Human Immunoglobulin නඩුකරය ආන්දෝලනාත්මක සන්ධිස්ථානයක..!

“වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වැනි” යන අදහස අප ජනශ්‍රැතිය තුළ ජනප්‍රිය “ආප්තෝපදේශයක්” ලෙස පවතින්නේ අනාදිමත් කාලයක සිටය. එම අදහසට සමපාත වර්තමාන සිදුවීම් ද මේ සමාජයේ කොතෙකුත් සිදුවනු අද අපට එදිනෙදා අත්දකින්නට ලැබේ.. මෙම දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගැනෙන මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දිනපතා විභාග කෙරෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab) ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩු කටයුත්තේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අත් විදින්නට සිදුව ඇත්තේද එවන් ඉරණමක් බව පෙනේ.

Mar 6, 2026 - 12:25
 86
Human Immunoglobulin  නඩුකරය   ආන්දෝලනාත්මක   සන්ධිස්ථානයක..!

Human

Immunoglobulin

නඩුකරය 

ආන්දෝලනාත්මක 

සන්ධිස්ථානයක..!


“වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වැනි” යන අදහස අප ජනශ්‍රැතිය තුළ ජනප්‍රිය “ආප්තෝපදේශයක්” ලෙස පවතින්නේ අනාදිමත් කාලයක සිටය. එම අදහසට සමපාත වර්තමාන සිදුවීම් ද මේ සමාජයේ කොතෙකුත් සිදුවනු අද අපට එදිනෙදා අත්දකින්නට ලැබේ..


මෙම දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගැනෙන මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දිනපතා විභාග කෙරෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab) ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩු කටයුත්තේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අත් විදින්නට සිදුව ඇත්තේද එවන් ඉරණමක් බව පෙනේ.


“අයිසොලෙක් බයෝටෙක් ෆාමා” සමාගම විසින් ගෙන්වා සැපයීමට භාරගත් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් හා රිටක්සිමැබ් ඖෂධ දෙක ලොකු තොග වශයෙන් සෞඛ්‍ය අමාත්‍යයන්ට භාරදිය යුතුව ඇතත් “කුඩා ප්‍රමාණයේ ඒකක” වශයෙන් බාර දෙන්නේ ඇයි දැයි සැක සිතු අමාත්‍යවරයා මේ පිළිබඳ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමැණිලි කොට පරීක්ෂණයක් කරගන්නයි අදාල නිලධාරීන්ට උපදෙස් දෙනු ලබයි...


කෙසේ හෝ අද එම ඇමතිවරයා මෙම ප්‍රශ්න ගත නඩුකරයේ වගකිවයුතු අටවන විත්තිකරු වී සිටියි... මෙහි පළමුවන දෙවන තුන්වන ආදී වශයෙන් විත්තිකරුවන් හත් දෙනෙක් ඔහුට ඉදිරියෙන් සිටියත් අද මුළු රටම මේ නඩුව හඳුන්වන්නේ “කෙහෙළියගේ බාල බෙහෙත් නඩුව” යන නාම විශේෂණය යටතේය...


එය එසේ සිදු වූයේ ඇයි... අටවෙනි විත්තිකරු මුලට ගෙන ඔහුගේ නමින් නඩුව හඳුන්වා ඔහුට මේ රටේ විශාල අපකීර්තියක් ඇති කිරීමට හිතාමතා සැලසුම් කළ ක්‍රියාන්විතයක ප්‍රතිඵලයක් ලෙසද. එසේත් මාධ්‍ය වාර්තාකරණයේදී වඩාත් ජනප්‍රිය පුද්ගලයා මුලට ගෙන ඔහුගේ නමින් එම සිදුවීම වාර්තා කිරීමේ ජනමාධ්‍යයන්හි ජනප්‍රිය විශේෂ සන්නිවේදන විධික්‍රමය යටතේද...


කෙසේ හෝ මෙම නඩුකරයෙන් අද කෙහෙළියගේ නම ඉවත් කිරීම අතිශයින් අසීරු කටයුත්තකි. මෙම නඩුකරය වෙනත් නමකින් හැඳින්වූවාට එය පාඨක ප්‍රේක්ෂක මහජනතාවට සන්නිවේදනය වන්නේද නැති තරම්ය.


එහෙත් පසුගිය 5 වනදා මෙම නඩුකරය විභාග කෙරෙන අවස්ථාවේ සාක්ෂි විමසීමේදී සාක්ෂි ලබාදුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවීක්‍රම මහතාගේ සාක්ෂියෙන් ඉතා වටිනා කාරණාවක් උසාවිය හමුවේ හෙළිදරව් වූයේය...


කොටින්ම මෙම නඩුකරය පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්ම පැමිණිල්ල කරන්නේ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බව ඔහු දැන සිටියේ නැතැයි ආනන්ද විජයවික්‍රම මහතා පිළිගත්තේය.  


එපමණක් ද නොව. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම මහතා තවත් වැදගත් කාරණාවක් පිළිගත්තේය... තමන් වර්තමානයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාම සිටියදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් තමන්ව මෙම පළමු සාක්ෂිකරු ලෙස නම් නම්කර තිබෙන බවද ඔහු දැන සිටියේ නැත. ඔහු ඒ බව දැන ගත්තේද විත්තියේ නීතිඥයින් සාක්ෂිකරු ගැන හරක් ප්‍රශ්න විමසමින් විමසමින් විමසමින්. ඒ ගැනීම විමසා බලන විටය...


ඒ වගත් මෙසේය...


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වෛද්‍ය සැපයූම් අංශයට  සැපයීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ සංජීව රජීව්  ජෙරාඩ් නමැත්තා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත බව තමා නොදන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (05) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පැවසීය. 


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ එකී විමර්ශනවලට අදාළව තමාගේ ද ප්‍රකාශ සටහන් කළත් එකී වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා පැමිණිලි කිරීමට උපදෙස් දෙනු ලැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බවට හෝ ඔහුගේ උපදේශකයකු ලෙස ජෙරාඩ් නැමැත්තා කටයුතු කළ බවට හෝ එවැනි කෙනෙකු ගැන තමා නොදන්නේ යැයි ද විත්තිකාර  කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජයසුන්දර මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය. 


ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ්  යන ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (05) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. 


පැමිණිල්ල වෙනුවෙන් දෙවන දිනටත් සාක්ෂි ලබා දුන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය. 


නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ; ඔබතුමා සාක්ෂි ලබා දෙමින් කීවා නේ එවකට පැවැති, ඖෂධ හිඟය මත අඛණ්ඩව වෛද්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමට හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ලියාපදිංචිය නිදහස් කිරීමේ ක්‍රමවේදය යටතේ ඖෂධ ලබා ගැනීමට පියවර ගැනීම පිළිබඳව අවබෝධයක් තිබෙනවා කියලා. 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනි 


විත්තියේ නීතිඥවරයා ; පැ 163 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය 2022/09/26 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අඛණ්ඩ වෛද්‍ය සැපයුම් සේවාවක් පවත්වාගෙන යාම යන ශීර්ෂපාඨය යටතේ ඉදිරිපත් කොට තිබූ යෝජිත විසඳුම්වල වෛද්‍ය සැපයුම් පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට හා ලියාපදිංචිය නිදහස් කිරීමේ ක්‍රමවේදය යටතේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව අවසර ඉල්ලු කැබිනට් සංදේශය ගැන ඔබ දැක තිබෙනවානේ ?


සාක්ෂිකරු ; එය දැක තිබෙනවා ස්වාමීනී. 


විත්තියේ නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය උපයෝගී කර ගනිමින් නිසි ලෙස ලියාපදිංචියට යටත්ව සැපයුම් කිරීමට අනුමැතිය ලබා තිබූ එකී ඖෂධ ප්‍රසම්පාදනයේදී හියුමන් ඉමියුනෝග්ලොභියුලීම් හා රිටක්සිමැබ් ඖෂධ පිළිබඳ යම් ගැටලුවක් මතුවී තිබූ බව ඔබ දැනුවත්ද? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී 


විත්තියේ නීතිඥ ; මෙම විත්තිකරුවන් දොළොස් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා සනාථ කිරීමට කැඳවන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ගේ නාම ලේඛනය අනුව පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු ලෙස නම්කොට ඇත්තේ ඔබ බව ඔබ දැනුවත්ද? 


සාක්ෂිකරු ; මම ඒ ගැන දන්නේ නෑ 


එහිදී එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙලෙස පැවසීය. 


සාක්ෂිකරු ; ඖෂධ සැපයීම කියන්නේ තරගකාරී ව්‍යාපාරයක් පුද්ගලික මට්ටමින් ගත්තත් එහෙමයි. ඖෂධ අළෙවිය ඉතා ලාභදායී ව්‍යාපාරයක් ලෝකය පුරාම එහෙමයි. ආයුධ සැපයීමේ ජාවාරමට පසුව ඖෂධ සැපයීමේ ව්‍යාපාරය තමයි ලෝකයේ තිබෙන ලාභදායකම ව්‍යාපාරය කියන එක ලෝකයේ කවුරුත් පිළිගන්නවා. 


විත්තියේ නීතිඥවරයා ; ඒ ඖෂධ ජාවාරම මැඩපවත්වා ජනතාවට ගුණාත්මක භාවයෙන් යුත් ආරක්‍ෂාකාරී ඖෂධ සහන මිලකට සැපයීමට නේද ඔබගේ අධිකාරිය පත්කර තිබෙන්නේ?  


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී 


විත්තියේ නීතිඥ ; ඖෂධ සැපයීමට අවශ්‍ය ලියාපදිංචිය ලබාගෙන තිබියදීත් ඒ සඳහා කැඳවනු ලබන ටෙන්ඩර්වලට අයදුම් නොකර ඉන්න සැපයුම් කරුවන් පිරිසක් ඉන්න බව කීවොත් ඔබ පිළිගන්නවාද? 


සාක්ෂිකරු ; එහෙම කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්


විත්තියේ නීතිඥ ; එහෙම සැපයුම්කරුවන් ටෙන්ඩර් කැදවීම්වලට ඉදිරිපත් නොවී සිටින විට රට පුරා ඖෂධ හිඟයක් ඇතිවෙනවා එවිට මිල ඉහළ යනවා නේද? 


සාක්ෂිකරු ; කරුණු දෙකක් වෙන්න පුළුවන්. වෙළඳ පොළට ඖෂධ සැපයීම සීමා වුණාම මිල ඉහළ යනවා කියන එකට මම එකඟ නෑ. 


විත්තියේ නීතිඥ ; ඉල්ලුමට අවශ්‍ය සැපයුම නොලැබුණොත් මිල ඉහළ යාමක් සිදුවන්නේ  නෑ කියලද ඔබතුමා කියන්නේ? ලියාපදිංචි සැපයුම්කරුවන්, ටෙන්ඩර් කැඳවන විට ඉල්ලුම් කළේ නැතිනම් අවශ්‍ය නීතිමය පියවර ගන්න බලයක් තිබෙනවාද? 


සාක්ෂිකරු ; අපි ඖෂධ නියාමන අධිකාරිය ලෙස එවැනි අනිසි ක්‍රියා වළක්වන්න පියවර ගෙන තිබෙනවා. අද ඊයේ ඉඳන් නෙමෙයි. මුල සිටන්ම අපේ රට තුළ එවැනි අධික ලෙසට ඖෂධ විකිණීම සිදුවුණා. අපි කොච්චර උත්සාහ කළත් ඒක තාමත් සිදුවෙනවා. 


විත්තියේ නීතිඥ ; රජය මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියත් එවැනි ක්‍රියාවලදී වගකීමකට බැඳී තිබෙනවා නේද? ඒ සඳහා නේද ආරක්ෂිත තොග (Buaffer stock) පවත්වාගෙන යා යුත්තේ? 


සාක්ෂිකරු ;  ඔව් අපිටත් වගකීමක් තිබෙනවා. 


දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; ඔබතුමා කීවා 2015 වසරේ සිට 2022 ජුලි මස වනතුරු ඖෂධ නියාමන  අධිකාරියේ හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඔබ සිටියා කියලා? එම කාලයේ ඔබ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරලා තිබෙනවාද? ඒ වගේම යම් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වූ විට ඊට සිය නිරීක්ෂණ හා යෝජනා ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට මෙන්ම සභාපතිවරයා හා විධායක නිලධාරියාට පුළුවන්නේ? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී 


විත්තියේ නීතිඥ ; ඖෂධ නියාමන අධිකාරියේ අවසන් තීරණ ගැනීමේ බලය තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට නේ? සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ පෙර සඳහන් කළ ඖෂධ ආනයනය කිරීමට යෝජනා කළේ බැංකු ණය යටතේ නේද? සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමේදී ඩබ්ලිව් ඕ ආර්  සහතික ලබා දීමක් සිදු වන්නේ නෑ නේද? 


සාක්ෂිකරු ; එය බලන්නේ නැතුව උත්තර දෙන්න බෑ. 


විත්තියේ නීතිඥ ; ඔබතුමා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ඔබතුමා විසින් සකස් කළ ලේඛන හෝ තොරතුරු නෙමෙයිනේ?ඔබ යටතේ සිටින අය සකස් කළ ඒවා මිස පුද්ගලිකව සකස් කළ ඒවා නෙමෙයි නේ? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. උසාවියට ඉදිරිපත් කළ පැ 167 ලේඛන මා පුද්ගලිකව සකස් කළ ඒවා නෙමෙයි. 


විත්තියේ නීතිඥ ; එම ඩබ්ලිව් ඕ ආර්  අයදුම් පත්‍ර ඩබ්ලිව් ඕ ආර්  අයදුම් කිරීමේදී එම ලේඛනවලට අමුණා තිබෙනවානේ? 


සාක්ෂිකරු ; බලන්නේ නැතුව කියන්න බෑ. 


සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; ඔබ සාක්ෂි දෙමින් කීවා ඔස්ට්‍රේලියාව වැනි රටක ඖෂධ භාවිතයෙන් වසරකට සංකූලතා 4500ක් පමන ඇතිවුනත් ලංකාවේ සිදු වන්නේ වසරකට 450ක් වැනි ප්‍රතිශතයක් කියලා. එහෙම වුණේ මොන වසර වලද? පසුගිය වසරවල ලංකාවේ එවැනි සංකූලතාවල අඩුවක් සිදුවෙලා තියෙනවාද? 


සාක්ෂිකරු ; ස්වාමිනි! මම කීවේ වාර්ෂිකව ප්‍රතිශතයක් ලෙසයි. දැන් ලංකාවේ ඖෂධ භාවිතය නිසා ඇතිවන සංකූලතා වැඩිවෙලා. මාධ්‍ය මගින් එවැනි සංකූලතා නිරතුරුවම වාර්තා කරන නිසා එවැනි සිද්ධීන් පිළිබඳව අපට රෝහල්වලින් පෙරට වඩා වාර්තා වෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. මම කියන්නේ සිදුවන සංකූලතා වාර්තා වීම හොඳ ප්‍රවණතාවයක්. අපි කැමතියි නියාමන අධිකාරිය ලෙස එවැනි සංකූලතා වාර්තා වීම ගැන දැනගන්න. පසුගිය 2023, 2024, 2025 වසර වලද එවැනි සංකූලතා ගැන බහුලව වාර්තා වුණා.


විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; ඔබට ඒ බව සනාථ කිරීමට දත්ත තිබෙනවාද? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී 


වැඩිදුර නැවත ප්‍රශ්න ඇසීම අද (06) දක්වා කල් තැබිණි.


පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා,  තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන, හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන, හතරවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනුෂ් ජයවර්ධන, නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක යන මහත්වරුන්ද එහිදී එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න ඇසීය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0