“දරුවන් උදෙසා වැඩිහිටියෝ” අද (12) අධ්‍යාපන අමාත්‍යාංශය වටලයි. හරිනි අධ්‍යාපන ඇමතිකමෙන් පන්නනතුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක්...
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන “විද්‍යාත්මක පදනමකින් තොර” අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව “දරුවන් උදෙසා වැඩිහිටියෝ” බහුජන සංවිධානය සංවිධානය කරන අඛණ්ඩ සත්‍යග්‍රහය සහ විරෝධතාව අද (12) සඳුදා පෙරවරු 9.00ට බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ආරම්භ විය. දාරක ප්‍රේමයෙන් යුත් සියලුම වැඩිහිටියන්ට මෙම අරගලය සඳහා එක්වන ලෙස එම සංවිධානය මෙරටේ පොදු ජනතාවට විවෘත ආරාධනයක් කර සිටියි.
“දරුවන් උදෙසා වැඩිහිටියෝ” අද (12)
අධ්‍යාපන අමාත්‍යාංශය වටලයි.
හරිනි අධ්‍යාපන ඇමතිකමෙන් පන්නනතුරු
අඛණ්ඩ සත්‍යග්‍රහයක්...
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන “විද්‍යාත්මක පදනමකින් තොර” අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව “දරුවන් උදෙසා වැඩිහිටියෝ” බහුජන සංවිධානය සංවිධානය කරන අඛණ්ඩ සත්‍යග්‍රහය සහ විරෝධතාව අද (12) සඳුදා පෙරවරු 9.00ට බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ආරම්භ විය. දාරක ප්‍රේමයෙන් යුත් සියලුම වැඩිහිටියන්ට මෙම අරගලය සඳහා එක්වන ලෙස එම සංවිධානය මෙරටේ පොදු ජනතාවට විවෘත ආරාධනයක් කර සිටියි.
සත්‍යග්‍රහය ආරම්භ කර ටික වේලාවකට පසු ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදී ඇති අතර එම අධිකරණ නියෝගය සහිතව පොලීසිය එතනට පැමිණයේය. එනමුත් මහජන සාමයට බාධාකාරී වන කිසිවක් ඔවුන්ට සොයාගත නොහැකි විය. කවුරුන් ෙමම වාරණ නියෝගය ඉල්ලා සිටියත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ.පදිකයින්ට බාධාවක් නොවන අයුරින් කටයුතු කරන ලෙසට සහ ශබ්දවාහිනී භාවිතා කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් අවධාරණය කරමිනි.
පසුගිය සෙනසුරාදා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම සත්‍යග්‍රහය ප්‍රකාශයට පත් කළ “දරුවන් උදෙසා වැඩිහිටියෝ” වෙනුවෙන් එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතා සඳහන් කළේ, මෙම ප්‍රතිසංස්කරණ මගින් අපේරටේ අනාගත දරු පරපුරට සිදුකරන හානියට එරෙහිව ඇමතිනියටත් වත්මන් රජයටත් එරෙහිව මේ රටේ අනාගත පරපුරට ආදරය කරන සියළුම බලවේග ඒකරාශී කරගනිමින්, රජය මේ කුමන්ත්‍රණකාරී ප්‍රතිසංස්කරණය අතහරින තුරුම අඛණ්ඩව සටන් වදින බවයි.
වත්මන් පාලනය විසින් ගැඹුරු සංවාදයකින් තොරව කඩිමුඩියේ පටවනු ලබන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දරුවන්ව මානසිකව ඇද දමන, අනාගත පරපුර “සිපයිකරණය” (කුලී හේවායන් බවට පත් කිරීමේ) කරන මහ භයානක කුමණ්ත්‍රණයක් ලෙස ඔහු හඳුන්වා දුන්නේය,.
මූලාශ්‍ර මගින් අනාවරණය කර ඇති පරිදි, මෙම ප්‍රතිසංස්කරණ පිටුපස ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක මුදලක් සහ ලෝක බැංකු මූල්‍ය ආධාර පවතින අතර, මෙය දරුවන්ව පාවිච්චි කරමින් සිදුකරන මහා පරිමාණ ජාවාරමකි. විශේෂයෙන්ම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යන ලේබලය යටතේ දරුවන්ව අන්තර්ජාලය සහ යූටියුබ් වෙත යොමු කිරීම හරහා ඔවුන්ව විනාශයකට ඇද දමන බව වීරවංශ මහතා පෙන්වා දෙයි,. හය වසර ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක කේත (Links) ඇතුළත් වීම අහම්බයක් නොවන බවත්, එමගින් අදාළ වෙබ් අඩවිවලට ලැබෙන ආදායමෙන් කොටසක් බලධාරීන්ට ගලා යන බවටත් ඔහු බරපතල චෝදනාවක් එල්ල කළේය,.
නිදහස් අධ්‍යාපනය හරහා ගමේ පාසලෙන් ලෝකයේ ඉහළම තැන්වලට යාමට තිබූ ඉඩකඩ මෙමගින් අනාගත පරපුරට අහුරා දමන බව මූලාශ්‍රවල වැඩිදුරටත් දැක්වේ,. කිසිදු නියමු ව්‍යාපෘතියකින් තොරව මෙම විනාශකාරී වැඩපිළිවෙළ බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කරන බැවින්, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වහාම සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්, මෙම ප්‍රතිසංස්කරණ අකුලා ගත යුතු බවත් 'දරුවන් උදෙසා වැඩිහිටියෝ' සංවිධානය බලකර සිටියි,.
මෙම මාධ්‍ය හමුව සඳහා විද්වත් දේශප්‍රේමී පෙරමුණේ වෛද්‍ය රම්‍යා ප්‍රේමරත්න, වෛද්‍ය ප්‍රියංකර මහගම් මුල්ලගේ, ආචාර්ය සුපුන් ජයසිංහ, නීතිඥ අසංක රන්දෙනිය සහ ප්‍රවීණ කලා ශිල්පී සුදත් අබේසේකර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ,. පූජ්‍ය පහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ ද මෙම වැඩපිළිවෙළ සඳහා සිය සහයෝගය ලබා දෙන බව විමල් වීරවංශ සඳහන් කරයි.
සෙනසුරාදා මාධ්‍ය සාකච්ඡාව අමතමින්
විමල් වීරවංශ කරන ලද සම්පූර්ණ අදහස් දැක්වීම මෙසේය.
“සුබ උදෑසැනක් වේවා ඔබ සියලු දෙනාට. මම මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙන්නේ “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානයෙන් කැඳුම්කරු හැටියට. මම විමල් වීරවංශ. ඊට අමතරව අපත් සමඟ මේ “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය සඳහා විවිධ සංවිධාන, දේශපාලන පක්ෂ භේදයකින් තොරව, ඒ වගේම කිසියම් වූ මතවාදී බෙදීමකින් තොරව (මේ මූලික කාරණය වෙනුවෙන්) ආණ්ඩුව ගෙනෙත් තිබෙන, කඩිමුඩියේ පටවමින් තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා සිදුවෙන, දරුවන්ට සහ රටට සිදුවෙන හානිය පිළිබඳව සංවේදීව ක්‍රියා කරන නියෝජනයක් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා.
එහිදී මම පළමුවෙන්ම “විද්වත් දේශ ප්‍රේමී පෙරමුණේ වෛද්‍ය රමයා ප්‍රේමරත්න මහත්මිය” අප සමඟ මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. ඒ වගේම “දරුවන් උදෙසා වැඩි හිටියෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රියංකර මහගම් මුල්ලගේ මහතා” මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා. ඒ වගේම මෙම මාධ්‍ය සාකච්ඡාවට “ජාතික සාමූහිකයේ ප්‍රධාන ලේකම් ආචාර්ය සුපුන් ජයසින් මහතා” සහභාගී වෙනවා. ඒ වගේම “දරුවන් උදෙසා වැඩි හිටියෝ සංවිධානයේ නීති උපදේශක නීතිඥා අසංඛ රන්දෙනිය මහතා” මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම ප්‍රවීණ කලාශිල්පී සුදත් අබේසේකර මහතා” මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා “පූජ්‍ය පහයියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ” මේ ස්ථානයට වැඩම කිරීමට නියමිතයි. උන්වහන්සේ දැනට වෙනත් කටයුත්තක යෙදිලා ඉන්නවා. උන්වහන්සේ මට දැනුම් දුන්නා ඒක ඉතා ඉක්මනින් අවසන් කරලා මේ ස්ථානයට වැඩම කරන බව අපට මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කිරීම කරන ලෙස උන්වහන්සේ උපදෙස් දුන්නා.
අපි මේ “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය හැටියට එකට එකතු වෙලා මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විවිධ මත දරන, සමහර මතවලදී එකම මතය දරන, සමහර මතවලදී එකිනෙකට වෙනස් මත දරන පිරිසක්. අපේ තිබෙන ඒ මත වෙනස්කම් කෙසේ වෙතත් අපි සියලු දෙනාම එක කාරණයක් පිළිබඳව එකම මතයකට ඇවිල්ලා කතා කරන්න පුළුවන් නිසා තමයි ඒ සියලු වෙනස්කම් තිබියදී අපි එකට මේ ස්ථානයේ වාඩි වෙලා ඉන්නේ. ඒ එක කාරණය තමයි මේ රටේ වර්තමාන ආණ්ඩුව විසින් ගැඹුරු සංවාදයකින් තොරව, විද්‍යාත්මක ක්‍රියාවලියකින් තොරව ඒ වගේම පරිස්සමකින්, සැලකිලිමත්භාවයකින් තොරව කඩමුඩියේ පවත්වාගෙන යන දරුවන් මත පැටවීමට වෑයම් කරන “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ක්‍රියාත්මක වෙන සිපයිකරණය” ගැන අපේ තියෙන මතය බොහෝ දුරට සමානයි. ඒ වගේම බොහෝ දුරට එකඟයි.
ඒ නිසා තමයි අපි තීරණය කළේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවෙන විපත ගැන අපේ තියෙන අදහස රටට කියන්නත් ඒ විපතෙන් මේ රටේ දරුපරපුර බේරා ගැනීමට වැඩිහිටියන් වශයෙන් අපට තියෙන වගකීම කුමක්ද කියන කාරණය පැහැදිලි කරන්නත්. ඒ සඳහා අපි ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ හරහා මේ රටේ පොදු ජනතාවට දැනුවත් කරන්නත් අපි අද මේ අවස්ථාව නිර්මාණය කළේ.
පළමුවෙන්ම අපි දන්නවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ඔබ කවුරුත් දන්නවා මේ වර්තමාන ආණ්ඩුව කොච්චර නෑ කිව්වත් මේක සිද්ධ වෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් හම්බ වෙනවා ඩොලර් මිලියන 200ක්”. ඒ වගේම “ලෝක බැංකුවේනුත් ඩොලර් මිලියන ගානක් හම්බ වෙනවා”, විශේෂයෙන්ම ඒ අයට ඕන කරන වට්ටෝරුව වෙනුවෙන්. අපි දන්නවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මූලික වශයෙන් පදනම් වෙලා තියෙන්නේ “ගුරුවරයා කේන්ද්‍රීය අධ්‍යාපනයක් කියන එක වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක්” කියන සංකල්පය මත.
දැන් මේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය පදනම් වෙනවා අන්තර්ජාලය පරිශීලනය කරන්න, යූටියුබ් පරිශීලනය කරන්න ආදී වශයෙන් තාක්ෂණික මෙවලම් හරහා ඒ ඒ කලාපයට අවතීරණ වෙන්න. එතකොට ඔබ දන්නවා මේක අහිංසක කටයුත්තක් නෙවෙයි.
දැන් මේක පිටිපස්සේ විශාල මුදල් ප්‍රවාහයක් ගලාගෙන යනවා. මේ අපේ දරුවන්ව පාවිච්චි කරනවා සුළු පිරිසක් මේක ජාවාරමක් බවට පත් කරගෙන තිබෙනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය. ඔබ දන්නවා පහුගිය දවසක අනාවරණය වුණා, එක්තරා “අසභ්‍ය වෙබ් අඩවියක කේත අංකයක්” දාලා තිබුණ ලිපින දාලා තිබුණා. මේකේ විද්‍යුත් ලිපින දාලා තිබුණා මේකේ මොඩියුලය එක, හය වසර ඉංග්‍රීසි මොඩියුලය එක.
දැන් කියනවා ඒක වුණේ දැන් මේ වැරදීමකින් කියලා, දැන් වැරැද්ද කළේ කවුද කියලත් රටට කියන්නේ නෑ. වැරැද්ද කළේ ලොකුම තැනින් හින්දා තමයි රටට කියන්න බැරි. කවුරුහරි කෙනෙක්ව වැරැද්ද කරා කියලා පෙන්නන්න පුළුවන් වෙන්නේ ඒ වැරැද්ද ඇත්ත වශයෙන්ම එයා කරා නම් නෙවෙයි තමන් ඇතුළු සියලු දෙනාම ඇමතිනිය ඇතුළු සියලු දෙනාම කරපු වැරැද්දක් නිසා, දැනුවත්ව කරපු දෙයක් නිසා කෙනෙක්ව මේකට පෙන්නන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ “දැන් වැරැද්ද කරපු කෙනා හොයාගෙන තියෙනවා - නමුත් කියන්න බැහැ” කියලා.
කියන්න ගියොත් කියන්න වෙන්නේ ඔය ඔක්කොගෙම නම්. අධ්‍යාපන ඇමතිනියගේ සිට අමාත්‍යංශ ලේකම්ගේ දක්වා නම්, ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න ඔස්තාර්ලාගේ සිට මොඩියුල සකස් කරන්න ගනිපු සියලු දෙනාම දක්වා මේ නම් ටික ඈඳෙනවා. ඒ නිසයි තනි මිනිහෙක්ගේ නමක් කියන්න බැරි. දැන් මේක මොකක්ද? දැන් මේක අහම්බයක්ද? දැන් ඔබ හිතන්න මේකෙන් ලැබිච්ච ප්‍රචාරය, මේ ප්‍රචාරයෙන් ඒ වෙබ් අඩවිය පරිශීලනය කරන්න ලක්ෂ කීයක් අලුතෙන් අවතීරණ වෙන්නේ නැද්ද? එම මඟින් එහි ආදායම කොතරම් ඉහළට යන්නේ නැද්ද? ඒ ඉහළට ගිය කෝටි ප්‍රකෝටි ඩොලර් මිලියන ගණන් වූ ආදායමෙන් කොයිතරම් පංගුවක් ඇමතිනියගේ සිට පල්ලෙහාට ගලාගෙන එන්න නැද්ද?
ඒ අසභ්‍ය වෙබ් අඩවිය පමණක් නෙවෙයි, තව මේකේ තියෙනවා කිසිම ප්‍රමිතියකින් තොර යූටියුබ් නාලිකා වෙබ් අඩවි ගණනාවක් ගැන දාලා. එතකොට මේ ඔක්කොම පරිශීලනය කරන දරුවෝ ලක්ෂ පහක් හය වසර කියන්නේ අඩුම තරමෙන්. ඒ ලක්ෂ පහම මේ කියන, පෙන්වාදී තිබෙන නාලිකා හෝ වෙබ් අඩවි හෝ ෆේස්බුක් පිටු හෝ පරිශීලනය කරන්න ගියාම එක වර මේවා පරිශීලනය කරන ප්‍රමාණය ලක්ෂ ගණනකින් වැඩි වෙනවා. ලක්ෂ ගණනකින් වැඩි වෙනකොට මේවට එන ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙනකොට ඒකෙන් පංගුවක් අධ්‍යාපන ඇමතිනියගේ සිට පහලට ගලාගෙන එනවා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච. ඒ නිසා මේක දරුවෝ පාවිච්චි කරලා එක්තරා ආකාරයක “ජාවාරමක්” වෙලා තියෙනවා.
මේකේ තියෙන අනිත් අඩුපාඩු මොනවද කියන එක අපේ අනිත් විද්වතුන් පෙන්නලා දෙයි. මේක මම මූලික වශයෙන් කියන්නේ මේක මේ සද්භාවයෙන් පෙන්නනවා කියලා අගමැතිනිය, අධ්‍යාපන ඇමතිනිය හුරතල් වෙලා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බොහොම උපාසක නෝනා කෙනෙක් වගේ සුදු වතින් සැරසිලා මේ හරි හුරතල් කතන්දරයක් කිව්වා.
“මේවා දැන් තිබුණට, අපි කියලා නැහැ මේකට යන්න” කියලත් කිව්වා. මේ හිතන් ඇති මහානායක හිමිවරු ඇතුළු මේ රටේ ඉන්න මහා ජනතාව මේ එතුමිය වගේ “ලොන්තපෝල්” වර්ගයට අයිති වෙන අය කියලා. නෑ මේගොල්ලෝ මේක දාන්නේ වෙන මොකටවත් නෙවෙයි. එක පැත්තකින් මේකෙන් දරුවන්ව විනාශ කරනවට, ඒගොල්ලන්ට කිසිම සහකම්පනයක් නැහැ, වේදනාවක් නැහැ.
අනිත් පැත්තෙන් මේක “විශාල ජාවාරමක්”. මේ ජාවාරමෙන් විශාල මුදලක් එනවා. ඒ.ඩී.බී. එකෙන් හම්බවෙන මුදලට අමතරවද, ලෝක බැංකුවෙන් හම්බ වෙන මුදලට අමතරව, මේ කොහෙවත් නැති කමකට නැති අන්තර්ජාල සම්බන්ධතා “ලින්ක්” ලබාදීම හරහා ඒවායේ පරිශීලකයන් ප්‍රමාණය ලක්ෂ ගණනින්, මිලියන ගණනින් වැඩි වෙනකොට ඒවායේ ආදායම ඉහළටම යනකොට ඒවායිනුත් විශාල කුට්ටියක් මේ අයට හම්බ වෙනවා.
ඒ නිසා බොහොම පැහැදිලි මම මේකේ සමස්තය ගැන මෙතනදි කතා කරන්න යන්නේ නැහැ. මම මේකේ කොටසක් ගැන අවධානය යොමු කරන්නේ. මේක ඇත්තටම ගත්තොත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම ජාවාරමක්. මේ රටේ තිබෙන අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ගත්තොත්.... ඇත්ත. එහි අඩුපාඩු තිබෙනවා. ඇත්ත කතාව ගත්තොත් මේගොල්ලෝ මේ රටේ අධ්‍යාපනය අවස්ථා අහිමි වෙන දරුවන්ට අවස්ථා නිර්මාණය කරදීම කරන්නයි ඕනේ. අවස්ථාව අහිමි වෙන දරුවාට අවස්ථාව හදනවා වෙනුවට අවස්ථාව හිමි වෙලා තියෙන දරුවන්ටත් අවස්ථාව නැති කිරීමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන්නේ. එකක් කඩතොළු මකාගන්න ගිහිල්ලා කෙල කෝටියක් කඩතොළු හදන අධ්‍යාපන ක්‍රමයක් තමයි අද මේ නිර්මාණය කරමින් තියෙන්නේ.
ඉතින් මේක මේ රටේ දරුවන්ට අනාගත පරපුරට අනාගතයට බලපාන විශාල ගැටළුවක්. වගකිව යුතු වැඩිහිටියන් හැටියට දෙමාපියන් හැටියට තමන් මේ ආණ්ඩුවට ඡන්දය පාවිච්චි කළත් වෙන පක්ෂයකට ඡන්දය පාවිච්චි කළත් ඒ පක්ෂ භේදයකින් තොරව මේක දිහා වැඩිහිටි මනසකින් බලලා මේකේ තියෙන අගතිය හානිය විපත ගැන හරි අවබෝධයක් සැලකා බැලීමක් කරලා මේක උපන්ගෙයිම පරාජයට පත් කරන්න, කඩිමුඩියේ කරන මේ ක්‍රියාවලිය නතර කරන්නයි ඕන.
ජනාධිපතිවරයයි ඊයේ ප්‍රකාශයක් කරනවා “මේක කවුරු කොහොම කිව්වත් නතර කරන්නේ නෑ කියලා.”කවුරු කොහොම කිව්වත් නතර කරන්නේ නැහැ කියලා තමයි දණ්ඩ නීති සංග්‍රහයේ, මේ ගුරුවරුන්ට දෙමාපියන්ට, දරුවෙකුට තරවටු කරන්න තියෙන හැකියාව නැති කරන විධිවිධාන අරගෙන ආවේ. දරුවාගේ මහා භාරකරු බවට දිස්ත්‍රික් අධිකරණය පරිවර්තනය කළේ.
හැබැයි මේ රටේ උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා “ඒකාබද්ධ නිවේදනය” නිකුත් කළා විතරයි ඔය අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කයිවාරුව යටපත් වෙලා ඒක අකුල ගන්න සිද්ධ වුණා. ඒ නිසා මේ ආණ්ඩුව එක පැත්තකින් මහා සංඝරත්නයෙන් විරෝධය එනටකොට යෝජනා අකුලා ගන්නවා. අනිත් අතට සමාජ මාධ්‍යයෙන් ප්‍රහාර එනකොට ඒකට අනුව අකුල ගන්නවා.
දැන් අර ජනාධිපතිතුමා ඔය පිළිගැනීමේ හමුදා පෙරෙට්ටුවලට යනකොටත් එයාගේ පිටිපස්සෙන් කවුද එක්කෙනෙක් යනවනේ, වයසක මහත්තයෙක්. ඉතින් සමාජ මාධ්‍ය ඔය මහත්තයට ඒකට ගහපු ගමන් ඒ මහත්තයා දැන් යන්නේ නැහැනේ. ඒක අකුල ගත්තා තමයි මේ මම කියන්නේ ලොකු ලොකු දේවල් වලින් නෙමෙයි සමාජ මාධ්‍යයෙන් ගහලත් අකුල ගන්නවා. ඉතින් මේක එහෙම අකුල ගන්නේ නෑ කියන්න බැහැ. අද මුළු රටම මේකට විරුද්ධයි. මේ රටේ ගුරු පරපුරට මේ කිසිම දෙයක් නිවැරදිව තේරුම් කරලා දීලා නැහැ, මඤ්ඤං කරලා තියෙන්නේ. මේ මොඩියුල ක්‍රම කතන්දර, වාර විභාග, වර්ෂ අවසාන විභාග මේවා ඔක්කොම නැති කරලා තියෙන්නේ.
දරුවාව ගුරුවරයාට අනුව දක්ෂතාභාවය තීරණය කරන ක්‍රමයක් හදලා තියෙන්නේ. හරිණි අමරසූරිය කියනවා ඇප් එකක් දෙනවලු ඇගයීමට. මම දන්නේ නැහැ කොහොම ඇප් එකට දරුවා ඔබලා මේ කියන ඇගයීම කරනවද කියලා. කෙසේ වෙතත් මේ කිසිම නියමු ව්‍යාපෘත්තියකින් තොරව විද්වතුන්ගේ සංවාදයකින් තොරව කතාබහකින් තොරව සාකච්ඡාවකින් තොරව රටේ අධ්‍යාපනයේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදන්න ඕන. ඒවා අපි නෑ කියන්නේ නැහැ. හැබැයි මේ තියෙන හොඳත් නැති කරගන්න බැහැ. තියෙන හොඳ නැති කරගෙන නෙවෙයි අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ; තියෙන හොඳ රැකගෙන අලුත් හොඳක් එකතු කරන්න ඕනේ. ඒක නෙවෙයි මේ වෙන්නේ. ඒ නිසා අපි හිතනවා “දරුවන් උදෙසා වූ වැඩිහිටියෝ” සංවිධානය හැටියට අපි මේකට ඉතාම බරපතල ලෙස විරුද්ධයි. අපේ රටේ මහා ජනතාව විරුද්ධයි. මේ රටේ ගිහි පැවිදි බොහෝ දෙනා විරුද්ධයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක හුදෙකලා සටන් ක්‍රියා මාර්ගවලට පමණක් කොටු වෙන්නේ නැතුව මේකේ කේන්ද්‍රයට අභියෝගය එල්ල කළ යුතුයි, ඒ නාභිගත ස්ථානයට අභියෝගය එල්ල කළ යුතුයි.
ඒ නිසා තමයි අපි කල්පනා කළේ දරුවන් උදෙසා වැඩි හිටියෝ හැටියට මේ පිළිබඳ අපේ විරෝධය මහපාරට ගෙනල්ලා විශේෂයෙන්ම “අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්” ආරම්භ කරන්න. සඳුදා 12 වෙනිදා උදේ නවයට ඒ අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරලා මේ රටේ පොදු ජනතාවගේ තියෙන දැවෙන විරෝධය, මේ සම්බන්ධයෙන් තියෙන දැවෙන විරෝධය, මේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති, දරුවන් බඩියන් බවට පත් කරන්න වෙර දරන මේ අධ්‍යාපන සිපයිකරණය පරාජය කරන්න කටයුතු කරනවා. සිපයිකරණය කියලා කියන්නේ කුලී හේවායන්ට, එතකොට මේ කරන්නේ කුලී හේවායෝ හදන එක මිසක් ප්‍රශස්ත ශාස්ත්‍රීය දැනුමක් තියෙන දරු පරපුරක් මානව සම්පතක් හදන එක නෙවෙයි.
අපිට තරඟේ අපේ රටේ නැති කරාට ලෝකෙත් එක්ක තරඟය නැති වෙන්නේ නැහැ. අපි හදන්න ඕනේ ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන් දරුවෙක්. අද නාසාවේ අපේ මිනිස්සු ඉන්නවා. අද ලෝකේ කොයි කෙරුම්කාරයාගේ තැනෙත් අපේ මිනිස්සු ඉන්නේ මේ නිදහස් අධ්‍යාපනයෙන් ලබපු අධ්‍යාපනයෙන් උඩට ගිහිල්ලා. ගමේ පාසලෙන් ඇවිල්ලා, ශිෂ්‍යත්වයෙන් ඇවිල්ලා. මේ ඔක්කොම යන්න තියෙන ඉම නැති කරලා ඒ ඉහළම මානව සම්පත ඉන්න තැනට යන්න තියෙන හැකියාව නැති කරලා අපිව සිපයිකරණයකට ලක් කරන්න හදන්නේ, කුලී හේවායෝ හදන්න හදන්නේ. ඒ නිසා ඒක වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි 12 වෙනිදා සඳුදා උදේ නවයට ඒ අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරනවා. දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය හැටියට.
අපි ආරාධනා කරනවා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දේශපාලන පක්ෂ භේදයෙන් තොරව ආණ්ඩුවට පක්ෂද ආණ්ඩුවට විරුද්ධද කියන කතන්දරෙන් තොරව හැම පක්ෂයකම හැම පක්ෂයක් නැති හැම කෙනෙක්ම දරුවන්ට ආදරේ නම් ධාරක ප්‍රේමයෙන් ඔද වැඩුණු මිනිසුන් නම් ධාරක ප්‍රේමය සියල්ලට වඩා උඩින් තියෙනවා නම් සියලු වැඩිහිටියන්ට අපි ආරාධනා කරනවා මේ අඛණ්ඩ සත්‍යග්‍රහයත් එක්ක එකතු වෙන්න. එයින් අධ්‍යාපන ඇමතිනිය මේ බලහත්කාරයෙන් මේක පටවන්න හදන අධ්‍යාපන ඇමතිනියට එම “තනතුරෙන් ඉල්ලා අස්වීමට බල කරන්නත්” ඒ වගේම මේ කිසිම විද්‍යානුකූල පදනමක් නැති දරුවන් බඩියන් බවට පෙරලන්න හදන සිපයිකරණය කරන්න හදන මේ රටේ දරු පරපුර ඊට එරෙහි වෙන්නත් ඒක අකුල ගන්න බල කරන්නත් 12 වෙනිදා සිට ආරම්භ වෙන අඛණ්ඩව ඉදිරියට යන ඒ අඛණ්ඩ සත්‍යාග්‍රහය සමඟ අත්වැල් බැඳගන්න කියලා අපි ආරාධනා කරනවා මේ රටේ සියලු ජනතාවට සියලු භේදවලින් තොරව.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

