිපිට තමයි අහුරලා දෙන්නේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; පොතට ඇතුල් කරනවද?
සාක්ෂිකරු; හදිසි නම් නිකුත් කරලා පහුවදා හෝ ඇතුල් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ විසින් මාතර ගබඩාවේ 2-8 C° ශීත කාමරයේ ශීත ද්‍රව්‍ය පවත්වාගෙන යන බව කීවා.
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි. අපි දවසකට දේවතාවක් උෂ්ණත්වය ලකුණු කරනවා. මෙම වාර්තාවේ මම අත්සන හා දිනය යොදා තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ මෙම ප්‍රකාශ ලබා දෙද්දී cool room display ගැන ලේඛනයක් දුන්නාද?
සාක්ෂිකරු; පරීක්ෂණ කණ්ඩායමට ඡායාරූපයක් හා ලේඛනය භාරදුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; එය කුමන වර්ණයක්ද?
සාක්ෂිකරු; කළු සුදු. පාතාංක ස්ක්‍රීන් එකේ ඡායාරූපයකුත් තිබෙනවා. ඒ මගින් අපි හඳුනා ගන්නේ එහි පවතින උෂ්ණත්වය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ කිව්වා CID යට තව ඡායාරූප දුන්නා කියා. ඒවා හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; ඒවා කූල් කැරියර්ස්වල තමයි ගබඩා වෙන්නේ. ඒ තුළ අයිස් සහිත කූල් පැක් දානවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ cool pack එකේ වටේ තිබෙන කොටස කිව්වේ කුමක්ද?
සාක්ෂිකරු; cool pack එක වටා කොටස. ඒවාට අයිස් පැක් දමා එහි නොගෑවෙන්න ඖෂධ තබනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඖෂධ ප්‍රවාහනය වෙනමද කරන්නේ.
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඖෂධ ඇණයුම් කරන ලේඛනයක් පෙන්වා දුන්නොත් හඳුනාගතත හැකිද?
සාක්ෂිකරු; පුළුවනි ස්වාමීනි. මේක MSD හරහා ඖෂධ ඇනුම් කළ ලේඛනයක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; කවදාද?
සාක්ෂිකරු; 2023/07/31 වයල් 80 ක් ඉල්ලා තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ ඉල්ලූ වයල් 80 ට අදාල කාණ්ඩය කුමක්ද?
සාක්ෂිකරු; A 732230401 කාණ්ඩයේ 72 ක් නිකුත් කර තිබුණා. එය කූල් ලොරියක මට ගෙනත් දුන්නා. මම එය බාරගෙන ඩිලිවරි නෝට් එකේ අත්සනකුත් දැම්මා. මම එය භාර ගත්තේ 8/1 උදේ 5 ට පමණ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ ඖෂධ භාර ගන්නා අන්දම පැහැදිලි කළා. ඒ ආකාරයටමද මේක භාරගත්තේ.
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මෙම වයල් 72 බෙදා හරින ලද ලේඛනයක් දුටුවොත් හඳුනාගත හැකිද?
සාක්ෂිකරු; පුළුවන් ස්වාමීනි. මේ අභ්‍යන්තර ඖෂධාගාරයේ ඩිළිවරි බුක් එක. හදිසියේ 72 ඉල්ලූ නිසා දීලා පසුදා තමයි පොතට ඇතුල් කලේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ මෙහි අත්සන් කළාද?
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබේ හියුමන් ඉමියුනොග්ලොබ්යුලින් වැඩ කරන්නේ කවර පිළිවෙලකටද කිව්වා. ඔබට මේ ලේඛන හා තීරුව හඳුනා ගන්න පුළුවන්ද?
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ නිකුත් කළ 8/7 දිනැති වයල් 72 මොන කාණ්ඩයට අයත්ද?
සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනි. මේ අභ්‍යන්තර ඖෂධාගාරයේ ඩිලිවරි බුක් එක. හදිසියේ 72 ඉල්ලු නිසා දීලා පසුදා තමයි පොතට ඇතුල් කලේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; ඔබ මෙහි අත්සන් කළාද?
සාක්ෂිකරු; ඔව්...
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; ඔබේ ගබඩාවෙන් හියුමන් ඉමියුනෝග්ලොබ්යුලින් පැක් කරන්නේ කවර පිළිවෙලකටද කිව්වා. ඔබට මේ ලේඛන හා තීරුව හඳුනාගන්න. පුලුවන්ද?
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; ඔබ නිකුත් කළ 8/7 දිනැති වයල් 72මොන කණ්ඩායමට අයත්ද?
සාක්ෂිකරු ; 401බැච් එකට වෙන තොග නොතිබුණු නිසා ඒ ටික දුන්නා...
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මෙම ඖෂධ නවතා දැමුවාද?
සාක්ෂිකරු; සංකූලතා ඇතිවූ බවට වාර්තා වීම නිසා භාවිතා කරන්න එපා කියා ලියුමකින් දැනුම් දුන්නා. රිලයන්ස් එකේ ඒවා භාවිතා කරන්න කිව්වා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; 2023/09/20 තමයි ඒක වුණේ. ඔබේ රෝහලේ අධ්‍යක්ෂක ද ඒ තීරණය ගත්තේ.
සාක්ෂිකරු; ඔව්. මම ඒ තීරණය දැනගත් පසු ලියුම අභ්‍යන්තර ඖෂධාගාරයේ ඖෂධ වේදීන් වෙතත් යැව්වා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ පද්ධති මගින් ඖෂධය නවතා දැමුවාද?
සාක්ෂිකරු; නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; ඔබලා කණ්ඩායම නවතා තිබෙනවා 10/03 දින ලිපියක් දුටු බව කීවා. එය දුටුවොත් හඳුනාගත හැකිද?
සාක්ෂිකරු; පුළුවන් (සාක්ෂිකරුට ලිපියක් පෙන්වයි) ස්වාමීනි මෙහි අඩුවක් තිබුනා. ඒ වන විටත් බෙහෙත නවතා තිබූ නිසා ප්‍රශ්නකාරී වුණේ නැහැ. එම ලිපියේ තිබුනේ “බයෝ ෆාමා” නෙවෙයි “ෆාමසූටකල්ස්”....
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; කොහෙන්ද ලියුම ආවෙ.
සාක්ෂිකරු; MSD එකෙන්. ලියුම අපි download කරලා ගත්තේ. එය අරගෙන කියවලා බලලා බෙදා හරින්න හිතුවත්, ලියුමේ තිබුන ගැටළුවක් නිසා බෙදා හැරියේ නැහැ. මම පැහැදිලි නැති එකයි අපට ප්‍රශ්නයක් වුණේ. චක්‍රලේඛයක් ආවා නම් එය අධ්‍යක්ෂකතුමාට පෙන්වා අනිත් තැන්වලට යවනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් චක්‍රලේඛ Undoor Pharmacy ඉන්පසු අවශ්‍ය කටයුතු කළාද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ; කාණ්ඩය සම්පූර්ණයෙන් ඉවත් කර ආපසු ගබඩාවට එවන ලෙස දැනුම් දී තිබුණා. ඒවා භාර දුන්නද?
සාක්ෂිකරු; අභ්‍යන්තර ඖෂධාගාරයේ නිලධාරීන් වයල් 46 ආපසු එවා තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ නිකුත් කළ 72 න් 46ක් පමණයි ආපසු ආවේ? ඉතිරි 26 මොනවා වෙලාද?
සාක්ෂිකරු ; එය රෝගීන්ට භාවිතා කරලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඖෂධ නැවත භාර දෙද්දී ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද?
සාක්ෂිකරු ; එවන ප්‍රමාණයේ ලකුණු කර අභ්‍යන්තර ඖෂධාගාරය මගින් cool chain එකට එක් කරනවා. අපි භාර ගත්තේ සීල් පැක්පමණයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; cool pack තුළද ගෙනාවේ කියලා බැලුවද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි. සිස්ටම් එකෙනුත් රිටන් හෝම් ගත්තා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මේ වයල් 46 ලැබිලා තියෙන්නේ කවදද?
සාක්ෂිකරු; එදිනම ලබා දුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබේ බාරයට ගත් A 732230401 කාණ්ඩයේ වයල් 30 ,ක් NMQAL වෙත භාර දීමට නියෝග ලැබුණේ කවදද?
සාක්ෂිකරු; 10/09 දින ලියුමක් ලැබුණා. ඒ අනුව “කූල් කැරියර්ස්වල” දාලා 10/11 ගෙනිහින් දුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; 9/20 වැනිදා රෝහල තුළ මේ ඖෂධ නවත්වන්න තීරණය කළා. එසේ කළාම ඒ කාණ්ඩ ඔබට ලැබුණාම ඔබට රාජකාරියක් පැවරෙනවාද?
සාක්ෂිකරු; අධ්‍යක්ෂකතුමා දැනුවත් කර රිටන් ලෙස ප්‍රශ්න සහගත කොටස් ඉවත් කර තැන්පත් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද?
සාක්ෂිකරු; විශේෂඥ වෛද්‍ය නිලධාරීන් වෙත හා තත්ත්ව පාලන රසානාගාරය වෙත භාර දෙනවා. පසුව අපට වාර්තා වුණා තවත් රෝහල්වල එහෙම වුණා කියා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබේ රෝහල විසින් භාර දීමට පෙර 10/09 ලියුම ප්‍රකාරවද භාර දුන්නේ?
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මේ කාණ්ඩය නවත්වා ඇතැයි දැන ගත්තේ කවදාද?
සාක්ෂිකරු; 10/12 චක්‍ර ලේඛයෙන් දැනුවත් වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මේ වනවිටත් ඔබේ ගබඩාව තුළ වයල් 46 ක් තිබුණා.
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්; පෑ. හා පෑ 11 ලියුම් හඳුනාගත හැකිද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මේ ඇඩ්වයිස් නෝට් එක ලැබුණේ කවදද? එහි specifcation කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු; ඉන්දියන් ෆාමකෝෆියා එහෙත් හදපු බව කියැවෙන්නේ
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මෙහි නිෂ්පාදකගේ නම කුමක්ද?
සාක්ෂිකරු; අයිසොලෙස් බයෝ ෆාමා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; පැ 409 ප්‍රකාශනය NMQLR වෙත යවා පරීක්ෂා කළාද?
සාක්ෂිකරු; ඔව්.
(දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේ සීරසිංහ හරස් ප්‍රශ්න විමසීම ඇරඹිය.)
නීතීඥ; භාවිතය නතර කළේ කවදද?
සාක්ෂිකරු; සැප්තැම්බර් 20 සිට
නීතීඥ; කව්ද ප්‍රධානියා
සාක්ෂිකරු; අධ්‍යක්ෂකතුමා
නීතිඥ ; ඒ ලිපිය ඔබ ළඟ තිබේද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.
නීතිඥ ; මහත්මයා දන්නවද 9/20 දිනය වන විට NMRA සැෆ්ර්ස් කමිටුව විසින් මේ ඖෂධය නතර කරන්න කියා තිබූ බව දන්නවාද?
සාක්ෂිකරු; නැහැ මම දන්නේ නැහැ. අධ්‍යක්ෂකතුමා දන්නවා නම් අපට කියනවා.
නීතිඥ ; අධ්‍යක්ෂක එතුමාට ස්වස්ථා access තිබෙනවද?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ; සෆ්රස් තීරණ අනුව 9/21 වන විට ස්වස්තා පද්ධතියේ දැන්වීම තිබුනා කියා මම යෝජනා කරනවා.
සාක්ෂිකරු; මම දැක්කේ නැහැ.
නීතිඥ ; එම තීරණයට අනුකූලවයි මාතර රෝහලේ මේ ඖෂධය නැවැත්තුවේ කියා මා යෝජනා කරනවා.
සාක්ෂිකරු; මම ඒ ගැන දන්නේ නැහැ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුමිය මා දන්නා තරමින් නැවැත්තුවා.
විනිසුරු විරාජ් වීරසූරිය ; ස්නායු රෝග වෛද්‍ය තුමියගේ මැදිහත් වීම මත තමයි හියුමන් ඉමියුනෝග්ලොබ්යුලින් නතර වුනේ කියා ඔබ දන්නවා.
සාක්ෂිකරු ; මම දන්න තරමින් එහෙම තමයි... අපේ රෝගීන්ගෙන් පස්වෙනි රියැක්ෂන් මතු වුණා. 9/15,16, 17 වනවිට ගොඩක් අමාරු වුණා. සමහරු ICU ගත්තා සංකූලතා මත ස්නායු බෙදාහැරීමට මටත් කතා කළා.
විනිසුරු; අගෝස්තු පලවෙනි උදේ ගත්තේ.
සාක්ෂිකරු; ඔව්. 8/15 දින රෝගියෙකුට දීල තිබුණා. එහි පොඩි පොඩි සංකූලතා තිබුනා. 15,16, 17 දවස්වල තමයි බරපතළ ප්‍රශ්න ආවා ICU ගන්න මට්ටමටම ආවා.
විනිසුරු; රෝගීන් මිය ගියාද?
සාක්ෂිකරු; අපි රෝහලේ එහෙම වුණේ නැහැ.
විනිසුරු; මාතර රෝහලේ ලෙඩෙක් මැරෙන තුරු හිටියේ නැතිව වහා පියවර ගත්තා.
සාක්ෂිකරු; එසේය ස්වාමීනි.
විනිසුරු; මාතර රෝහලේ කොපමණ භාවිතා කර තිබුණාද?
සාක්ෂිකරු; 26ක් භාවිතා කර තිබෙනවා ස්වාමීනි.
විනිසුරු . whatsapp group වල දැනුම් දුන්නාද?
සාක්ෂිකරු; ඒකනම් දන්නෙ නැහැ ස්වාමීනි.
අනතුරුව පැමිණිල්ල හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මේ ලිපිය කොතැනක හෝ සෆ්ර්ස් කමිටුව ගැන කියනවද?
සාක්ෂිකරු; මම දන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; මාතර රෝහලට ඖෂධ භාරගත් දිනය අගෝස්තු එක කීවා. ඒ කොහේ සිටද?
සාක්ෂිකරු; එම්. එස්. ඩී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; වාට්ටු 3 කිව්වා. අගෝස්තු 5 දින 17 වාට්ටුව සංකූලතා ආවාද?
සාක්ෂිකරු; 9/14.15 සහ දිනපාල 28 වාට්ටුවෙන් ආවා.
විනිසුරු වීරසූරිය ; මාතර රෝහලේ මෙහෙම මීට පෙර වෙලා තියෙනවද?
සාක්ෂිකරු; එය වාචිකව කතා කළා. මීට පෙර විවිධ සංකූලතා නිසා භාවිතාව නවත්වලා තියෙනවා, අසාත්මිකතා නිසා නවත්වලා තියෙනවා. මාතර රෝහල චක්‍රලේයක් එනතුරු ඉන්නේ නැහැ. ADR ෆෝම් යවනවා.
විනිසුරු; මේ අහිතකර ප්‍රතිවිපාක දක්වනු ලබන ලේඛන බලන්න. මොන තොරතුරු මතද මේ තොරතුරු කීවේ.
සාක්ෂිකරු; වෛද්‍යතුමිය හා අධ්‍යක්ෂකතුමා හරහා එන ලද තොරතුරු ඇසුරින්.
පැමිණිල්ලේ 113 වන සාක්ෂිකරු වන මාතර මහ රෝහලේ ඖෂධවේදී යටියන විදාන ආරච්චිගේ නෙවිලා චාන්දනී සාක්ෂි දීම සඳහා පැමිණියාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; හියුමන් ඉමියුනෝග්ලොබ්යුලින් සහ රිටුප්සිමැප් ශීත දාම මත තැබුවාද?
සාක්ෂිකරු; යම් පස්වන ශීතකරණයේ තැබුවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ශීතකරනවල ආරක්ෂාවට මොනවද තිබෙන්නේ.?
සාක්ෂිකරු; generator තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; සවස හයෙන් පසු යතුරු දොරවල් වැසෙන්නේ කෙසේද?
සාක්ෂිකර; අපේ ඉන්නේ ෆාමසිස්ටලා 5 දෙනයි. අවසානයටම ඉන්න කෙනා වහල යනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඖෂධ වේදීන් සියලු දෙනාම සාමූහික වගකීමට යටත්ද?:
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඖෂධ වේදීන් 5 ම එකම රාජකාරියදද කරන්නේ.
සාක්ෂිකරු; එකිනෙකාට වෙනස් රාජකාරී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඔබ සේවයේ නැති වෙලාවක ඔබේ සේවය සිදුවන්නේ කෙසේද?
සාක්ෂිකරු; අනෙක් අය කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ මොන ඖෂදද බැලුවේ.
සාක්ෂිකරු ; ශීතකරනවල ඇති ඖෂධ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; ඔබ ඖෂධ ලබාගන්නේ කෙසේද?
සාක්ෂිකරු; මම සතියකට වරක් ඇනවුම් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; හියුමන් ඉමියුනෝග්ලොබ්යුලින් ගන්නේ කෙසේද?
සාක්ෂිකරු; order book එකෙන් ඕඩර් කරනවා. නේවාසිකයන් සමග ගිහින් අරන් එනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; අසුරන්නේ කෙසේද?
සාක්ෂිකරු; ලොකු කූල් රූම් එකක් තිබෙනවා. ඒකේ තමයි පැක් කර දාන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; ඔබ ගන්නේ මොන වගේ ඒවාද?
සාක්ෂිකරු; කැඩුණු බිඳුණු පළුදු වුණු ඒවා ගන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්; සෙලෝ ටේප් ගහලා තියෙනවා කියන්නේ ඇයි?
සාක්ෂිකරු; පොලිතින් සිලෝටේප් වලින් පැක් කරලා නම් පමණයි ගන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ; cool බොක්ස්වල ගේන්නේ..?
සාක්ෂිකරු ; ඔව්.
මෙහිදී පැමිණිල්ල සාක්‍ෂි සඳහා මාතර මහ රෝහලේ තවත් වාට්ටු දෙකක හෙද නිලධාරීන් දෙදෙනෙක් කැඳවා තිබිණි. එහිදී විනිසුරුවරුන් කියා සිටියේ එකම සාක්ෂිය තිදෙනාගෙන්ම ලැබෙනු ඇති බවය. පෙර සාක්ෂිකාරයන්ගේ සාක්ෂියට සමාන සාක්ෂි දෙකක් ලැබෙන බවය.
ඒ අනුව උසාවිය විනාඩි 15 කට කල් තබා මරදාන වෛද්‍ය සැපයීම් අංශයෙන් සාක්ෂිකරුවන් කැඳවීමට පියවර ගෙන තිබිණි. පෙර දැනුම් දීමකින් තොරව එක් සාක්ෂිකරුවෙක් වන වෛද්‍ය සැපයීම් සහකාරවරයෙකු කැඳවා තිබිණි. ඔහු සාක්ෂි දීම සඳහා පැමිණ තිබුණේ ටී ෂර්ට් එකකින් සැරසී ගෙනය. ඔහුගේ සාක්ෂි ලබා ගැනීමෙන් පසු ඊළඟ සාක්ෂිකරු පැමිණෙන විට ප්‍රමාද වන බැවින් නඩුව පහුවදාට (4) වන දිනට කල් තබනු ලැබීය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

