හරිනි ප්‍රතිසංස්කරණ අකුලයි විමල් සත්‍යග්‍රහය අකුලයි...

මොනම කාරණයක් නිසාවත් තම රජය, මේ රට හමුවේ ඉදිරිපත් කළ “2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය” ආපස්සට අකුලා ගන්නේ නැතැයි ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, ජාතික නිදහස් පෙරමුණේ මූලිකත්වයෙන් “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය සහ මේ රටේ මහා සංඝරත්නය, දේශ හිතෛෂී ජනතාව, වෘත්තීය සමිති මතු කළ විරෝධතාව හමුවේ එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අදියර වූ “හයවැනි ශ්‍රේණියේ විෂය මාලා වෙනස් කිරීම” ආපසු හකුලා ගන්නට සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

Jan 14, 2026 - 12:48
 49
හරිනි ප්‍රතිසංස්කරණ අකුලයි  විමල් සත්‍යග්‍රහය අකුලයි...

හරිනි ප්‍රතිසංස්කරණ අකුලයි

විමල් සත්‍යග්‍රහය අකුලයි...

මේක ශ්‍රී ලාංකික ජාතිය ලැබූ ජයක්... 

  • ජයන්ත සමරවීර කියයි.

මොනම කාරණයක් නිසාවත් තම රජය, මේ රට හමුවේ ඉදිරිපත් කළ “2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය” ආපස්සට අකුලා ගන්නේ නැතැයි ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, ජාතික නිදහස් පෙරමුණේ මූලිකත්වයෙන් “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය සහ මේ රටේ මහා සංඝරත්නය, දේශ හිතෛෂී ජනතාව, වෘත්තීය සමිති මතු කළ විරෝධතාව හමුවේ එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අදියර වූ “හයවැනි ශ්‍රේණියේ විෂය මාලා වෙනස් කිරීම” ආපසු හකුලා ගන්නට සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.


තම පක්ෂය, “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානයේ මෙහෙයවීමෙන් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේ ආරම්භ කළ සත්‍යග්‍රහය හමුවේ දින දෙකක් ගත වන්නටත් පෙර රජය මෙසේ ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමීම හමුවේ, එම සංවිධානය ද සුබවාදීව සලකා සත්‍යග්‍රහය “අරමුණ සාක්ෂාත් වීම” ඉදිරියේ අවසන් කරන්නට තීරණය කළැ' යි සමරසිංහ මහතා පවසයි.


රජයේ කැබිනට් ප්‍රකාශකවරයා මෙම තීරණය වසරකින් කල් දැමීමක් ලෙස අර්ථ දක්වා ඇති බැවින්, ජාතික නිදහස් පෙරමුණ එය “අකුලා ගැනීමක් ලෙස” අර්ථ දක්වන්නේ කෙසේදැයි මෙහිදී මාධ්‍යවලින් විමසනු ලැබීය. එහිදී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී රජයක් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ආපසු හැරවීමකදී උපක්‍රමශීලීව “කල්දැමීම” යන යෙදුම භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බවයි. පරාජයේ ප්‍රමාණය තුනීකිරීමක් බවයි. ඉතා විශාල වියදමක් දරමින්, ලොකු ප්‍රචාරක ව්‍යාපෘති ක්‍රියාවේ යොදවමින් ජනාධිපතිවරයා “අකුලා ගන්නේ නැතැයි කියා” වහසි බස් දොඩමින් ආරම්භ කළ ව්‍යාපෘතියක් මෙලෙස අකර්මණ්‍ය වීමේ වේදනාව, “කල්දැමීම” යන යෙදුම මගින් හිත හදා ගැනීම ගැන කලබල යුතු නැතැයි සමරවීර මහතා පවසයි.


මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් කරමුනේ ආරංචි මාර්ග පවසන්නේ පසුගිය කැබිනට් මණ්ඩලය රැස්වීමට පළමුවෙන් මේ රටේ “අධ්‍යාපන වෘත්තීය සමිති” හා අධ්‍යාපනයට සම්බන්ධ සංවිධාන ගණනාවක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඉතා තීරණාත්මක සාකච්ඡාවක් කර ඇති බවකි. එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇත්තේ, මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව “ජනතාව අතර කථිකාවක්” ඇති කර ගෙන “සදොස්තැන් තිබේ නම් නිදොස් කර ගැනීම” සඳහා යෝජනා වසරකින් කල්දැමීමට තමන් කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවයි.


කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයා රට පුරා බුරපුරා නැගෙන විරෝධතාවය හමුවේ මෙවන් කටයුත්තක් කඩිමුඩියේ කරගෙන යාම “ප්‍රඥා ගෝචර” නැති බව පවසා තිබේ.  ආරංචි මාර්ග පවසනුයේ ඒ අනුව වසරකින් කල් දැමීම හැර වෙනත් විකල්පයක් සම්බන්ධයෙන් අදහසක් කැබිනට් මණ්ඩලයේ කිසිවෙකුටත් මේ අවස්ථාවේ නොතිබී ඇති බවකි.


ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තම පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා ඉතා ඉක්මනින් රට හමුවේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් පක්ෂයේ මතය ප්‍රකාශ කරනු ඇති බව ප්‍රකාශ කළේය., 


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් වත්මන් රජය ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී සංවිධාන හා එක්ව මේ රටේ අනාගත පරම්පරාව මොට කිරීමට හා මේ රටේ පොදු ජනතාවගේ නිදහස් අධ්‍යාපන අයිතිය විනාශ කිරීමට ගෙන ආ යෝජනා පරාජය කිරීමට දායක වීම සම්බන්ධයෙන් මේ රටේ දරුවන්ගේ දෙමව්පියන්ට, මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට, දේශ මාමක සංවිධානවලට, විශේෂයෙන් ඒ වෙනුවෙන් හඬක් නැගූ මාධ්‍යවලට, හා මෙම ඊනියා ප්‍රතිසංස්කරණයවලට විරෝධය දැක්වූ දේශපාලන පක්ෂවලට තම පක්ෂයේ ස්තූතිය පිරිනමමින් ජයන්ත සමරවීර අදහස් දැක්වීම අවසන් කළේය.

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0