ජනපතිට ඕන විගණකාධිපති ජනවාරි 2 දාට පසු පත්කෙරෙයි....
ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයාව සිටි චුලන්ත වික්‍රමරත්න පසුගිය අප්‍රේල් මස විශ්‍රාම ගැනීමෙන් පසු මේ වනතෙක් මාස අටක කාලයක් හිස් ව තිබූ විගණකාධිපති පුටුවට නව විගණකාධිපතිවරයෙක් ජනවාරි 2 වෙනිදායින් පසු ගැටලුවකින් තොරව නිසැකවම පත් වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
ජනපතිට ඕන විගණකාධිපති
ජනවාරි 2 දාට පසු පත්කෙරෙයි....
උදය ගම්මන්පිලගෙන් අනාවැකියක්.
ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයාව සිටි චුලන්ත වික්‍රමරත්න පසුගිය අප්‍රේල් මස විශ්‍රාම ගැනීමෙන් පසු මේ වනතෙක් මාස අටක කාලයක් හිස් ව තිබූ විගණකාධිපති පුටුවට නව විගණකාධිපතිවරයෙක් ජනවාරි 2 වෙනිදායින් පසු ගැටලුවකින් තොරව නිසැකවම පත් වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
ගම්මන්පිල මහතා මෙම අදහස ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසින් මෙහෙයවන ලද youtube සම්මුඛ සාකච්ඡාවකට මුහුණදෙමින් “විගණකාධිපති පත්වීම” සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි
චූලන්ත වික්‍රමරත්න මහතාගේ විශ්‍රාම ගැනීමෙන් පසුව එම තනතුරට විගණකාධිපති කාර්යාලයේ ඊළඟ සුදුස්සා වන පී. එච්. සී. ධර්මපාලගේ නම නිර්දේශ නොකොට ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබුණේ කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන එස්. ජී. බී. චන්දන නමැති, ජනාධිපතිවරයාගේ කුලුපගවන්තයෙකි. එහෙත් ව්‍යස්ථාදායක සභාව විසින් එම නිර්දේශය ප්‍රතික්ෂේප කරනු ලැබූහ.
ඉන් පසුවත් ජනාධිපතිවරයා විසින් වරෙක තම හිතෛෂීවන්තයෙකු වූ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුත්, තෙවනුව මාලිමාවේ සාමාජික, යුද හමුදාවේ හිටපු විශ්‍රාමික නිලධාරියෙකුත් නිර්දේශ කර තිබුණත් එම නම් දෙකද ජනාධිපතිට හා ආණ්ඩුවට ඇති පක්ෂපාතීත්වය හා හිතවත් කම් සලකා ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරන ලදහ.
ගම්මන්පිල පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට අවනත නැති ස්වාධීන මණ්ඩලයක් ලෙස ක්‍රියාකරන මෙම ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ලබන ජනවාරි මාසයේ දෙවැනි දා සිට වෙනස් වෙන බවය. ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය දැනට රැඳී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනා අතර සිටින සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් තිදෙනෙකු මතය. එහෙත් වසර තුනකට පත්වුණු එම තිදෙනාගේ නිලධූර කාලය ජනවාරි 02 වැනිදායින් පසු අවසන් වන බැවින්, ඉන් පසුව එම පුරප්පාඩු තුන වෙනුවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙනුත් අගමැතිවරියගේ නියෝජිතයා වශයෙනුත් දෙදෙනෙකු තමන්ට රිසි ලෙස පත්කර පත්කරගත හැකි බව ගම්මන්පිල පෙන්වා දුන්නේය. අනිත් ස්වාධින සිවිල් සමාජ ක්‍රියාකාරිකයා පත්කරන්නේ විපක්ෂ නායකගේ අභිමතය පරිදිය. ඔහු ඒ සඳහා කවරෙකු පත් කළත් ජනාධිපතිවරයාගේත් අගමැතිවරියගේත් අභිමතය පරිදි පත්වන දෙදෙනාගෙන් ජනාධිපතිට රිසි පරිදි පත්වීම් කරන්නට බලය ලැබෙනු ඇති බව ගම්මන්පිල තව දුරටත් පෙන්වා දුන්නේය...
2022 දෙසැම්බර් මාසයේදී අවුරුදු තුනක ධූර කාලයකට පත්වූ ලංකාවේ සිටින කීර්තිමත් වෘත්තිකයින් තිදෙනෙකු වූ විශේෂඥ වෛද්‍ය දිල්කුෂි අනුලා විජයසුන්දර, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ආචාර්ය දිනේෂා සමරත්න සහ මහාචාර්ය ප්‍රතාප් රාමනුජම් සිය වසර තුනක ධූර කාල 2026 ජනවාරි 02 වැනිදා අවසන් කරයි.
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් 10 දෙනෙකි. කතානායකවරයා නිල බලයෙන් එහි සභාපතිවරයාය. අගමැතිවරියත් විපක්ෂ නායකවරයාත් පත් වන්නේ නිල බලයෙනි. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයක් නැත. එහෙත් ඔහු විසින් තමන් නියෝජනය කරන්නට සුදුසු යැයි සිතන මන්ත්‍රීවරයෙක් පත් කරනු ලබයි. අගමැතිගේ හා විරුද්ධ පක්ෂ නායකයාගේ එකඟතාවය මත කතානායක විසින් තවත් මන්ත්‍රීවරයෙකු පත්කරයි. සාමාජිකයින් බහුතරයකගේ කැමැත්ත මත ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයේ පක්ෂ අතරින් තවත් මන්ත්‍රීවරු දෙදෙනකුට සාමාජිකත්වය හිමිවෙයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට අයත් පක්ෂවලින් සාමාජිකයින් හත් දෙනෙකුම ව්‍යවස්ථාදායක සභාවට පත්වේ. ඔවුන්ට තම තමන්ගේ පක්ෂවලට පක්ෂපාතී කම් හා ඇඟෑලුම්කම් ඇති බව රහසක් නොවේ.
එහෙත් ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය සෑම විටම ආරක්ෂාවන්නේ සිවිල් සමාජයෙන් තේරී පත්වන කීර්තිමත් බුද්ධිමතුන් තුන්දෙනා නිසාය.
ඔවුන්ගේ විශ්‍රාම යාමෙන් අනතුරුව ඊළඟට පත් කෙරෙන සමාජ ක්‍රියාකාරිකයින් තිදෙනා ජනාධිපතිවරයාට හා වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි පත්කරගත හැකි වීම නිසා ඉදිරියේදී ආණ්ඩුවේ කටයුතුවලට හා අතිශයින් වැදගත් පත් කිරීම්වලට ව්‍යස්ථාදායක සභාව බාධාවක් නොවනු ඇති බවත්, මින් පසු එම උත්තරීතර සභාවේ ස්වාධීනත්වය නමට පමණක් සීමා වනු ඇති බවත් ගම්මන්පිල පෙන්වා දෙයි.
වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ කතානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් අතම්බාවා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් සීතරන්, ආචාර්ය ප්‍රතාප් රාමනුජන්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
41 වන ව්‍යවස්ථාවේ (ආ) කොටසට අනුව උපලේඛනයේ දක්වා ඇති මැතිවරණ කොමිෂන්, සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව, හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන සියලුම කොමිෂන් සභාවලට කාමාජිකයින් පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවයි. කොමිෂන් සභාවට ඇත්තේ ජනාධිපතිවරයාට, ඒවා සඳහා නම් යෝජනා කිරීමේ බලයයි. පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිටය.
ඉනික්බිති (ඇ) වගන්තියේ ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් අග්‍ර විනිශ්චකාරවරයා පත් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් පත් කිරීම, අභියාචනාධිකරණයේ සභාපතිවරයා හා විනිශ්චකාරවරුන් පත් කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනිකුත් සාමාජිකයින් පත් කිරීම, නීතිපතිවරයා පත් කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා අධිපතිවරයා පත් කිරීම, පොලිස්පතිවරයා පත් කිරීම, හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා වන “ඔම්බුට්ස්මන්වරයා පත් කිරීම, මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා පත් කිරීමටද නාම යෝජනා නිර්දේශ කළ හැක්කේ මෙම ව්‍යවස්ථාදායක කොමිෂන් සභාවටයි. ජනාධිපතිවරයා විසින් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක කොමිෂන් සභාව අනුමත කර දෙන නම් පමණි. ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීමට පමණක් නොව, ජනාධිපතිවරයා නිර්දේශ කරන නම් ප්‍රතික්ෂේප කිරීමටද ව්‍යවස්ථාදායක සභාවට බලය ඇත...
රජයේ විගණකාධිපතිවරයාගේ පුටුව හිස් වූ අවස්ථාවේදීත් මෙරට පොලිස්පතිවරයා පත් කිරීමේ අවස්ථාවේදීත් පසුගිය දිනවල ප්‍රශ්න මතුවූයේ ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර එවන ලද නම් එම තනතුරේ සුදුසුකම්වලට හෝ අපක්ෂපාතිත්වයට හෝ ස්වාධීනත්වයට ගැලපෙන්නේ නැති බව ව්‍යස්ථාදායක සභාව බහුතර බලයෙන් තීරණය කිරීමයි...
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

