නීති විරෝධී මත්පැන් සිගරට් ෆෝන්වලට කටුනායක බැදතිබූ රන්වැට කැඩෙයිද...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ රේගුවේ සේවය කරමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, දුම්වැටි, සෙලියුලර් ෆෝන්, ඉලෙක්ට්‍රෝනික උපකරණ ඇතුළු තහනම් ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම වළකමින් කාලයක් තිස්සේ කැපවීමෙන් රාජකාරි කරමින් ජාවාරමුන් නීතියේ රුහැනට කොටුකර ගනිමින් අවංක සේවයක් සැලසූ පලපුරුදු රේගු නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඒ වෙනුවට වෙනත් පිරීසක් ආදේශ කිරීමට රේගු බලධාරීන් සූදානම් වන බවට රේගු ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.
නීති විරෝධී මත්පැන්, සිගරට්, ෆෝන්වලට
කටුනායක බැදතිබූ රන්වැට කැඩෙයිද...
ගුවන්තොටුපළ ජාවාරම්කරුවන්ගේ
පාරාදීසයක් වීමේ අවදානමක්!
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ රේගුවේ සේවය කරමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, දුම්වැටි, සෙලියුලර් ෆෝන්, ඉලෙක්ට්‍රෝනික උපකරණ ඇතුළු තහනම් ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම වළකමින් කාලයක් තිස්සේ කැපවීමෙන් රාජකාරි කරමින් ජාවාරමුන් නීතියේ රුහැනට කොටුකර ගනිමින් අවංක සේවයක් සැලසූ පලපුරුදු රේගු නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඒ වෙනුවට වෙනත් පිරීසක් ආදේශ කිරීමට රේගු බලධාරීන් සූදානම් වන බවට රේගු ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.
මෙම අදූරදර්ශී ක්‍රියාවලිය හරහා ඉදිරියේදී ගුවන්තොටුපළ පරිශ්‍රය නැවතත් මත්පැන් නීති විරෝධී සිගරට් සහ විද්‍යුත් උපකරණ ජාවාරම්කරුවන් නිදැල්ලේ හැසිරෙන පාරාදීසයක් බවට පත්වීමේ දැඩි අසුබවාදී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව රේගු ප්‍රවීණයෝ අනතුරු අඟවති.
දූෂිත අතීතය නැවත කැඳවීමක්
මෑතකදී පත් වූ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, කිහිපදෙනෙකුගේ සහ බලපෑම්කාරී වෘත්තීය සමිති අතලොස්සකගේ මෙහෙයවීම මත මෙම තීරණයට එළඹ ඇති බව පැවසේ. මින් පෙර විවිධ දූෂිත ගනුදෙනු සහ ව්‍යාපාරික හිතවත්කම් පැවැත්වූ බවට චෝදනා ලැබූ නිලධාරීන් නැවතත් මෙම සංවේදී ස්ථානවලට අනුයුක්ත කිරීමට දැරෙන උත්සාහය තුළින් පැහැදිලි වන්නේ, පසුගිය රජයන් සමයේ පැවැති දූෂිත සහ අස්ථාවර පාලන ක්‍රමය නැවතත් ගුවන්තොටුපළ තුළ රජ කරවීමට දැරෙන නීච උත්සාහය බව පැවසේ.
ජාතික ආදායමට කෝටි ගණනින් අලාභ සිදුකරමින් පැවැති ජාවාරම් රැසක් සාර්ථකව වටලනු ලැබූ අත්දැකීම් බහුල, අවංක නිලධාරීන් මෙලෙස පසෙකට කිරීම මගින් සමස්ත රේගු දෙපාර්තමේන්තුවේම රාජකාරි අභිමානය සහ සේවා උද්‍යෝගය බිංදුවටම ඇද වැටෙනු ඇතැයි කියති.
රටම අනතුරේ හෙළන පරිපාලනමය අසමත්කම
වත්මන් රජය දූෂණය පිටුදැකීමට උත්සාහ දරන බව ප්‍රකාශ කළද, රාජ්‍ය ආදායම සුරකින ප්‍රධානම දොරටුව වන ගුවන්තොටුපළ තුළ සිදුවන මෙවැනි සදොස් ක්‍රියාමාර්ගයන් හමුවේ රජයේ ප්‍රතිපත්ති පවා දැඩි ලෙස ප්‍රශ්නගත වේ.
නීති විරෝධී ජාවාරම්කරුවන්ට සහ දූෂිත නිලධාරීන්ට නැවතත් වැජඹීමට පාර කපාදෙන මෙම අත්තනෝමතික ස්ථාන මාරුවීම් වහාම නොනැවැත්වුවහොත්, ඉදිරියේදී රටට අහිමි වන කෝටි ගණනක රාජ්‍ය ආදායමට මෙන්ම උදාවිය හැකි ජාතික ආරක්ෂක තර්ජනයන්ටද වත්මන් පාලනාධිකාරිය වගකීමට බැඳී සිටින බව රේගු ප්‍රජාව අවධාරණය කරයි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0