ඒ ලියුම බොරුවක් නොවෙයි... යැව්වා...
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළව, ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූ බව ‘දිනන දකුණ’ සාමූහිකය අද (08) ප්‍රකාශ කළේය.
ඒ ලියුම
බොරුවක් නොවෙයි...
යැව්වා....
ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ජනාධිපතිට ලිපියක් යැවූ බව පිළිගනිති.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළව, ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූ බව ‘දිනන දකුණ’ සාමූහිකය අද (08) ප්‍රකාශ කළේය.
මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සාමූහිකයේ නියෝජිතයෝ මේ බව සඳහන් කළහ. අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යවා ඇති බව උන්වහන්සේ තමන්ට පැවසූ බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ද මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
ඊයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමික වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වාත් වැඩි කිරීමට යෝජනා කර ඇත.
එසේම, අගවිනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ එම ධුරයේ වසර 06 ක කාලයක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් පළමුවෙන් යෙදෙන දිනය විශ්‍රාම දිනය ලෙස සැලකීමට එම කෙටුම්පත මගින් යෝජිතය. මීට අමතරව, අභියාචනාධිකරණය සඳහා පත් කළ හැකි විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීමට ද අදාළ පනත් කෙටුම්පත මගින් පියවර ගෙන තිබේ.
මෙම 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම සඳහා ‘දිනන දකුණ’ සාමූහිකය, ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය, ‘ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය’ ඇතුළු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ. නීතිඥ ශිරාල් ලක්තිලක, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ රවී කුමුදේශ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස අතර වූහ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

