මැණික් මල්ලේ කතාව අදින් නිම වෙයිද..!

ඩේසි ආච්චිගේ මැණික් මල්ල යන විරුදාවලිය යටතේ සමාජයේ මහත් කතාබහට ලක්ව සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක යැයි කියන “ඩේසි ෆොර්ස්ට්” නම් කාන්තාව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලබා සිටින චෝදනාවලින් හා අදාල නඩුකරයෙන් නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කර තිබේ...

Feb 25, 2026 - 19:41
 45
මැණික් මල්ලේ කතාව  අදින් නිම වෙයිද..!

මැණික් මල්ලේ කතාව

අදින් නිම වෙයිද..!

ඩේසි ආච්චිගේ මැණික් මල්ල යන විරුදාවලිය යටතේ සමාජයේ මහත් කතාබහට ලක්ව සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක යැයි කියන “ඩේසි ෆොර්ස්ට්” නම් කාන්තාව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලබා සිටින චෝදනාවලින් හා අදාල නඩුකරයෙන් නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කර තිබේ...

ඉතා වියපත් කාන්තාවක වන ඩේසි ෆොර්ස්ට් හට අධිකරණයක් ඉදිරියේ විභාග වන නඩු කටයුත්තකට මුහුණ දීමට තරම් ශක්තියක් හා මානසික ඒකාග්‍රතාවයක් තිබෙනවාද යන කරුණු මහාධිකරණය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් විශේෂ වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නැයි මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි...

අද දින එම විශේෂ වෛද්‍ය වාර්තාවක් නිතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත...

එම වාර්තාවට අනුව අදාළ විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්ත්වයක පසු නොවන බව නිර්දේශ කර ඇතැයි සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේය..

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විසින් දේසි ෆෝස්ට් හට එල්ලව තිබුණු අධි චෝදනාවලින් ඇය නිදහස් කිරීමට නියෝග කර තිබේ... මේ අනුව මින් පසුව ඩේසි ආච්චිගේ මැණික් මල්ල පිළිබද කතා ඉතිහාසයට එක්ව සමාජයෙන් තුරන්ව අනු ඇතැයි සමාජ දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0