කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ අපචාරයට හසුවූ රබර් ව්‍යාපාරිකයා ඇප ලබයි...
ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් පසුගිය මස 18 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර 19 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි “ප්‍රෙස්ටීජ් රබර්ස් ප්‍රයිවට් ලිමිටඩ්” PRESTIGE RUBBERS(PVT)LTD ආයතනයේ සභාපති ව්‍යාපාරික “ශෂ්නි කමාර්ඩින්” SHAZNI KAMARDEEN හෙවත් මොහොමඩ් කමර්ඩීන් සස්මි, ඔහුට සහාය වූ බව කියන ඇහැලියගොඩ පදිංචි මොහොමඩ් රසීඩ් සහ මොහොමඩ් හනිපා යන සැකකරුවන් මෙලෙස ඇප මත මුදාහැර තිබිණි.
කාන්තාවක් නිරුවත් කර
වීඩියෝ කළ අපචාරයට හසුවූ
රබර් ව්‍යාපාරිකයා ඇප ලබයි...
අදාළ කාන්තාව මුලදී පැමිණිල්ලක් කර නැහැ...
සැකකරු මුල්ලේරියාවෙන් ප්‍රතිකාර ලබන මානසික රෝගියෙක්...
කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙක්....
අනුජ ප්‍රේමරත්න කියයි.
තම නිවසේ සේවය කරන්නට පැමිණ සිටි කාන්තාවක්, නිවසේ අනෙකුත් මෙහෙකරුවන්ද බලා සිටියදී බලහත්කාරයෙන් නිරුවත් කර, වීඩියෝ ගත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ එම වීඩියෝ පට ප්‍රසිද්ධ කර ඇතැයි වරදට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි සුප්‍රසිද්ධ වයාපාරිකයා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (02) නියෝග කළේය.
ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් පසුගිය මස 18 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර 19 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි “ප්‍රෙස්ටීජ් රබර්ස් ප්‍රයිවට් ලිමිටඩ්” PRESTIGE RUBBERS(PVT)LTD ආයතනයේ සභාපති ව්‍යාපාරික “ශෂ්නි කමාර්ඩින්” SHAZNI KAMARDEEN හෙවත් මොහොමඩ් කමර්ඩීන් සස්මි, ඔහුට සහාය වූ බව කියන ඇහැලියගොඩ පදිංචි මොහොමඩ් රසීඩ් සහ මොහොමඩ් හනිපා යන සැකකරුවන් මෙලෙස ඇප මත මුදාහැර තිබිණි.
එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීමට අවවාද කළ අතර, සෑම මාසයකම අවසන් ඉරිදා දිනයේදී කාර්යාංශයට පැමිණෙන ලෙස නියෝගයක් ද කළේය.
සැකකාර ව්‍යාපාරිකයා තම දරුවන් රැකබලා ගත් සේවිකාවට මරණ තර්ජන එල්ල කර අමානුෂික ලිංගික අපයෝජනයන් සිදුකර එය සමාජ මාධ්‍යවල බෙදාහැරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් මෙවැනි සිද්ධීන් තවත් ඇති බව වාර්තා වේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන පවත්වන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවසර දෙන ලෙසයි.
පසුගිය නඩු වාරයේ නියෝගය අනුව, සැකකරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේමරත්න මහතා පෙන්වා දුන්නේ, ප්‍රධාන සැකකරුට එරෙහිව අදාළ කාන්තාව මුලදී පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවයි.
සිද්ධිය පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු වූ බවත්, මාස දෙකකට පසුව පැමිණිලිකාරිය විසින් එම කාන්තාවගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
සැකකරු මුල්ලේරියාව රෝහලෙන් මානසික ප්‍රතිකාර ලබන රෝගියෙකු බවත්, කුඩා දරුවන් දෙදෙනකුගේ පියකු බැවින් ඔහුගේ මානසික තත්ත්වය සහ දරුවන්ගේ රැකවරණය සලකා ඇප ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කළේය.
දෙපාර්ශ්වයේ තර්ක සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනාට ඇප ලබාදීමට තීරණය කළේය.
රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙක බැගින් නියම කළ ඔහු, සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කළේය. තවද, සෑම මාසයකම අවසන් ඉරිදා දිනයේදී ළමා සහ කාන්තා කාර්යාංශයට පැමිණෙන ලෙසත් උපදෙස් දුන්නේය.
විමර්ශන ප්‍රගතිය මාර්තු 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කෙරිණි.
මෙම පැමිණිල්ල සම්බන්ධ විමර්ශන ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මියගේ මඟපෙන්වීම යටතේ සිදු වෙමින් පැවතිනි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
1
Wow
0

