“සෞභාග්‍යයේ දැක්ම” මිහිපිට යථාර්ථයක් වීද..?

මහා භාණ්ඩාගාරයේ නියෝජිතයා ලෙස රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් කරන ලද නිර්දේශයකට අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම් වලදී ප්‍රසම්පාදන කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තමන්, නිරතුරුවම කමිටුවේ ඖෂධ පිළිබද පරිචයක් ඇති අනෙකුත් වෛද්‍ය නියෝජිතයින් දෙදෙනා විශ්වාස කරමින් අදාල ලිපි ලේඛනවලට අත්සන් යෙදූ බවත්, එහිදී රාජ්‍ය නිලධාරියකු ලෙස නිරතුරුවම "සෞභාගයේ දැක්ම" නම් වූ එවක රාජ්‍ය ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කළ බවත්, කිසිවිටෙකත් රජය අපහසුතාවයකට පත් නොකර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ හදිසි මිලදී ගැනීම්වලට ප්‍රසම්පාදන කමිටු නිර්දේශ සපයාදුන් බවත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ සාක්ෂි ලබාදෙමින්, එවකට එම ප්‍රසම්පාදන කමිටු සාමාජික පී. ඒ. සුසන්ත අතුල කුමාර මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය...

May 21, 2026 - 21:06
May 22, 2026 - 14:24
 32
“සෞභාග්‍යයේ දැක්ම” මිහිපිට යථාර්ථයක් වීද..?

2026 මැයි මස 20 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය

“සෞභාග්‍යයේ දැක්ම”

මිහිපිට යථාර්ථයක් වීද..?

රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නට වෙර දැරූ 


රාජ්‍ය නිලධාරියෙකුගේ පාපොච්චාරණය...

අධිකරණ වාර්තාකරු

හා භාණ්ඩාගාරයේ නියෝජිතයා ලෙස රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් කරන ලද නිර්දේශයකට අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම් වලදී ප්‍රසම්පාදන කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තමන්, නිරතුරුවම කමිටුවේ ඖෂධ පිළිබද පරිචයක් ඇති අනෙකුත් වෛද්‍ය නියෝජිතයින් දෙදෙනා විශ්වාස කරමින් අදාල ලිපි ලේඛනවලට අත්සන් යෙදූ බවත්, එහිදී රාජ්‍ය නිලධාරියකු ලෙස නිරතුරුවම "සෞභාගයේ දැක්ම" නම් වූ එවක රාජ්‍ය ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කළ බවත්, කිසිවිටෙකත් රජය අපහසුතාවයකට පත් නොකර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ හදිසි මිලදී ගැනීම්වලට ප්‍රසම්පාදන කමිටු නිර්දේශ සපයාදුන් බවත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ සාක්ෂි ලබාදෙමින්, එවකට එම ප්‍රසම්පාදන කමිටු සාමාජික පී. ඒ. සුසන්ත අතුල කුමාර මහතා  කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය... 


ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සි මැබ් එන්නත් කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යාපහරණය කිරීම ඊට ආධාර අනුබලදීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා, නඩු කටයුත්තේ එම ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයෙකු ලෙස දෙවැනි දිනයටත් සාක්ෂි ලබාදෙමිනි.


මෙම ප්‍රසම්පාදන කමිටුවේ තමන් සමග සමාජිකයින් තිදෙනෙකු කටයුතු කළ බවත් අනිත් කමිටු සාමාජිකයින් දෙදෙනා වෛද්‍ය ජයනාත් බුත්පිටිය සහ වෛද්‍ය සමන් රත්නායක බවත් ඔවුන් සමග 2001 වසරේ සිටම ප්‍රසම්පාදන කටයුතු සඳහා එකට කටයුතු කර ඇති නමුත් එම කටයුතු වලදී කිසිදු අකටයුත්තක් හෝ වරදක් සිදුවී නැති බවත් ඔවුන් කෙරෙහි වූ විශ්වාසය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔවුන්ගේ දැනුම මත පදනම්ව ප්‍රසම්පාදන කටයුතුවලට පැමිණි ඇතැම් ලියකියවිලි සම්පූර්ණයෙන්ම නොකියවා වුවත්, අනිත් දෙදෙනා කෙරෙහි ඇති විශ්වාසය මත පදනම්ව අත්සන් කරන්නට තමන්ටද සිදුවූ බවත් සාක්ෂිකරු මෙහිදී අති දක්ෂ නීතිඥයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර සිටියේය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරු සාක්ෂි දීමෙන් අනතුරුව, නීතිඥ හරේන්ද්‍ර බානගල, නීතිඥ නුවන් ජයවර්ධන, නීතිඥ අසේල සේරසිංහ, නීතිඥ ඉසුරු ජයවර්ධන සහ නීතිඥ අමිත ආරියරත්න යන විත්තියේ නීතීඥවරුද විනිසුරුතුමන්ලාද සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබූහ.


පළමු දිනයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ ප්‍රශ්න කිරීම් හමුවේත් පසු දිනයේ විත්තියේ නීතිඥයින්ගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේත් සාක්ෂිකරු හොඳටම හෙම්බත්ව සිටින ආකාරයක් පෙන්නුම් කළ අතර නඩු විභාගය අවසාන භාගයේ දී විනිසුරුතුමන්ලා ද ඔහුගේ ප්‍රසම්පාදන කමිටු ක්‍රියාකලාපය ඉතා ගැඹුරින් ප්‍රශ්න කිරීමට ලක්කළ බැවින් සාක්ෂිකරුවා තරමක වික්ෂිප්ත භාවයකින් කටයුතු කළ බව මාධ්‍යවලට නිරීක්ෂණය විය. 


ප්‍රසම්පාදන කමිටුව හමුවට පැමිණෙන බොහෝ සුවිසල් ලිපිගොනු විස්තර සහිත හා සංකීර්ණ වන නිසාත් ඒවා කියවීම දින ගණනාවක් ගතවන දුෂ්කර ක්‍රියාකලාපයන් වන නිසාත් ලිපිගෙණු නොකියවා ඒවා මත තබා ඇති නිර්දේශයන් කියවා තමන්ට යම් යම් තීන්දු ගන්නට සිදුවූ බව මෙහිදී සාක්ෂිකරු පෙන්වා දුන්නේය.


අදාළ ලිපිලේඛන නොකියවා මුත් තාක්ෂණ කමිටුවල හා පළපුරුදු වෛද්‍යවරුන්ගේ සහතික කිරීම් හමුවේ, ඔවුන් කෙරෙහි විශ්වාසය තබා අත්සන් කරන්නට සිදුවූ බව කීවේය. කාර්යබහුල බව හා ඉතා ඉක්මනින් තීන්දු ගැනීමට "හදිසි ප්‍රසම්පාදන" යටතේ සිදුව තිබීම වැනි හේතුද සාක්ෂිකරු වැඩිදුරටත් පෙන්වා සිටියේය.


මෙහිදී විනිසුරුතුමන්ලා මෙන්ම විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධනය කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු යම් අපහසුතාවයකට මුහුණපාන අයුරු ද දැකගත හැකිවිය.


“නීතිඥ නුවන් ජයවර්ධන: රාජකාරි බහුලත්වය නිසා කියවාගන්න බැරිවුණා කියලා නේ කියන්නේ, අනෙක් වැඩ අතර ප්‍රසම්පාදන කමිටුවේ වැඩ කරන්න බැහැ කියලා අස්වෙන්න හිතුවේ නැද්ද?

සාක්ෂිකරු: එහෙම අවශ්‍යතාවයක් ආවේ නැහැ ස්වාමීනි.”


උසස් රාජ්‍ය නිලධාරියෙකු සාමාන්‍ය වැසියෙකු මෙන් හුදු පෞද්ගලික විශ්වාසය මත රාජ්‍ය මුදල් බිලියන ගණනක් වටිනා ප්‍රසම්පාදන අනුමත කිරීම බරපතළ ව්‍යූහාත්මක දෝෂයකි. විනිසුරු මඩුල්ල විසින්ම "ඇයි ඔබ ප්‍රශ්න නොකර අත්සන් කළේ?" යනුවෙන් ඇසූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරෙන් පැහැදිලි වන්නේ තාක්ෂණික නිලධාරීන් සපයන දත්තවල නිරවද්‍යතාව ස්වාධීනව තහවුරු කර ගැනීමට භාණ්ඩාගාර නියෝජිතයා අපොහොසත් වී ඇති බවයි. මෙතැන් සිට මෙම සංවාදය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය...


(නීතිඥ නුවන් ජයවර්ධන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.)


නීතිඥ: ඔබේ පත්වීම සමග මාර්ගෝපදේශ ලැබුණා කිව්වොත් ඔබ පිළිගන්නවාද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: ඔබ ඔක්තෝබර් 13 පළමු රැස්වීමට සහභාගි වෙද්දී ඊට මාස හතරකට පෙර පත්වීම් ලිපියක් ලැබී තිබුණා. ඔබ එය බැලුවා ද?

සාක්ෂිකරු: ඔව්, එවැන්නක් ලැබී තිබෙනවා.


නීතිඥ: ඒ අනුව දැනුවත් සාමාජිකයෙකු ලෙස ඔබ කමිටුවට ගියේ. 259 ලේඛනයේ සඳහන් වෙනවා කමිටුවේ නම. ප්‍රධාන කමිටු සාමාජිකයන් හැරුණු විට තවත් පිරිසක් ලෙස නම් 12 ක් තිබෙනවා. 259 ලේඛනයේ මුල් පිටුවේ ඔබේ අත්සන තිබෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: එහි ඔබේ අත්සන යෙදුවේ ඇයි?
සාක්ෂිකරු: විශ්වාසය මතයි ස්වාමීනි.


නීතිඥ: සාමාජිකයන් තුන්දෙනෙක් සිටි බව ස්ථිරද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: වෙනත් නම් කියන එක හැරුණාම කමිටුව ගැන අනෙක් විස්තර නිවැරදිද?
සාක්ෂිකරු: මම මෙතන අත්සන් කරන්නේ අවබෝධයක් ඇතිවයි. කවදාවත් කවුරුවත් වරද්දලා ඉදිරිපත් කරලා නැහැ. අනෙක් සාමාජිකයන් නිවැරදියි කියන විශ්වාසය මත අත්සන් කළා. පුද්ගලයන් වශයෙන් අනෙක් සියලු දෙනා දන්නේ නැහැ.


නීතිඥ: අයිතම 1 සිට 188 දක්වා යන්න ඊට අදාළ නිල ලේඛන ඉදිරිපත් කළා ද?
සාක්ෂිකරු: මතක විදියට ඉදිරිපත් කළේ නැහැ. මට 188 ක් ගැන අවබෝධයක් නැහැ.


නීතිඥ: 2022 ඔක්තෝබර් 13 රැස්වෙද්දී ඖෂධ 188 ක් ලැබී නැහැ, ලැයිස්තු ඉදිරිපත් කරලත් නැහැ. එහෙම තියෙද්දී අත්සන යෙදුවද?
සාක්ෂිකරු: අපි අත්සන් කළේ පසුකාලීනවයි ස්වාමීනි.


නීතිඥ: පැ. 259 ලේඛනය පසුකාලීනව ඉදිරිපත් වුණාම (විස්තර) කියවන්නේ නැතිව අත්සන් කළාද?
සාක්ෂිකරු: අපි 2021 සිට ප්‍රසම්පාදන කටයුතු කළා. කිසි අවස්ථාවක ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. පුද්ගලික විශ්වාසය මත අත්සන් කළා.


නීතිඥ: මම සාක්ෂිකරුට යෝජනා කරනවා එම ප්‍රසම්පාදන කමිටුවට ඖෂධ ලැයිස්තු ඉදිරිපත් කළේ නැහැ කියා.
සාක්ෂිකරු: මම පිළිගන්නේ නැහැ.


නීතිඥ: කමිටුවට ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් කළ බව කීව එක ඌණතාවයක් ලෙස මම යෝජනා කරනවා. තමුන් නීත්‍යානුකූලව කළ ප්‍රසම්පාදනයන් පිළිබඳව වෙනස් වීමක් මත හිඳ ප්‍රකාශ කරන බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු: අතින් ලියූ ලැයිස්තුවක් ගෙනාවා.


නීතිඥ: 18 වැනිදා අතින් ලියූ ලැයිස්තුවක් ඉදිරිපත් කළාද?
සාක්ෂිකරු: නැහැ. අවශ්‍යතාව තිබුණත් ඉදිරිපත් කළේ නැහැ. වෙනද වගේ කරන්න බැහැ, රටේ ඖෂධ හිඟයි. ඒ නිසා දිගු වාර්තා සංක්ෂිප්ත කර දෙන්න කීවා.


නීතිඥ: ඇයි සංක්ෂිප්ත කරන්න කීවේ?
සාක්ෂිකරු: ලොකු ලිපිගොනු තිබුණේ. අපේ කාලය ප්‍රමාණවත් නැහැ ඒවා කියවන්න. අපි ඔක්කොම පැය දෙක තුනක දී කරනවා. ඒ නිසා තීන්දු ගන්න පුළුවන් මට්ටමට සාරාංශ කර ඉදිරිපත් කරන්න කීවා.


නීතිඥ: නිසි පරිදි අගැයීමට ලක් කර ප්‍රසම්පාදන තීන්දු ගත් බව මම යෝජනා කරනවා.
සාක්ෂිකරු: මම පිළිගන්නේ නැහැ. ලේඛන ඉදිරිපත් කළේ නැහැ ස්වාමීනි.


නීතිඥ: තොග ශූන්‍ය බව සෞඛ්‍ය ලේකම්වරයා කී බව ඔබ කීවත් 13 වැනිදා හෝ 18 වැනිදා කිසිදු අවස්ථාවක ඔහු එසේ කීවේ නැහැ.
සාක්ෂිකරු: ඔහු කිව්වා. කැබිනට් අනුමැතිය ගත් බවත් කිව්වා.


නීතිඥ: ගරු ස්වාමීනි, 10/13 සහ 10/18 ප්‍රසම්පාදනයේ ඇති ඖෂධ ශූන්‍ය මට්ටමක ඇතැයි සඳහන් කළ ප්‍රකාශය ඌණතාවයක් බවට දන්වා සිටිනවා.


නීතිඥ: ඔබ 259 ලේඛනය අත්සන් කරන්නට පෙර ඇමුණුම් බැලුවේ නැහැ නේද?
සාක්ෂිකරු: මම බැලුවේ නැහැ ස්වාමීනි.


නීතිඥ: ඔබ ඒ වනවිටත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: ඇමුණුම් පරීක්ෂා කළේ නැහැ?
සාක්ෂිකරු: ඇමුණුම් බැලුවේ නැහැ, තීරණ පමණයි බැලුවේ. නිරීක්ෂණ හා තීරණ බලා අනෙක් පිටු නොබලා අත්සන් කළා. එදා සිට මම මේ කමිටුවල ඉඳලා තියෙන නිසා අවිශ්වාස කළේ නැහැ.


නීතිඥ: නැහැ, ඔබ සියලු පිටු පරීක්ෂා කර බලා අත්සන් යෙදූ බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු: එහෙම නෙවෙයි, විශ්වාසය මත බොහෝ දේ රැඳුණා.


සභාපති විනිසුරු: සාක්ෂිකරු අමතා තමන් කමිටු කීයක හිටියා ද කියා විමසීය.
සාක්ෂිකරු: මේ කමිටුවේ තමයි ස්වාමීනි.


නීතිඥ: රාජකාරි බහුලත්වය නිසා කියවාගන්න බැරිවුණා කියලා නේ කියන්නේ, අනෙක් වැඩ අතර ප්‍රසම්පාදන කමිටුවේ වැඩ කරන්න බැහැ කියලා අස්වෙන්න හිතුවේ නැද්ද?
සාක්ෂිකරු: එහෙම අවශ්‍යතාවයක් ආවේ නැහැ ස්වාමීනි.


(විනිසුරු විරාජ් වීරසූරිය සාක්ෂිකරු අමතා ප්‍රශ්න කරයි.)


විනිසුරු: ඔබේ සාක්ෂිවල දී විශ්වාස කරමින් කටයුතු කළ බව කියන්නේ කවුරුන් ගැන ද?
සාක්ෂිකරු: කමිටුවේ සාමාජිකයන් දෙදෙනා වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය සහ වෛද්‍ය සමන් රත්නායක.


විනිසුරු: ඔබ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ද කටයුතු කළේ?
සාක්ෂිකරු: ඔව්, රජය අපහසුතාවයට පත් නොකර කටයුතු කරන්න හැම වෙලාවෙම කටයුතු කළා.

විනිසුරු: මොන ප්‍රතිපත්ති මත ද?
සාක්ෂිකරු: සෞභාග්‍යයේ දැක්ම මත.


විනිසුරු: ඒවකට තිබූ රජයේ ප්‍රතිපත්ති?
සාක්ෂිකරු: ඔව්, එය රකින්න බැඳී සිටියා.


විනිසුරු: හදිසි මිල දී ගැනීම් පිළිබඳ ප්‍රසම්පාදන කමිටු නිර්දේශවල කවුරුන් හෝ මත විශ්වාසය තබා කටයුතු කරන්නැයි කියා තිබෙනවාද? ඔබ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. තමන් "සෞභාග්‍යයේ දැක්ම" ගැන කිව්වා, ඒවා ඉෂ්ට වෙනවාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.


විනිසුරු: තිරසර සංවර්ධන අරමුණු ගැන දන්නවා ද?
සාක්ෂිකරු: අහලා තියෙනවා.


විනිසුරු: කියන්නේ කුමක්ද? තිරසර සංවර්ධන අරමුණුවල දී අඩු වියදම්, ආරක්ෂාකාරී, ප්‍රමාණවත් ඖෂධ ලබාගැනීමට සියලු දෙනාටම අවස්ථාව ලැබිය යුතුයි. එසේ සඳහන් බව දන්නවා ද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.


විනිසුරු: මෙවැනි පසුබිමක් තුළ ඔබට කිව හැකි ද කාර්යබහුල නිසා එහෙම සොයා බලන්නේ නැතිව අත්සන් කළ බවක්?
සාක්ෂිකරු: මම කිව්වේ එදා ඉඳලා අපි විශ්වාසවන්තව වැඩ කළා කියලයි.


විනිසුරු: ඔබ රාජකාරි හරියට කරලා තියෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. අපට තිබුණු කාලයත් එක්ක සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියෙනවා.


සාක්ෂි විභාගය අවසානයේ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නැඟූ ප්‍රශ්න සමස්ත රාජ්‍ය සේවයේම නග්න ස්වභාවය හෙළි කරයි. සාක්ෂිකරු තමන් "සෞභාග්‍යයේ දැක්ම" නමැති එවකට පැවති රාජ්‍ය ප්‍රතිපත්තිය රැකීමට බැඳී සිටි බව ප්‍රකාශ කළත්, විනිසුරුවරයා ඇසූ ප්‍රශ්නයෙන් පැහැදිලි වන්නේ එම ප්‍රතිපත්ති ඉටු වී නොමැති බවයි.


මෙම 20 වන දින නඩු වාර්තාවෙන් තහවුරු වන්නේ, මෙම ඖෂධ වංචාව හුදෙක් එක් පුද්ගලික සමාගමක හොර රහසේ කළ ක්‍රියාවක් නොව, රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යබහුලත්වය, ක්‍රියාවලීන් නිසි පරිදි අධ්‍යයනය නොකිරීම, හදිසි අවස්ථා ප්‍රතිපාදන අනිසි ලෙස භාවිත කිරීම සහ ඉහළ නිලධාරීන්ගේ අන්ධ විශ්වාසය මත ක්‍රියාත්මක වූ සංවිධානාත්මක පද්ධතිමය බිඳවැටීමක (Systemic Failure) ප්‍රතිඵලයක් බවයි. භාණ්ඩාගාර නියෝජිතයා ඇතුළු කමිටුව "රබර් මුද්‍රා" (Rubber Stamps) ලෙස ක්‍රියා කර ඇති බව මෙම සාක්ෂි විභාගයෙන් මැනවින් පැහැදිලි වේ.


මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව විභාග වේ.


2022 සැප්තැම්බර් 2 සිට 2023 සැප්තැම්බර් 4 අතර කාලය තුළ කොළඹ දී හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) සහ රිටොක්සිමැබ් (Rituximab) සහ යන ඖෂධ ව්‍යාජ ලෙස සකසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් 144,293,357.32 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය සඳහා කුමන්ත්‍රණ කිරීම, එම මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.


අයිසොලෙස් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු, ඖෂධ සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් දේවශාන්තිනි සොලමන්ස්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී මරක්කල මානගේ නිරාන් ධනංජය, එම ඒකකයේ තොග පාලක නිලධාරි මහ මදාච්චි වසන්ත කුමාර, එවකට හිටපු සෞඛ්‍ය ලේකම් සීමා හේවගේ ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඖෂධ සැපයුම් ඒකකයේ වෛද්‍ය නිලධාරි බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්, ඖෂධ නියාමන හා සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් රත්නායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරඹෙගෙදර තුසිත සුදර්ශන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන පිරිස පිළිවෙළින් විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

20 වන දින කොළඹ ස්තිර ත්‍රිපුද්ගල මහාධිකරණය 
හමුවේ විමසුනු නඩු විභාගය මෙසේය...

දෙවන දිනටත් සාක්ෂි දුන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පට්ටිය ආරච්චිලාගේ සුසන්ත අතුල කුමාර මහතා තවදුරටත් සාක්ෂි දෙමින්, පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මියගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ ද කීවේය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ලංසු ප්‍රදානය කළ සැපයුම්කරුවන් ඖෂධ ලබා නොදුන් නිසා නැවත සලකා බැලූ බව කීවා. එහි දී සලකා බැලූ නිර්නායක මොනවා ද?
සාක්ෂිකරු: EOI (Expression of Interest) යටතේ සපයපු නැති ඖෂධ තිබෙන බව කීවා. ඒ අනුව EOI යටතේ සපයා ඇති තෝරාගත් සැපයුම්කරු හැර තවත් ලංසු ඉදිරිපත් කළ අය තෝරාගන්න තීරණය කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඒ අය ගැන කුමක් ද යෝජනා වුණේ?
සාක්ෂිකරු: ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අයට දෙන්න කමිටුවට වෛද්‍ය ජයනාත් යෝජනා කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: එහි දී මේ නඩුවට අදාළ ලේඛන පරීක්ෂා කළා ද?
සාක්ෂිකරු: මේ වගේම වෙන ප්‍රසම්පාදන කටයුත්තක දී වෛද්‍ය ජයනාත් කී තොරතුරු අනුව යෝජනා කළා මිස, ලේඛන පුද්ගලිකව පරීක්ෂා කළේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: පැ. 280 ලේඛනයේ 2022.10.18 කරුණු හා සැසඳීමේ දී ඒකකයේ මිල හා ලබාදුන් ප්‍රමාණය ගැන සලකා බැලුවා ද? යාඩෙන් ඉන්ටර්නැෂනල් ආයතනයට කල් ඉකුත් වූ ලියාපදිංචි සහතික තියෙන බව කොහොමද දන්නේ?
සාක්ෂිකරු: වෛද්‍ය ජයනාත් කිව්වේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මේ කරුණු සාකච්ඡා කිරීමේ දී ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් වුණා ද? වෛද්‍ය ජයනාත් කොහෙදි ද කිව්වේ ඒ අයිතම ගැන?
සාක්ෂිකරු: ඔහු ළඟ තිබුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඔක්තෝබර් 13 සහ 18 දෙදින තුළ ප්‍රසම්පාදන කොපමණ කළා ද කියල මතක ද?
සාක්ෂිකරු: 175 ක් 180 ක් පමණ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: කමිටුවට වගකීමක් තිබුණ ද?
සාක්ෂිකරු: නැහැ, අපට අදාළ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 2023 ජුනි මාසෙ දිනයක ඖෂධ ලැයිස්තුවක් ලබා දුන්නා ද?
සාක්ෂිකරු: එහෙම මතකයක් නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මේ කරුණු සියල්ලට කවුරු සපයපු තොරතුරු ද පදනම් වුණේ?
සාක්ෂිකරු: ගයිඩ් ලයින් (Guidelines), හදිසි අවශ්‍යතා පදනම සහ වෛද්‍ය ජයනාත් කළ පැහැදිලි කිරීම්.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ගත්ත තීරණවලට තැබූ අත්සන් පිටු අංක 44 සිට 77 දක්වා හඳුනාගත්තා. එතන තීරණ 17 ක් තිබුණා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මේවා ගැන සාකච්ඡා කරද්දී කමිටුව අත්සන් කළා ද?
සාක්ෂිකරු: නැහැ. පසුව කාර්යාලයේ දී අත්සන් කළේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: සාමාජිකයන් එකතු වෙලා ද අත්සන් කළේ?
සාක්ෂිකරු: නැහැ, වෙන් වෙන්ව.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මෙම ලේඛනවල අයිතම අංක 33 කියන්නේ මොකක් ද දන්නවා ද?
සාක්ෂිකරු: නැත ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: වෛද්‍ය ජයනාත්ගෙන් ඇහුවේ නැද්ද?
සාක්ෂිකරු: නැහැ. මම හිතුවේ පරණ බෙහෙත් අංකය කියා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: කමිටුවේ සාමාජිකයන් හැර තව හතර දෙනෙකුගේ නම් තියෙනවා. ඒ ඇයි කියා දන්නවා ද?
සාක්ෂිකරු: වෙනත් නඩුවක අය විය යුතුයි. වෛද්‍ය ජයනාත් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඔහු ගැන මේ කාරණයේ දී විශ්වාස කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඔබ විසින් දෙවැනි අවස්ථාවේ තීරණ ගනිද්දී ප්‍රධාන අභ්‍යන්තර විගණක එහි සිටියා ද?
සාක්ෂිකරු: නැහැ, වෙනත් කරුණකට කැඳවූ නඩුවක හිටියා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මෙම ලේඛනයේ 'Introduction' කියන කොටසට අවධානය යොමු කරන්න. 1.6 යටතේ ඇති කාරණාවට පසු ඇතුළත් කර තිබෙන්නේ. මම අහන්නේ මේ කොපි පේස්ට් (Copy-paste) එකක් ද කියලයි.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: පැ. 259 හි 2.1 යටතේ වන කොටස සහ 2.9 යන කොටස සඳහා ඔබ පුද්ගලිකව මැදිහත් වුණේ නැද්ද? පැ. 280 හී 1.2 සහ 1.3 යටතේ ඇත්තෙත් එම කාරණාම ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: පැ. 259 හි 3.1 සහ 3.2 යන කාරණයට සමාන කරුණු 280 හි 1.3 හා 1.4 ට ඇතුළු කරලා තියෙනවා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: පැ. 280 හි 2.6 යටතේ HSEPC කමිටුව පෙර සඳහන් කළ කමිටුව යටතේ තියෙනවා ඔක්තෝබර් 13 තෝරාගැනීම් කළ බව. එය හරිද?
සාක්ෂිකරු: නැහැ, ඒක වැරදියි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 1.6 හි පළමු ඡේදයේ දෙවන පේළියෙහි 158 ක නම් සඳහන් ව තිබෙනවා. ඒක හරිද?
සාක්ෂිකරු: මට ඒ ගැන කතා කරන්න වුණේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: පැ. 280 අත්සන් කරද්දී ප්‍රදාන ගැන මතක තිබුණා ද? තීරණ ගැන සංක්ෂිප්ත වාර්තා තිබුණා ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 1.8 යටතේ තිබෙනවා අයිතම ලැබීම් හා නොලැබීම් ගැන. ඒ ගැන රාජකාරිමය දැනුමක් ලැබුණ ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 1.9 යටතේ සඳහන් කර තිබෙනවා අයිතම අයිති සැපයුම්කරු ඉවත් කළාම වෙනත් කෙනෙක් ගන්න අන්දම.
සාක්ෂිකරු: ඒ අවස්ථාවේ රටේ හදිසි අවස්ථා තිබූ බවයි කමිටුවට කීවේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: දෙවන අවස්ථාවේ සැපයුම්කරුවන් 138 ගැන සලකා බැලුවා ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඔබේ රාජකාරිය මාස හතකින් පමණ අවසන් වුණා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

(මේ අවස්ථාවේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.)


විනිසුරු: ඇයි ඔබ ප්‍රශ්න නොකර අත්සන් කළේ?
සාක්ෂිකරු: කිසිම අවිශ්වාසයක් නැතැයි සිතා අත්සන් කළා. කිසි අවස්ථාවක ඔවුන් විශ්වාසය කඩ කර තිබුණේ නැහැ.


විනිසුරු: 1.6 හා 1.9 ඇති මේ තොරතුරු හරිද?
සාක්ෂිකරු: නැහැ. 1.6 සංඛ්‍යාව වැරදියි. 1.9 ත් මා හිතනවා වැරදියි කියා.


(නැවතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් සාක්ෂි ලබාගැනීම ඇරඹීය.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මාස හතකට පසු අයිතම කීයක් ගැන තීරණ ලබා දී තිබුණා ද කියන එක මතකද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: පරීක්ෂා කරන ලේඛනයක් දුන්නා ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඇයි එහෙම කළේ?
සාක්ෂිකරු: ප්‍රසම්පාදන විශාල ප්‍රමාණයක් කළා. අපි ඒ වනවිට ලොකු විශ්වාසයකින් බැඳී සිටියා. අපේ කාර්යබහුලත්වය නිසා කියවන්න වෙලාවකුත් නැති නිසා අත්සන් කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඔබ කියන්නේ ඩිෆෝල්ට් (Default) ප්‍රමාණය 136 ක් කියන එක ද? නැත්නම් ඒ 136 ක් කන්සිඩර් (Consider) කළේ නැහැ කියන එක ද?
සාක්ෂිකරු: අපි 180 ගණනක් ඔෆර් (Offer) කළා. 136 ක් ගැන දැනගෙන හිටියේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 158 කියන අංකය 2023 ජුනි මාසයේ දී අත්සන් කරන අවස්ථාවේ දී, ඔක්තෝබර් 18 සහ 25 කීයකට ප්‍රදානය කර තිබුණා ද කියා මතක ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 1.9 හි තිබෙන අගය පිළිබඳව 1.8 පැහැදිලි කර තිබෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: සැපයුම්කරුවන් 136 ක් අයිතම ලබා දී නැහැ කියා තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 1.9 යටතේ ඇති ඩිෆෝල්ට් අයිතම ගැන දැනුමක් ලබා දීමට කටයුතු කර තිබුණා ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඔබට ඒ ගැන අවබෝධයක් ලැබුණේ කෙසේ ද?
සාක්ෂිකරු: වෛද්‍ය ජයනාත්ගෙන්.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඩිෆෝල්ට් අයිතම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ තීරණ කන්සිඩර් කර තිබෙනවා ද කියා බලන්න.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඔබට මම පැ. 280 පෙන්නුවා, පිටු අංකය 44 සිට 77 දක්වා වෙනතුරු. එතන තීරණ 17 ක් තියෙන බව ඔබ කීවා. දෙවැනි සැරේට තීරණ 136 ක් ගත්ත බව ඔබට මතක නැහැ කීවා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඉන්දියානු ණය යෝජනා ක්‍රමය EOI යටතේ 2023 ජුනි වනවිට ඖෂධ ගෙන්වලා තිබුණා ද?
සාක්ෂිකරු: ඒ ගැන අවබෝධයක් නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඒ මිනිට් (Minute) එකට ඇතුළත් කළේ ඇයි කියා ඔබට ප්‍රශ්නයක් ආවේ නැද්ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි හෝ පෙර සැපයුම්කරුවන් සලකා බලා ඊළඟ සැපයුම්කරුවන් තෝරාගත යුතු බව ඔබ කීවා. වෛද්‍ය ජයනාත් ලියාපදිංචිය හා පෙර සැපයුම්කරුවන් ගැන ඔබට පැහැදිලි කළා ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඒ ගැන හොයලා බැලුවා ද?
සාක්ෂිකරු: ඒ වනවිටත් සපයා නැති නිසාත්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගන්න තීරණය කර තිබුණු නිසාත් විමසුවේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: දෙවන වතාවට ලියාපදිංචිය දෙනවා කියලා තිබුණා නේද?
සාක්ෂිකරු: ඒ නිරීක්ෂණය නිවැරදියි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: “යාඩෙන් ඉන්ටර්නැෂනල්” ආයතනයට පෙර ලියාපදිංචිය තිබූ බව සඳහන් වෙනවා.
සාක්ෂිකරු: එම ආයතනයට යළි ලියාපදිංචි කළ යුතු ය යන්න අදහස් වුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: එහෙම තීරණයක් ගැනීම ලියාපදිංචිය හෝ පෙර සැපයීම මත ද තීරණය කළේ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 75 පිටුවේ ඇති අයිතමයන් ලබාදුන් තීරණයක් නැවත සලකා බැලීමක් සේ සැලකෙනවා ද?
සාක්ෂිකරු: එය නැවත සලකා බලා තිබෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: අංක දෙක යටතේ පෙර තෝරාගත් සැපයුම්කරු ලබා නොදුන් නිසා තීරණයක් ගත් බව සඳහන් වෙනවා ද?
සාක්ෂිකරු: ඔව්, තිබෙනවා. කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 2.3 යටතේ සඳහන් ද යාඩෙන් ඉන්ටර්නැෂනල් වෙත ලියාපදිංචිය තිබූ බව?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඔබ හඳුනාගත් තීරණ 17 සඳහන් වෙන්නේ කොතැන ද?
සාක්ෂිකරු: 73 පිටුවේ සඳහන් වෙන්නේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 73 පිටුවේ උඩින් ඇති නිර්නායක යටතේ ලබා දී ඇති කල් ඉකුත් වීම මත පදනම් වී නැවත ලියාපදිංචිය ලබා දී තිබෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: යාඩෙන් ඉන්ටර්නැෂනල් ආයතනයට කල් ඉකුත් වූ ලියාපදිංචියක් තිබෙන නිසා ද ලියාපදිංචිය දෙන්න තීරණය කළේ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: එම ලියාපදිංචි අයිතිය මත “නෝවා කෙම්” (Nova Chem) ආයතනයට නැවත එම ඖෂධය සැපයීමට ලබා දෙන්න තීරණය කළා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: යාඩෙන් ඉන්ටර්නැෂනල් සහ සමී කෙමිස්ට් (Samee Chemist) යන ආයතන දෙකට කල් ඉකුත් වූ ලියාපදිංචියක් තිබෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මුලින් කී ලියාපදිංචිය හා පෙර සැපයුම් යන කාරණා මත ද යාඩෙන් ඉන්ටර්නැෂනල් වෙත මේ ප්‍රදානය දුන්නේ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: 60 පිටුවේ “යුනිකියුලා ඉන්ටර්නැෂනල්” වෙත මෙම අයිතමය ලබා දී ඇති බවත් යාඩෙන් ඉන්ටර්නැෂනල් වෙත මෙය ලබාදුන් බවත් සඳහන් ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: WAR (Waiver of Registration) හෝ නැවත ලියාපදිංචිය යන ක්‍රම දෙකෙන් එකක් දෙන ලෙස නිර්දේශ කර තිබේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මේ අය අතරින් අඩුම මිල මත නෝවා කෙම් තෝරාගෙන තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: එය වෙනත් තැනකටත් දීලා තිබෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මෙම අයිතමය සක්‍රිය ක්‍රියාකාරී “ජෝන් ස්ටුවර්ට්” සමාගමට දී තිබෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඖෂධ සංස්ථා නිරීක්ෂණ ගැන අවධානය යොමු කරන බව කීවත් මේ වෙනස්කම් දුටුවේ නැද්ද?
සාක්ෂිකරු: මේ අවස්ථාව වනවිට මීට පෙර නිකුත් කළේ කවුද යන්න දැනුවත් නැති නිසා මේ ලියාපදිංචිය හරි යැයි අපි විශ්වාස කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: යාඩෙන් ඉන්ටර්නැෂනල් වෙත ලබාදී තිබෙනවාද, WAR හෝ නැවත ලියාපදිංචිය ලබාගත යුතුය යන්න ගැන? මීට පෙර ඔබ සාක්ෂි දෙද්දී 259, 261 තොරතුරු දැක්කා ද? ඔබ මීට පෙරත් කිව්වා 33 ආව හැටි දැක්කේ නැහැ කියලා. ඒ ගැන ජයනාත් බුත්පිටිය විස්තර කළාද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: මේවා විවිධ අවස්ථාවල ද අත්සන් කළේ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: ඔබේ කමිටුවේ සාමාජිකයින් අත්සන් කර ඇති ලේඛන දෙකක් මෙහි තියෙනවා. මෙහි වෙනස්කම් මොනවාද?
සාක්ෂිකරු: තනි අයිතමයක් ලෙස ඉදිරිපත් කිරීම.


(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ සාක්ෂි මෙහෙයවීම අවසන් වූ අතර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම හරේන්ද්‍ර බානගල නීතිඥවරයා විසින් ආරම්භ කරන ලදී.)


නීතිඥ: මිල තීරණය කිරීම කියන කාරණය ගැන ලංසු ලේඛනයක ඇති වටිනාකම් ගැන, අදාළ කාලය සම්බන්ධයෙන් ඒ නෙගෝෂියේෂන් (Negotiation) වලට ලිඛිත දැන්වීම් සාකච්ඡාවකට පසු කළ හැකි බව කියනවා. ඒ සමහර සමාගම් සහභාගි වූ බව කීවා. දුරකතනයෙන් සහභාගි කරගත් බව කී අය කවුද?
සාක්ෂිකරු: දන්නේ නැහැ.


නීතිඥ: දුරකතනයෙන් සාකච්ඡා කළ අය කවුදැයි දන්නේ නැද්ද?
සාක්ෂිකරු: මතකයක් නැහැ.


නීතිඥ: කමිටු රැස්වීමට ඉදිරිපත් කළ කාරණා මත පසුව ලිඛිත දැනුම් දෙන්න පුළුවන් කීවා. අවසන් දිනයට තීරණයට එළැඹුණා ද?
සාක්ෂිකරු: ඉක්මන් දිනයක් ඉල්ලුවා. ලිඛිතව දැනුම් දුන්නේ නැහැ. අපි ලිඛිතව සනාථ කරන්න කිව්වා ඒ අයට.


නීතිඥ: ඖෂධ මිල දී ගැනීමට ඉන්දියානු හෝ වෙනත් මූල්‍ය පහසුකම් කොහෙන්ද ලැබුණේ?
සාක්ෂිකරු: ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණා. මුදල් අදාළ මිල කිරීම් අදාළ ඩිවිෂන් (Division) එකෙන් කරනවා.


නීතිඥ: ඔබට ඉන්දීය ණය යෝජනා ක්‍රමය ගැන අවබෝධයක් තිබේ ද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.


නීතිඥ: ඔබ කමිටුවට සහභාගි වෙද්දී මුදල් තිබෙන බව දැන සිටියා ද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.


නීතිඥ: අදාළ මිල ගණන් තවදුරටත් අඩු කරගන්න ඔබ කමිටුව සැලකිලිමත් විය යුතුයි නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: කුමන හෝ ගැටලුවක්, විමර්ශනයක් මේ ඖෂධ ගැන පවතින බව දැනගන්නට ලැබුණා ද?
සාක්ෂිකරු: පොලිසිය හා සීඅයිඩී (CID) එක කතා කළාම තමයි දැනගත්තේ.


නීතිඥ: මොන වගේ කාරණයක් ද දැනගත්තේ?
සාක්ෂිකරු: මාධ්‍යයෙන් දැනගත්තේ ඖෂධ ප්‍රශ්නයක් ගැන.


නීතිඥ: කොරෝනා ගැන හදිසි ප්‍රසම්පාදන කමිටුවේ ඔබ සිටියා ද? ඇන්ටිජන් ගෙන ඒමට සහභාගි වුණා ද?
සාක්ෂිකරු: මතක නැහැ ස්වාමීනි.


(නීතිඥ අසේල සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.)


නීතිඥ: ඔබේ රාජ්‍ය සේවයේ පළපුරුද්ද කොපමණ ද?
සාක්ෂිකරු: 1991 ඉඳන් ස්වාමීනී.


නීතිඥ: ඔබට රජයේ මුදල් කටයුතු ගැන අවබෝධයක් ඇති.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: ඔබ ගණකාධිකාරි වෘත්තියේ ලබා ඇති සුදුසුකම් මොනවා ද?
සාක්ෂිකරු: වරලත් ගණකාධිකාරීවරයෙක්.


නීතිඥ: ඔබ ප්‍රසම්පාදන විශාල ගණනක ඉඳලා තිබෙනවා.
සාක්ෂිකරු: නැහැ, සුළු ප්‍රමාණයක විතරයි. මේ හැර තවත් හතරක විතර ඉඳලා තියෙනවා.


නීතිඥ: ප්‍රසම්පාදන තීරණ ගනිද්දී නිත්‍යානුකූල ආකාරයට “ප්‍රසම්පාදන මූලධර්ම” අනුව කටයුතු කරනවා ද?
සාක්ෂිකරු: පොදුවේ කමිටුවක වාඩි වුණාම අපි දන්න නීතිරීති අනුව කටයුතු කරනවා.


නීතිඥ: මේ ඖෂධ පිළිබඳ ප්‍රසම්පාදනය කළේ HSEPC මාර්ගෝපදේශ අනුව ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: මේ අනුව අදාළ ප්‍රසම්පාදන තීරණ ලබාදෙන්නේ කමිටුවේ සාමාජික තිදෙනා විසින්.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: ඔබ හැරුණු විට එම කමිටුවේ ඖෂධ සංස්ථා සභාපති හිටියා. ඔහු වසර ගණනාවක් එහි සභාපති. එම සංස්ථාව රජයට අවශ්‍ය ඖෂධ ප්‍රසම්පාදනය නිතර සිදුකරන ආයතනයක්. 2022 ඔක්තෝබරයේ දී සිදුකළ ප්‍රසම්පාදන ඒ මාසය තුළම අවසන් කර තිබෙනවා. මේ ප්‍රසම්පාදන සිද්ධ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සැපයීම් හා නියාමන අංශය මගින්.
සාක්ෂිකරු: ඔව්, සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි ස්වාමීනි.


නීතිඥ: පැ. 259 ප්‍රසම්පාදන එන්ටිටි (Entity) විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්.
සාක්ෂිකරු: නැහැ. එසේ විය යුතු වුවත් එය කළේ වෛද්‍ය ජයනාත් සහ වෛද්‍ය රත්නායක. මේ ප්‍රසම්පාදනයට අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහි කමිටුව සංයුක්ත වුණේ ඖෂධ සංස්ථා සභාපති සහ අමාත්‍යාංශ ලේකම්.


නීතිඥ: මෙහි දී ප්‍රසම්පාදන තීරණ සියයක් විතර ලබා දී තිබෙනවා.
සාක්ෂිකරු: ඔව්, නීතියට අනුව ලබාදී තිබෙනවා.


නීතිඥ: ශ්‍රී ලංකාවේ ඖෂධ ගුණාත්මකභාවය ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරිය බලනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: ඖෂධ පරීක්ෂාව එම අධිකාරිය මත ගෙන්වන්නට කටයුතු කර තිබෙනවා නම් WOR එකට යටත්ව ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ඇයි?
සාක්ෂිකරු: තේරුණු අය ලියාපදිංචි අය නෙවෙයි. අපට තාක්ෂණික දැනුම නැති නිසා අපි අගැයීම් කමිටුවක් දාලා තියෙන්නේ. ගුණාත්මකභාවය ගැන කීන්දුව දෙන්නේ ඒ අනුවයි.


නීතිඥ: පුද්ගලික ආනයනකරුවන්ගෙන් මේ ඖෂධ මිල දී ගන්නේ. පුද්ගලික ආනයනකරුවන් ඔවුන්ගේ වියදමින් මේවා ගෙන්වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ආනයනකරුට ගෙවනවා. ඒ ගැන ඔබට අවබෝධයක් ඇති.
සාක්ෂිකරු: මම ආනයන ගැන දන්නේ නැහැ.


නීතිඥ: පුද්ගලික වියදමින් ගෙන එන මේ ඖෂධවලට මුදල් ගෙවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය බැඳී සිටිනවා. මිනිට්වලත් තියෙනවා වෙනත් මුදලකින් හෝ ගෙවිය හැකි බව.
සාක්ෂිකරු: මම ඒවා දන්නේ නැහැ.


නීතිඥ: ණයවර ලිපි නිකුත් කරන්න වෙනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ දී රජයේ මුදල් ඩොලර්වලින් ගෙවන්නේ නැතිව ඉන්දියන් රුපියල්වලින් ඉන්දියානු නිෂ්පාදකයාට ගෙවිය හැකියි.
සාක්ෂිකරු: මම ඒ ගැන දැනුවත් නැහැ.


නීතිඥ: 83 ගොනුවේ 5 පිටුව බලන්න. එහි අංක 6 ලෙස කමිටු තීරණයට ඔබලා අත්සන් කර තිබෙනවා. 6 කොටසේ ඉහළින් ඉන්දියානු ණය සහ වෙනත් මුදල්වලින් ගෙවිය හැකි බව කියා තිබෙනවා. 2022 ඔක්තෝබර් මාසයේ සියලු තීන්දු තීරණ අවසන් කර ප්‍රසම්පාදන තීරණ සියල්ල වෛද්‍ය සැපයීම් අංශය වෙත භාර දුන්නා කියා දන්නවාද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.


(නීතිඥ ඉසුරු ජයවර්ධන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.)


නීතිඥ: ඔබ දන්නවා ද ප්‍රසම්පාදන කමිටුවේ සංයුතිය ගැන?
සාක්ෂිකරු: ඔව් දන්නවා ස්වාමීනි. මමත් අමාත්‍යාංශ ලේකම්වරයාත් සංස්ථා සභාපතිවරයාත් පත් කර ඇති බව දන්නවා.


නීතිඥ: ඔබ කොවිඩ් සමයේ හදිසි මාර්ගෝපදේශ කමිටුවට පත් කළ බව කීවා.
සාක්ෂිකරු: ලේකම්වරු දෙදෙනෙක් යටතේ වුවත් මාර්ගෝපදේශ එකයි.


නීතිඥ: මූල්‍ය සීමාවක් තිබුණෙත් නැහැ. ප්‍රමාණය නොසලකා කටයුතු කරන්න පුළුවන් කියලා තිබුණා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.


නීතිඥ: 2022 ඔක්තෝබර් 13 වැනිදා සිට යම් ප්‍රමාණයක ක්‍රියාවලියකට සහභාගි වී සිටියා ද? එහි තාක්ෂණික අගැයීම් කමිටුවක් තිබුණා ද? මම යෝජනා කරනවා තාක්ෂණික කමිටුවක් තිබුණේ නැහැ කියා. තිබුණේ හදිසි මිල දී ගැනීම් අගැයීම් කමිටුව පමණයි.
සාක්ෂිකරු: නැහැ, සෞඛ්‍ය ලේකම් විසින් කමිටුවක් පත් කර තිබුණා.


නීතිඥ: ඔබ 2023 දෙසැම්බර් 05 සීඅයිඩී යට ප්‍රකාශයක් ලබා දී තිබුණා.
සාක්ෂිකරු: දිනය මතක නැහැ, ප්‍රකාශයක් ලබා දුන්නා.


නීතිඥ: එහි දී ඔබ ප්‍රකාශ කළා "සාමාන්‍ය ප්‍රසම්පාදනයක් මෙන් පූර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් බලාපොරොත්තු නොවුණත්" යනුවෙන් සඳහන් කර තිබෙනවා.


(මෙහි දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නය පිළිබඳ විරෝධය ප්‍රකාශ කළාය.)


නීතිඥ: මෙම කමිටුවේ තාක්ෂණ නිලධාරීන් සිටියේ නැහැ කියා මා යෝජනා කරනවා.
සාක්ෂිකරු: පිළිගන්නවා.


නීතිඥ: අවසන් තීරණය ගන්නේ ඔබ කමිටුව මගින්.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.


නීතිඥ: ප්‍රසම්පාදන කමිටුව මගින් නිර්දේශ කර එවන ලද යම් යම් තීරණ වෙනස් කරන ලද බව පිළිගන්නවා ද? මිල ගණන් වෙනස් කිරීම් සිදුවුණා නේද?
සාක්ෂිකරු: ඔව්, මිල ගණන් අඩු වුණා.


(නීතිඥ නුවන් ජයවර්ධන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.)


නීතිඥ: රාජ්‍ය පරිපාලන මාර්ගෝපදේශ සකස් කරන්නේ කවර ආයතනයකින් ද?
සාක්ෂිකරු: එය සකස් කරන්නේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මගින්.


නීතිඥ: පැ. 40 කියන මාර්ගෝපදේශ අනුව ඔබ පත්කරන ලද්දේ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයා විසින්.
සාක්ෂිකරු: මා පත්කරන ලද්දේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින්.


නීතිඥ: ඔහු විසින් ඔබ නිර්දේශ කර ඇත්තේ ඇයි කියා දන්නවාද?
සාක්ෂිකරු: මම දන්නේ නැහැ.


නීතිඥ: ඔබ කවර තත්ත්වයක් යටතේ වුවත් ඉල්ලා අස්වෙන්න හිතුවෙත් නැහැ.
සාක්ෂිකරු: එහෙම අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ.


නීතිඥ: ඔබ කමිටුවේ බලතල කැබිනට් මණ්ඩල ප්‍රසම්පාදන කමිටු බලතලවලට සමාන ද?
සාක්ෂිකරු: ඔව්, මේ බලතල එකතු කර මේ කමිටුව හදලා තියෙනවා.


නීතිඥ: එම මාර්ගෝපදේශ සකසා ඇත්තේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව කැබිනට් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට අදාළව පත්කරන කමිටුව වැනි කමිටුවක් මගින්.
සාක්ෂිකරු: මම හිතනවා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව කියා.


නීතිඥ: ඔබ කමිටුව 13, 18, 25 රැස්වුණ බව කීවා.
සාක්ෂිකරු: ඔව්, එය නිවැරදියි.


නීතිඥ: ඔබේ පත්වීම සමග මාර්ගෝපදේශ ලැබුණා කිව්වොත් ඔබ පිළිගන්නවාද?
සාක්ෂිකරු: ඔව්.


නීතිඥ: ඔබ ඔක්තෝබර් 13 පළමු රැස්වීමට සහභාගි වෙද්දී ඊට මාස හතරකට පෙර පත්වීම් ලිපියක් ලැබී තිබුණා. ඔබ එය බැලුවා ද?
සාක්ෂිකරු: ඔව්, එවැන්නක් ලැබී තිබෙනවා.


නීතිඥ: ඒ අනුව දැනුවත් සාමාජිකයෙකු ලෙස ඔබ කමිටුවට ගියේ. 259 ලේඛනයේ සඳහන් වෙනවා කමිටුවේ නම. ප්‍රධාන කමිටු සාමාජිකයන් හැරුණු විට තවත් පිරිසක් ලෙස නම් 12 ක් තිබෙනවා. 259 ලේඛනයේ මුල් පිටුවේ ඔබේ අත්සන තිබෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.


නීතිඥ: එහි ඔබේ අත්සන යෙදුවේ ඇයි?
සාක්ෂිකරු: විශ්වාසය මතයි ස්වාමීනි.


නීතිඥ: සාමාජිකයන් තුන්දෙනෙක් සිටි බව ස්ථිරද?
සාක්ෂිකරු: ඔව්.


නීතිඥ: වෙනත් නම් කියන එක හැරුණාම කමිටුව ගැන අනෙක් විස්තර නිවැරදිද?
සාක්ෂිකරු: මම මෙතන අත්සන් කරන්නේ අවබෝධයක් ඇතිවයි. කවදාවත් කවුරුවත් වරද්දලා ඉදිරිපත් කරලා නැහැ. අනෙක් සාමාජිකයන් නිවැරදියි කියන විශ්වාසය මත අත්සන් කළා. පුද්ගලයන් වශයෙන් අනෙක් සියලු දෙනා දන්නේ නැහැ.


නීතිඥ: අයිතම 1 සිට 188 දක්වා යන්න ඊට අදාළ නිල ලේඛන ඉදිරිපත් කළා ද?
සාක්ෂිකරු: මතක විදියට ඉදිරිපත් කළේ නැහැ. මට 188 ක් ගැන අවබෝධයක් නැහැ.


නීතිඥ: 2022 ඔක්තෝබර් 13 රැස්වෙද්දී ඖෂධ 188 ක් ලැබී නැහැ, ලැයිස්තු ඉදිරිපත් කරලත් නැහැ. එහෙම තියෙද්දී අත්සන යෙදුවද?
සාක්ෂිකරු: අපි අත්සන් කළේ පසුකාලීනවයි ස්වාමීනි.


නීතිඥ: පැ. 259 ලේඛනය පසුකාලීනව ඉදිරිපත් වුණාම (විස්තර) කියවන්නේ නැතිව අත්සන් කළාද?
සාක්ෂිකරු: අපි 2021 සිට ප්‍රසම්පාදන කටයුතු කළා. කිසි අවස්ථාවක ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. පුද්ගලික විශ්වාසය මත අත්සන් කළා.


නීතිඥ: මම සාක්ෂිකරුට යෝජනා කරනවා එම ප්‍රසම්පාදන කමිටුවට ඖෂධ ලැයිස්තු ඉදිරිපත් කළේ නැහැ කියා.
සාක්ෂිකරු: මම පිළිගන්නේ නැහැ.


නීතිඥ: කමිටුවට ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් කළ බව කීව එක ඌණතාවයක් ලෙස මම යෝජනා කරනවා. තමුන් නීත්‍යානුකූලව කළ ප්‍රසම්පාදනයන් පිළිබඳව වෙනස් වීමක් මත හිඳ ප්‍රකාශ කරන බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු: අතින් ලියූ ලැයිස්තුවක් ගෙනාවා.


නීතිඥ: 18 වැනිදා අතින් ලියූ ලැයිස්තුවක් ඉදිරිපත් කළාද?
සාක්ෂිකරු: නැහැ. අවශ්‍යතාව තිබුණත් ඉදිරිපත් කළේ නැහැ. වෙනද වගේ කරන්න බැහැ, රටේ ඖෂධ හිඟයි. ඒ නිසා දිගු වාර්තා සංක්ෂිප්ත කර දෙන්න කීවා.


නීතිඥ: ඇයි සංක්ෂිප්ත කරන්න කීවේ?
සාක්ෂිකරු: ලොකු ලිපිගොනු තිබුණේ. අපේ කාලය ප්‍රමාණවත් නැහැ ඒවා කියවන්න. අපි ඔක්කොම පැය දෙක තුනක දී කරනවා. ඒ නිසා තීන්දු ගන්න පුළුවන් මට්ටමට සාරාංශ කර ඉදිරිපත් කරන්න කීවා.


නීතිඥ: නිසි පරිදි අගැයීමට ලක් කර ප්‍රසම්පාදන තීන්දු ගත් බව මම යෝජනා කරනවා.
සාක්ෂිකරු: මම පිළිගන්නේ නැහැ. ලේඛන ඉදිරිපත් කළේ නැහැ ස්වාමීනි.


නීතිඥ: තොග ශූන්‍ය බව සෞඛ්‍ය ලේකම්වරයා කී බව ඔබ කීවත් 13 වැනිදා හෝ 18 වැනිදා කිසිදු අවස්ථාවක ඔහු එසේ කීවේ නැහැ.
සාක්ෂිකරු: ඔහු කිව්වා. කැබිනට් අනුමැතිය ගත් බවත් කිව්වා.


නීතිඥ: ගරු ස්වාමීනි, 10/13 සහ 10/18 ප්‍රසම්පාදනයේ ඇති ඖෂධ ශූන්‍ය මට්ටමක ඇතැයි සඳහන් කළ ප්‍රකාශය ඌණතාවයක් බවට දන්වා සිටිනවා.


නීතිඥ: ඔබ 259 ලේඛනය අත්සන් කරන්නට පෙර ඇමුණුම් බැලුවේ නැහැ නේද?
සාක්ෂිකරු: මම බැලුවේ නැහැ ස්වාමීනි.


නීතිඥ: ඔබ ඒ වනවිටත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.


නීතිඥ: ඇමුණුම් පරීක්ෂා කළේ නැහැ?
සාක්ෂිකරු: ඇමුණුම් බැලුවේ නැහැ, තීරණ පමණයි බැලුවේ. නිරීක්ෂණ හා තීරණ බලා අනෙක් පිටු නොබලා අත්සන් කළා. එදා සිට මම මේ කමිටුවල ඉඳලා තියෙන නිසා අවිශ්වාස කළේ නැහැ.


නීතිඥ: නැහැ, ඔබ සියලු පිටු පරීක්ෂා කර බලා අත්සන් යෙදූ බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු: එහෙම නෙවෙයි, විශ්වාසය මත බොහෝ දේ රැඳුණා.


(සභාපති විනිසුරු සාක්ෂිකරු අමතා තමන් කමිටු කීයක හිටියා ද කියා විමසීය.)
සාක්ෂිකරු: මේ කමිටුවේ තමයි ස්වාමීනි.


නීතිඥ: රාජකාරි බහුලත්වය නිසා කියවාගන්න බැරිවුණා කියලා නේ කියන්නේ, අනෙක් වැඩ අතර ප්‍රසම්පාදන කමිටුවේ වැඩ කරන්න බැහැ කියලා අස්වෙන්න හිතුවේ නැද්ද?
සාක්ෂිකරු: එහෙම අවශ්‍යතාවයක් ආවේ නැහැ ස්වාමීනි.


(විනිසුරු විරාජ් වීරසූරිය සාක්ෂිකරු අමතා ප්‍රශ්න කරයි.)


විනිසුරු: ඔබේ සාක්ෂිවල දී විශ්වාස කරමින් කටයුතු කළ බව කියන්නේ කවුරුන් ගැන ද?
සාක්ෂිකරු: කමිටුවේ සාමාජිකයන් දෙදෙනා වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය සහ වෛද්‍ය සමන් රත්නායක.


විනිසුරු: ඔබ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ද කටයුතු කළේ?
සාක්ෂිකරු: ඔව්, රජය අපහසුතාවයට පත් නොකර කටයුතු කරන්න හැම වෙලාවෙම කටයුතු කළා.


විනිසුරු: මොන ප්‍රතිපත්ති මත ද?
සාක්ෂිකරු: සෞභාග්‍යයේ දැක්ම මත.


විනිසුරු: ඒවකට තිබූ රජයේ ප්‍රතිපත්ති?
සාක්ෂිකරු: ඔව්, එය රකින්න බැඳී සිටියා.


විනිසුරු: හදිසි මිල දී ගැනීම් පිළිබඳ ප්‍රසම්පාදන කමිටු නිර්දේශවල කවුරුන් හෝ මත විශ්වාසය තබා කටයුතු කරන්නැයි කියා තිබෙනවාද? ඔබ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. තමන් 'සෞභාග්‍යයේ දැක්ම' ගැන කිව්වා, ඒවා ඉෂ්ට වෙනවාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.


විනිසුරු: තිරසර සංවර්ධන අරමුණු ගැන දන්නවා ද?
සාක්ෂිකරු: අහලා තියෙනවා.


විනිසුරු: කියන්නේ කුමක්ද? තිරසර සංවර්ධන අරමුණුවල දී අඩු වියදම්, ආරක්ෂාකාරී, ප්‍රමාණවත් ඖෂධ ලබාගැනීමට සියලු දෙනාටම අවස්ථාව ලැබිය යුතුයි. එසේ සඳහන් බව දන්නවා ද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.


විනිසුරු: මෙවැනි පසුබිමක් තුළ ඔබට කිව හැකි ද කාර්යබහුල නිසා එහෙම සොයා බලන්නේ නැතිව අත්සන් කළ බවක්?
සාක්ෂිකරු: මම කිව්වේ එදා ඉඳලා අපි විශ්වාසවන්තව වැඩ කළා කියලයි.


විනිසුරු: ඔබ රාජකාරි හරියට කරලා තියෙනවා ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. අපට තිබුණු කාලයත් එක්ක සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියෙනවා.


පී. ඒ. සුසන්ත අතුල කුමාර සාක්ෂිකරු ඊයේ සාක්ෂි දුන්නේ දෙවන දිනයටය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරු සාක්ෂි දීමෙන් අනතුරුව, නීතිඥ හරේන්ද්‍ර බාලගල, නීතිඥ නුවන් ජයවර්ධන, නීතිඥ අසේල සේරසිංහ, නීතිඥ ඉසුරු ජයවර්ධන සහ නීතිඥ අමිත ආරියරත්න සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබීය.


නඩුකරය 21 වනදාත් විභාගයට ගැනීමට නියමිතය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0