සමගි මැයි දිනයේ ආරාධනා සාමාජිකයන්ට පමණයි, එ ජා ප නායකයන්ට නෑ...
මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැළියට සහභාගී වන ලෙස කිසිදු ආරාධනයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට, ඉහළ නිලධාරියෙකුට හෝ නියෝජිතයෙකුට කර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නියෝජිතයෙක් පවසයි. මේ වන විට එම මැයි රැලියට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ද සහභාගී වන බවට යම් යම් මාධ්‍ය වලින් ප්‍රකාශ නිකුත් වී ඇතත්, එක්සත් ජාතික පක්ෂයට ආරාධනය කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් එවන ලද ආරාධනා පත්‍රය සහිත ලිපියේ සඳහන්ව ඇත්තේ "සාමාජිකත්වය සහභාගි කරවන" ලෙස පමණක් බව එම නියෝජිතයා පෙන්වා දුන්නේය.
සමගි මැයි රැළියට ආරාධනා
සාමාජිකයන්ට පමණයි,
එ ජා ප නායකයන්ට නෑ...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහභාගි වීම සැක සහිතයි.
නායකයින් ජාතික සේවක සංගමයේ පුණ්‍යකර්මයන්ට
සහභාගි වනවා.
මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැළියට සහභාගී වන ලෙස කිසිදු ආරාධනයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට, ඉහළ නිලධාරියෙකුට හෝ නියෝජිතයෙකුට කර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නියෝජිතයෙක් පවසයි. මේ වන විට එම මැයි රැලියට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ද සහභාගී වන බවට යම් යම් මාධ්‍ය වලින් ප්‍රකාශ නිකුත් වී ඇතත්, එක්සත් ජාතික පක්ෂයට ආරාධනය කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් එවන ලද ආරාධනා පත්‍රය සහිත ලිපියේ සඳහන්ව ඇත්තේ "සාමාජිකත්වය සහභාගි කරවන" ලෙස පමණක් බව එම නියෝජිතයා පෙන්වා දුන්නේය.
“වෘත්තීය සමිති, කම්කරු සංවිධාන, තරුණ සංවිධාන සහ කාන්තා සංවිධාන ඇතුළුව සමගි ජන සන්ධානයට අයත් සියළු පක්ෂවල සහභාගීත්වයෙන් එළැඹෙන මැයි 01 දින ප.ව. 2.00 ට මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පවත්වන මැයි දින රැළියට සහභාගී වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයට අප ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.”
ලොව පුරා වෙසෙන බෞද්ධ බැතිමතුන්ගේ උත්තරීතර ආගමික සැමරුම් උත්සවය යෙදෙන දිනය වන වෙසක් පුන් පෝය දවසේම කම්කරු දිනය ද එකට යෙදීම තුළ මහත් ගැටලුවකට මුහුණ පෑ එක්සත් ජාතික පක්ෂය කල්තියාම මැයි දින සැමරුව වෙනදා මෙන් උත්කර්ෂවත් අන්දමින් ඉටු නොකරන්නට තීරණය කර ඇත. ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත "ජාතික සේවක සංගමය" විසින් සිරකොත මන්දිරයට යාබදව ජාතික සේවක සංගම් මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන විශේෂ වෙසක් පුණ්‍යකර්මයන් රැසකට සහභාගි වීමට නියමිත බව නියෝජිතයා දන්වා සිටියේය.
රටට ජනතාවට හා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වැඩ කරන ගොවි කම්කරු ජනතාවට සෙත් පතමින් මෙම පුණ්‍ය කර්ම මාලාව සිරිකොත මන්දිරයට යාබද ජාතික සේවක සංගම් මූලස්ථානයේ සිදුකෙරෙන බව පෙන්වා දුන් එම නියෝජිතයා කීවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් හා සාමාජිකත්වය එම උත්සව කටයුතුවලට සහභාගි වීමට නියමිතව ඇති බවයි..
එහිදී මුලින්ම වෙසක් පෝය දිනයට නියමිතව දන්සලක්ද වෙනත් පුණ්‍යකර්මයන් කිහිපයක්ද සූදානම් කර ඇත. හවස ජාතික සේවක සංගමයට අනුබද්ධිත විශේෂ රැස්වීමක් තුළින් ජාතික සේවක සංගමයේ ප්‍රවීණ නායකයින් හා සාමාජිකයින් විෂයෙහි විශේෂ උපහාර උත්සවයක් පැවැත්වෙන බව ද ඔහු දන්වා සිටියේය. දෙවනුව ජාතික සේවක සංගමයේ දීර්ඝකාලීන සාමාජිකයින් අතරින් තෝරාගත් විශේෂ සාමාජිකයින් පිරිසකට ද්‍රව්‍යමය ආධාර සපයමින් උපකාර කිරීමේ අවස්ථාවක් ද සූදානම් කර ඇත.
ඉන් අනතුරුව එදා රාත්‍රියේ රටට, ජනතාවට, දැනට සිංගප්පූරුවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා පැමිණ සිටින එජාප නායකයාට, එක්සත් ජාතික පක්ෂයට හා මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවට සෙත් පතමින් එම පරිශ්‍රය තුළ පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත. අනතුරුව පසුදා මහා සංඝරත්නය විෂයෙහි මහා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වෙන බැවින් එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට හා සාමාජිකත්වයට එම උත්සවවලට සහභාගි වෙනවා හැර වෙනත් ආරාධිත උත්සවයකට හෝ අනාරාධිත අවස්ථාවකට සහභාගි වීමට කිසිදු ඉඩ කඩක් නැතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0