යන්නේ කොහි නොදැන මග යන රාජ්‍ය නිලධාරීන්...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් කාණ්ඩයක් (Human Immunoglobulin) ව්‍යාජ ලේඛන සකස් කරමින් රජයේ රෝහල් පද්ධතියට සැපයීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව ඊයේ (13) යළි කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) සෞඛ්‍ය කළමනාකරණ සහකාර කෝරාධිපති නිහාල් රංජිත් මහතා සිව්වන දිනටත් සාක්ෂි දීම සඳහා කැඳවා තිබූ අතර, විත්ති පාර්ශවයේ නීතිඥවරුන් නැඟූ තියුණු හරස් ප්‍රශ්න හමුවේ ඔහු දැඩි ලෙස අසරණ විය.
2026 ජූලි මස 13 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.
යන්නේ කොහි
නොදැන මග යන රාජ්‍ය නිලධාරීන්...
බාල බෙහෙත් නඩුවේ සාක්ෂිකරු
හරස් ප්‍රශ්න හමුවේ පටලැවෙයි.
ලේඛනවල කොළ ගැලවූ බවත් පිළිගනී!
“නඩුව දැම්මේ ඇයි කියලාවත්
මම දන්නේ නෑ”
නඩුවේ 155 වන සාක්ෂිකරුගෙන් හාස්‍යජනක ප්‍රකාශයක්!
අධිකරණ වාර්තාකරු.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් කාණ්ඩයක් (Human Immunoglobulin) ව්‍යාජ ලේඛන සකස් කරමින් රජයේ රෝහල් පද්ධතියට සැපයීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව ඊයේ (13) යළි කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) සෞඛ්‍ය කළමනාකරණ සහකාර කෝරාධිපති නිහාල් රංජිත් මහතා සිව්වන දිනටත් සාක්ෂි දීම සඳහා කැඳවා තිබූ අතර, විත්ති පාර්ශවයේ නීතිඥවරුන් නැඟූ තියුණු හරස් ප්‍රශ්න හමුවේ ඔහු දැඩි ලෙස අසරණ විය.
මෙම නඩු විභාගයේදී සාක්ෂිකරු විසින් දක්වන ලද දුර්වල හා පරස්පර ප්‍රතිචාර හේතුවෙන් පැමිණිලි පාර්ශවයේ සාක්ෂිවල විශ්වාසනීයත්වය දැඩි ලෙස ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් උද්ගත විය.
අත්සන් හඳුනාගැනීම සහ පරිගණක පද්ධති භාවිතයේ පරස්පරතා.
පළමුවෙන්ම එකොළොස්වන චූදිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. නඩුවට අදාළ ලේඛනයක ඇති වෛද්‍ය තුසිත සුදර්ශනගේ අත්සන තමන් හොඳින් හඳුනන බව සාක්ෂිකරු පැවසුවද, එම අත්සන තබනවා තමන් ඇසින් දැක නොමැති බවත්, එය හුදෙක් පෙර දැක පුරුද්දක් සහ සමානකමක් මත පදනම්ව පැවසූවක් බවත් හරස් ප්‍රශ්න හමුවේ ඔහුට පිළිගැනීමට සිදු විය.
එමෙන්ම, වෛද්‍ය සැපයුම් ඒකකයේ අභ්‍යන්තර පරිගණක පද්ධතියක් වන ‘ප්‍රොන්ටෝ’ (Pronto System) ක්‍රියාත්මක කිරීමේ බලය පැවතියේ කා හටද යන්න පිළිබඳවද ඔහු පැහැදිලි පිළිතුරක් ලබා නොදුන්නේය. එය ගිණුම් අංශයේ සැපයුම්කරුවන්ට (Account Supplie) පමණක් සීමා වූවක් බව නීතිඥවරයා යෝජනා කළද, තමන්ටද එහි ප්‍රවේශය තිබූ බවත් අනෙක් අයට තිබුණේදැයි තමන් නොදන්නා බවත් පවසමින් සාක්ෂිකරු කරුණු වසන් කිරීමට උත්සාහ කරන බව විත්තියේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
නඩුව පවරා ඇත්තේ කුමන හේතුවකටදැයි මා දන්නේ නැහැ.
නඩුවේ සිව්වන චූදිතයා වන වෛද්‍ය සැපයුම් ඒකකයේ ගණකාධිකාරී (සැපයුම්) නිරාන් ධනංජය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කිරීමත් සමඟ සාක්ෂිකරුගේ ඇති වෘත්තීය නොදැනුවත්භාවය වඩාත් බරපතළ ලෙස කැපී පෙනෙන්නට විය.
මුළු රටම මහත් ආන්දෝලනයකට ලක් කළ, තමන්ද සේවය කරන ආයතනය මුල් කරගනිමින් පවරා ඇති මෙම ප්‍රධාන නඩුව කුමන කරුණක් මත පදනම්ව පවරා ඇත්දැයි තමන් නොදන්නා බව සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අඩුම තරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මොනවාදැයි තමන් ගොනු කරගෙන නොමැති බවද ඔහු පැවසීය. නඩුවට අදාළ "හියුමන් ඉමියුනොග්ලොබියුලින්" සහ "රිටුක්සිමැබ්" (Rituximab) යන ඖෂධ ද්විත්වය පිළිබඳව පවා තමන්ට විශේෂිත අවබෝධයක් නොමැති බවත්, ඖෂධ දෙකක් සම්බන්ධ බව පමණක් දන්නා බවත් පවසමින් සාක්ෂිකරු වගකීම් විරහිත ලෙස සාක්ෂි දීමට උත්සාහ කළේය.
සාක්ෂිකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ, ඖෂධ ඇණවුමකට අදාළ ගෙවීම් වවුචරයක් සැකසීමේදී අත්‍යවශ්‍ය වන 'GRN' (භාණ්ඩ ලැබීමේ සටහන) පිළිබඳ නිසි ක්‍රියාපටිපාටිය පවා ඔහු නිසි ලෙස පැහැදිලි නොකරන බවයි. එසේම සිව්වන විත්තිකාර නිරාන් ධනංජය මහතා එම ලේඛන ගනුදෙනුවලට සෘජුව සම්බන්ධ වී නොමැති බවද සාක්ෂිකරුගේ පිළිතුරු තුළින් වක්‍රව තහවුරු විය.
නඩුවේ මුල් ලේඛන ගලවා ඡායා පිටපත් දැමීමේ රහස
දෙවන චූදිතයා වන වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරු කොටු කරගනිමින් කළ හරස් ප්‍රශ්න කිරීම් මෙම නඩු විභාගයේ තීරණාත්මකම අවස්ථාව බවට පත් විය.
එහිදී සාක්ෂිකරු විසින් පිළිගනු ලැබුවේ, පළමු චූදිතයා විසින් ලබා දුන් සහ 74 වන ගොනුවට නිල වශයෙන් ඇතුළත් කර තිබූ මුල් ලේඛන ඉවත් කර, ඒ වෙනුවට ඡායා පිටපත් (Photocopies) ඇතුළත් කළ බවයි. ඒ සඳහා තමන්ට උපදෙස් ලැබුණේ ගණකාධිකාරීවරයාගෙන් බව සාක්ෂිකරු පැවසුවද, කිසිදු නිල මිනිට් සටහනක් (Minute) හෝ ලිඛිත අනුමැතියක් නොමැතිව, දින මුද්‍රා තබා නිසි පරිදි ගොනුගත කළ රාජකාරි ලේඛන ගලවා දැමීමට කටයුතු කළේ කෙසේදැයි නීතිඥවරයා දැඩි ලෙස ප්‍රශ්න කළේය.
සාක්ෂිකරු මීට පෙරද වෛද්‍ය සැපයුම් ඒකකයේ නිල ගොනුවක සටහන් මැකීමේ විනය විරෝධී ක්‍රියාවකට විනය පරීක්ෂණයකට ලක්වූවකු බව මෙහිදී අනාවරණය විය. “ඔබට ගොනුවලින් කොළ ගලවා පුරුද්දක් තිබෙනවා. කිසිදු උපදෙසක් නොමැතිව ඔබ හිතුමතේට මෙම ලේඛන ඉවත් කර තිබෙනවා” යැයි විත්තියේ නීතිඥවරයා කළ චෝදනාව සාක්ෂිකරු ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළද, ඔහුගේ පිළිතුරුවල පැවති අස්ථාවරභාවය අධිකරණය හමුවේ පැහැදිලිව දර්ශනය විය.
පැමිණිලි පාර්ශවයේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන කෝරාධිපති නිහාල් රංජිත් මහතාගේ සාක්ෂි විමසීම එ දිනට නිමාවූ අතර, නඩු විභාගය 14 වනදා යළි කැඳවීමට නියමිත විය.
නඩු වාර්තාව මෙසේය.
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව ඊයේ (13) යළි කැඳවූ අවස්ථාවේ සාක්ෂි දීම සඳහා සිව්වන දිනටත් කැඳවා තිබුණේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකරන සහකාර කෝරාධිපති නිහාල් රංජිත් නමැති අයය. ඔහු පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරුය
විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු එකොළොස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ අමිත ආරියරත්නගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
නීතිඥ ; ඔබ හඳුනා ගත් ලේඛනයෙ තිබූ අත්සන වෛද්‍ය තුසිත සුදර්ශනගේ බව ඔබ කියන්නේ එය දැක පුරුද්දෙන් මිස අත්සන් කරනු දැකලා නෙමෙයි නේද?
සාක්ෂිකරු ; එතුමාගේ අත්සන මම හොඳින් හඳුනනවා
නීතිඥ ; ඔබට විශ්වාසද ඔබ දැක්කද?
සාක්ෂිකරු ; නැහැ මම ඒ අත්සන හොඳට හඳුනනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළළ කරයි.
නීතිඥ ; ඔබ ඔය කියන්නේ සමානයි කියන එක නේද?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; ගැනූම් ඇනවුම් නැවත එන්නේ විෂය භාර ලිපිකරුට නේද? එවිට එය අදාළ සැපයුම් කරුට භාර දෙනවා නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; එවිට ඔවුන් එය පරීක්ෂා කරනවද?
සාක්ෂිකරු ; සමහරු පරීක්ෂා කරනවා සමහරු අරන් යනවා
නීතිඥ ; ඔබ පරීක්ෂා කරනවද?
සාක්ෂිකරු ; අඩුපාඩු තියනවනම් අත්සන් නොකර නැවත අප වෙත එවනවා. සම්පූර්ණ කරලා දෙන්නේ අඩුපාඩු නැති නිසා. ඒ නිසා අපට ආවාම අපි සැපයුම්කරුට දෙනවා.
නීතිඥ ; ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුල් වෙන්න හැමෝටම ඉඩ දීලා තිබුනද?
සාක්ෂිකරු ; දන්නේ නැහැ නැහැ. මට දීලා තිබුණා.
නීතිඥ ; ඔබ හංගනවා. මම යෝජනා කරනවා ඒ පද්ධතියට ඇතුල් වෙන්න එකවුන්ට් සප්ලයිට පමණයි අවසර තිබුණේ.
සාක්ෂිකරු ; මම දන්නේ නැහැ.
නීතිඥ ; ඔබ කියන්න හදන්නේ ඔබට අවසර දීලා තිබුණා කියන එක පමණයි.
සාක්ෂිකරු ; මටත් දීලා තිබුණා.
නීතිඥ ; පිටස්තර අංශවලට දුන්නද නැද්ද කියල ඔබ දන්නවද?
සාක්ෂිකරු ; නැහැ මම දන්නේ නැහැ.
නීතිඥ ; මම යෝජනා කරනවා ඒ ලේඛන සකසන නිලධාරීන්ට පමණයි කියා
සාක්ෂිකරු ; නිලධාරීන්ට දීලා තිබුණා. මටත් දීලා තිබුණා
නීතිඥ ; පර්චස් ඕඩර් එකේ මුල් පිටුවේ, භාරගත් අය සටහන් දාලා තියෙනවා.
සාක්ෂිකරු ; මොකක්ද දාපු සටහන
නීතිඥ ; මට පැහැදිලි නෑ...
සාක්ෂිකරු ; දෙවැනි පේළියේ නම අඳුනනවද?
සාක්ෂිකරු ;ජනක වාගෙයි.
නීතිඥ ; සුදත් ජානක වෙන්න පුලුවන්ද
සාක්ෂිකරු ; පුළුවන්
නීතිඥ ; ඊළඟ පේළියේ කියන්නේ මොකක්ද?
සාක්ෂිකරු ; නම නිශ්චිතව කියන්න බැහැ
නීතිඥ ; ඩී අකුරෙන් පටන් ගන්නව වගේ නේද ?
සාක්ෂිකරු ; ඩිරෙක්ට වගේ ස්වාමීනී.
නීතිඥ ; ඊළඟට I අකුරෙන් පටන් ගෙන වචනයක් තියෙනවා. බී එකක් තියෙනවා...
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරුද්ධ වේ.
සාක්‍ෂිකරුට අකුරු ටික පැහැදිලි නැහැ.
සාක්ෂිකරු ; පැහැදිලි නැහැ ස්වාමීනි
නීතිඥ ; AG කියලා තියෙනවා නේද?
සාක්ෂිකරු ; සමහර විට වෙන්න පුළුවන්.
නීතිඥ ; කවුද මේක ගත්තේ?
සාක්ෂිකරු; වෛද්‍ය සැපයුම් ඒකකය.
නීතිඥ ; පැ 334 ලේඛනය බලන්න. පර්චස් ඕඩර් කියලා එකක් තියෙනවා
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; ICL යටතේ එන සැපයුම්කරුවන් යුනික් අංකයක් ගත යුතු බව සඳහන් එකක් ද?
සාක්ෂිකරු ; නැහැ.
නීතිඥ ; ඔබේ සාක්ෂියේදී කියවුනා ලියාපදිංචි නොවූ අය සැපයුම්කරුවන් ලෙස සිටින බව. ICL යටතේ සිටින අය WR ගත යුතු බව
සාක්ෂිකරු ; WR හෝ ලියාපදිංචිය සහතිකය තිබිය යුතුයි.
නීතිඥ ; ඔබ ලබා දී ඇති සාක්ෂි අනුව වව්චර් හා ඉන්වොයිස් ගැන කියවුනා. ඔබ ඉන්වොයිස් වව්චර් ගැන දන්නවානේ.
සාක්ෂිකරු ; මම හදපු වව්චර් ගැන දන්නවා
නීතිඥ ; අධිකරණයට ලකුණු වී ඇති ඉන්වොයිසි වල ඔබේ අත්සන තිබෙනවා.
සාක්ෂිකරු ; ඔව් 344, 341 , 338, 336 වගේ ලේඛනවල තිබෙනවා
නීතිඥ ; ඒ අත්සන් තබා ඇත්තේ මුද්‍රාවක් මත.
සාක්ෂිකරු ; ඔව් ඒ price confermation පරිගණක පද්ධතියට ඇතුල් කරද්දී තබන අත්සන්.
නීතිඥ ; මොනවද එහිදී බලන්නේ?
සාක්ෂිකරු ; ගැනුම් ඇණවුම් අංකය මට වැදගත්. එය ඇතුල් කළාම පද්ධතිය මට ඉන්වොයිසිය ලබා දෙනවා. මම ඒකක වල ඇතුල් කළ යුතුයි.
නීතිඥ ; price conform සීල් එකට වම් පැත්තෙන් කොටසක් තියෙනවා නේද?
සාක්ෂිකරු ; ඔව් .... Issued to Isoles biotec pharma කියලා තියෙනවා.
නීතිඥ ; කවුද මේක සටහන් කරන්නේ?
සාක්ෂිකරු ; සැපයුම්කරු.
නීතිඥ ; ඒ වගේම live at Biopharma ෆාමා කියලා තියෙනවා නේද ?
සාක්ෂිකරු ; පිළිගන්න පුළුවන් ස්වාමීනී.
නීතිඥ ; ඉන්වොයිස් පත්‍රයේ පැහැදිලිවම නිෂ්පාදනය කරන රට කියලා තියෙනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; ඒ වගේම කොටු සීල් එක යට අත්සන් තබා තිබෙනවා.
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී
නීතිඥ ; එහි ඩිරෙක්ට සේල්ස් කියා තියෙනවා.
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.
නීතිඥ ; සැපයුම්කරු එම තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. ගෙවීම් වව්චරය ගැන ඔබෙන් මූලික සාක්ෂියේදී ඇසුවා.
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.
නීතිඥ ; අදාල කරගත් ලේඛනය අනුවද?
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී
නීතිඥ ; පැ 341 බලන්න. එහි ඉන්වොයිසිය කාගෙද?
සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා.
නීතිඥ ; 341 කාටද.
සාක්ෂිකරු ; අයිසොලේස් බයෝ ෆාමා
නීතිඥ ; මේ ගෙවීම් වවුචරය සකස් කළේ නසීර් මහතාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි .
නීතිඥ ; සාක්ෂිකරු ඔබ රාජකාරී වෙලාවෙත් දුරකථන ඇමතුම් ගත්තා නේද? ඔබේ රාජකාරි ඉවර වෙන්නේ කීයටද?
සාක්ෂිකරු ; මම රාත්‍රී රාජකාරිවලත් යෙදෙනවා. කොවිඩ් සමයේ එක දිගට රාත්‍රී රාජකාරි කළා.
මෙම නඩුවේ සිව්වන චූදිත වෛද්‍ය සැපයුම් ඒකකයේ ඝනකාධිකාරී (සැපයුම්) මරක්කළ මාන්නගේ නිරාන් ධනංජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ ; ඔබ දන්නවද ඔය නඩුව පවරලා තියෙන්නේ මොන හේතුවක් මතද කියලා?
සාක්ෂිකරු ; නැහැ.
නීතිඥ ; අඩුම ගණනේ MSD නිලධාරීන්, මේ නඩුවේ ඉන්නවා කියලවත් දන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නඩුවක් තියෙනවා කියලා දන්නවා. නිශ්චිතව දන්නේ නැහැ.
නීතිඥ ; ඔබ රාජකාරි කරලා තියෙනවද? රාජකාරිය හැර පෞද්ගලිකව දන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනි, ගොනුවල තිබෙන දේ පමණයි දන්නේ.
නීතිඥ ; ඔබ 2023 දී කොහෙද හිටියේ?
සාක්ෂිකරු ; සැපයීම අංශයේ.
නීතිඥ ; හතරවන විත්තිකරුත් සිටියාද එහි?
සාක්ෂිකරු ; ඔහු 2023 වෙද්දි ඇවිත් වැඩි කාලයක් නැහැ. එම නිසා ඒ වෙනකොට දන්නේ කෙටි කාලයක්.
නීතිඥ ; රිටක්සිමැබ් කියන ඖෂධය සලකුණු කළා කියලා දන්නවද?
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.
නීතිඥ ; ඒක ප්‍රශ්නගත වුණ බව දන්නවද?
සාක්ෂිකරු ; මූලික සාක්ෂි දීමේදී හරස් ප්‍රශ්නවලදී හා නඩුව අදාළ කටයුතු වලදී දැනගත්තා
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ් ගැන දන්නවද?
සාක්ෂිකරු ; විශේෂිතව දන්නේ නැහැ.
නීතිඥ ; නඩුවේ සාක්ෂි දෙන්නේ නොදැනද?
සාක්ෂිකරු ; ඖෂධ දෙකක් සම්බන්ධ බව දන්නවා.
නීතිඥ ; එහි ප්‍රසම්පාදන කටයුතු කළා නේද කොහෙන්ද බඩු අරන් දෙන්නේ කියලා දන්නේ නැද්ද?
සාක්ෂිකරු ; සැපයුම්කරුවන්ගෙන්.
නීතිඥ ; නඩුවට අදාළ ඖෂධ දෙක සෘජුවම මිලදී ගත්තා නේද?
සාක්ෂිකරු ; මේක MSD නැතිව ප්‍රසම්පාදන වුණ එකක් කියලා දන්නවා.
නීතිඥ ; සැපයුම් ලෙස ප්‍රසම්පාදනය වුණ එකක් නඩුවට අදාළ ඖෂධ දෙක ප්‍රසම්පාදන කටයුතුවලට එන්න ඉඩක් තිබුණද?
සාක්ෂිකරු ; කෙලින්ම කියන්න බැහැ.
නීතිඥ ; ඔබ සෘජුව සම්බන්ධ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ.
නීතිඥ ; ගෙවුම් ඇනවුම් හදන්නේ කවුද?
සාක්ෂිකරු ; විෂය ලිපිකරුවෙක් විසින්. 334 ගැනුම් ඇනවුමක්
නීතිඥ ; මට පැහැදිලි කරන්න එය යම් ලේඛනයක පිටපතක්ද?
සාක්ෂිකරු ; දන්නේ නැහැ
නීතිඥ ; පද්ධතියේ දත්ත වෙනස් කරන්න ඔබට පුළුවන්ද?
සාක්ෂිකරු ; බැහැ ස්වාමීනි
නීතිඥ ; ගොනුව ඉදිරියට යද්දී වෙනත් අයෙකුට වෙනස් කළ හැකිද?
සාක්ෂිකරු ; එය දන්නේ නැහැ. නමුත් ගොනුව වෙනස් කළ යුතු නම් අපට ආපසු එවනවා.
නීතිඥ ; මම යෝජනා කරනවා නඩුවට අදාල ඖෂධ ගැන ගැනුම් ඇණවුමක් තියලා නැහැ කියා.
සාක්ෂිකරු ; නිශ්චිතව කියන්න බැහැ
නීතිඥ ; බලයලත් නිලධාරීන් අත්සන් කරලද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; හතරවන චූදිතද?
සාක්ෂිකරු ; නැහැ ඔහුගේ නම මෙහි නැහැ
නීතිඥ ; නිරන් දනංජය ඒ කාලේ මෙතැන සේවය කළේ නැද්ද?
සාක්ෂිකරු ; මම දන්නා තරමින් මේ ලේඛණයට සම්බන්ධ නැහැ
නීතිඥ ; ගැනුම් ඇනවුමට සම්බන්ධ අනෙක් ලේඛනය වන වව්චරය 334 ට සම්බන්ධ වවුචරය 339 බලන්න. මේක වවුචරයක්. ගැනුම් ඇනවුමක් ලබා ගන්නට තවත් ලේඛන අවශ්‍යද?
සාක්ෂිකරු ; ඔව් GRN එකක් අවශ්‍යයි.
නීතිඥ ; වවුචරය යන්නේ ඔබේ අංශයට. ඔබ අනෙක් ලේඛන භාරගත් පසු GRN හැර අවශ්‍ය වෙන්නේ මොනවාද?
සාක්ෂිකරු ; සමහර දේවල් අවශ්‍ය වෙනවා
නීතිඥ ; මූලික කරුණු ගැන සැලකිලිමත් වෙලාද ඒක බාර ගන්නේ?
සාක්ෂිකරු ; අදාළ නිලධාරියාගෙන් අහන්න ඕන
නීතිඥ ; GRN නැතිව වවුචරයක් සකසා ඉදිරිපත් කරන්නේ නැද්ද?
සාක්ෂිකරු ; වව්චරයක් සැකසීමේදී GRN තිබිය යුතුයි
නීතිඥ ; 337 කියන්නේ ඔබේ අංශයෙන් නිකුත් කරන වවුචරයක්. ඒකෙන් පුළුවන්ද හතරවන විත්තිකාර නිරාන් ධනංජයගේ සම්බන්ධය.
සාක්ෂිකරු ; ඔව් පුළුවන් නිර්දේශ කරන්නේ ඔහු.
නීතිඥ ; මෙය නිර්දේශ කරලා තියෙන්නේ කවුද?
සාක්ෂිකරු ; ඔව් ඔහු තමයි
නීතිඥ ; අනුමත කරන්නේ කවුද? අතිරේක ලේකම්ද?
සාක්ෂිකරු ; ඔව් ඔහු තමා ස්වාමීනී
නීතිඥ ; ඔහු සිටින්නේ හතර විත්තිකරුට වඩා ඉහළ නිලයකද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඊට පහළ නිලයක නසීර් මහතා ඉන්නවා නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; ගැනුම් ඇනවුමකට නිර්දේශ ලද පසු තවත් පියවර කිහිපයක් තිබෙනවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; වව්චරයකට ඉන්වොයිස් ඕනද?
සාක්ෂිකරු ; අවශ්‍යයි ස්වාමීනි
නීතිඥ ; ආධාර හා ප්‍රධානත් පද්ධතියට ඇතුල් කරනවද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඇයි නිකම් දෙද්දිත් ගැනුම් ඇනවුම් දමන්නේ?
සාක්ෂිකරු ; පද්ධති ගත කිරීමට එපමණක් නෙවෙයි වෙනත් හේතූන්ද තිබෙනවා
නීතිඥ ; ප්‍රසම්පාදන අස්ථිතීන් awording letter වගේ දේවල්ද?
සාක්ෂිකරු ; පැහැදිලිවම දන්නේ නැහැ.
නීතිඥ ; ගැනුම් ඇනවුම් හා වව්චර් සැලකීමේ දී ඔබේ සෘජු දායකත්වයක් තිබෙනවාද?
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; වෙනම ප්‍රසම්පාදන අස්තීන් වන්නේ මිලදී ගැනීම් කළ විට වව්චර සැකසීමට ඔබ දායක වෙනවද?
සාක්ෂිකරු ; මම මේ ඖෂධ දෙක ගැන නිශ්චිතවම දන්නේ නැහැ
නීතිඥ ; මේ නඩුව මොන කාරණයක් නිසාද කියලවත් දන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවවත් කිව්වෙ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; ඔබ නිෂ්කාශනය දන්නෙත් නැහැ. කුමන ඖෂධ ගැනද කියන එකවත් දන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී
නීතිඥ ; මේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වුනා පසුගිය දවස්වල
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; එහිදී වුනේ මොනවද කියලවත් දන්නේ නැද්ද?
සාක්ෂිකරු ; ඒ කරුණු මොනවාදැයි ගොනු කරගෙන නැහැ
නීතිඥ ; නිශ්චිතව අහවල් ඖෂධය ගැන කියලවත් දන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; හතරවන විත්තිකරු එක්ක එකට වැඩ කරලා තිබේද
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔහුගේ රාජකාරි ගැන දන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී
නීතිඥ ; නිලධාරීන්ට හුදෙකලා තීරණ අරන් සේවය කරන්න බැහැ නේද?
සාක්ෂිකරු ; බැහැ
නීතිඥ ; ඖෂධ එක සිය ගණනක් සැපයීමට ආයතන කීයක් තිබුණද?
සාක්ෂිකරු ; 26 ක් තිබුණා
නීතිඥ ;WR ලබා ගැනීමට ඔබේ ආයතනය හරහා ඉල්ලා සිටින්නට ඔබෙන් ඉල්ලීමක් කළාද?
සාක්ෂිකරු ; නැහැ. ඔහු WR ඉල්ලා ලිපි දෙකක් අපේ ආයතනයට භාර දුන්නා. එය මම ඝණකාධිකාරීවරයාට භාර දුන්නා.
නීතිඥ ; ඔබ කියන්නේ ඔබ බාරගත්තා කියලද?
සාක්ෂිකරු ; ශාඛාවට භාර දීලා තිබිලා එය මට යොමු කර තිබුණා
නීතිඥ ; WR සඳහා යම් නිර්දේශයක් MSD කරන්න ඕනද?
සාක්ෂිකරු ; මම දන්නෙ නැහැ
නීතිඥ ; ඔබට ඒවා නැවත ආවේ කෙසේද?
සාක්ෂිකරු ; මම මුල් ලේඛන දෙක ඉවත් කළා. එසේ කරන්නට කණකාධිකාරී සැපයුම්ගෙන් උපදෙස් ලැබුණා.
නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ බොරු කියන්නේ කියලා. ඔබ ළඟ තියාගෙන ඉඳලා පළමු චූදිතට දුන්නා.
සාක්ෂිකරු ; නැහැ මම සටහන් යොදා ගනකාදීකාරී සැපයුම්ට දුන්නා.
නීතිඥ ; ඔහු අලුත් නිලධාරියෙක්. 2023 ජනවාරි ආවා නම් මැයි වන විට ඔහු අලුත් නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; එතකොට දළ වශයෙන් මාස හතරක් විතර තමයි වැඩ කරලා තියෙන්නේ.
සාක්ෂිකරු ; ඔව්
දෙවන චූදිත වෛද්‍ය සැපයීම ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.
නීතිඥ ; දෙවන චූදිත අධ්‍යාපන කටයුතු සඳහා අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්ව විදේශගතව සිටින බව ඔබ දන්නවාද?
සාක්ෂිකරු ; ඉවත් වූ පසුවයි දන්නේ විදේශගත වූ බව
නීතිඥ ; ඔබ විසින් කළ රාජකාරි ගැන වගකීමෙන් සාක්ෂි දෙන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. 97 ගොනුවේ ඇති පැ 25 1 ලේඛනය සතිෂ් කුමාර මහතා විසින් පරිගණක ආධාරයෙන් මුද්‍රණය කළේ.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ඔහුට බලය පැවරී තිබුනද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; 106 ගොනුවේ පැ 310 ලේඛනය ගැනුම් ඇනවුමක් නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ඔබ සඳහන් කළා ඖෂධ MSD එකට ලැබෙන විට කරන දේ. price confermation කර සැපයුම්කරු අදාල සමස්ත තොගය MSD එකට ගෙන එද්දි සාම්පල් හා ලේඛන පෙන්වනවා නේද?
සාක්ෂිකරු ; අප ළඟට එන්නේ මිල තීරණය සඳහායි
නීතිඥ ; මම යෝජනා කරනවා ඔවුන් ගැනුම් ඇනවුම් WOR ඇතුළු වෙනත් සහතික රැගෙන එන බවට.
සාක්ෂිකරු ; තොග පාලන අංශයට ඒවා අවශ්‍ය නැහැ
නීතිඥ ; පැ 377 කියන 92 ගොනුවේ ඇති invoice පත්‍රය බලන්න. ඔබ වෙත ප්‍රයිස් කන්ෆර්ම් කිරීමට එන්න කලින් යොදන මුද්‍රා තොග පාලක නිලධාරී හා සහකාර අධ්‍යක්ෂ යොදන කොටු මුද්‍රාව තිබෙනවාද බලන්න?
සාක්ෂිකරු ; තිබෙනවා ස්වාමීනී. තොග පාලන නිලධාරී සහ සහකාර අධ්‍යක්ෂ නොදැන කොටු මුද්‍රාව තබන්න තමයි සාම්පල හා ලේඛන පරීක්ෂා කර බලා ඉදිරි කටයුතු වලට යොමු කරන්න යෝජනා කරන්නේ. ඒ ලේඛන සියල්ල පරීක්ෂා කර සෑහීමකට පත් වුනොත් කොටු මුද්‍රාව යොදා ඉදිරි කටයුතුවලට ඉදිරිපත් කරනවා.
නීතිඥ ; consistance inspection unit හි කටයුතු කෙරෙන්නේ ඉන් පසුවද?
සාක්ෂිකරු ; මට ඒ ගැන නිශ්චිතව කිව නොහැකියි
නීතිඥ ; මොකක්ද මේ කන්සිස්ටන්ස් inspection ක්‍රියාවලිය
සාක්ෂිකරු ; මම දන්නේ නැහැ
නීතිඥ ; ඔබ දන්නවා ඔබට එන්න කලින් තොග පාලන නිලධාරි හා සහකාර අධ්‍යක්ෂකගේ පරීක්ෂාවට ලක්වෙන බව
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ඉන්පසු price confermation වලට ආවම ඔබේ රාජකාරී නිවැරදිව කරලා දෙනවද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔබ ඉන්වොයිස් එක පරීක්ෂා කිරීමට පද්ධතිය භාවිතා කරනවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; මේ සෑම ඉන්වොයිසියක්ම පරීක්ෂා කර බලා ඔබත් තොරතුරු පද්ධතියට ඇතුල් කරනවා
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ඔබට සෑහීමකට පත්විය නොහැකි නොගැලපෙන දෙයක් තිබුණත් ඔබ මුද්‍රාව තබන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී
නීතිඥ ; ඔබේ කටයුතු අවසන් වූ පසු GRN ලබා ගන්නවා.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; නිලධාරීන් දෙන්නයි GRN කරන්න කියා මම යෝජනා කරනවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; සහකාර අධ්‍යක්ෂ කෙනෙකුත් එතන ඉන්නවා
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; සියල්ල කළ පසු GRN දෙන්නේ
සාක්ෂිකරු ; ඒ ගැන මම දන්නේ නැහැ
නීතිඥ ; පැමිණිල්ල අහද්දි හැම ලේඛනයක්ම පැකිලෙන්නේ නැතිව අඳුර ගත්තා.
සාක්ෂිකරු ; ඔව් හඳුන ගත්තා ස්වාමීනී
නීතිඥ ; ඔබ සඳහන් කළා පළමු චූදිත සමඟ රාජකාරි කාලවල හා වෙනත් වෙලාවන්හි දුරකථන සංවාද කළ බව. ඔබෙන් ප්‍රකාශ සටහන් කර ගත්තෙත් රාත්‍රී කාලයන්හි පවා අනවශ්‍ය ලෙස කතා කර තිබීම නිසා බව.
සාක්ෂිකරු ; රාජකාරී සඳහා කතා කළා.
නීතිඥ ; ඔබ සඳහන් කළා ඔබ විසින් 74ගොනුවට ගොනුකොට තිබූ පළමු චූදිත විසින් ලබා දුන් මුල් ලේඛන වෙනුවට ඡායා පිටපත් යෙදූ බව.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; කවුද උපදෙස් දුන්නේ?
සාක්ෂිකරු; ගණකාධිකාරී සැපයීම
නීතිඥ ; ඔබ විනය විරෝධී කටයුතු කරලා විනය පරීක්ෂණවලට ලක් වුන කෙනෙක්
සාක්ෂිකරු ; එක්තරා ගොනුවක සටහන් මැකුව කියලා පරීක්ෂණයක් පැවැත්වුවා.
නීතිඥ ; ගොනුවල කොළ ගලවලා පුරුද්දක් තිබෙනවා.
සාක්ෂිකරු ; මම නිවැරදිව එය කළා
නීතිඥ ; පැ 321 ලේඛන ගොනුවේ ඔබ මිනිට් එකක් යොදලා කොහොමද සුදත් ජානක විසින් ගොනු ගත කළ ලේඛන ගලවා භාරදුන් බවට මිනිට් දැම්මේ? ඔය කියන ලේඛන දෙක රාජකාරී මට්ටමෙන් දින මුද්‍රා තබා ගොනුගත කළ ඒවාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; කිසිම මිනිට් එකක් නැතිව ගලවලා දුන්නද?
සාක්ෂිකරු ; මම සටහන් දැම්මා
නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ කිසිම උපදෙසක් නැතිව මේක කරලා තියෙන්නේ.
සාක්ෂිකරු ; නැහැ එම සටහන් දාලා...
නීතිඥ ; ඔබ මේ නඩුවේ පළමු චූදිත සමග රාජකාරි වපසරියට පිටින් ගිය රාජකාරියක් තිබෙන බවට මම යෝජනා කරනවා
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී
නඩු විභාගය 14 යලිත් ඇරඹේ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

