බාල ඖෂධ ගෙන්වීමෙන් දේශපාලනඥයෝ නිදහස් - ජනතාව උදහස්.
පසුගිය ආණ්ඩු බාල ඖෂධ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්කර, එම යම් යම් ඖෂධ විෂ වී ජනතාව මිය යද්දී, ජනතාව අන්ධභාවයට පත්වෙද්දී, එම සිද්ධීන් දේශපාලන වේදිකාවේ අළෙවි කරමින් වාසියට ගෙන බලයට පැමිණි වත්මන් “ජනාධිපතිවරයා ප්‍රමුඛ පුනරුද අණේඩුව” වර්තමානයේ ක්‍රියාත්මක කරන ඖෂධ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එම මියගිය ජනතාවගෙන් හා සදාකල් රෝගී වූ ජනතාවගෙන් මෙන්ම රටේ ජනතාවගෙන්ද සමාව අයදිය යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
බාල ඖෂධ ගෙන්වීමෙන්
දේශපාලනඥයෝ නිදහස් - ජනතාව උදහස්.
වේදිකාවේ මළමිනී පෙන්නමින් දේශපාලනය කර
ආණ්ඩු ගත් නායකයෝ අද ජනතාවගෙන් සමාව ගත යුතුයි...
වෛද්‍ය චමල් සංජීව කියයි..
පසුගිය ආණ්ඩු බාල ඖෂධ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්කර, එම යම් යම් ඖෂධ විෂ වී ජනතාව මිය යද්දී, ජනතාව අන්ධභාවයට පත්වෙද්දී, එම සිද්ධීන් දේශපාලන වේදිකාවේ අළෙවි කරමින් වාසියට ගෙන බලයට පැමිණි වත්මන් “ජනාධිපතිවරයා ප්‍රමුඛ පුනරුද අණේඩුව” වර්තමානයේ ක්‍රියාත්මක කරන ඖෂධ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එම මියගිය ජනතාවගෙන් හා සදාකල් රෝගී වූ ජනතාවගෙන් මෙන්ම රටේ ජනතාවගෙන්ද සමාව අයදිය යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
වෛද්‍යවරයා මෙම අදහස ප්‍රකාශ කළේ වත්මන් රජය ඉන්දීය රජය හා රහසිගතව අත්සන් කරන ලදැයි කියන ගිවිසුම් හතෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල ගිවිසුමේ මේ රටේ ඖෂධ නියාමනයට අදාළ “රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම” හා බැඳි කොටස මුල්ම වතාවට ලංකාවේ මාධ්‍යවලට හෙළිදරව් කරමිනි. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් කරමින් පසුගිය සතියේ එය ඉදිරිපිට දී මාධ්‍යවලට තොරතුරු හෙළිදරව් කරමින් වෛද්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
"මෙරට ඖෂධ නියාමනය සම්බන්ධයෙන් පහුගිය ආණ්ඩු අනුගමනය කළේ කිසිසේත්ම විශ්වාස කළ නොහැකි දෙබිඩි පිළිවෙතක්. මේ රටේ ඖෂධ නියාමනයේ ප්‍රතිපත්තිය “බ්‍රිතාන්‍ය ප්‍රමිතියට” අදාළ ඖෂධ ලංකාවට ගෙන්වීම සහ බෙදාහැරීම වුවත් සමහර ආණ්ඩු, සමහර ඇමතිවරු, සමහර බලධාරීන් තම තමන්ගේ බලය පාවිච්චි කරමින් ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ලංකාවට ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතුලත් කළා.
ඒකෙ ප්‍රතිඵලයක් විදියට රෝගීන් මියගියා. සදාකාලීන අන්දභාවයට පත්වුණා. මෙන්න මේ සිද්ධීන් දේශපාලන වේදිකාවේ අළෙවි කරමින් වාසි ලබාගෙන තමයි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාවේ පුනරුද ආණ්ඩුව අද බලයට ඇවිත් තියෙන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පැමිණි වහාම ශ්‍රී ලංකාවේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හැටියට “මනෝජ් වීරසිංහ” කියලා පුද්ගලයෙක් පත් කළා. ඔහු ආපු හැටියෙම ප්‍රකාශයක් කළා ලංකාවේ බාල ඖෂධ නැහැ කියලා...
මීට කලින් බාල ඖෂධ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ නිසා, නීතිය හරිහැටි ක්‍රියාවේ යෙදවීම නිසා එදා සිද්ධ වුනු මරණවලට, ඇස් අන්ධවීම්වලට, විවිධ ගණයේ සංකූලතාවලට වගකිවයුතු නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට දඬුවම් ලැබුණා. කෙහෙළිය රඹුක්වැල්ල වාගේ ඇමතිවරු පවා හිරේ ගියා.
හැබැයි මේ ආණ්ඩුව ඇවිල්ලා ඉන්දියාව සමග රහසිගතව හොරෙන් අත්සන් කරපු ගිවිසුම් නිසා ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ නියාමනයේ තිබිච්ච භාරදූරත්වය ඉන්දියාවට ලැබෙනවා. එතෙක් කලක් ගෙන්නපු බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ප්‍රමිතියේ උසස් ඖෂධ ගෙන්වීම වෙනුවට ඉන්දියානු පන්නයේ ඖෂධ ගෙන්වීම නීතිගත වෙනවා.
දැන් ඒ ඖෂධ නිසා නැවතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “රෝගීන් මැරෙන්න” පටන් අරන් තිබෙනවා. රෝගීන්ට විවිධ සංකූලතා ඇතිවෙන්න පටන් අරන් තියෙනවා. ඖෂධ ගෙන්නපු සමාගම්ම තමන් ගෙන්නපු ඇතැම් ඖෂධ ප්‍රමිතියෙන් බාල බව පිළිගෙන එම ඖෂධ ඉවත් කරගෙන තිබෙනවා...
එහෙම තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා විසින් පත්කරපු ඖෂධ සංස්ථාවේ සභාපති ඖෂධ විෂ වී රෝගීන් මියගියාට පසු, පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් කැඳවලා කියනවා, කිසිදු ඖෂධයක් ගෙන්වීම සම්බන්ධයෙන් දැන් සිටින දේශපාලනඥයන් හෝ හිටපු දේශපාලනඥයන් හෝ සම්බන්ධයක් නැති බව. ඔහුගේ එම ප්‍රකාශයෙන් හැඟවෙන්නේ ඒකයි.
එහෙම නම් ඔහුගේ එම ප්‍රකාශයම සෑහීමකට පත්වෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දැනට අධි චෝදනා ලබා සිටින නිලධාරීන්ට තම තමන්ගේ නඩු කටයුතුවලදී නිදහස ලබා ගැනීම සඳහා පවා.
ජනාධිපතිවරයා පත් කරපු ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා කියනවා නම් ලංකාවට ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ වගකිවයුතු නෑ කියලා, අපි දැනගන්න කැමතියි ජනාධිපතිවරයා ගෙනුයි සෞඛ්‍ය ඇමතිවරයාගෙනුයි රජයේ ස්ථාවරයත් ඒකද කියලා. සභාපති එහෙම කියන්නේ රජයේ ස්ථාවරයද...? එහෙම නෙවෙයිනම් නම් රජයේ ස්ථාවරය මොකක්ද. මේ සභාපතිවරයා කියන්නේ රජයේ ස්ථාවරයට පටහැනි දෙයක්ද...?
ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් හෑල්ලුවට ලක්වන්නේ මේ රටේ බාල ඖෂධ නිසා ඇස් අන්ධ වෙච්ච, මියගියපු අසරණ මිනිස්සු....
අපට මතකයි මේ ආණ්ඩුව දේශපාලනය කරද්දි වේදිකාවට ඒ මළමිනී ගෙනල්ල තමයි පහුගිය ආණ්ඩුව විවේචනය කළේ. බාල බෙහෙත් ගෙන්නලා ජනතාවට බෙදලා මිනීමරපු, මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරපු, විවිධ සංකූලතා නිසා මිනිස්සු පෙළපු පහුගිය ආණ්ඩුවලට නැගුණු ජනතා විරෝධය නිසයි මේ ආණ්ඩුව බලයට පත්වන්නේ.
එදා බලය ගන්න එදා තිබුණු සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ ඒ විදියට විවේචනය කරත් අද මේ අර ආණ්ඩු හැම එකටම වඩා ඉස්සරහට ගිහින් බාල බෙහෙත්, ප්‍රමිතියෙන් තොර ඖෂධ ලංකාවට ගෙන්නන්න හා ලංකාවේ පතුරුවන්න අවශ්‍ය නීතිමය රාමුව ඉන්දියාවට සලසලා දීලා තියෙනවා. මේ අපි ලංකාවේ ප්‍රථම වතාවට හෙළිදරව් කරන්නේ අන්න ඒ අයිතිය පවරලා දීපු, ඒ අයිතිය පාවලා දීපු නෛතික ලිපි ලේඛන.
මේ ලිපි ලේඛන අපි මේ ආණ්ඩුවෙන් තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලා හිටියා. නමුත් අපිට දුන්නේ නැහැ. දැන් මේ ලිපි ලේඛන ඉන්දියානු වෙබ් අඩවි මගින් ඉන්දියානු සමාජ මාධ්‍ය මගින් ලොව පුරා ප්‍රචාරයට පත් කරලා තියෙනවා.
අපට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමනි... ලැජ්ජයි. ඔබ පත් කරපු සභාපති මේ විදියට දේශපාලනඥයෝ බේරගන්න කතා කරන ආකාරය ගැන ලැජ්ජයි...
මේ සිද්ධ වෙච්ච මියයාම් ගැන, මේ සංකූලතා ගැන මොනවද නියෝජ්‍ය ඇමැතිතුමා කියන්නේ. එයා කියනවා මේක පුංචි සිද්ධියක්ලු. හැබැයි එදා ඔය වැඩේ කෙහෙලියලා කරනකොට ඒක ලොකු සිද්ධියක්. මේගොල්ලන්ගේ අතින් වෙනකොට ඒක පුංචි සිද්ධියක්. මේගොල්ලෝ අදටත් පාර්ලිමේන්තුවේ කතා කරනකොට කෙහෙළිය රඹුක්වැල්ලලාට නින්දා අපහාස කරනවා. මේගොල්ලොන්ගේ පාලනය යටතේ මිනිස්සු මැරුණ කොට කියනවා “ඒක පුංචි සිද්ධියක්” කියලා.
ඔබ බලයට එනකන් මේවා ලොකු ලොකු සිද්ධි. නියෝජ්‍ය ඇමතිතුමනි ඇමතිතුමනි, ඔබ ලැජ්ජාවට පත්වෙන්න ඕන ඔබ මේ කරන දෙබිඩි ප්‍රකාශන ගැන.
අද මේ රටේ තියෙන්නේ “ඉන්දියානු ෆාමකෝපියා” එකට යටවුණු ඖෂධ වෙළඳාමක්. වෙළඳාමක් නෙවෙයි මේක ඖෂධ මාෆියාවක්. ඊට අදාළව ආණ්ඩුව ගහපු ගිවිසුමේ නෛතික ලිපි ලේඛන තමයි මේ තියෙන්නෙ.
කවුද මේවා අත්සන් කරලා තියෙන්නේ. ඔය එදා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවලා කතා කරනකොට ඊට අල්ලපු පුටුවෙ වාඩිවෙච්ච පුද්ගලයා තමයි මේ අත්සන් කරලා තියෙන්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවීක්‍රම. ලංකාවට ගේන්න ඕන “ගුණාත්මක ඖෂධ” කියලා “ලොරිටෝක්” දෙන ගමන් ඉන්දියානු “බාල ඖෂධ” මෙරටට වැද්ද ගන්න ගිවිසුමට අත්සන් කරපු “වගකිවයුතු දොස්තර” තමයි ආනන්ද විජේවීක්‍රම. ඉන්දියානු මාධ්‍යවල මේ පලවෙලා තියෙන පත්‍රිකා බොරුනම් තොරතුරු බොරු නම් ඒවට විරුද්ධව නඩු දාන්න.
මෙන්න මේ පත්‍රිකාවල පැහැදිලිවම දක්වලා තියෙනවා අපි කොහොමද ඉන්දියානු ඖෂධ ලංකාවේ නියාමන අධිකාරිය තුළට ගේන්නෙ කියන එක. ඒවාට තත්ත්ව සහතික දෙන්නේ කොහොමද කියන එක. ඒවා ලංකාවේ අනුමත කරන්නේ කොහොමද කියන එක. ඒවා ලංකාවේ වෙළඳපොළට දාන්නේ කොහොමද කියන එක. ලංකාවට ඖෂධ ගෙන ඒමේ නියාමනය පිළිබඳ ඉන්දියානු මැදිහත්වීම ඉතා පැහැදිලිවම මේ ගිවිසුමේ සඳහන් වෙනවා.
ජනාධිපතිතුමාගෙන් අපි අහනවා. ඔබලා ආවෙ මේ ප්‍රතිපත්තිය විවේචනයය කරමින්. දැන් එහෙමනං දේශපාලනඥයෝ නිවැරදි නම් කවුද වැරදි. මේ දේශපාලනඥයෝ බේරගන්න ප්‍රවෘත්ති සාකච්ඡා තියෙන නිලධාරියෝද වැරදි. එහෙම නැත්නම් මේවට අත්සන් කරපු වෛද්‍ය විශේෂඥයෝද වැරදි. එහෙම නැත්තං ඇත්තටම ඔබලාව විශ්වාසය කරලා මේ රටේ බලය ඔබට ලබා දුන්න මේ රටේ පොදු ජනතාවද වැරදි. කරුණාකරලා සමාව ගන්න ජනතාවගෙන්. කවුද මෙතන වැරදි. කොහොමද මෙය වුණේ කියන ඒක ගැන ජනතාවට ඇත්ත කියන්න... එහෙම නැත්තං ජනතාව ඔබට එරෙහිව නැගී සිටින දවස තවත් වැඩි ඈතක නැතිවේවි...
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

