ගල් අඟුරු මගඩියෙන් රටට කළ විපතට හිරේ විලංගුවේ යන්න සූදානම් වෙන්න..!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (19) බත්තරමුල්ලේ පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වත්මන් රජයේ ගල්අඟුරු ආනයනය සම්බන්ධ මහා මූල්‍ය වංචාව රටේ මෑත ඉතිහාසයේ දැවැන්තතම හොරකම ලෙස හැඳින්වීය. මෙම මගඩිය නිසා ජනතාවට දැවැන්ත විදුලි බිලකට සහ අඳුරු අනාගතයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, මීළඟ ආණ්ඩුව යටතේ නියම විමර්ශනයකින් අඟුරු කුමාරලාට හා බාල කුමාරලාට හිරේ විලංගුවේ ලගින්නට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.

Apr 20, 2026 - 15:13
 33
ගල් අඟුරු මගඩියෙන් රටට කළ විපතට  හිරේ විලංගුවේ යන්න සූදානම් වෙන්න..!

ගල් අඟුරු මගඩියෙන් රටට කළ විපතට

 
හිරේ විලංගුවේ යන්න සූදානම් වෙන්න..!

 
ආණ්ඩුවේ ලොක්කෙකුට විමල් අනතුරු අඟවයි.

වජිර ජයවර්ධන

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (19) බත්තරමුල්ලේ පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වත්මන් රජයේ ගල්අඟුරු ආනයනය සම්බන්ධ මහා මූල්‍ය වංචාව රටේ මෑත ඉතිහාසයේ දැවැන්තතම හොරකම ලෙස හැඳින්වීය. මෙම මගඩිය නිසා ජනතාවට දැවැන්ත විදුලි බිලකට සහ අඳුරු අනාගතයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, මීළඟ ආණ්ඩුව යටතේ නියම විමර්ශනයකින් අඟුරු කුමාරලාට හා බාල කුමාරලාට හිරේ විලංගුවේ ලගින්නට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.


වීරවංශ මහතා පැවසුවේ, “හොරු අල්ලන්න ආපු ආණ්ඩුවේ හොරු කරපු මේ බරපතල මගඩිය” නිසා විදුලි ඒකකයක පිරිවැය කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවයි. දැන් නැවතත් විදුලි බිල ඉහළ දැමීමට රජය සූදානම් වන බවත්, නලින්ද ජයතිස්සලා ඒ පිළිබද “කමින් සූන්” පණිවිඩ නිකුත් කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. ටෙන්ඩර් ක්‍රියාවලියේ ප්‍රමාදය නිසා වාරකන් කාලය උදාවන තෙක් ගල්අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වූ බවත්, දැනට පැමිණි නැව් පවා මුහුදේ පෝලිමේ තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ නිසා දිනකට ඩොලර් මිලියන ගණනක ප්‍රමාද ගාස්තු පවා (Demurrage) ගෙවීමට සිදුවන අතර, එම බර අවසානයේ පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු වන බව ඔහු අවධාරණය කළේය.


රටේ විදුලි අවශ්‍යතාවයෙන් 40%ක් සපයන නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග නොමැති වීමෙන් ජාතික පද්ධතිය බරපතල අර්බුදයකට ඇද වැටී ඇති බව වීරවංශ මහතා ප්‍රකාශ කළේය. “බාල ගල්අඟුරු පවා ගොඩබාගන්න බැරි තත්ත්වයක් තුළ නොරොච්චෝලේ අක්‍රිය වූ විට ජාතික පද්ධතියට ඇතිවන හිගය පිරවීමට විකල්ප නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නුදුරේදීම ජනතාවට කළුවරේ ඉන්නටත්, දාඩිය දමමින් පීඩා විඳින්නටත් විකල්ප සොයන්නටත් සිදුවන බව පැවසීය. මේ නිසා නිල නොවන විදුලි කප්පාදුවක් දැනටමත් ආරම්භ වී තිබෙන බව ඔහු පැවසීය.


එපමණක් නොව, නොරච්චෝලෙන් ඇතිවන හිගය පියවීමට විදුලිය නිපදවීම සඳහා ජලාශවල ජලය අසීමිතව පාවිච්චි කිරීම නිසා නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල පානීය ජල හිඟයක් මේ වනවිට මතුව ඇති බවත්, ඉදිරියේදී ගොවියාට වගා කිරීමට වතුර නොමැති වන තත්ත්වයක් උදාවන බවත් ඔහු අනතුරු ඇඟවීය. විදුලි කැපීම නිසා කුඩා කුඩා ව්‍යාපාර කඩා වැටීම, ඩීසල් භාවිතය වැඩි වීම සහ මෙන්ම “පොසිල ඉන්ධන මාෆියාවට” දතකට නියවන්නට සිදුවීම මෙම මගඩියේ ප්‍රතිවිපාක ලෙස ඔහු හඳුන්වා දුන්නේය.


වීරවංශ මහතා වඩාත් බරපතල චෝදනාවක් එල්ල කළේ වත්මන් පාලනයේ “මහමොළකරු” ලෙස හැඳින්වූ ව්‍යාපාරිකයා පිළිබඳවයි. “අද රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව “කැසිනෝ ධම්මික” නමැති ව්‍යාපාරිකයා  යැයි, ඔහු පවසා, ස්පොට් ටෙන්ඩර් මගින් ගල්අඟුරු ගෙන්වීමේ මගඩිය පසුපස සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම පිටුපසත් කැසිනෝ ධම්මික සිටින බව චෝදනා කළේය. 


“ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහන්සි වී ජනාධිපති කළේ තමන්ගේ නායකයාව නොව කැසිනෝ ධම්මිකවයි. අද අනුර කුමාර හෙවත් ‘අඟුරු කුමාරට’ ධම්මික නැතුව කිසිම පිළිසරණක් නැහැ,” යැයි ඔහු උපහාසාත්මකව පැවසීය.


ඔහු වැඩිදුරටත් පැවසුවේ, රජය “සුනිත්‍ය විදුලිය” උත්පාදනය අධෛර්යයට පත් කරමින් ජනතාව අතර තිබූ සුනිත්‍ය විදුලි බලය බිඳවැට්ටුව බවත්, එමගින් කැසිනෝ ධම්මිකගේ “සුනිත්‍ය විදුලිය”  ඒකාධිකාරයට පිටිය සකස් කළ බවත්ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවුරුදු 84ක වයස විදේශිකයෙකු වන “පීටර් බෲක්ව” ගෙනල්ලා වාඩි කරවන්නේත් කැසිනෝ ධම්මිකගේ උපදෙස් මත බව ඔහු සඳහන් කළේය.


ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ, කොමිසම් මගින් කරන්නේ වැරදිකරුවන්ට “කලිසම ඇන්දවීම” මිස ගැලවීම නොවන බවයි. විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයාට ඉල්ලා අස්වීමට බල කිරීම “නර බිල්ලක්” ලබා දීමක් ලෙස හැඳින්වූ ඔහු, ඇමතිවරුන් කරන හොරකම්වලට ලේකම්වරයා වගකිව යුතු නැති බවත්, නියම හොරුන් බේරා ගැනීම සඳහා ඔහු “බිල්ලට” දී ඇති බවත් පෙන්වා දුන්නේය.


“මේ පාපයේ සාපය අද රටේ පොදු ජනතාව මත කඩාපාත් වී තිබෙනවා. කොමිසම්වලින් හිත සනසා ගන්නේ නැතිව, මේ මූල්‍ය අපරාධයට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි,”

 යැයි ඔහු පැවසයි. රුසියාවෙන් කෙළින්ම ගල්අඟුරු ලබා ගැනීමේ අවස්ථාව ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් අහිමි කරගත් ආකාරය සහ ටෙන්ඩර් කොන්දේසි වෙනස් කළ ආකාරය ඔහු විස්තර කළේය. ගල්අඟුරු සමාගමේ සභාපතිගෙන් නිකුත් වූ හඬපටයේ “ජනාධිපතිවරයා, ධම්මික සහ හේලීස් ප්‍රධානියාගේ” නම් සඳහන් වීම ද ඔහු උදාහරණයක් ලෙස ගත්තේය.


“ඒ නිසා හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න ජනාධිපතිතුමෝ! ඔබතුමා මේ ගල්අඟුරු මගඩියට කොහොමද සම්බන්ධ කියලා ඔප්පු කරන්න ඕන සියලු කරුණු ඉදිරි කාලය තුළ එළිවෙනවා. 


ගල්අඟුරු සමාගමෙන් එව්වා ඇමති අතට ඉදිරි අවුරුද්දට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා හදපු “ෂෙඩියුල්” එක. ඒක තමයි සාමාන්‍යයෙන් ඇමතිවරයා අනුමත කරන්නේ. මේ ඇමතිවරයා මොකද කළේ? ඒක අනුමත කළේ නැහැ; ඒ ෂෙඩියුල් එක වෙනස් කළා. වෙනස් කරන්න කලින් තවත් ඇමතියෙක් රුසියාවට කතා කරලා කිව්වා (බොම්බෙ ලුකින් කල්කටා ඇමති) මමත් මේකට සම්බන්ධයි කියලා. අර “බල්තසාර්ගේ ඥාති සහෝදරයාගේ සමාගමෙන්” රුසියානු ගල්අඟුරු ගෙනාවේ. කෙලින්ම රුසියාවත් එක්ක ඩීල් එක දාන්න කතා කරා බොම්බෙ ලුකින් කල්කටා ඇමති. ඊට පස්සේ බලශක්ති ඇමතිත් කතා කළා. අන්තිමට රුසියාවේ බලධාරීන් කිව්වා “අපට පුරුදු නැහැ ඔය ක්‍රම, අරයත් කතා කරනවා මෙයත් කතා කරනවා, ඕක අපිත් එක්ක ඔය විදියට කරන්න එපා” කියලා. ඒකෙන් ඇතිවෙච්ච වේදනාව නිසා තමයි ගල්අඟුරු මිලදී ගැනීමට හදපු “ෂෙඩියුල් එක” සම්පූර්ණයෙන් වෙනස් කළේ.


වෙනස් කරලා ඊට පස්සේ හෙව්වා කාටද දෙන්නේ, කාටද දෙන්නේ ගාන කපාගන්න කියලා. කොහොම, කාට දුන්නොත්ද ගාන කපන්නේ? ආන්න කෙනෙක් හොයාගත්තා. හොයාගෙන එයාට ගැලපෙන විදිහට ටෙන්ඩර් පටිපාටියේ කොන්දේසි වෙනස් කළා. විගණන වාර්තාවෙත් මේවා සඳහන් වෙලා තියෙනවා. පළවෙනි ගල්අඟුරු නැව ගෙනාවාම “බාලයි” කියලා වාර්තාව ආවා. බලාගාරයේ තිබෙන ලැබ් (Lab) එකෙන් රිපෝට් එක දුන්නා. ඒවා පිළිගන්න බැහැ කිව්වා. “ඉන්දියාවෙන් ගෙනාවා, ඒක හොඳයි; අරහෙන් ගෙනාවා, ඒකත් හොඳයි” කියනවා. මේක විතරයි කියන්නේ කියලා, මේවා හොඳයි කියන පදනමෙන් දිගටම ගොඩබෑවා. 


මේ ඔක්කොම කළේ අන්න අර මගඩියට, මගඩියේ වුවමනාවට. ඇමති කෙනෙකුට බැහැ මේ වගේ මූල්‍ය අපරාධයක් තනියෙන් කරන්න. රටේ විදුලි පාරිභෝගිකයාව බිල්ලට දීලා, යුද්ධය අස්සේ සුද්ධ කරන ව්‍යාපාරයකට යන්න බැහැ ඇමතිට තනියෙන්. ඒ නිසා අඟුරු කුමාර මේකේ සම්පූර්ණ වගකීම ගන්න ඕනෑ. අමාත්‍යාංශ ලේකම් බිල්ලට දීලා අත පිහිදාගන්න හදනවා නම්, සූදානම් වෙන්න; අඟුරු කුමාර, හිරකූඩු අනාගතය ඔබට විවෘතයි. ඒක වළක්වන්න මොන ජගතාටවත් පුළුවන්කමක් නැහැ.”


වීරවංශ මහතා අවසානයේ පැවසුවේ, මෙම ගල්අඟුරු මගඩියට අදාළ සියලු ලිඛිත සාක්ෂි තමන් සතු බවත්, ඉදිරි කාලයේදී ඒවා රට හමුවේ හෙළි කරන බවත්ය. “මීළඟ රජයක් යටතේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශන පවත්වා අඟුරු කුමාරලාට හිරේ ලගින්නට සිදුවන බව ස්ථිරයි,” යැයි පවසමින් ඔහු ජනතාවට ආරාධනා කළේ මෙම අසාධාරණයට එරෙහිව තමන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙසයි.


විමල් වීරවංශ මහතා විසින් අද (19) බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේදී 

පවත්වන ලද සම්පූර්ණ දේශනය පහත දැක්වේ...


සුභ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට. ඒ වගේම උදා වෙච්ච අලුත් අවුරුද්ද ඔබටත් මේ රටේ සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්ද උදා වුණත්, ඒ අලුත් අවුරුද්දත් එක්ක අත්වැල් බැඳගෙන ආපු අභියෝග කන්දරාවක් අප ඉදිරියේ තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා නොකොට අපට මෙතනින් එහාට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව අද පවත්වන්න කල්පනා කළේ. 


ඔබ කවුරුත් දන්නවා මේ දිනවල මේ රටේ ආන්දෝලනයට ලක්වෙලා තියෙන ප්‍රධානතම ගැටලුව, අපේ රටේ ඉතිහාසයේ ඉතාමත්ම බරපතල සෘජු ප්‍රතිවිපාක ගෙනදෙන බරපතලම වංචාව සහ හොරකම වන ගල්අඟුරු මගඩියයි. හොරු අල්ලන්න ආපු ආණ්ඩුවේ හොරු කරපු මේ බරපතල මගඩිය පිළිබඳව අත්වැල් බැඳගත්තු අර්බුදය තමයි අප ඉදිරියේ තිබෙන ප්‍රධානතම දැවෙන ප්‍රශ්නය බවට පත්වෙලා තිබෙන්නේ. ඔබ කවුරුත් දන්නවා මේ හොරකම නිසා ඇතිවූ සෘජු ප්‍රතිවිපාකවලට මේ රටේ පොදු ජනතාවට ඉතාමත්ම දරුණු ලෙස මුහුණ දෙන්න වෙලා තියෙනවා; තවදුරටත් වෙමින් පවතිනවා. 


මේ හොරකම නිසා විදුලි ඒකකයක පිරිවැය කිහිප ගුණයකින් ඉහළ ගියා; දරාගන්න බැරි තරමට ඉහළ ගියා. ඒ අනුව දැන් ඉදිරියේදී නැවතත් විදුලි බිල ඉහළ දැමීමට සූදානම් වෙනවා. නලින්ද ජයතිස්සලා “කමින් සූන්” පණිවිඩ නිකුත් කරන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ සිදුවෙච්ච ප්‍රමාදය නිසා බාල ගල්අඟුරු නැව් ටිකවත් ගොඩබාගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ දිනවල වාරකන් තත්ත්වය උදා වෙලා තිබෙනවා. ඒ වාරකන් තත්ත්වයත් එක්ක දැනට ඇවිල්ලා තියෙන නැව්වල තියෙන ගල්අඟුරු පවා ගොඩබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. සමහර නැව් පෝලිමේ තියාගෙන ඉන්නවා. ඒ තියාගෙන ඉන්න හැම මොහොතකටම ප්‍රමාද ගාස්තු ඩොලර්වලින්, ඩොලර් මිලියනවලින් ගෙවන්න වෙනවා.


 එතකොට බාල ගල්අඟුරු ටිකවත් ගොඩබාගන්න බැරිවෙන විදියට නැව් හය හතක් ගොඩබාගන්න බැරි වන ඉරණමකට ඇද වට්ටලා තියෙනවා. අනිත් අතට ප්‍රමාද වන නැව්වලට අතිරේකව ප්‍රමාද ගාස්තුත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ඔක්කොම පාරිභෝගිකයාගේ විදුලි බිලේ වැඩිවෙන මිලේ එකතුව බවට පත්වෙනවා. 


අනිත් එක තමයි ගල්අඟුරු නැතිවෙන වෙලාවට, අපි දන්නවා මාස හයක් මේ වාරකන් කාලය දැන් උදා වෙලා තියෙනවා, ගල්අඟුරු ගේන්න බැරි වෙනවා. ඒ නිසා අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය නැති වෙනකොට, බාල ගල්අඟුරු පවා නැති වෙනකොට නොරොච්චෝලයේ ක්‍රියාකාරීත්වය ඇනහිටින්න පටන් ගන්නවා. නොරොච්චෝලේ කියන්නේ 40%ක පමණ විදුලි ප්‍රමාණයක් අපේ රටේ ජාතික විදුලි පද්ධතියට එකතු කරන ප්‍රධාන විදුලි මධ්‍යස්ථානයයි. එතකොට එතන අක්‍රිය වුණාම ඒ මගින් ඇතිවෙන විශාල රික්තකය පුරවන්න වෙනත් ආදේශක විදුලි ප්‍රභවයන් ඇතැයි කියලා අපට පේන්නේ නැහැ. ඒ අනුව විදුලිය කප්පාදුවකට නුදුරු අනාගතයේ මේ රටේ පොදු ජනතාවට මුහුණ දෙන්න වෙනවා. 


දැනටමත් නිල නොවන වශයෙන් කප්පාදුව ක්‍රියාත්මක වෙනවා පර්යන්ත දිස්ත්‍රික්කවල. එතකොට ඒ ඉරණමට ලක්වෙන්න වෙනවා; කළුවරේ ඉන්න වෙනවා; දාඩිය දදා ඉන්න වෙනවා. ඒ ඉතාම පීඩාකාරී, අන්තිම දරුණු ඉරණමට මේ රටේ විදුලි පාරිභෝගිකයා ගොදුරු කිරීමට නියමිතයි. 


ඒ වගේම පිරිවැය ඉහළ යාම විසින්, විදුලි බිල අසීමිත ලෙස ඉහළ යාම විසින් ව්‍යාපාර කරගෙන යන්න, පවත්වාගෙන යන්න බැරි වෙනවා; ව්‍යාපාර වැහෙන්න පටන් ගන්නවා. මොකද වායුසමීකරණය කරපු තැනක මිසක් කුඩා ෆාමසියක් වුණත් වායුසමීකරණය කරලා මිසක් බෙහෙත් ටික ආරක්ෂිතව පවත්වාගෙන යන්න බැරි වෙනවා. විදුලි පිරිවැය ඉහළ යනකොට, අනෙකුත් පිරිවැය ඉහළ යනකොට ඊට සමගාමීව ඒ සියලු ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි වෙනවා; කඩාගෙන වැටෙනවා; වැහෙනවා. 


මම උදාහරණයකට ගත්තේ ඔය “ෆාමසි හෙවත් ඔසුසලවල්” කියන එක. අනිත් අතට රටේ මිනිස්සුන්ගේ අතේ සතේ නැහැ. ඒ මිනිස්සු හැමෝම දොස්තර මහත්තයා බෙහෙත් ටික ලිව්වම බලන්නේ තියෙන අඩුම මිලේ බෙහෙත මිසක් ප්‍රමිතියෙන් ඉහළ බෙහෙත නෙවෙයි. ඒ නිසා මේ ඔක්කොම හේතු වෙනවා ව්‍යාපාර වැහෙන්න පටන් ගන්න; පවත්වාගෙන යන්න බැරි වෙන්න. 


ඒ විතරක් නෙවෙයි, ඩීසල්වලින් විදුලිය උපදවන්න තියෙන අවකාශය වැඩි වෙනවා; ඉල්ලුම වැඩි වෙනවා. “පොසිල ඉන්ධන මාෆියාව”ට ලොකු හයියක් එනවා. මේගොල්ලෝ ආපු ගමන් කළේ “සුනිත්‍ය විදුලිය” උත්පාදනය කරන එක අධෛර්යයට පත් කරන එකයි. සුනිත්‍ය විදුලියෙන් ජාතික පද්ධතියට ගන්න තියෙන ප්‍රමාණය නොගෙන ඉන්න පටන් ගත්තා; ඉරිදට වහන්න පටන් ගත්තා. ඒ මගින් සුනිත්‍ය විදුලි බලය බිඳවැට්ටුවා. අන්තිමට “කැසිනෝ ධම්මිකගේ ඔඩොක්කුවට” සුනිත්‍ය විදුලි බලයේ ඒකාධිකාරය ගන්න පුළුවන් වෙන විදියට පිටිය සකස් කළා. කැසිනෝ ධම්මික තමයි අද මේ රට පාලනය කරන්නේ; ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකයා සහ මහමොළකරු කැසිනෝ ධම්මික. 


එතකොට කැසිනෝ ධම්මික තමයි ස්පොට් ටෙන්ඩරය ගත්තේ ගල්අඟුරු. තාම එක නැවයි ගෙනල්ලා තියෙන්නේ. ඒ නැවත් දැන් තියෙනවා ගොඩබාගන්න විදියක් නැතුව. ඒ ගල්අඟුරු මගඩියෙන් කැසිනෝ ධම්මිකට තමයි හැම ඉල්ලමක්ම පෑදෙන්නේ. 


ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවුරුදු 84ක් වයස විදේශිකයෙක් වන “පීටර් බෲක්ව” ගෙනල්ලා වාඩි කරවන්නෙත් කැසිනෝ ධම්මිකගේ උපදෙස් මතයි. අද අනුර කුමාරට හෙවත් “අඟුරු කුමාරට” කැසිනෝ ධම්මික නැතුව කිසිම පිළිසරණක් නැති ඉරණමකට ඇදගෙන වැටිලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ මහන්සි වෙලා, කැප වෙලා ජනාධිපති කරලා තියෙන්නේ තමන්ගේ පක්ෂ නායකයාව නෙවෙයි, කැසිනෝ ධම්මිකවයි. 


ඒ විතරක් නෙවෙයි, දැන් බලන්නකෝ අර ගල්අඟුරු සමාගමේ සභාපතිගෙන් නිකුත් වෙච්ච, ඔහු පිළිගත්තු හඬපටයේ කියවෙන නම් තුන මොනවාද? ජනාධිපතිවරයා ගැන කියවෙනවා, ධම්මික ගැන කියවෙනවා, ඊළඟට මොහාන් ගැන කියවෙනවා (හේලීස් එකේ ප්‍රධානියා). “ඒ තුන්දෙනාව විතරයි මම බේරන්නේ” කියලා ඔහු කියනවා. ධම්මික එක්ක අවුරුදු 20කට වඩා වැඩි ඇසුරක් තියෙනවා කියනවා. මේ තමයි ධම්මික. 


කැසිනෝ ධම්මික තමයි අද මේ රටේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් නම් කරන්නේ. ඒ ටික තමයි අඟුරු කුමාර ජනාධිපති පත් කරන්නේ. ඒ නිසා මේ මගඩියෙන් කැසිනෝ ධම්මිකලා හම්බ කරගන්නේ තමන්ට විතරක් නෙවෙයි, රට කරවන ඇත්තන්ට අවශ්‍ය කුට්ටිය දෙන විදියටයි. එහෙම නැතුව නෙවෙයි මේක වෙන්නේ. 


දැන් මේ ඔක්කොම ප්‍රතිවිපාකවලින් විදුලිය මිල ඉහළ යනවා, විදුලිය කප්පාදුවක් එනවා. ජලාශවලින් අධික ලෙස ජලය අරගෙන විදුලිය උපදවන්න උත්සාහ කරනවා. ඒ මගින් ජලාශවල ජලය විදුලිය උපදවන්න අසීමිතව පාවිච්චි කළාම, බොන්න වතුර ටිකත් නැති වෙනවා. දැනටමත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලට බොන්න වතුර ටිකක් නැතිවෙලා තියෙනවා. ගොවියට වගා කරන්න වතුර ටික දෙන්න බැරි වෙනවා. මේ සියලු දේට වගකියන්න ඕනේ මේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට ගෙනාපු “ගල්අඟුරු තක්කඩි” හොරකමයි. මේ සියලු ශාපයන්ට අද මේ රටේ මිනිස්සුන්ට ගොදුරු වෙන්න වෙලා තියෙන්නේ ඒ නිසයි. මේ පාපයේ සාපය, "හොරු අල්ලන්න" කියලා බලය අරගෙන, “බොරු කියලා” බලය අරගෙන මහ දවල් කරපු මහා හොරකමේ ශාපය තමයි අද මේ රටේ පොදු ජනතාව මත කඩාපාත් වෙමින් තියෙන්නේ. 


දැන් දානවා ජනාධිපති කොමිසමක්. ජනාධිපති කොමිසම දාන්න කලින් හිත මිතුරු සුළගට කියනවා “අඟුරු කුමාර” කියනවා “බාල කුමාරට” (පුන්‍ය ශ්‍රී කුමාර) "පොඩ්ඩක් බැහැරවෙලා විවේකයක් ගනින්, මහන්සිත් ඇතිනේ" කියලා. දැන් කොමිසන් දාන්න කියලා කවුද ඉල්ලුවේ? පහුගිය ආණ්ඩු කාලේ කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනාවක් ආවා බාල බෙහෙත් ගෙන්නුවා කියලා. ඒ වෙලේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් තිබ්බා ඕන නම් කොමිසමක් දාන්න. නිකන් කොමිසමක් නෙවෙයි, ඒ බාල බෙහෙත් පමණක් නෙවෙයි, මීට පෙර ගෙනාපුවාත් විමර්ශනය කරන්න කොමිසමක් දාන්න තිබ්බා. හැට හැත්තෑ ගණන්වල ඉදලා කියමු. හතලිහේ ඉදලා කියමු. එහෙමනම් තාම කොමිසන් සභාව පත්වෙලා විභාග කරනවා. ඇයි ඒ වෙලේ ඒක නොකළේ? ඒක කළේ නැහැ. කොමිසම්වලින් ඇත්ත එළියට එන්නේ නැහැ. කොමිසම්වලින් කරන්නේ හොරාගේ කලිසම අන්දලා තියාගන්න එකයි. කලිසම් ගලවන්නේ වෙන වෙන අයගේ...


දැන් මොකද වෙන්නේ? මේක මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබිලා තියෙනවා. සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි ලැබිලා තියෙනවා. වෙන ඕනෑම පැමිණිල්ලකට තියෙන ගාය මේවාට නැත්තේ ඇයි? ඒ පැමිණිලිවලට අනුව මූලික පරීක්ෂණ කරලා චූදිතයාව අත්අඩංගුවට අරගෙන, උසාවියට ඉදිරිපත් කරලා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා එහෙමනේ  නඩු අහන්‍නේ. එහෙමනේ විමර්ශනය කරන්නේ. කොමිසම්වලින් ඕක වෙනවාද? බිමල් රත්නායකලා කියනවා ඒක හොරකමක්ලු, බාල ‍බෙහෙත්. හොරාකාපු සල්ලි තියෙන තැනත් පෙන්නන්නම්ලු. හොරාකාපු සල්ලි කොහේද තියෙන්නේ කියලා පේන්නේ අධිකරණය මගින් කරන විමර්ශනයකින්. කෙහෙළිය රඹුක්වැල්ලට ආපු චෝදනාව අධිකරණ විමර්ශනයකට භාජනය වෙච්ච හින්දා තමයි ඒ ගිණුම් ඔක්කොම හොයන්න ගත්තේ. 


ඒ නිසා කොමිසමෙන් කරන්නේ ජනාධිපති කියන කෙනාගේ කලිසම නම් ගැලවෙන්න යන්නේ ඒ කලිසම ගැලවෙන්න නොදී වෙන වෙන අයගේ කලිසම් ගලවන එක තමයි ඔය ‍කොමිසමෙන් වෙන්නේ. කරන්න ඕනේ අර කෙහෙළියට චෝදනාව ආපු වෙලාවේ ඒ ආණ්ඩු ක්‍රියා කරපු ආකාරයට ක්‍රියා කරන එකයි. හොරු අල්ලන්න ආවා, දැන් හොරු අල්ලනවා නෙවෙයි හොරු හුරතල් කරන්න කොමිසන් දානවා හොරාගේ කලිසම ගැලවෙන එක වලක්වා ගන්න. එ් නිසා මේක තේරුම් ගන්න ඕන. මේගොල්ලෝ මේ දේශපාලන සදාචාරයේ මහා ආදර්ශය විදිහට පෙන්නන්න හදනවා මේ “කොමිසන් දැමිල්ල”. ඒක නොවෙයි මේ වෙන්නේ... දැන් මොකක්ද මේ වෙන්නේ..?   


දැන් ඇයි අර අමාත්‍යාංශ ලේකම්ට ඉල්ලා අස්වෙන්න කිව්වේ? මේ පිළිබඳව චෝදනාකරපු අය කුමාරලා ඩබලට චෝදනා කළා මිසක් අමාත්‍යාංශ ලේකම්වරයාට චෝදනා එල්ල කළාද? මීට කලින් ගල්අඟුරු සමාගමේ හිටපු සභාපති ඉවත් වුණාම කිව්වේ අමාත්‍යාංශයෙන් එන බලපෑම් නිසා මට මේක කරන්න බැහැ කියලයි. කවුරුවත් කිව්වේ නැහැ, අමාත්‍යාංශ ලේකම්වරයා මේකට සම්බන්ධයි කියලා. ඇයි එහෙනම් අමාත්‍යාංශ ලේකම්ටත් ඉල්ලා අස්වෙන්න කිව්වේ? අන්න බාල කුමාරව බේරගන්න අඟුරු කුමාර (අනුර) ගහපු ගැටය තමයි ඒක. දැන් දෙන්න ඕනේ “තුන්කුළුඳුල් බිල්ලක්”. 


බිල්ලක් දෙන්න වෙනවානේ; මොකද දැන් විගණන වාර්තාවලින් සහ නොරොච්චෝලේ බලාගාරයේ දත්තවලින් කරුණු හෙළිවෙලා තියෙනවා. බාල නැහැ නැහැ කියපු අයට පස්සේ බාලයි කියලා පිළිගන්න වෙනවා. හොරකමක් වෙලා නැහැ නැහැ කියපු අයට දැන් හොරකමක් වෙලාදෝ කියලා හොයන්න අතීතයට බලපාන පරිදි කොමිසමක් දාන්න වෙලා තියෙන්නේ තමන්ගේ කලිසම ගැලවෙන එක  බේරගන්නයි.


ඒ නිසා මේගොල්ලෝ දන්නවා බිල්ලක් දෙන්නම වෙනවා කියලා. ජයකොඩි නෙවෙයි මේකේදී බිල්ලට තියාගෙන ඉන්නේ, අනේ අර අමාත්‍යාංශ ලේකම්. එහෙම නැත්නම් එතුමට ඉල්ලා අස්වෙන්න කියන්න කිසිම හේතුවක් නැහැ. එතුමාව මේ ප්‍රශ්නයේදී කවුරුවත් චූදිතයෙක් කළේ නැහැ. එතුමා මේකට සම්බන්ධයි තියලා කිව්වේ නෑ. එතුමට මේකට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වේ නිකන් නෙවෙයි. නර බිල්ලට. දමපු කොමිසමට ඕන බිල්ලක්...


 අපි සියලු රජයේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට කියනවා, ඔබට සත පහකට විශ්වාසය තැබිය නොහැකි ජනාධිපතිවරයෙක් තමයි අද මේ රට පාලනය කරන්නේ කියලා. ඒ ජනාධිපතිගේ ඇමතිලා හොරා කෑවාම ඔබ ඒකට ඉඩ දීලා බලන් හිටියොත්, චෝදනාව සමාජයෙන් එල්ල වෙනකොට ඇමතිව බේරන්න ඔබවයි බිල්ලට දෙන්නේ. දැන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඒ ඉල්ලා අස්වෙච්ච ලේකම්ගේ නළලේ කොටලා තියෙන්නේ අන්න ඒ ඉරණමයි. 


ඒ වෙනුවෙන් බිල්ල දෙන්න තමයි ඒ මහත්මයාට ඉල්ලා අස්වෙන්න කිව්වේ. රජයේ නිලධාරීනි, තමන්ව මෙහෙම පාවා දෙන, හොර ඇමතිලා බේරගන්න, හොරකම තක්කඩිකම වෙනත් අයගේ ඇඟේ ගහලා අත පිහිදාගන්න හදන මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගැන අවදියෙන් ඉන්න. ඒ නිසා අපි ඒ සියලු නිලධාරීන්ට කියනවා අර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට අත්වෙන්න නියමිත ඉරණමට තමුන් වහන්සේලා ගොදුරු වෙන්න එපා කියලා.


ජයකොඩි මහත්තයා නම් සමහර විට මෙහෙ ඉන්න එක හොඳ නැති හින්දා වෙන රටක තානාපති තනතුරකට වගේ යවන්න ඉඩ තියෙනවා; බොහෝ විට තෙල් සම්බන්ධ රටකටම වෙන්න පුළුවන්. හැබැයි අමාත්‍යාංශ ලේකම්ව තමයි බිල්ලට දෙන්න සූදානම් කරලා තියෙන්නේ. දැන් අපට පේනවා හොරකම කරනවා, ඊළඟට හොරකම හොයනවා කියලා කරන්නෙත් තවත් හොරකමක්. නියම හොරාව බේරනවා, අමාත්‍යාංශ ලේකම්ව බිල්ලට දෙනවා. ඒකත් පට්ට හොරකමක්. 


හොරකමක් කරලා නියම හොරාව බේරලා වෙන කෙනෙක්ව බිල්ලට දෙන තරම් තක්කඩිකමක් අපි මේ රටේ ඉතිහාසයේ අහලා නැහැ. ඒ නිසා කොමිසන්-කොමිටිවලින් මේ ජනතාවට එල්ල වෙන දැවැන්ත පීඩනය සමනය කරන්න බැහැ ජනාධිපතිතුමෝ. අමාත්‍යාංශ ලේකම් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් බිල්ලට දීලා අත පිහිදාගන්න හම්බ වෙන්නේ නැහැ. මීළඟ ආණ්ඩුවක් යටතේ මීට අදාළ නියම විමර්ශනය සිද්ධ වෙනවා. මේ පැමිණිල්ල අධිකරණයට යනවා. එදාට සිද්ධ වෙන්නේ අඟුරු කුමාරටයි, බාල කුමාරටයි දෙන්නටම හිරේ ලගින්න මිසක් වෙන දෙයක් නොවන බව අපි සක්සුදක් සේ දන්නවා.


ඒ නිසා හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න ජනාධිපතිතුමෝ! ඔබතුමා මේ ගල්අඟුරු මගඩියට කොහොමද සම්බන්ධ කියලා ඔප්පු කරන්න ඕන සියලු කරුණු ඉදිරි කාලය තුළ එළිවෙනවා. 


ගල්අඟුරු සමාගමෙන් එව්වා ඇමති අතට ඉදිරි අවුරුද්දට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා හදපු ෂෙඩියුල් එක. ඒක තමයි සාමාන්‍යයෙන් ඇමතිවරයා අනුමත කරන්නේ. මේ ඇමතිවරයා මොකද කළේ? ඒක අනුමත කළේ නැහැ; ඒ ෂෙඩියුල් එක වෙනස් කළා. වෙනස් කරන්න කලින් තවත් ඇමතියෙක් රුසියාවට කතා කරලා කිව්වා (බොම්බෙ ලුකින් කල්කටා ඇමති) මමත් මේකට සම්බන්ධයි කියලා. අර බල්තසාර්ගේ ඥාති සහෝදරයාගේ සමාගමෙන් රුසියානු ගල්අඟුරු ගෙනාවේ කෙලින්ම රුසියාවත් එක්ක ඩීල් එක දාන්න කතා කරා බොම්බෙ ලුකින් කල්කටා ඇමති. ඊට පස්සේ බලශක්ති ඇමතිත් කතා කළා. අන්තිමට රුසියාවේ බලධාරීන් කිව්වා “අපට පුරුදු නැහැ ඔය ක්‍රම, අරයත් කතා කරනවා මෙයත් කතා කරනවා, ඕක අපිත් එක්ක ඔය විදියට කරන්න එපා” කියලා. ඒකෙන් ඇතිවෙච්ච වේදනාව නිසා තමයි ගල්අඟුරු මිලදී ගැනීමට හදපු “ෂෙඩියුල් එක” සම්පූර්ණයෙන් වෙනස් කළේ.


වෙනස් කරලා ඊට පස්සේ හෙව්වා කාටද දෙන්නේ, කාටද දෙන්නේ ගාන කපාගන්න කියලා. කොහොම, කාට දුන්නොත්ද ගාන කපන්නේ? ආන්න කෙනෙක් හොයාගත්තා. හොයාගෙන එයාට ගැලපෙන විදිහට ටෙන්ඩර් පටිපාටියේ කොන්දේසි වෙනස් කළා. විගණන වාර්තාවෙත් මේවා සඳහන් වෙලා තියෙනවා. පළවෙනි ගල්අඟුරු නැව ගෙනාවාම "බාලයි" කියලා වාර්තාව ආවා. බලාගාරයේ තිබෙන ලැබ් (Lab) එකෙන් රිපෝට් එක දුන්නා. ඒවා පිළිගන්න බැහැ කිව්වා. "ඉන්දියාවෙන් ගෙනාවා, ඒක හොඳයි; අරහෙන් ගෙනාවා, ඒකත් හොඳයි" කියනවා. මේක විතරයි කියන්නේ කියලා, මේවා හොඳයි කියන පදනමෙන් දිගටම ගොඩබෑවා. 


මේ ඔක්කොම කළේ අන්න අර මගඩියට, මගඩියේ වුවමනාවට. ඇමති කෙනෙකුට බැහැ මේ වගේ මූල්‍ය අපරාධයක් තනියෙන් කරන්න. රටේ විදුලි පාරිභෝගිකයාව බිල්ලට දීලා, යුද්ධය අස්සේ සුද්ධ කරන ව්‍යාපාරයකට යන්න බැහැ ඇමතිට තනියෙන්. ඒ නිසා අඟුරු කුමාර මේකේ සම්පූර්ණ වගකීම ගන්න ඕනෑ. අමාත්‍යාංශ ලේකම් බිල්ලට දීලා අත පිහිදාගන්න හදනවා නම්, සූදානම් වෙන්න; අඟුරු කුමාර, හිරකූඩු අනාගතය ඔබට විවෘතයි. ඒක වළක්වන්න මොන ජගතාටවත් පුළුවන්කමක් නැහැ. 


ෂෙඩියුල් එක වෙනස් කළේ ඒකටයි. ඒ නිසා අපි තව කියන්නම් ඉස්සරහට. ලිඛිත සාක්ෂිත් එක්ක ඔක්කොම ටික එළියට එනවා. ඒවා වළක්වන්න බැහැ; කාගේ පිටින් මේ වෙනුවෙන් දොළපිදේනිය දෙන්න හැදුවත්. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා මේ රටේ පොදු ජනතාවට, මේ හොරකම නමැති, මේ හොරු නඩේ පාපය සහ ශාපය තමයි අද මේ තමුන්නාන්සේලාට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. 


ඉදිරියේ විදුලි බිල වැඩි වෙන්නේ පාපය සහ ශාපය හින්දා. ඉදිරියේ විදුලිය කැපෙන්නේ පාපය සහ ශාපය හින්දා. ගොවියාට වතුර ටික නැති වෙන්නේ පාපයේ ශාපය හින්දා. කන්ද උඩරට මිනිස්සුන්ට බොන්න වතුර ටික නැති වෙන්නේ පාපයේ ශාපය හින්දා. මේ රටේ විදුලිය පිරිවැය ඉහළ යන්නේ මේ පාපයේ ශාපය හින්දා. ඒ අඟුරු කුමාරගේ පාපයේ ශාපය ඉවර කරන්නේ නැතුව මේ ඉරණමෙන් අපට ගොඩ එන්න පුළුවන්කමක් නැහැ. 


ඒ නිසා මේ රටේ පොදු ජනතාව මේ කොමිසන්, කොමිටිවලින් හිත සනසාගන්නේ නැතුව, මේ කොමිසන්, කොමිටි දිහා බලාගෙන කාලය කන්නේ නැතුව, මේ මූල්‍ය අපරාධයට, පාපයට සහ ශාපයට එරෙහිව බලවත්ව නැගී සිටීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා ඉදිරියේදී අපි නායකත්වය ගන්නවා. අපත් සමග ඒ වෙනුවෙන් අත්වැල් බැඳගන්න කියලා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පොදු ජනතාවට අපි ආරාධනා කරනවා.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0